අඳුර සහ ආලෝකය ගැන....
ලංකාවේ තරම් බණ දහම් දන්න මිනිස්සු ඉන්න වෙනත් රටක් මේ ලෝකෙම නෑ. ඇත්තටම අද වෙනකොට බුදු වුන, රහත් වුන, සෝවාන් වුන බෞද්ධයෝ ලංකාවේ ඉන්නවා කියන එක සතුටට කාරණාවක්. නවීන තාක්ෂණයේ මහිමයෙන් විශේෂයෙන්ම ෆේස් බුක් හරහා ලෝකෙටම ඒ දේවල් දැන බලාගන්නත් පුළුවන්. එහෙව් උතුම් බෞද්ධයෝ ජීවත් වෙන මේ පුංචි රටේ ඉපදෙන්න ලැබීම මන් නම් දකින්නේ මහා පිනක් හැටියට. ඉතින් ඒ වාගේ අයගෙන් හුඟක් දේවල් මට නම් ඉගෙන ගන්න තියෙනවා.
අවිද්යාව කියන එක මහ පුදුම දෙයක්. ඒ වගේම තමයි විද්යාවත්. තවත් විදියකට අපිට කියන්න පුළුවන් හුඟක් අයට තේරුම් යන විදියට අඳුර කියන්නේ මහ පුදුම දෙයක්. කිසි දෙයක් පේන්නේ නෑ නේ අඳුරෙදි. ඒ වගේම ආලෝකයත් මහ පුදුම දෙයක්. අපිට පේන්නේ ආලෝකය නිසානේ. මේ විදියටම අවිද්යාවෙන් ඉන්න කෙනාට හරි දේ මොකක්ද වැරදි දේ මොකක්ද කියලා අඳුනගන්න බැහැ. එයාගේ මනස වැහිලා තියෙන නිසා. ඒ කෙනා කරන්නේ මොනවාද, කියන්නේ මොනවාද, හිතන්නේ මොනවාද කියලා ඒ කෙනාවත් දන්නේ නෑ. තමන් මොකක් හරි දෘෂ්ටියක් ගත්තොත් ඒකම තමා හරි කියන මතයේමයි එයා ඉන්නේ. විමර්ශනශීලී බව එයා ලඟ නෑ. ඒ වගේ අයට අපි පුළුවන් තරම් මෛත්රී කරන්න ඕනා. මොකද ඒ අය දිගින් දිගටම සංසාරේ ගමන් කරන නිසා.
ඒ විදියටම ආලෝකය අපිට ලැබුනාම අපිට අපි කරන දේවල් වගේම අපිට වෙන දේවල් පේනවා. අපිට අඳුනගන්න පුළුවන් අපිට වෙන්නේ මොකක්ද කියලා. ඉතින් ආලෝකය පහල වුන කෙනාට තමන් කරන කියන දේවල් මොනවාද කියලා තේරුම් ගන්න පුළුවන් වන නිසා තමන්ගේ ජීවිතය සතුටින් තියාගන්න පුළුවන්. ඇත්තටම ඒ සතුට ලැබෙන්නේ ආලෝකය පහල වුන කෙනාට විතරමයි. ඒ තමයි ස්වභාව ධර්මයේ හැටි. ඒ අයටත් මෛත්රී කරන්න අපිට පුළුවන්. මොකද ඒ අය සසර ගමන නතර කරපු නිසා.
ඉතින් මේ අඳුර නැත්නම් අවිද්යාව මන් කිව්වානේ මහ අමුතු දෙයක් කියලා. කොටස් කීපයක්මත් තියෙනවා. ඒවා
කර්මය ගැන ඇති අවිද්යාව (කම්ම සම්මෝහ),
ධර්මය ගැන ඇති අවිද්යාව (ධම්ම සම්මෝහ),
පටිච්ච සමුප්පාදය ගැන ඇති අවිද්යාව (පච්චයා සමමෝහ),
ත්රිලක්ෂණය ගැන තියෙන අවිද්යාව (ලක්ඛණ සම්මෝහ) සහ
නිර්වාණය ගැන ඇති අවිද්යාව (නිබ්බාණ සම්මෝහ) විදියට දක්වන්න පුළුවන්.
අනිත් පැත්තට ආලෝකය නැත්නම් විද්යාවත් කොටස් කීපයක්ම තියෙනවා. ඒවා මෙන්න මේ විදියට දක්වන්න පුළුවන්.
සියල්ලන්ටම කර්මය උරුම බව ගැන දැනගැනීම (කම්මස්සකතා ඥාණ),
ධර්මය ගැන අවබෝධයෙන් ඇති දැනීම (ධම්ම වාවත්තාන ඥාණ),
පටිච්චසමුප්පාදය ගැන අවබෝධයෙන් ඇති දැනීම (පච්චයා වාවත්තාන ඥාණ),
ත්රිලක්ෂණය ගැන අවබෝධයෙන් දැන ගැනීම (ලක්ඛණ පටිවේද ඥාණ) සහ
නිර්වාණය ගැන ඇති දැනීම (නිබ්බාණ පටිවේද ඥණ) .
මේවා එකින් එක තව ටිකක් විස්තර කලොත් හොඳයි කියලත් හිතෙනවා.

නිර්වාණය ගැන ඇති අවිද්යාව (නිබ්බාණ සම්මෝහ)