ගොඩක් අය අහන ප්‍රශ්නයක් තමයි තුන් වෙනිදා මිනිස්සු පාරට බැස්සා කියලා මේ ආන්ඩුව ගෙදර යනවද කියන එක. කෙටිම උත්තරය තමයි.... නෑ, ගෙදර යන්නෙ නෑ. ගෙදර යවන්නත් බෑ.
එහෙම ගෙදර යනව නම් ගෙදර ගිහින් ගොඩක් කල්. ඒ වගේම මං ආපහු ප්‍රශ්නයක් අහනවා එහෙම පාරට බැස්සෙ නැත්තම් ආන්ඩුව ගෙදර යවන්න තව කොච්චර කල් යයිද? අපි එතකන් ජීවත් වෙලා ඉඳියිද කියන එක? ඒකට උත්තරයක් මං බලාපොරොත්තු වෙනවා.
ඇත්තටම පාරට බහින එකේ අරමුන මොකද්ද? ඒකෙ ප්‍රාතමිකම අරමුන තමයි ආන්ඩුවට මහජනයා සතු බලය පෙන්වීම සහ මහජනයා තමන් සතු බලය අඳුනා ගැනීම. ඒ කඩයිම හරිම වැදගත් ඒක තමයි මේ ගමනේ ලොකුම සන්දිස්තානය. Gohomegota ආංකල්පය දරන ගොඩක් ආයතන තියනවා, පුද්ගලිකව මහජනතාව, සිවිල් සංවිදාන, වුර්තීය සංවිදාන..... වගේ දේවල්. මේ ඔක්කොගෙම එකතු වීමකින් හැරෙන්න ආන්ඩුවක් ගෙදර යවන්න බෑ. මේ පාරට බැසීමෙන් වෙන්නෙ ඒ හැම ආයතනයකට උත්තේජනයක් සැපයීම සහ ජනතාව තවදුරටත් නිහඬ නැති බව ඒත්තු ගැන්වීම.
ඒ බැරියර් එක කඩන්නෙ නැතුව අපි කොච්චර කෑගැහුවත් ෆේස්බුක් පෝස්ට් ශෙයා කලත් වැඩක් නෑ..... ඒ බැරියර් එක කැඩුවට පස්සෙ මිනිස්සු කවුරුත් ඔලුව නමාගන දෙන දෙයක් කාල වෙන දෙයක් බලාගන, මේක තමයි කරුමෙ කියල හිතාගන ඉන්න මානසිකත්වයෙන් මිදෙයි. ඒක කරන්න පාරට බහින්නම වෙනවා....
ඒක නිසා අප්‍රේල් 3, උදේ 9 ට...... හැමෝම බහිමු.
#GoHomeGota2022
Copied.