අප්පච්චිලාගේ දවස......!

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    අප්පච්චිලාගේ දවස......!

    අප්පච්චිලාගේ දවස......!:love:
    අවුරුදු හයකයි..අවුරුදු අටකයි දරුවො දෙන්නෙක් අත් දෙකෙන් අල්ලගෙන
    අප්පච්චි කෙනෙක් ......නගරය මැදින් ඇදෙනවා....
    නගරයක නා නා ප්‍රකාර සද්ද බද්ද අතරේ
    හැඩි දැඩි මිනිස්සු දෙන්නෙක් ඒ අසල උනුසුම් වචන හුවමාරුවක්...
    මොහොතකින් එක මිනිහෙක් පස් කැටයක් අර අනිකාට දමා ගහනවා....
    අනිකාට නොවදින පස් කැටය ...
    අර අප්පච්චියි පොඩි උන් දෙන්නගෙයි ඉදිරියේ පාරට වැටිලා විසිරිලා යනවා.....
    අප්පච්චිගේ ග්‍රහනය දැඩි වුණ බවක් පොඩි උන් දෙන්නට දැනෙනවා
    පොඩි උන් අප්පච්චි දිහා බලනවා....
    අප්පච්චිගේ තියුණු ඇස් අර මිනිස්සු දිහාට එල්ල වෙනවා
    මගේ පොඩි එකෙකුගෙ එහෙම වැදුන නම් තොපි දෙන්නව හම ගහනවා...
    අප්පච්චිගේ දැඩි ස්වරය අරුං දෙන්නගේ වාදය නවත්වන්න තරම් බලවත් වෙනවා.
    ඒ එක මිනිහෙක් එක්කවත් අර අප්පච්චිට හැප්පෙන්න බැරි තරම්....
    ඒත් පීතෲත්වය කියන මහා යෝදයාට අර මිනිස්සු බය වෙනවා....
    එතන හිටිය හය හැවිරිදි පොඩි එකාට
    අද වගේ දවසක ඒ පිය සෙනෙහස අමතක කරන්න බෑ.
    දරුවන් වෙනුවෙන් දහසක් කැප කිරීම් කල මගේ ආදරණීය අප්පච්චි....
    ඔබට මෙය උපහාරයක්ම වේවා!
    ලොව සියළු ආදරණීය පියවරුන් දරු සෙනෙහසින් සුවපත් වේවා!!!!:yes::yes::yes::love:
     

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    ගොඩාක් වටිනව යාලු
    අපෙ තාත්තල අපිට ආදරෙකරේ එහෙමයි යාලු
    එත් අද අප්පච්චිල කීදෙනෙක් අනාත නිවාසවල දුක් විදිනවද
    ඇස් වලට ක්දුලු එනව සහෝ,පියවරුන්ට ආදරේ නැති මිනිසුන් අතරේ.
    ඔබ වැනි මිනිසුන් සිටිම ගැන මම ආඩම්බර වෙනව සහෝ.,
    එ වගේම ගොඩක් ස්තූතී අපිත් එක්ක බෙදගත්තට
    ..
    පිය සෙනෙහසට ක්වු ගී ලිය වුනා මදී...!