~අපට අමතක අපේ අතීතය~
From FB
©Shashikalana Ratwatte
~~~
අප්පුහාමි : මගෙ කුඹුර කෑව නේද..?
අලියා : මම කෑවෙ මට කන්න තියෙන හරිය..
අප්පුහාමි : තොට කන්නද මම කුඹුරු හදන්නෙ...?
අලියා : තෝ මොකටද අපේ අලි මංකඩේ කුඹුරු හැදුවෙ..?
අප්පුහාමි : මේක කොහොමද උඹේ වෙන්නෙ..? මේ අපේ අප්පොච්චිගෙ කුඹුර.
අලියා : උඹේ අප්පොච්චිගෙ කාලෙත් මේක මම කෑවා..
අප්පුහාමි : ඉතිං අප්පොච්චි අපිට එහෙම කියලා නෑනේ..
අලියා :
ඒක තමයි අප්පොච්චිගෙයි උඹෙයි වෙනස.. උඹේ අප්පොච්චි මේකෙ කුඹුරු කලා.. කුඹුරු කරල පැලක් හදල ගොයම පරිස්සං කලා.උබ වගේ බුදියගන්න ගෙදර ගියෙ නැ. උන්දෑ පැල්කවි කියන සද්දෙ අහගෙන ගියා මිසක් අපි කුඹුර කෑවෙ නෑ. හැබැයි උන්දැ වී අරං යනකොට අපේ කොටහ ඇරල ගියෙ. ඒ ඇරපු කුඹුරෙන් අපි හය මාසයක් කෑව. ඉතිරි හය මාසෙ බොගෙ අප්පොච්චි කෑව. එහෙමයි උඹෙ අප්පොච්චියි අපියි ජීවත් උනේ. උඹ වගේ මේකට ඉලුක් තෙල් ගැහුවෙ නෑ උන්දැ. උඹගෙ අප්පොච්චි කැලේට ඇවිත් බේතක් හේතක් හොයාගෙන ගියාට උඹ වගේ වැව වටේට වැට ගැහුවෙ නැ.. උඹ වගේ කැලේ ගස්ටික කැපුවෙ නැ... ඒකයි උඹෙ අප්පොච්චිගෙ කාලෙ උන්දැයි අපියි අතරෙ ප්‍රස්න තිබුණෙ නැත්තෙ..
( අපට අමතක අපේ අතීතය .. අපට අමතක අපේ කම... )