අඳුර සහ ආලෝකය ගැන....

hpalpola

Well-known member
  • අඳුර සහ ආලෝකය ගැන....



    ලංකාවේ තරම් බණ දහම් දන්න මිනිස්සු ඉන්න වෙනත් රටක් මේ ලෝකෙම නෑ. ඇත්තටම අද වෙනකොට බුදු වුන, රහත් වුන, සෝවාන් වුන බෞද්ධයෝ ලංකාවේ ඉන්නවා කියන එක සතුටට කාරණාවක්. නවීන තාක්ෂණයේ මහිමයෙන් විශේෂයෙන්ම ෆේස් බුක් හරහා ලෝකෙටම ඒ දේවල් දැන බලාගන්නත් පුළුවන්. එහෙව් උතුම් බෞද්ධයෝ ජීවත් වෙන මේ පුංචි රටේ ඉපදෙන්න ලැබීම මන් නම් දකින්නේ මහා පිනක් හැටියට. ඉතින් ඒ වා‍ගේ අයගෙන් හුඟක් දේවල් මට නම් ඉගෙන ගන්න තියෙනවා.

    අවිද්‍යාව කියන එක මහ පුදුම දෙයක්. ඒ වගේම තමයි විද්‍යාවත්. තවත් විදියකට අපිට කියන්න පුළුවන් හුඟක් අයට තේරුම් යන විදියට අඳුර කියන්නේ මහ පුදුම දෙයක්. කිසි දෙයක් පේන්නේ නෑ නේ අඳුරෙදි. ඒ වගේම ආලෝකයත් මහ පුදුම දෙයක්. අපිට පේ‍න්නේ ආලෝකය නිසානේ. මේ විදියටම අවිද්‍යාවෙන් ඉන්න කෙනාට හරි දේ මොකක්ද වැරදි දේ මොකක්ද කියලා අඳුනගන්න බැහැ. එයාගේ මනස වැහිලා තියෙන නිසා. ඒ කෙනා කරන්නේ මොනවාද, කියන්නේ මොනවාද, හිතන්නේ මොනවාද කියලා ඒ කෙනාවත් දන්නේ නෑ. තමන් මොකක් හරි දෘෂ්ටියක් ගත්තොත් ඒකම තමා හරි කියන මතයේමයි එයා ඉන්නේ. විමර්ශනශීලී බව එයා ලඟ නෑ. ඒ වගේ අයට අපි පුළුවන් තරම් මෛත්‍රී කරන්න ඕනා. මොකද ඒ අය දිගින් දිගටම සංසාරේ ගමන් කරන නිසා.

    ඒ විදියටම ආලෝකය අපිට ලැබුනාම අපිට අපි කරන දේවල් වගේම අපිට වෙන දේවල් පේනවා. අපිට අඳුනගන්න පුළුවන් අපිට වෙන්නේ මොකක්ද කියලා. ඉතින් ආලෝකය පහල වුන කෙනාට තමන් කරන කියන දේවල් මොනවාද කියලා තේරුම් ගන්න පුළුවන් වන නිසා තමන්ගේ ජීවිතය සතුටින් තියාගන්න පුළුවන්. ඇත්තටම ඒ සතුට ලැබෙන්නේ ආලෝකය පහල වුන කෙනාට විතරමයි. ඒ තමයි ස්වභාව ධර්මයේ හැටි. ඒ අයටත් මෛත්‍රී කරන්න අපිට පුළුවන්. මොකද ඒ අය සසර ගමන නතර කරපු නිසා.

    ඉතින් මේ අඳුර නැත්නම් අවිද්‍යාව මන් කිව්වානේ මහ අමුතු දෙයක් කියලා. කොටස් කීපයක්මත් තියෙනවා. ඒවා

    කර්මය ගැන ඇති අවිද්‍යාව (කම්ම සම්මෝහ),

    ධර්මය ගැන ඇති අවිද්‍යාව (ධම්ම සම්මෝහ),

    පටිච්ච සමුප්පාදය ගැන ඇති අවිද්‍යාව (පච්චයා සමමෝහ),

    ත්‍රිලක්ෂණය ගැන තියෙන අවිද්‍යාව (ලක්ඛණ සම්මෝහ) සහ

    නිර්වාණය ගැන ඇති අවිද්‍යාව (නිබ්බාණ සම්මෝහ)
    විදියට දක්වන්න පුළුවන්.

    අනිත් පැත්තට ආලෝකය නැත්නම් විද්‍යාවත් කොටස් කීපයක්ම තියෙනවා. ඒවා මෙන්න මේ විදියට දක්වන්න පුළුවන්.

    සියල්ලන්ටම කර්මය උරුම බව ගැන දැනගැනීම (කම්මස්සකතා ඥාණ),

    ධර්මය ගැන අවබෝධයෙන් ඇති දැනීම (ධම්ම වාවත්තාන ඥාණ),

    පටිච්චසමුප්පාදය ගැන අවබෝධයෙන් ඇති දැනීම (පච්චයා වාවත්තාන ඥාණ),

    ත්‍රිලක්ෂණය ගැන අවබෝධයෙන් දැන ගැනීම (ලක්ඛණ පටිවේද ඥාණ) සහ

    නිර්වාණය ගැන ඇති දැනීම (නිබ්බාණ පටිවේද ඥණ) .​

    මේවා එකින් එක තව ටිකක් විස්තර කලොත් හොඳයි කියලත් හිතෙනවා.
     

    hpalpola

    Well-known member


  • ඉතින් අපි බලමු කම්ම සම්මෝහ කියන්කේ මොකක්ද කියලා ටිකක් සරලව.

    කර්මය කියන්නේ මොකක්ද කියලා තේරුම් නොගැනීම වගේම කර්මයේ ප්‍රතිඵල තේරුම් නොගැනීම කම්ම සමමෝහ කියලා හඳුන්වන්න පුළුවන්.

    කර්මය තේරුම් නොගැනීම කියන්නේ මොකක්ද කියලා ඔයාලා දන්නවා නේ. ඒ කියන්නේ අමුතු දෙයක් නොවෙයි,

    සෑම සත්වයෙක්ම කර්මය දායාද කර ගෙන ඇති බව තේරුම් නොගැනීම, සෑම සත්වයෙක්ගේම ඥාතී වෙන්නේ තමන්ගේ කර්මය බව තොරුම් නොගැනීම, තමන්ගේ පැවැත්මට හේතුව කර්මය බව තේරුම් නොගැනීම සහ තමන්ගේ ඇත්ත ගැලවුම්කාරයා කර්මය කියන එක තේරුම් නොගැනීම

    තමන්ගේ සිත, කය හා වචන කියන තුන්‍ දොරින් වන වැරදි ක්‍රියාවන් (අකුසලයන්) තේරුම් නොගැනීම

    අකුසල කර්මයන්ගෙන් ලැබෙන ප්‍රතිඵල ඉදිරි පැවැත්මට අගතිදායි ලෙස දුක් විඳින්න හේතු කාරක වන බව තේරුම් නොගැනීම
    තමන්ගේ සිත, කය හා වචන කියන තුන් දොරින් වන හොඳ ක්රිතයාවන් (කුසලයන්) තේරුම් නොගැනීම

    කුසල කර්මයන්ගෙන් ලැබෙන ප්‍රතිඵල තමන්ගේ ඉදිරි පැවැත්මට සුභදායී ලෙස සැප විඳින්නට හේතු කාරක වන බව තේරුම් නොගැනීම කියන මේවා තමයි.

    කර්මයේ ප්‍රතිඵල තේරුම් නොගැනීම කියන්නේ මොකක්ද කියලත් ඔයාලා දන්නවානේ නේද, ඒ කියන්නෙත් අමුතු දෙයක් නෙමෙයි,

    සත්වයෙක් මරණයට පත් වුනා කියලා ඔවුන්ගේ සංසාර ගමන අවසන් නොවන බවත් කර්මයේ ප්‍රතිඵල විදියට ආයිත් කොහේ හරි මොන විදියට හරි උපදින්න වෙන බව තේරුම් නොගැනීම

    සත්ව ලෝකයේ, නිරයේ, ප්‍රේත ලෝකයේ හා අසුර ලෝක වල අපේ සාමාන්‍ය ඇස් වලට නොපෙනෙන නමුත් ජීවත් වන සතුන් ඇති බව තේරුම් නොගැනීම

    අකුසල කර්මයන් කලොත් ඒවායේ ප්‍රතිඵල විදියට සතර අපායේ උපදින්න සත්වයන්ට සිදු වෙන බව තේරුම් නොගැනීම

    අපේ සාමාන්‍ය ඇස් වලට පේන මනුෂ්‍යයෝ වගේම අපේ සාමාන්‍ය ඇස් වලට නොපෙනෙන සදෙව් ලොව ඉපදී සිටින ගණන් කරන්න නොහැකි මට්ටමේ දෙවියන් සිටින බව, ඊටත් ඉහල බ්‍රහ්ම ලෝක වල රූප-අරූප බ්‍රහ්මයන් සිටින බව තේරුම් නොගැනීම

    දාන, ශීල හා භාවනා කියන හොඳ කර්මවල යෙදීමේ ප්‍රතිඵලය වශයෙන් හොඳ ස්ථානවල (මනුෂ්‍ය - දේව - බ්‍රහ්ම ලෝකවල) උපදින්නට ඉඩ ඇති බව තේරුම් නොගැනීම

    සංසාර ගමනේ ආරම්භයක් සහ අවසානයක් නොමැති බව තේරුම් නොගැනීම

    සියළුම සත්වයෝ තමන් කරන හොඳ ‍හෝ නරක ක්‍රියාවන්ගේ ප්‍රතිඵල විදියට ඔවුන්ගේ ඉදිරි උප්පත්තිය සිදු වන බවත් කර්මයට අනුව භවයෙන් භවයට ගමන් කරන්න සිද්ධ වෙන බව තේරුම් නොගැනීම
    කියන මේ දේවල් තේරුම් නොගැනීම කම්ම සමමෝහ කියලා හඳුන්වන්න පුළුවන්.

    මේ කම්ම ස‍ම්මෝහ මැඩ ගෙන ආලෝකය පහල වෙන එකට තමයි, නැත්නම් කර්මය දායාද කොට ගෙන ඇති බව තේරුම් ගැනීම තමයි පළවැනි ආලෝකය නැත්නම් කම්මස්සකථා ඥාණ කියන්නේ.
    ඒ කියන්නේ කර්මය තේරුම් ගැනීම සහ කර්මයේ ප්‍රතිඵල තේරුම් ගැනීම.

    කර්මය ගැන තියෙන අවිද්‍යාවේ හේතුවෙන් තමයි හැම ආකාරයකම මිථයා දෘෂ්ටීන් ඇති වෙන්නේ.
    නමුත් අනිත් අතට කර්මය ගැන තියෙන දැනීම තමයි සංසාර ගමන නවත්වන්න මුල් වෙන්නේ. මේ ආලෝකය නිසා තමයි මිනිස්සු දාන, ශීල , භාවනා වල යෙදිලා මිනිස්සු, දෙවියො, බ්‍රහ්මයෝ විදියට ඇති වෙන්නේ. මේ ආලෝකය තමයි කෙනෙක්ට තමන්ගේ පාරමිතා ධර්ම සම්පූර්ණ කරන්න මුල් වෙන්නේ. ඉතින් කෙනෙක්ට නිර්වාණය අවබෝධ කරන්න ඕනා නම් පාරමිතා අනිවාර්යෙන්ම සම්පූර්ණ කරන්න ඕනා නොවැ.

    මේ කර්මය පිළබඳ ආලෝකය පහල වෙන්නේ සම්මා දිට්ඨිය තියෙන සත්වයන්ට විතරයි කියන එක අපි මතක තියා ගන්න අවශ්‍යයි. ඇත්තටම බුදුරජාණන් වහන්සේ පහල නොවන කාලයක වුනත් මේ ආලෝකය පවතිනවා. සම්මා දිට්ඨියෙන් අදහස් වෙන්නේ වෙන අමුතු දෙයක් නෙවෙයි කර්මය දායාද කොට ඇති බව තේරුම් ගැනීම තමයි.

    අද වෙන කොට ලෝකයේ ජීවත් වෙන බෞද්ධ හා හින්දුවරු අතර මේ ආලෝකය පවතිනවා. හැබැයි අනිත් මනුෂ්‍යයන් අතරෙ සහ සත්වයන් අතරේ මේ ආලෝකය පවතින්නේ නෑ. ඒ වගේම නිරයේ, ප්‍රේත ලෝකයේ, අසුර ලෝකයේ උප්පතිය ලබන අය අතරේ කීප දෙනෙක්ට මේ ආලෝකය දකින්න පුළුවන් වෙනවා. මේ ආලෝකය නොමැති සතුන් අඳුරෙ (කම්ම සම්මොහ) දඟල දඟල ඉන්නවා. මේ නිසාම ඔවුන්ට සංසාර ගමන නවත්වන මාර්ගය කොහේද කියලා හොයා ගන්න ලැබෙන්නේ නෑ. ඇත්තටම නිවන් දකින්න හොඳ උප්පත්තියක් ලබන්න ඕනා. ඉතින් අපායේ ඉපදිලා කොහොමද, නැත්නම් තිරිසනෙක් වෙලා කොහොමද නිවන් දකින්නේ. නැත්නම් අංග විකල වෙලා, මන්ද බුද්ධික වෙලා කොහොමද නිවන් දකින්නේ?

    බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගෙතන් විවරණ ගත් බෝධිසත්වයෙක් හට නැවත තිරිසන් උප්පත්තියක් ලැබුවත් කම්ම සම්මෝහ ඇති වන්නේ නෑ. ඒ බව අපි මතක තියා ගන්න ඕනා.මන් ඉස්සෙල්ලත් කිව්වනේ බුදුවරු නැති කාලෙදි වුනත් මේ කර්මය පිළබඳ ආලෝකය ඇති වෙනවා කියලා. ඒ වගේම මතක තියා ගන්න ඕනා බුදුවරු මේ ලෝකයේ පහල වෙන්නේ මේ ආලෝකය ඇති කරගන්න උදව් කරන්න පමණක් නොවේ කියලා. ප්‍රධාන වශයෙන්ම චතුරාර්ය සත්‍යය පිළිබඳ (චතුස්සච්ච පතිවේද ඥාණ) ආලෝකය මතු කරන්නයි බුදුවරු ලෝකෙට පහල වෙන්නේ. එහෙම බැළුවම කර්මය පිළිබඳ ආලෝකය බෞද්ධ ඉගැන්වීම් වල හුඟක් තැන් වල සඳහන් වුනත් දකින්න පුළුවන් සංසාර ගමනෙන් එහාට එළිය පතුරුවන ආලෝකයක් විදියට නෙමෙයි.

    ඒ නිසා බුදුහාමුදුරුවන්ගේ ඉගැන්වීම් අල්ල ගන්න පුළුවන් වුන මිනිස්සු උත්සහ කරන්න ඕනා කර්මය ගැන ආලෝකයෙන් පමණක් සෑහෙන්නේ නැතුව බෞද්ධ ඉගැන්වීම්වලින් ලබා දෙන සත්‍යය ආලෝකයේ එළිය විඳින්න. ඒකයි ප්‍රඥාව කියන්නේ යාළුවනේ.

     

    hpalpola

    Well-known member


  • වර්තමාන කර්මයේ ප්‍රතිඵල

    මිල මුදල්, බලය, ගෞරවය වගේ ලෞකික සැප සම්පත් කව්රු හරි බලාපොරොත්තු වෙනවා නම් ප්‍රමාණවත් අධ්‍යාපනයක් හා දැනුම අත්කර ගැනීමෙන් ඒ දේවල් ලබා ගන්න පුළුවන්. හැබැයි අද නම් අපි කියන්නේ දේශපාලන බලය ලබා ගන්න නම් ඉගෙන ගෙන නොතිබෙන එක තමයි මූලික සුදුසුකම් කියලා නේද. නමුත් දැනුම අවශ්‍යයි. කොහොමවුනත් මේ ලෞකික සැප සම්පත් දෙවියන්ට යාඥා කිරීමෙන් අත්කර ගන්න පුළුවන් කම තිබ්බා නම් මිනිස්සු ගොවිතැන්වල, ව්‍යාපාරවල නියැලෙන්නේ නෑ. නමුත් ඉතින් එහෙම වෙන්නේ නෑ නේ. බෞද්ධයෝ වගේම ඉස්ලාම්, ක්‍රිස්තියානි, හින්දු භක්තිකයෝ වගේම අනෙක් ආගමික භක්තිකයොත් ලෞකික සැප සම්පක් ලබා ගන්න ත්‍රිවිධ කර්මවල යෙදෙනවා. ඇත්තටම දෙවියො නෙමෙයි එයාලට ඒ සැප සම්පත් දෙන්නේ ඔවුන්ගේ කර්මයයි.

    අතීත කර්මවල ප්‍රතිඵල

    අපේ ඇස් වලින්ම අපිට දකින්න පුළුවන් වුනාම මේ ජීවිතයේ අපිට ලැබෙන සැප සම්පත් දෙවියෝ දුන්න හෝ දෙන ඒවා නෙවෙයි තමන්ගේ කර්මයේ ප්‍රතිඵල අනුව කියලා, ඒ විදියටම අපිට දැක ගන්න පුළුවන් ධනවත් පවුල්වල හරි දේව ලෝකවල දෙවියෝ විදියට හරි සත්වයෝ උපදින කොට ඒ දෙවියන්ට යැදීමෙන් නොවේ තමන් කරපු දන් දීම්, සිල් රැකීම් භාවනා කටයුතු ආදී හොඳ කර්මයන් නිසා බව. පොහොසත් පවුලක උපදින කෙනෙක්ට ඒ හේතුව නිසා ඒ සැප සම්පත්වල අයිතිකරු වෙන්න පුළුවන්. ඒ හැම දෙයක්ම තමන්ගේ අතීත කර්ම අනුව සිද්ධ වෙනවා. මේ තුලදී තමයි ගහක ජීවන රටාව ගැන අපිට අවධානය යොමු කරනවා නම් හොඳයි කියලා පේන්නේ.

    ගහක හට ගැන්ම , වර්ධනය සිදු වෙන්නේ ඒ බීජයේ හැටියටයි. බීජය කියන්නේ අමුතු දෙයක් නොවෙයි තේජෝ ධාතුවයි. ඒ තමයි සත්‍ය බීජය.

    ලෝකයේ ආරම්භයේදී බීජ ඇති වෙන්න කලින් ගස් ඇති වුනේ තේජෝ බලයෙන්. පසුව ගස් වල ගෙඩි හට ගැන්මත් ඒ තුලින් බීජ ඇති වීමත් තුල තව තවත් ගස් ඇති වෙන්න පටන් ගත්තා.

    මේ විදියටම සත්වයන්ටත් ආරම්භය වන්නේ තමන්ගේ කර්මයයි. ඒක හොඳ කර්මයක් වෙන්නත් පුළුවන්. නරක කර්මයක් වෙන්නත් පුළුවන්. සතෙක් හරි මිනිහෙක් හරි වෙලා ඉපදෙන්න ලැබීම පූර්ව ජන්මයේදී කල කර්මයන්ට අනුව සිදු වෙනවා. හොඳ කර්මවල යෙදුන අය මිනිස්සු, දෙවියෝ විදියට ඉපදෙන අතරෙම නරක කර්ම කරපු අය නිරයේ, ප්‍රේත ලෝකයේ, අපායේ හා අසුර ලෝකයේ උප්පත්තිය ලබනවා.

    කලින් තිබ්බ ගස් වලින් හටගත් බීජ වලින් අළුත් ගස් ඇති වෙනවා. ඒ ගස් වලින් අළුත් බීජ හට ගෙන අළුතින් තවත් ගස් ඇති වෙනවා. මේ ක්‍රියාවලිය දිගින් දිගටම සිදු වෙනවා කොතනක හරි මේ චක්‍රයේ කැඩීමක් සිද්ධ වෙනකම්. ඒ විදියටම සත්වයන්ගේ පූර්ව ජන්ම වල කර්ම වල ප්‍රතිඵලය හැටියට මේ භවායේ උපදිනවා වගේම මේ භවයේ කරන කර්මවල ප්‍රතිඵලය හැටියට ඊළඟ භවයත් හට ගන්නවා. මේ චක්‍රයත් දිගින් දිගටම යනවා නිවන් දක්නා තෙක්ම. මේ විදියට සත්තු කරන කර්මයෙන් ඔවුන්ට අළුත් පැවැත්මක් ‍ලබා දෙනවා.

    ගස්වලට තියෙන්නේ භෞතික සංසිද්ධියක් විතරයි. ගසකින් ඇතිවන ඵල නිසා තවත් ගස් බොහොමයක් ඇති වෙනවා. සත්වයෝ සම්බන්ධයෙන් ගත්තම භෞතික වලේම මානසික සංසිද්ධියකුත් තියෙනවා. මේ අතුරින් මානසික සංසිද්ධිය (මානසික අංගය) තමයි ප්‍රධාන. කොහොම වුනත් එක මානසික අංගයකින් උපදවන්න පුළුවන් වෙන්නේ තවත් එක මානසික අංගයක් (පටිසන්ධි විඥාන) විතරයි. එනිසා සත්වයා නොයෙකුත් කර්ම සිදු කලත්, කර්ම බීජ ජීවිත වල තිබුනත් එක පූර්ව ජන්ම කර්මයකින් ඇති වෙන්නේ එක් ආකාරයක නව උප්පත්තියක් විතරයි.
     

    hpalpola

    Well-known member


  • පොළොව, ජලය, ඉර, හඳ වගේ දේවල් පැවැත්මට හේතු වන්නේ තේජෝ බලය මිසක් දෙවියෝ නෙමෙයි. සත්වයෝ නව උපතක් ලබන්නේ ඔවුන්ගේ පූර්වජන්මයේ කර්ම වල ප්‍රතිඵලයක් විදියට. මේ ගැන දකින දෘෂ්ටිය නැවැරදි දැකීම නැත්නම් සම්මා දෘෂ්ටිය විදියට හඳුන්වනවා. නමුත් දෙවියෝ නිසා තමුන් ඇති වුනයි කියලා හිතනවානම් ඒක නිවැරදි දැකීමක් වෙන්නේ නෑ එතකොට ඒ දැකීම මිථ්‍යා දෘෂ්ටිය වෙනවා. කර්මයේ හා සෘතු නිසා තමන්ගේ පැවැත්ම සිද්ධ වෙන බව නොදන්න අය තමයි දෙවියෝ තමන්ගේ මැවුම්කරු විදියට සලකන්නේ. එනසා තමයි මේ වැරදි දෘෂ්ටීන්ගෙන් මනුෂ්‍යයා ගලවා ගැනීමටත්, කර්මයේ, ප්‍රඥාවේ හා දැනුවත් බවේ මිනිසුන්ව රඳවා තබා ගැනීමටත් බුදුරජාණන් වහන්සේ විසින් සබ්බේ සත්ථා කම්මස්සකා කියලා දේශනා කලේ.

    දැන් බලන්න මිනිස්සු කියනවා මට පරම්පරාවෙන් මෙච්චර ‍උරුමයක් ලැබුනා, මේ මගේ ධන සම්භාරය වගේ දේවල්. මේ ගැන හිතලා කියවලා මිනිස්සු කොයි තරම් නම් සන්තෝෂ වෙනවද? මේවා අපේ දේපල කියලයි හඳුන්වන්නේ. ඒත් මේ හැම දේම දේපල වෙන්නේ මැරෙන්න කලින් විතරයි කියලා හොඳින් බැලුවම පෙනෙයි. මැරුණම අපි ඒ කිසිම දෙයක් අරන් යන්නනේ නෑ. අපේ අළුත් පැවැත්මටත් ඒ එක දේපලක්වත් එන්නෙත් නෑ. දැකලා ඇතිනේ අළුත උපන් ළමයි නිරුවතින් හිස් අතින් ඉන්නවා මිසක් වස්තු සම්පත් අරන් එන්නේ නැති බව. ඒ වගේම තමයි අපිට අයිති දේපල ගින්නෙන්, වැස්සෙන්, හුළ‍ඟෙන් විනාශ වෙන්න පුළුවන්. මතකනේ සුනාමි වෙලාවේ කොයි තරම් නම් දේපල ප්‍රමාණයක් විනාශ වෙලා ගියාද කියලා.

    ඒ වුනාට අපි කරන ත්‍රිවිධ ක්‍රියා මේ වගේ නෙවෙයි. අපේ ඊළඟ පැවැත්මටත් අපිත් එක්කම අපේ හෙවනැල්ල වගේ එනවා. ගින්නෙන්, වතුරෙන් හෝ හුළඟින් විනාශ වෙන්නේ නෑ. ඒ නිසායි කර්මය සත්වයාගේ නියම උරුමය නැත්නම් නියම දේපල කියලා කියන්නේ. කර්මයන්ගේ ප්‍රතිඵල සතුන්ට පල දීම අනිවාර්යයි, යම් යම් ව්‍යාතිරේක අවස්ථාවන්ගෙන් හැර ඒ කිව්වේ ඔය අහෝසි කර්ම වගේ හැර. අහලා ඇතිනේ ගෙම්බෙක් තමන් කරපු පුංචි හොඳ කර්මයක් නිසා දිව්‍ය සම්පත් ලබා ගත්ත හැටි. තාපසයෝ දෙවියො, බ්‍රහ්මයෝ වෙලා උපදින්න හේතු වන්නේ තමන් කරන හොඳ කර්ම බව දන්නවානේ. දන්නවානේ මිටක් තරම් ප්‍රමාණයේ දානයක ප්‍රතිඵල කොයිතරම් නම් ප්‍රභලද කියලා. කොයි තරම් නම් කාලයක් පඩි සන් දෙනවාද කියලා. ඉතින් දන් දීම හොඳ ක්‍රියාවක් නොවැ මගේ යාළුවනේ. ‍මේ වගේම තමයි හිතන්නකෝ අපි මාළුවෙක්ව මැරුවා කියලා. ඒකේ ප්‍රතිඵලයේ හැටියට අපිට හුඟ කාලයක් දුක් විඳින්න සිද්ධ වෙනවා. මතකනේ අර ගල් පතුරකට බෙල්ල කැපිලා මරණයට පත් වුන එළුවා සම්බන්ධ කථාව. කොයි තරම් ඌව රජතුමා ආරක්ෂා කලත් කර්මයේ ප්‍රතිඵලය හැටියටම මරණයට පත්වුනා නොවැ.

    හිතන්නකෝ කොස් ගසක්, අඹ ගසක් පැල කරගත්තා කියලා. ඒ ගස් වලින් ඇති වෙන ගෙඩි වලින් තවත් ගස් සිය දහස් ගණනක් ඇති වෙන්න පුළුවන්. ඒ ගස් වලින් ඇති වෙන ගෙඩි වලින් තවත් ගස් දහස් ගණනක් ඇති වෙන්න පුළුවන්. මේ සේරම ඇති කරන්නේ එක පොඩි බීජයක්.

    ඒ වගේම තමයි දාන,ශීල භාවනා වගේ ‍හොඳ කර්ම බීජයක් අනාගතයේ ආත්ම ගණනක් යනකම් හොඳ ප්‍රතිඵල ඇති කරනවා. හොඳම නිදසුනක් තමයි සීවලී හාමුදුරුවෝ. ඒ වගේම තමයි නරක කර්ම වල ප්‍රතිඵලත් ආත්ම ගණනක් පඩිසන් දෙනවා.

    මේ අඹ ඇට, කොස් ඇට අපිට සිත, කය, වචන කියන කර්ම බීජ වලට උපමා කරන්න පුළුවන්. අර ඇටයකින් තවත් පැල ගණනක්, ගෙඩි ගණනක්, කොළ ගණනක් ඇති කරනවා වගේම මේ ත්‍රිවිධ කර්ම බීජත් අනාගත භවයන්හිදී සත්වයාට නොයෙකුත් ප්‍රතිඵල ඇති කරනවා, බලපෑම් කරනවා.

    ඉතින් කර්මයක්, ඇති කරන කෙනාට නියමිත කාලෙදි ප්‍රතිඵල දෙද්දි හොඳ වුනත් නරක වුනත් බාර ගන්න සිද්ධ වෙනවා. එයින් පැනලා යන්න හම්බ වෙන්නේ නෑ.(චක්ඛුපාල හාමුදුරුවෝ, මුගලන් හාමුදුරුවෝ මීට හොඳ නිදර්ශන) ඒ නිසයි බුදුහාමුදුරුවෝ සබ්බේ සත්ථා කම්මදායාදා විදියට දේශනා කලේ.
     
    Last edited:

    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0


    ලංකාවේ තරම් බණ දහම් දන්න මිනිස්සු ඉන්න වෙනත් රටක් මේ ලෝකෙම නෑ. ඇත්තටම අද වෙනකොට බුදු වුන, රහත් වුන, සෝවාන් වුන බෞද්ධයෝ ලංකාවේ ඉන්නවා කියන එක සතුටට කාරණාවක්. නවීන තාක්ෂණයේ මහිමයෙන් විශේෂයෙන්ම ෆේස් බුක් හරහා ලෝකෙටම ඒ දේවල් දැන බලාගන්නත් පුළුවන්. එහෙව් උතුම් බෞද්ධයෝ ජීවත් වෙන මේ පුංචි රටේ ඉපදෙන්න ලැබීම මන් නම් දකින්නේ මහා පිනක් හැටියට. ඉතින් ඒ වා‍ගේ අයගෙන් හුඟක් දේවල් මට නම් ඉගෙන ගන්න තියෙනවා.

    අවිද්‍යාව කියන එක මහ පුදුම දෙයක්. ඒ වගේම තමයි විද්‍යාවත්. තවත් විදියකට අපිට කියන්න පුළුවන් හුඟක් අයට තේරුම් යන විදියට අඳුර කියන්නේ මහ පුදුම දෙයක්. කිසි දෙයක් පේන්නේ නෑ නේ අඳුරෙදි. ඒ වගේම ආලෝකයත් මහ පුදුම දෙයක්. අපිට පේ‍න්නේ ආලෝකය නිසානේ. මේ විදියටම අවිද්‍යාවෙන් ඉන්න කෙනාට හරි දේ මොකක්ද වැරදි දේ මොකක්ද කියලා අඳුනගන්න බැහැ. එයාගේ මනස වැහිලා තියෙන නිසා. ඒ කෙනා කරන්නේ මොනවාද, කියන්නේ මොනවාද, හිතන්නේ මොනවාද කියලා ඒ කෙනාවත් දන්නේ නෑ. තමන් මොකක් හරි දෘෂ්ටියක් ගත්තොත් ඒකම තමා හරි කියන මතයේමයි එයා ඉන්නේ. විමර්ශනශීලී බව එයා ලඟ නෑ. ඒ වගේ අයට අපි පුළුවන් තරම් මෛත්‍රී කරන්න ඕනා. මොකද ඒ අය දිගින් දිගටම සංසාරේ ගමන් කරන නිසා.


    ඔය මේ දමිත ගැනද විස්තර කරලා තියන්නේ ? :P
     

    hpalpola

    Well-known member
  • ඔය මේ දමිත ගැනද විස්තර කරලා තියන්නේ ? :P

    දමිත ? කව්ද දමිත කියන්නේ? ඇත්තමයි මන් එහෙම කව්රුවත් මුල් කලේ නම් නෑ. ඒත් මට පේන්නේ ඔය දමිත කියන කෙනා මේ කියන ජාතියේ වෙන්න ඇති කියලා ඔය අහන විදියට. හැබැයි එයා මගේ පෝස්ට එකකට රිප්ලයි කරලා තිබ්බා.ම් ම් ම්