අපි අපේ ආදර සම්බන්ධතාවය පටන් ගත්තේ අනිත් අය වගේම තමයි. එයා හරිම උනන්දුවෙන් ආදරයෙන් මාව ආරක්ෂා කළා. වෙලාවකට ඕනෑවටත් වඩා මාව ආරක්ෂා කරනවා ද කියලත් මට හිතිලා තියනවා. එක දවසක් මම මං එයා එනකන් බස් හෝල්ට් එකේ බලාගෙන ඉන්නකොට මගේ යාළුවෙක් මට කෝල් එකක් දුන්නා. මම මගේ යාලුවත් එක්ක කතා කර කර ඉන්නකොට එයා ආවා මගේ ඉස්සරහට. මගේ අතේ තිබ්බ ෆෝන් එක උදුරලා අරගෙන පොලේ ගැහුවේ කේන්තියෙන්. මම දැක්කේ නැහැ එයා මගේ ලඟට එනකම්ම. මොකද මම මගේ යාළුවත් එක්ක හිටියේ බොහොම රසවත් කතාබහක. ඒත් මට කිසිම සමාවක් තිබුනේ නැහැ. එයා මගේ ෆෝන් එක උදුරලා විසික් කළා මදිවට මාව ඇදලා දාගත්තා ත්‍රිවීල් එකකට . මගේ කම්මුලට දිගට හරහාට ගහගෙන ගහගෙන ගියපු එයා කේන්තියෙන් වෙව්ල වෙව්ල මට ගහන්න ගත්තා. මම එයාව රැවට්ටුවා කියලා මට චෝදනා කරන්න පටන් ගත්තා . එයා මාව ඒ තත්වයට ඇදලා දාන්න එකම හේතුව මම සතුටින් මගේ යාලුවා එක්ක ෆෝන් එකෙන් කතා කර කර හිටපු එක. ඒකෙන් මම තේරුම් ගත්තා ආරක්ෂා කරන එකයි, ආරක්ෂාව මුවාවෙන් අපයෝජනය කරන එකයි දෙකක් කියලා...."
- ළමුන්ට සිදුවන කායික අපයෝජන යනු, දෙමාපියන්ගේ හෝ යම්කිසි වගකීමක් සහිත භාරකාර පුද්ගලයෙකුගේ සහේතුක බලපෑමෙන් සිදුකරන මැදිහත් වීමක හෝ නොසකලා හැරීමේ ප්‍රතිපලයක් ලෙස සිදුවන ශාරීරික හිංසනයන් ය. මෙය සිදු වන්නේ යම්කිසි අධිකාරි බලයක් හෝ විශ්වාසනීයත්වයක් පදනම් කරගනිමිනි. මෙය එක් සිදුවීමක් හෝ සිදුවීම් ගණනාවක් විය හැකිය.
- 2010 වර්ෂයේදී කොළඹ විශ්ව විද්‍යාලයයේ උපාධි අපේක්ෂිකාවන් 283 ක් අතරින් සිදු කරන ලද පර්යේෂණයකින් හෙළි වූ කරුණු අනුව 36% ක් තම පෙම්වතුන් නිසා ශාරීරික ප්‍රචණ්ඩත්වයට පත්වන මිතුරියන් ගැන දැන සිට ඇත.
"ආරක්ෂා කරන එකයි, ආරක්ෂාව මුවාවෙන් අපයෝජනය කරන එකයි දෙකක්. "
ලිපිය නැවත ලීවේ 50KG විසිනි. උපුටා ගැනීම සියක් හඬ ( වෙනසක් උදෙසා ) තුලිනි.
------------------------------------------------------
UNFPA SRI LANKA
202, බෞද්ධාලෝක මාවත, කොළඹ 07 ශ්‍රී ලංකාව
ටෙලි +94 11 -2580840 +94 11-2552421 | ෆැක්ස් +94 - 11 -2580698
ඊ මේල් [email protected]
web : www.srilanka.unfpa.org
facebook www.facebook.com/unfpasrilanka
www.instagram.com/unfpasrilanka
Blog : www.unfpasrilanka.wordpress.com
Last edited:
