අප්පුහාමිගෙ බණ

S_M_S

Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    අප්පුහාමිගෙ බණ

    මම
    :- අප්පුහාමි මාමාට ඉතිං ඒ කාලෙ ටිකක් මහන්සි වෙලා වැඩ කළා නම් සල්ලි ටිකක් වැඩිපුර හම්බ කරලා, ගෙවල් දොරවල් හදාගෙන, නිදහසේ ඉන්න තිබුණානෙ.

    අප්පුහාමි මාමා:- (කසිප්පු බෝතලය පැත්තකින් ති⁣යලා, ඇඟේ වහපු මදුරුවෙක්ව ස්වර්ගස්ථ කරන ගමන්)
    මේ හැම දෙයක්ම කවදා හරි දවසක දාලා යන්න වෙනවනෙ කොල්ලො. හැම දේම අනිත්‍යයිනෙ. අපි හැමෝම මැරෙනවනෙ. ඉතිං කොච්චර සල්ලි හෙව්වත් වැඩක් තියෙනවද.

    බුදුරජාණන් වහන්සේගේ බණ

    අචරිත්වා බ්‍රහ්මචරියං
    අලද්ධා යොබ්බනේ ධනං
    ජිණ්ණකොඤ්චා’ව ඣායන්ති
    ඛීණමච්ඡේව පල්ලලේ

    මොළේ නැති උදවිය තරුණ කාලෙදී බ්‍රහ්මචාරීව නිවන් මගේ හැසිරෙන්නෙත් නෑ. අඩු ගණනෙ මිළ මුදලක් වත් හම්බ කරගන්නෙ නෑ. අන්තිමේදී වයසට ගිහින්, බලාගත්තු අත බලාගෙන ඉන්නෙ, මාළු නැති මඩවලක් දිහා බලාගෙන ඉන්න නාකි වෙච්ච කොක්කු වගේ.
    ________________

    සිරියාවතී ආච්චිගෙ බණ

    (කැරපොත්තට spray කරපු විස බෝතලේ තියන ගමන්) පින් කරන්න එපා පුතේ. පින් කරපුවාම සසර දික් වෙනවා. ඒ හින්දා අපි පින් නෙවේ, කුසල් තමයි කරන්න ඕනෙ.

    බුදුරජාණන් වහන්සේගේ බණ

    මා භික්ඛවේ, පුඤ්ඤානං භායිත්ථ. සුඛස්සේතං භික්ඛවේ, අධිවචනං යදිදං පුඤ්ඤන්ති.

    මහණෙනි, පින්වලට භය වෙන්නට එපා. මහණෙනි, යම් මේ පින යනු මේ සැපයට කියන නමකි.
    ________________________________

    * ඔයත් අප්පුහාමි වගේ හිතන කෙනෙක්ද? සිරියාවතී වගේ හිතන කෙනෙක්ද?

    අපේ කට්ටිය ඉතිං වැඩිපුරම අර වගේ එක එක අයගෙ බණ (ඒ ඒ අයගෙ පුද්ගලික මත) තමයි අහලා තියෙන්නෙ. ඔහොම අප්පුහාමිලාගෙ, සිරියාවතීලගෙ බණ අහලා අන්තිමේදි ප්‍රතික්ෂේප කරන්නෙ බුදුරජාණන් වහන්සේගේ ධර්මය.

    බුදුරජාණන් වහන්සේව සරණ ගිය සැබෑ ශ්‍රාවකයා අනිත්‍ය ආදී ධර්මතා අවබෝධ කරගනිමින්, තමන්ගෙ ජීවිතයට පින් රැස්කරගනිමින්, සාර්ථක ජීවිතයක් ගත කරන කෙනෙක්.
    ඔබ?
     
    Last edited:

    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,066
    2,380
    113
    22
    .

    බුදුරජාණන් වහන්සේගේ බණ

    මා භික්ඛවේ, පුඤ්ඤානං භායිත්ථ. සුඛස්සේතං භික්ඛවේ, අධිවචනං යදිදං පුඤ්ඤන්ති.

    මහණෙනි, පින්වලට භය වෙන්නට එපා. මහණෙනි, යම් මේ පින යනු මේ සැපයට කියන නමකි.
    ________________________________
    TFS +++

    මේක තේරුනේ නෑ නේ

    (අර බණ සම්පූර්ණයෙන් අහන්න බැරි උනා අද රෑ අහනව)
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,410
    5,919
    113
    අපේ කට්ටිය ඉතිං වැඩිපුරම අර වගේ එක එක අයගෙ බණ (ඒ ඒ අයගෙ පුද්ගලික මත) තමයි අහලා තියෙන්නෙ. ඔහොම අප්පුහාමිලාගෙ, සිරියාවතීලගෙ බණ අහලා අන්තිමේදි ප්‍රතික්ෂේප කරන්නෙ බුදුරජාණන් වහන්සේගේ ධර්මය.

    බුදුරජාණන් වහන්සේව සරණ ගිය සැබෑ ශ්‍රාවකයා අනිත්‍ය ආදී ධර්මතා අවබෝධ කරගනිමින්, තමන්ගෙ ජීවිතයට පින් රැස්කරගනිමින්, සාර්ථක ජීවිතයක් ගත කරන කෙනෙක්.
    ඔබ?
    ධර්මතා = විජ්ජා = යමක් සිද්දවෙන විදිය(සරලව) = විද්‍යාව
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    TFS +++

    මේක තේරුනේ නෑ නේ

    "යම් මේ" (යදිදං = යං+ඉදං) කියන වචනය හින්දා වෙන්න ඇති.

    එතන අර්ථය...
    පින් කරන්න බය වෙන්න එපා. "පින" යනු "සැපය"ට කියන තවත් නමකි.
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    තව ඔය වගේ වැරදියට තේරුම් ගත්ත දෙයක් තමා ලද දෙයින් සතුටු වීම.

    බුදුහාමුදුරුවෝ මේ කතාව කිව්වෙ කරනිය මෙත්ත සූත්‍රයේ දි. එතන තේරුම තමයි තියෙන පහසුකම් වලින් සතුටු වෙල තමන්ගෙ අරමුණට (නිවනට) යන්න කියල. අන්තිම අරමුණ මිස ලාබ සැප සත්කාර පස්සෙ එලවන්න එපා කියල.

    එක දවසක් හාමුරුදු කෙනෙක් අනාගාමී වෙලා ඉටපස්සේ මොකුත් මහන්සි නොවී ඉන්නවලු. බුදුහාමුදුරුවෝ දැකල ඇහුවලු මොකෝ නිකං කියල. උන්නාන්සෙ කීවලු ඊළග ආත්මෙ කොහොමත් බ්‍රහ්මයෙක් වෙලා පිරිනිවන් පානවනේ මේ ආත්මෙට මේ ඇති කියල.

    එතකොට බුදුහාන්දුරුවො කීවලු ගු පොඩ්ඩක් තිබ්බත් ගොඩක් තිබබත් ගු ගුමයි. සේරම ගු අයින් කරන්න වීරිය කරන්න කියල.

    අපේ අය මේක වැරදි කොනෙන් අල්ලගෙන බුජ්ජාගම තමයි රට කෑවේ ගගා මැරෙන්න යනව. එකෙක්වත් නිකමටවත් හොයල බලන්නෙ නෑ ඇත්තටම මොකක්ද කියල තියෙන්නෙ කියල.
     
    ඒක ඇත්ත. නමුත් කිරිය ගැන දැනගත්තට පස්සේ මගේ මේ අදහස වෙනස් උනා.මේකේ ඉන්න ඔබ ඇතුළු සැහෙන පිරිසක් බුද්ධාගම මොකක්ද කියල හොයල වටහාගෙන තියනවා.