අපට අහිමි කල උඩුපුස්සැල්ලාව...
අපට අහිමි කල උඩුපුස්සැල්ලාව දුම්රිය මාර්ගය...
එදා මෙදාතුර ශ්රීලංකාවේ තිබූ දුම්රිය මාර්ග වලින් කිහිපයක් අද වන විට වැසීගොස් තිබේ. සුන්දරම ප්රදේශයක් හරහා නානුඔය - නුවරඑලිය - රාගල දක්වා ගමන් කල සුප්රසිද්ධ උඩුපුස්සැල්ලාව මාර්ගයද ඉන් එකකි.
ලංකාවේ වැඩිම උසකින් ගමන් කරන ලද්දේද මේ දුම්රිය මාර්ගයයි. අදවන විට ලංකාවේ උසම දුම්රිය ස්ථානය ලෙස සැලකෙනුයේ පට්ටිපොළ දුම්රිය ස්ථානයයි. එය මීටර් 1897.5 ක් වේ. නමුත් ඇත්තටම නම් ලංකාවේ උසම දුම්රිය ස්ථානය ලෙස සැලකිය යුත්තේ කන්දේ පොළ දුම්රිය ස්ථානයයි. එහි උස මීටර් 1925.6 කි. එයද අයත්ව තිබුණේ අප මේ කතා කරන උඩුපුස්සැල්ලාව මාර්ගයටමය.
මීට අඩ සියවසකට එපිට දී තේ වතු අතරින් දිය ඇලි වල සුන්දරත්වය විඳිමින් ගමන් කරන්නට පාර පෙන්වූ උඩුපුස්සැලාව මාර්ගය අද අපට තිබුණා නම් ඒ හරහා අප රටට විශාල විදේශ විනිමයක් සපයා ගත හැකිව තිබුණි. මේ මාර්ගය විශේෂ වන තවත් කරුණු රාශියකි.
මෙය ලංකාවේ වැඩිම ආනතියකින් යුතුව ගමන් ගත් මාර්ගයද විය. එය යම් ස්ථාන වලදී අඩි 18ක් ගමන් කල පසු අඩියක් උස් වන ලෙස සකස් වී තිබුණි. තවත් කරුණක් නම් මෙය ලංකා ඉතිහාසයේ පටුම දුම්රිය මාර්ගයද වීමය. එය අඩි 2කුත් අඟල් 6ක්ම පමණක් විය. (Narrow Gauge- 2 feet 6 inches) අධික ආනතියක් සහිත, අතිශයින් දුෂ්කර වූ මෙම මාර්ගයේ දුම්රිය ධාවනය සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉල්ලීම පරිදි විශේෂයෙන් ගෙන්වූ Bayer Peacock එංගලන්ත සමාගම නිපදවන ලද සුවිශේෂි ගැරට් එන්ජිම (H1-293) මෙරට දුම්රිය ලෝලින්ගේ පූජනීය වස්තුවක් බඳුය.
උඩුපුස්සැල්ලාව මාර්ගය වසා දැමීමෙන් පසුව කාලයක් ඉඳහිට කැලණිවැලි මාර්ගයේ ධාවනය කල මෙම සුවිශේෂි, ලොව එකම පටු ආමානයේ Bayer Peacock Garret වාෂ්ප එන්ජිම විය.
සදාකාලීක සිහිවටනයක් කොට සුරැකිය යුතුව තිබූ මෙම පුංචි යෝධයා, ඊට ඉඩක් නොතබා අපේ දුම්රිය බලධාරීන්ගේ නොසැලකිල්ල මත 1981 දී මුලු ලොවටම අහිමි කර දමන ලදී. මේ සටහන මෙසේ නිම කරනුයේ යම් දිනක නැවතත් අපහට මේ රමණීය වූ මාර්ගය මතින් ගමන් කිරීමට වාසනාවක් උදා වේවා යන මහඟු ප්රාර්ථනාවෙනි.
සළකලා/Bump කරලා යන්න.