අපට අහිමි කල උඩුපුස්සැල්ලාව...

Z e u s

Active member
  • Dec 22, 2015
    587
    180
    43
    අපට අහිමි කල උඩුපුස්සැල්ලාව...

    අපට අහිමි කල උඩුපුස්සැල්ලාව දුම්රිය මාර්ගය...


    12715637_10209171995847475_2489482682905709868_n.jpg


    එදා මෙදාතුර ශ්‍රීලංකාවේ තිබූ දුම්රිය මාර්ග වලින් කිහිපයක් අද වන විට වැසීගොස් තිබේ. සුන්දරම ප්‍රදේශයක් හරහා නානුඔය - නුවරඑලිය - රාගල දක්වා ගමන් කල සුප්‍රසිද්ධ උඩුපුස්සැල්ලාව මාර්ගයද ඉන් එකකි.

    ලංකාවේ වැඩිම උසකින් ගමන් කරන ලද්දේද මේ දුම්රිය මාර්ගයයි. අදවන විට ලංකාවේ උසම දුම්රිය ස්ථානය ලෙස සැලකෙනුයේ පට්ටිපොළ දුම්රිය ස්ථානයයි. එය මීටර් 1897.5 ක් වේ. නමුත් ඇත්තටම නම් ලංකාවේ උසම දුම්රිය ස්ථානය ලෙස සැලකිය යුත්තේ කන්දේ පොළ දුම්රිය ස්ථානයයි. එහි උස මීටර් 1925.6 කි. එයද අයත්ව තිබුණේ අප මේ කතා කරන උඩුපුස්සැල්ලාව මාර්ගයටමය.

    මීට අඩ සියවසකට එපිට දී තේ වතු අතරින් දිය ඇලි වල සුන්දරත්වය විඳිමින් ගමන් කරන්නට පාර පෙන්වූ උඩුපුස්සැලාව මාර්ගය අද අපට තිබුණා නම් ඒ හරහා අප රටට විශාල විදේශ විනිමයක් සපයා ගත හැකිව තිබුණි. මේ මාර්ගය විශේෂ වන තවත් කරුණු රාශියකි.

    මෙය ලංකාවේ වැඩිම ආනතියකින් යුතුව ගමන් ගත් මාර්ගයද විය. එය යම් ස්ථාන වලදී අඩි 18ක් ගමන් කල පසු අඩියක් උස් වන ලෙස සකස් වී තිබුණි. තවත් කරුණක් නම් මෙය ලංකා ඉතිහාසයේ පටුම දුම්රිය මාර්ගයද වීමය. එය අඩි 2කුත් අඟල් 6ක්ම පමණක් විය. (Narrow Gauge- 2 feet 6 inches) අධික ආනතියක් සහිත, අතිශයින් දුෂ්කර වූ මෙම මාර්ගයේ දුම්රිය ධාවනය සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉල්ලීම පරිදි විශේෂයෙන් ගෙන්වූ Bayer Peacock එංගලන්ත සමාගම නිපදවන ලද සුවිශේෂි ගැරට් එන්ජිම (H1-293) මෙරට දුම්රිය ලෝලින්ගේ පූජනීය වස්තුවක් බඳුය.

    උඩුපුස්සැල්ලාව මාර්ගය වසා දැමීමෙන් පසුව කාලයක් ඉඳහිට කැලණිවැලි මාර්ගයේ ධාවනය කල මෙම සුවිශේෂි, ලොව එකම පටු ආමානයේ Bayer Peacock Garret වාෂ්ප එන්ජිම විය.


    misc_coll-locos056.jpg



    සදාකාලීක සිහිවටනයක් කොට සුරැකිය යුතුව තිබූ මෙම පුංචි යෝධයා, ඊට ඉඩක් නොතබා අපේ දුම්රිය බලධාරීන්ගේ නොසැලකිල්ල මත 1981 දී මුලු ලොවටම අහිමි කර දමන ලදී. මේ සටහන මෙසේ නිම කරනුයේ යම් දිනක නැවතත් අපහට මේ රමණීය වූ මාර්ගය මතින් ගමන් කිරීමට වාසනාවක් උදා වේවා යන මහඟු ප්‍රාර්ථනාවෙනි.

    සළකලා/Bump කරලා යන්න.
    :yes::yes:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,280
    17,268
    113
    අපේ දුම්රිය බලධාරීන්ගේ නොසැලකිල්ල මත 1981 දී මුලු ලොවටම අහිමි කර දමන ලදී.

    ආඩම්බරයි සිංහලු.:dull:
     

    Z e u s

    Active member
  • Dec 22, 2015
    587
    180
    43
    අපේ දුම්රිය බලධාරීන්ගේ නොසැලකිල්ල මත 1981 දී මුලු ලොවටම අහිමි කර දමන ලදී.

    ආඩම්බරයි සිංහලු.:dull:
    :(
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ආයිත් පටන් ගත්තා නම් මරු ඔය ලයින් එක
    සුද්දා හදපු රේල් පාර අඩු කලා මිසක් තාම වැඩිකරගන්න බැරිඋනානේ
    සුද්දා තව කාලයක් හිටියනම් අපේ රට වටේම රේල් පාරවල් තියෙනවා

    :sorry::sorry::sorry:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ආයිත් පටන් ගත්තා නම් මරු ඔය ලයින් එක
    සුද්දා හදපු රේල් පාර අඩු කලා මිසක් තාම වැඩිකරගන්න බැරිඋනානේ
    සුද්දා තව කාලයක් හිටියනම් අපේ රට වටේම රේල් පාරවල් තියෙනවා

    :sorry::sorry::sorry:

    අපේ එවුන් සුද්දව එලව ගත්තා නේ බං උන්ට පුළුවන් කියලා?
    ඔය කොරලා තියෙන්නේ දැන්!
    2018 ට අවුරුදු 70 යි!
    සන්තෝසයි නේ? :rofl:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    අපේ එවුන් සුද්දව එලව ගත්තා නේ බං උන්ට පුළුවන් කියලා?
    ඔය කොරලා තියෙන්නේ දැන්!
    2018 ට අවුරුදු 70 යි!
    සන්තෝසයි නේ? :rofl:

    උඩුපුස්සැල්ලාව ලයින් එක නෑ
    ඕපනායට තිබ්බ කැළණි වැලි ලයින් එක දිග අඩු කලා අවිස්සාවේල්ලට
    වරායේ ඉදලා කොලොන්නාව පැත්තෙන් යන රේල් පාරක් ගැන දාලා තිබ්බා ත්‍රෙඩ් එකක්
    ඒකත් නෑ දැන්
    ඒක තිබ්බා නම් කන්ටේනර් ටැෆික් එක නෑ

    :oo::oo::oo:
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    උඩුපුස්සැල්ලාව ලයින් එක නෑ
    ඕපනායට තිබ්බ කැළණි වැලි ලයින් එක දිග අඩු කලා අවිස්සාවේල්ලට
    වරායේ ඉදලා කොලොන්නාව පැත්තෙන් යන රේල් පාරක් ගැන දාලා තිබ්බා ත්‍රෙඩ් එකක්
    ඒකත් නෑ දැන්
    ඒක තිබ්බා නම් කන්ටේනර් ටැෆික් එක නෑ

    :oo::oo::oo:
    ඒක තිබ්බා නම් කන්ටේනර් ටැෆික් එක නෑ:yes::yes::yes:
     

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    අපේ එවුන් සුද්දව එලව ගත්තා නේ බං උන්ට පුළුවන් කියලා?
    ඔය කොරලා තියෙන්නේ දැන්!
    2018 ට අවුරුදු 70 යි!
    සන්තෝසයි නේ? :rofl:

    ඕව ගැන දැනුම් තෙරුම් ඇති මිනිස්සු පාර්ලිමේන්තුවට යවනකල් ඔච්චරම තමා.​
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    උඩුපුස්සැල්ලාව ලයින් එක නෑ
    ඕපනායට තිබ්බ කැළණි වැලි ලයින් එක දිග අඩු කලා අවිස්සාවේල්ලට
    වරායේ ඉදලා කොලොන්නාව පැත්තෙන් යන රේල් පාරක් ගැන දාලා තිබ්බා ත්‍රෙඩ් එකක්
    ඒකත් නෑ දැන්
    ඒක තිබ්බා නම් කන්ටේනර් ටැෆික් එක නෑ

    :oo::oo::oo:

    :) :)

    ඕව ගැන දැනුම් තෙරුම් ඇති මිනිස්සු පාර්ලිමේන්තුවට යවනකල් ඔච්චරම තමා.​

    හැම කාලෙකම බන් මිනිස්සු ඔය හොඳයි කියලා හිතෙන එවුන් යැව්වා නේ.
    පුදුමයි බන් මේ රටයි වෙන රට වලයි වෙනස දැක්කම අවුරුදු 70ක් ඇතුලත.
    70 ක් කියන්නේ පොඩි කාලයක් ද.
    තාම මිනි මැරුමක් කලාට පස්සේ කැලේ පැන්නොත් හොයා ගන්න බෑ.
    ඉතින් ඉස්සර කාලෙත් එහෙම නේ! :D