අප්සට් කවි 5
සෙට් වෙනකම් නැහෙන
සෙට් වුණාමත් නැහෙන
ජීවිතේ වින්නැහිය
කොල්ලන්ගෙ ආදරය
කිසිම ගතියක් නැති
ජීවිතේ සුන්දරම
ආතල්ම වචනය
පින්බරම ආදරය
රණ්ඩුවට ජල්ලියට
කවුරුවත් නැත්නම්
පාළුමයි ජීවිතය
අනේ මේ ආදරය
වැස්සකට කුඩයකට
හිරිපොදට තෙමීගෙන
කඳුළු දෙන සාගරය
තමයි මේ ආදරය
-බ්රැන්ඩෝ





