දහම කැඩපතක් කරගනිමු
කෙනෙක් යම්කිසි ක්‍රියාවක් කරනවා කියලා හිතමු. හැබැයි එයාගේ අදහසක් නෑ, මේකෙන් නරකක් වේවා කියලා හෝ හොඳක් වේවා කියලා. නමුත් ඒ ක්‍රියාව කළාට පස්සේ ඒකෙන් තව කෙනෙකුට හානියක් වෙනවා නම් ඒක එයාගේ ධර්ම මාර්ගයේ දියුණුවට බාධාවක් ම යි. අපි ගනිමු එයා කල්පනා නොකොට යම්කිසි දෙයක් කරනවා. කල්පනා කරන්නේ නෑ කියලා කියන්නේ එයා පින පව සලකන්නේ නෑ කියන එකනේ. ඇත්ත වශයෙන් ම එයාට දහම් දැනුමක් නෑ කියන එකනේ. අම්බලට්ඨික රාහුලෝවාද සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ රාහුලයන් වහන්සේගෙන් “රාහුලය, කැඩපතෙහි ප්‍රයෝජනය කුමක් ද?” කියලා අහනවා. “භාග්‍යවතුන් වහන්ස, කැඩපත ප්‍රයෝජනවත් වන්නේ තමන්ගේ මුහුණේ ඇති අඩුපාඩු බලාගැනීම පිණිසයි.” කියලා උන්වහන්සේ පිළිතුරු දුන්නා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළා “ඒ වගේ රාහුල, නැවත නැවත මෙනෙහි කරලයි යම්කිසි ක්‍රියාවක් කරන්ට ඕනෙ. තමාටත් හානි නොවන, අනුන්ටත් හානි නොවන දෙයක් කරන්න.” කියලා.
සමහර අය කියනවා, බොරුවක් වුණත් අනුන්ට හානියක් වෙන්නේ නැත්නම් කිව්වට කමක් නෑ කියලා. බොරුවක් කියලා හරි තව කෙනෙකුට යම්කිසි දෙයක් කරන්න පුළුවන් නම් බොරු කිව්වට කමක් නෑ කියලා ලැජ්ජා නැතුව ප්‍රසිද්ධියේත් කියන සමහර දේශකයෝ ඉන්නවා. එතකොට අපට තේරෙනවා, ඒ අය මිනිස්සුන්ව අකුසල් තුළ සමාදන් කරනවා. මිනිස්සු කොහොමද ඒ විදිහට බොරුව තීරණය කරන්නේ? අපට යමක හොඳ, නරක පිළිබඳ තීරණය කරන්න වෙන්නේ ඒකෙන් වෙන යහපත, අයහපත කල්පනා කරලනේ. බුද්ධ දේශනාවක කොහේවත් ඒ වගේ දෙයක් සඳහන් වෙන්නේ නෑ. සමහරු නන්ද කුමාරයාටත් බුදුරජාණන් වහන්සේ බොරු කිව්වා කියලා උපුටා දක්වනවා. ඒ වගේ මිථ්‍යා මත කියනවා. ‘නන්ද කුමාරයාට දිව්‍යාංගනාවන් අරන් දෙන්නම්…’ කියලා බොරු පොරොන්දු දුන්නා කියලා තමන්ගේ බොරුව සනාථ කරන්න හදනවා. එතකොට එයාටත් ඕනතරම් බොරු කියන්න පුළුවන්නේ. බුද්ධ දේශනාවේ තියෙන්නේ “මහණෙනි, බොරු කියන පුද්ගලයාට නොකළ හැකි පාපයක් නෑ” කියලයි. බොරු කියන පුද්ගලයා හරිම භයානකයි කියනවා. එතකොට මේ වගේ අකුසල් ක්‍රියාවක යෙදුනට පස්සේ ඒ ක්‍රියාව තුළ හානියක් වෙනවා ම යි.
ද්වේෂ සහගතව කටයුතු කිරීමේ විපාක භයානකයි…
මං හොඳ උදාහරණයක් කියන්නම්. අපි ළඟ එක ස්වාමීන් වහන්සේනමක් පැවිදි වෙලා හිටියා. ඒ ස්වාමීන් වහන්සේට කාලයක් යද්දී බණ භාවනා කරන්න බැරුව ගියා. ඇඟට දෝෂ සහගත දෙයක් ඇවිල්ලා දිෂ්ටියක් වගේ ආවා. ඊට පස්සේ අපට මේක බේරගන්න බෑ. පිරිත් කිව්වට යන්නෙත් නෑ. ඊට පස්සේ “මේක කර්මානුරූපව හැදුණු එකක්… මෙයාට වරමක් එන්න තියෙන්නේ…” කියලා කිව්වා. නමුත් අපට එහෙම පටලවාගන්න බෑනේ. ඊට පස්සේ ගෙදරට කතාකරලා කරුණු කාරණා කිව්වාම ගෙදරින් මෙයාව උපැවිදි කරලා එක්කරගෙන ගියා. දැන් මෙයාගේ ඇඟේ දිෂ්ටියක් වැඩකරනවා. මේ ළඟ දී ඒ ආරූඪය හැදුණු උපැවිදි වූ තරුණයා මගේ ළඟට ආවා. ඇවිල්ලා ආරූඪ වෙලා කිව්වා, “අනේ ස්වාමීනී සමාවෙන්න. මේ ඉන්නේ මගේ මුණුපුරෙක්. මමයි එයාව සිවුරු අරවන්න පෙළඹෙව්වේ. හැබැයි, මෙයා සිවුරු ඇරපු දවසේ ඉඳලා මගේ ඇස් දෙක පේන්නේ නෑ. මාව හැමතැන ම වදිනවා. මාව සත්තු කනවා. අනේ මං මේ ආවේ තෙරුවන්ගෙන් සමාව ගන්න.” කියලා.
එතකොට බලන්න, ද්වේෂ සහගතව කරුණු නොවිමසා අරයාව සිවුරු අරවපු එකෙන් ඒ වෙලාවේ ම අර භූතයාට විපාක ලැබිලා තියෙනවා. ඒ නිසයි අපි මුලින් ම කිව්වේ මේකෙදී කර්ම – කර්ම ඵල විශ්වාස කරන්න ඕන, පින් පව් විශ්වාස කරන්න ඕන කියලා. එහෙම නැතුව පින් පව් විශ්වාස කරන්නේ නැතුව පුහු වීරයෝ වෙන්න එක එක දේවල් කරලා ඵලක් නෑ. ඒක නෙවෙයි වෙන්න ඕන. අපට පින් පව් පිළිබඳ විශ්වාසයක් තියෙන්න ඕන. අද මිනිස්සු ඉන්නේ පින තුළ පිහිටලා නෙවෙයිනේ. බහුතරයක් ඉන්නේ අකුසලය තුළ පිහිටලා. අකුසලය තුළ පිහිටපු කෙනාව, ඉන්ද්‍රිය අසංවරය තුළ ඉන්න කෙනාව අසංවර කරන්න ලේසියි. ඉන්ද්‍රිය සංවර වූ කෙනාව නම් අසංවර කරන්න අමාරුයි.
එක ම පිළිසරණ පින පව පිළිබඳ විශ්වාසය යි…
එක තැනක සඳහන් වෙනවා, අනුරුද්ධ මහරහතන් වහන්සේ අරහත් වෙන්න කලින් දිවැස පුහුණු වෙනවා. ඒ විදිහට දිවැස පුහුණු වෙද්දී දවසක් උන්වහන්සේට හිතුණා ‘දිව්‍යාංගනාවෝ දකින්න ඕන’ කියලා. ඔන්න දැන් දිව්‍යාංගනාවෝ ටික පේනවා. ඊට පස්සේ මේ දිව්‍යාංගනාවෝ අනුරුද්ධ මහරහතන් වහන්සේ ඉස්සරහා නටන්න පටන් ගත්තා. නොයෙක් ආකාරයෙන් සළුපිළි සොලවා නටන කොට අනුරුද්ධ මහරහතන් වහන්සේ ඇස් පියාගත්තා. ඒකට හිත යොමු කළේ නෑ. ඒකට හේතුව ඉඳුරන් සංවර වීමෙන් යුක්තයි. ඒ නිසා ඉඳුරන් සංවර කෙනෙකුට නම් බේරිලා ඉන්න පුළුවන්.
නමුත් අද මනුෂ්‍යයන්ගේ හැම මාධ්‍යකින් ම, හැම දෙයකින් ම අවුස්ස අවුස්සා නැති අසංවරකමක් උපද්දවද්දී මිනිස්සුන්ව සංවර කරනවා කියන එක කොච්චර අමාරු වැඩක් ද? ඒ නිසා අසංවර සිතකින්, අසංවර හැඟීමකින් යුක්තව රාග, ද්වේෂ, මෝහවලින් ඉන්න කෙනාට තියෙන එක ම පිළිසරණ තමයි පින පව පිළිබඳ තියෙන විශ්වාසය. පිනයි, පවයි පිළිබඳ විශ්වාසය ගිලිහී යනවා නම්, ඒකට ඉඩක් නැත්නම්, ඒක ගැන අගය කරන්නේ නැත්නම් එයා වේගයෙන් පිරිහී යනවා. අපි ගත්තොත් අද පාසල් විෂයකවත් කවදාවත් පින් පව් කතාවක් නෑනේ. තරඟ විභාගවල පින් පව් කතාවක් නෑ.
ගැඹුරු ඤාණය හසුරුවන පදනම ශ්‍රද්ධාව යි…
අද දේශකයොත් පින් පව් කතාවක් නැතුව ඔක්කොටම බැණ බැණ, රට ජාතිය සංස්කෘතිය කිය කියා කෑ ගගහා යනවා. මේ විදිහට බුද්ධ දේශනාවල මූලික හරයෙන් බැහැර වෙලා ගියොත් මොකක්ද අපට ඉතුරු වෙන්නේ? ඒ නිසා මම කියන්නේ අපට තියෙන දුර්ලභ ම අවස්ථාව තමයි පින් කර ගන්න තියෙන අවස්ථාවත්, පවෙන් මිදෙන්න තියෙන අවස්ථාවත්. අපි මේ ‘නමෝ බුද්ධාය’ වැඩසටහනෙන් පවා බලාපොරොත්තු වෙන්නෙත් ඒක. මොකද අපි හොඳටම දන්නවා, මිනිස්සුන්ට ගැඹුරු ඤාණයක් ලැබුණට කමක් නෑ. හැබැයි ඒ ගැඹුරු ඤාණය හසුරුවන්න වුවමනා කරන පදනමත් සමඟ. ඒ පදනම තමයි ශ්‍රද්ධාව. ඒ වගේ ම පින් පව් පිළිබඳ තියෙන අවබෝධය සහ මේ සසර ගැන තියෙන අවබෝධය. මේකත් එක්ක අර ගැඹුරු ඤාණය ලස්සනට ගැළපිලා යනවා. හැබැයි, මනුස්සයන්ට ගැඹුරු ඤාණයක් ලැබිය යුතුමයි. මොකද, මනුස්සයන්ගේ දැනුම පිළිබඳ අපට සහතික කරන්න බෑ. මොකද අපි එක එක්කෙනාගේ සසරගත ස්වභාවය වෙනස්. අපි එක එක්කෙනාගේ කුසලතාව වෙනස්.
දුප්පත් මනුස්සයෙක් ඉන්නවා කියමු. බොහෝම දුක සේ ජීවත්වෙන මනුස්සයෙක් ඉන්නවා. නමුත් එයා ප්‍රඥාවන්තයි. එතකොට එයාට බුදුරජාණන් වහන්සේගේ ධර්මය සැණෙකින් තේරුම් ගන්න පුළුවන්. හැබැයි ඒ ධර්මය ඇහෙන්න ඕන. එහෙම නැතුව ‘දැන් කාලේ යන්තම් ඔය දානය දීගෙන ඉන්න, සංස්කෘතිය පවත්වා ගන්න බණ කිව්වහම ඇති. වෙන දේවල් ඕන නෑ….’ කියලා අපි පූර්ව නිගමනයකට ඇවිල්ලා තිබ්බොත් ඒක සම්පූර්ණයෙන් ම වැරදියි. අපි කොහොමද ඒ දේවල් තීරණය කරන්නේ? ශාසන භාරධාරී භාග්‍යවතුන් වහන්සේනේ. සසුන් බර දැරුවේ බුදුරජාණන් වහන්සේනේ.
පිළිගන්නත් එපා… ප්රතික්ෂේප කරන්නත් එපා…
මහාපරිනිබ්බාන සූත්‍රයේ සතර මහාපදේශ කියලා කාරණා හතරක් සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේ මේ කාරණය දේශනා කළේ භෝග නගරයේ ආනන්ද චෛත්‍ය ස්ථානය අසල දී. “මහණෙනි, මාගේ ඇවෑමෙන් පස්සේ භික්‍ෂූන් වහන්සේලා කිව්වොත් එහෙම ‘අසවල් සඟ පිරිස ඉන්නවා. ඒ සඟ පිරිස ‘මේකයි ධර්මය… මේකයි විනය… මේකයි ශාස්තෘ ශාසනය…’ කියලා සම්මත කරනවා. ඒක අහන්න. නමුත් පිළිගන්න ඕන නෑ. ප්‍රතික්‍ෂේප කරන්නත් ඕන නෑ. ඒක සූත්‍රයේ බහා බලන්න. විනයෙහිලා සසඳන්න. එතකොට ඒක ගැළපෙන්නේ නැත්නම් ‘මේක ධර්මය නෙවෙයි’ කියලා ප්‍රතික්‍ෂේප කරන්න. ඒ වගේ ම තවත් භික්‍ෂූන් වහන්සේලා කියන්න පුළුවන් ‘අසවල් ප්‍රධාන භික්‍ෂුව ඉන්නවා. ථේර භික්‍ෂුවක් ඉන්නවා. ඒ ථේර භික්‍ෂුව ‘මෙයයි ධර්මය… මෙයයි විනය… මෙයයි ශාස්තෘ ශාසනය…’ කියලා කියනවා. ඒක අහන්න. නමුත් පිළිගන්න ඕන නෑ. ප්‍රතික්‍ෂේප කරන්න ඕනත් නෑ. හොඳින් අහලා සූත්‍රයේ බහා බලන්න. විනයෙහිලා සසඳන්න. ධර්ම විනයට ගැළපෙන්නේ නම් පමණක් පිළිගන්න. ‘මෙයාලාගේ මේ ප්‍රකාශය තියෙන්නේ රාග, ද්වේෂ, මෝහ නැතිවෙන විදිහට ද’ කියලා සසඳා බලන්න කියනවා. ඒ විදිහට සසඳා බලද්දී රාග, ද්වේෂ, මෝහ දුරුවෙන්නේ නැත්නම් ‘මේක ධර්මය නෙවෙයි’ කියලා ඒක ප්‍රතික්‍ෂේප කරන්න කියනවා.
ඒ වගේ ම මහණෙනි, භික්ෂූන් කියන්න පුළුවන් ‘ව්‍යක්ත, විශාරද, විනීත, බහුශ්‍රැත, ධර්මධර, ධම්මානුධර්ම ප්‍රතිපදාවෙන් යුක්ත භික්‍ෂු පිරිසක් ඉන්නවා කියලා. ඒ භික්‍ෂු පිරිසත් ‘මේකයි ධර්මය… මේකයි විනය… මේකයි ශාස්තෘ ශාසනය…’ කියලා කියනවා. ඒකත් කලබල නැතුව හොඳට අහන්න. හැබැයි පිළිගන්න එපා. ප්රතික්ෂේප කරන්නත් එපා. ඒකත් සූත්‍රයෙහිලා බහා බලන්න. විනයෙහිලා සසඳන්න කියනවා. මහණෙනි, තවත් ඉන්න පුළුවන් ව්‍යක්ත, විශාරද, විනීත, බහුශ්‍රැත, ධර්මධර, ධම්මානුධර්ම ප්‍රතිපදාවෙන් යුක්තයි කියන භික්‍ෂුවක්. එයත් ‘මෙයයි ධර්මය… මෙයයි විනය… මෙයයි ශාස්තෘ ශාසනය…’ කියලා කියනවා. ඒකත් එකවර පිළිගන්නත් එපා. ප්රතික්ෂේප කරන්නත් එපා. ඒකත් සූත්‍රයේ බහා බලන්න. විනයෙහිලා සසඳන්න.”
එතකොට සූත්‍රයේ බහා බලනකොට ඒක සූත්‍රයේ බහා බලන්න බැරි නම්, විනයෙහිලා සසඳද්දී සැසඳෙන්නේ නැත්නම් ‘මේක ධර්මය විනය නෙවෙයි… බුද්ධ දේශනාව නෙවෙයි…’ කියලා ප්‍රතික්‍ෂේප කරන්න කියනවා. එතකොට ඒ මිම්මත් එක්ක අද කොච්චර නම් ප්‍රතික්‍ෂේප වෙනව ද? එතකොට අපට මොනවද ඉතිරි වෙන්නේ? ඒ නිසා හරි පැහැදිලියි, අපට බුදුරජාණන් වහන්සේගේ මූලික දේශනා තුළ අංග සම්පූර්ණ නිවන් මග විස්තර වෙනවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය සම්පූර්ණයි. උන්වහන්සේගේ ධර්මය තුළ අදත් ධර්ම නායකත්වයක් තියෙනවා.
– mahanegha