අප්පුහාමිගෙ බණ
මම:- අප්පුහාමි මාමාට ඉතිං ඒ කාලෙ ටිකක් මහන්සි වෙලා වැඩ කළා නම් සල්ලි ටිකක් වැඩිපුර හම්බ කරලා, ගෙවල් දොරවල් හදාගෙන, නිදහසේ ඉන්න තිබුණානෙ.
අප්පුහාමි මාමා:- (කසිප්පු බෝතලය පැත්තකින් තියලා, ඇඟේ වහපු මදුරුවෙක්ව ස්වර්ගස්ථ කරන ගමන්)
මේ හැම දෙයක්ම කවදා හරි දවසක දාලා යන්න වෙනවනෙ කොල්ලො. හැම දේම අනිත්යයිනෙ. අපි හැමෝම මැරෙනවනෙ. ඉතිං කොච්චර සල්ලි හෙව්වත් වැඩක් තියෙනවද.
බුදුරජාණන් වහන්සේගේ බණ
අචරිත්වා බ්රහ්මචරියං
අලද්ධා යොබ්බනේ ධනං
ජිණ්ණකොඤ්චා’ව ඣායන්ති
ඛීණමච්ඡේව පල්ලලේ
මොළේ නැති උදවිය තරුණ කාලෙදී බ්රහ්මචාරීව නිවන් මගේ හැසිරෙන්නෙත් නෑ. අඩු ගණනෙ මිළ මුදලක් වත් හම්බ කරගන්නෙ නෑ. අන්තිමේදී වයසට ගිහින්, බලාගත්තු අත බලාගෙන ඉන්නෙ, මාළු නැති මඩවලක් දිහා බලාගෙන ඉන්න නාකි වෙච්ච කොක්කු වගේ.
________________
සිරියාවතී ආච්චිගෙ බණ
(කැරපොත්තට spray කරපු විස බෝතලේ තියන ගමන්) පින් කරන්න එපා පුතේ. පින් කරපුවාම සසර දික් වෙනවා. ඒ හින්දා අපි පින් නෙවේ, කුසල් තමයි කරන්න ඕනෙ.
බුදුරජාණන් වහන්සේගේ බණ
මා භික්ඛවේ, පුඤ්ඤානං භායිත්ථ. සුඛස්සේතං භික්ඛවේ, අධිවචනං යදිදං පුඤ්ඤන්ති.
මහණෙනි, පින්වලට භය වෙන්නට එපා. මහණෙනි, යම් මේ පින යනු මේ සැපයට කියන නමකි.
________________________________
* ඔයත් අප්පුහාමි වගේ හිතන කෙනෙක්ද? සිරියාවතී වගේ හිතන කෙනෙක්ද?
අපේ කට්ටිය ඉතිං වැඩිපුරම අර වගේ එක එක අයගෙ බණ (ඒ ඒ අයගෙ පුද්ගලික මත) තමයි අහලා තියෙන්නෙ. ඔහොම අප්පුහාමිලාගෙ, සිරියාවතීලගෙ බණ අහලා අන්තිමේදි ප්‍රතික්ෂේප කරන්නෙ බුදුරජාණන් වහන්සේගේ ධර්මය.
බුදුරජාණන් වහන්සේව සරණ ගිය සැබෑ ශ්රාවකයා අනිත්‍ය ආදී ධර්මතා අවබෝධ කරගනිමින්, තමන්ගෙ ජීවිතයට පින් රැස්කරගනිමින්, සාර්ථක ජීවිතයක් ගත කරන කෙනෙක්.
ඔබ?

Last edited: