අපට ඉක්කා හට ගන්නේ ඇයි?

harithaprbth

Member
Mar 21, 2009
85
14
0
අපට ඉක්කා හට ගන්නේ ඇයි?

Office එකේ වැඩ කර කර ඉන්න ගමන් ඉක්කාවක් ආවා කියහන්කො..!! කස්ටිය බක බක ගගා හිනා වෙනවා.. පට්ට නෝන්ඩිය.. කෝකත් එකයි කියලා පොඩ්ඩක් search කරලා බැලුවා මොකෝ මේ ඉක්කා එන්නේ කියලා..

හොද blog එකක් තිබ්බා අපේම එකෙක් කරපු, එලට විස්තර කරලා තියනවා ඉක්කා ආවම මොකෝ කරන්න ඕන කියලත්.. උඹලට වැදගත් වෙයි කියලා හිතලා දැම්මා ඔන්න..


"ප්‍රාචීරය නැමති විශාල අර්ධ කවාකාර පේශිය අපට හුස්ම ගැනීමට උපකාරී වේ. සමහරක් වෙලාවට මෙම ප්‍රාචීරය දැගලීමට හෝ කැසීමට ලක් වේ. එවිට ප්‍රාචීරය පාලනයකින් තොරව ගැස්සීමට හා හැකිලීමට (සංකෝචනයට) ලක්වේ. මෙසේ හැම හැකිලීමකට වරක්ම වාතය පෙනහළු වලට ඉතා ඉක්මනින් ගලා ඒ. මෙම වාතය ගමන් කරනුයේ ස්වරාලය හරහාය. ස්වර තන්තු කම්පනය කරමින් වේගයෙන් ගමන් ගන්නා වාතය නිසා රසදිව ක්ෂණිකව වැසේ. මෙම කම්පනය තුලින් අපට හුරු පුරුදු “ඉක්” යන ශබ්දය නැගෙයි.

මෙලෙස ප්‍රාචීරයේ ඇති වන ගැස්මට නොයෙකුත් හේතු ඇත. වේගවත්ව අහාර ගැනීම, ඉක්මන් ආතතිය හා සමහර රෝගද ඒ අතර වේ. ඉක්කා සදහා නොයක් ජනප්‍රිය පිළියම් ඇත. නාසය, කට තදකර ගෙන තරමක් වෙලා සිටීම හෝ කොල උරයකට ආශ්වාස ප්‍රශ්වාස කිරීම මගින් පෙනහළු වල කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතය ඉහල යෑම ප්‍රාචීරයේ ගැස්‍ම අඩු කර ඉක්කාව නවතයි."

source : https://vidyava.wordpress.com/2008/02/15/අපට-ඉක්කා-හට-ගන්නේ-ඇයි/
 

T h u s h

Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    නාහෙට වතුර ටිකක් දාගත්තම හරියනවා ,
    නැත්නම් ඉක්කව ගාලු එක්කගෙන ගිහිල්ල එහෙ දාලා එන්න ..
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    මටත් සමහර වෙලාවට එකක් එනවා බන් නවතින්නෙම නැති . මොනා කලත් .
    හුස්ම ගන්න එක නැවත්තුවොත් ටිකක් හරියනවා හැබැයි