අපායට සමීකරණ නැහැ
අපට කල්පනා කරන්න තියෙන්නෙ සසර කෙළවර කරන්නෙ කොහොම ද කියන එක. ඒත් ඉතින් අප සසරක් තියෙනව කියලා කියන්නෙ කොහොම ද? සසර කෙළවර කරන්න පුළුවන් කියලා කියන්නෙ කොහොම ද? ඊනියා විද්‍යාවෙන් ඒවා පෙන්නන්න පුළුවන් ද? සසර පංචෙන්ද්‍රිය ගෝචර ද? මැරුණට පස්සෙ මොක ද වෙන්නෙ කියලා අප දන්නව ද? අප දකින්නෙ මිනිසුන් මැරෙන එකයි උපදින එකයි. ආවෙ කොහෙන් ද යන්නෙ කොහාට ද කියලා අපට පේනව ද? පංචෙන්ද්‍රිය ගෝචර නැති දේ අපට පිළිගන්න පුළුවන් ද? මෙරට ප්‍රාඥයන් ලෙස පිළිගැණුනු පිළිගැනෙන ඇතැමුන් සසර පිළිගත්තෙ/පිළිගන්නෙ නැහැ.
නොදරුවො හය හතර දැන සිටියෙ නැහැ. ඒ අපාය හතර හා දිව්‍ය ලෝක හය. අද වැඩි හිටියනුත් දන්නෙ නැහැ. ඔවුන් දන්නවා අපාය දිව්‍ය ලෝක නැති බව. අපාය හා දිව්‍ය ලෝක පංචෙන්ද්‍රිය ගෝචර නැහැ. එහෙම ඒවා තියෙන්න බැහැ. අද අප පවට බිය නැහැ. පව් කරන්න ලජ්ජත් නැහැ. විද්‍යාව අනුව පව් කළාම අපායෙ යන්න විධියක් නැහැ. නැති අපායකට යන්නෙ කොහොම ද? අද සිංහල බුද්ධාගම නැහැ. අද තියෙන්නෙ ආගන්තුක විද්‍යාවක්.
ඒ විද්‍යාව අපේ නො වෙයි. ඒක බටහිර විද්‍යාව. අපට ඒක අපේ කර ගන්න බැරි වෙලා. සිංහල බෞද්ධයන්ට විද්‍යාවෙ නිර්මාණ කරන්න බැහැ. සංකල්පයක් ප්‍රවාදයක් නිර්මාණය කරන්න බැහැ. සංකල්ප ආදිය නිර්මාණ හැටියට සලකන්න පුරුදු වෙලා නැහැ. ඒවා ගැන හිතන්න පුරුදු කරලා තියෙන්නෙ සොයා ගැනීම් හැටියට. සිංහල බෞද්ධයකු එවැනි ඊනියා සොයා ගැනීමක් කර නැහැ. අරය අරක හොයාගත්ත මෙයා මේක හොයා ගත්ත කියලා එක එකාගෙ පිට කසා ගන්නවා විතරයි. තවම කවුරුන්වත් අපාය හොයා ගෙන නැහැ. ඒක නිසා අපට පව් කරන්න බය නැහැ. අද වෙසක් දවසෙත් පව් කරන අය අපමණයි. පවට අපමණ අගයක් ලැබිලා. අප පන්සිල් ගන්නවා, රකින්නෙ නැහැ.
බටහිර විද්‍යාව අපේ කර ගන්න බැරි වුණ නිසා එය ආගන්තුක ලෙස පවතිනව. අපට බටහිර විද්‍යාවෙ චින්තනයෙ, ඒ කියන්නෙ ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයෙ හිතන්න බැහැ. අපට බටහිර සංගීතයෙ නිර්මාණ කරන්න පුළුවන් ද? අපට පුළුවන් බටහිරයන් අනුකරණය කරලා ඔවුන් කටහඬ හසුරුවන විධිය යම්තම් පුරුදු වෙන්න පමණයි. ඒක මහා වෙනසක් හැටියට පෙන්නනවා. මෙරට පඬියන්, කලාකරුවන්, විද්වතුන් ආදීන් ව්‍යාජ තුට්ටු දෙකේ අනුකාරකයන්.
අප බටහිර විද්‍යාව කියන්නෙ මොකක් ද කියන එකවත් දන්නෙ නැහැ. බටහිරයන් බටහිර විද්‍යාව ගැන කියන බොරු අප විශ්වාස කරනවා. පරීක්ෂණ, නිරීක්ෂණ, නිගමන සූත්‍රය අප කටපාඩම් කර ගන්නවා. එහි කෙරෙන්නෙ උද්ගමනය, අනපෝහනය, උද්ගමනය කළ අනුමාන නීති අනුව අපෝහනය, වියුක්තය හා සංයුක්තය පටළවා ගැනීම ආදී වශයෙන් අප කියන විට, බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් බව අප කියන විට, අපට හිනහවෙනවා. දැනුම නිර්මාණය කරන දෙයක් කියන එක පඬියන්ට තේරෙන්නෙ නැහැ. දැනුම නිර්මාණය කරන්න තියෙන එකම විධිය බටහිර විද්‍යාව නොවෙයි කිව්වම අප මිථ්‍යා පතුරවන අය ලෙස හඳුන්වනවා. මුහුණු පොතේ පඬි පෝතකයන් අපට ප්‍රතිචාර දක්වන්නෙ නාථ දෙවියන්ට හිනහවෙමින්.
අප බටහිර සංස්කෘතියේත් නැහැ. සිංහල බෞද්ධ සංස්කෘතියේත් නැහැ. මේ ගන්ධබ්බ තත්වයක්වත් නො වෙයි. ගන්ධබ්බයා යම් දවසක එකක් තෝරා ගන්නවා. අපට එහෙම කරන්න බැහැ. බටහිරයන් අනුකරණය කරමින් අපේ ආත්මාර්ථකාමීත්වය, පෞද්ගලිකත්වය ඉහටත් උඩින් ගිහින්. ඒත් අප බටහිරයන් මෙන් අනෙකාගේ පෞද්ගලිකත්වයට සලකන්නේ නැහැ. බුදු හාමුදුරුවන්ට වඩා වෝල්ටෙයාර් අපට ලොකු වුණත් අප වෝල්ටෙයාර් කිව්වෙ මොකක් ද කියලා දන්නෙ නැහැ. අපට දැන් තිසරණය නැහැ. ඒක අර පන්සිල් ගන්න වෙලාවට මතුරන දෙයක් පමණයි. අපට දැන් සරණ ගොඩක් තියෙනවා. කොපර්නිකස්, ගැලීලියෝ, නිව්ටන්, අයින්ස්ටයින්, ඩාවින් ආදීන්ගේ සිට මාක්ස්, රසල්, ඩෙරීඩා ආදින් දක්වා. ඒ අතර සිදු නාට්‍යයෙ සරණයත් ඉන්නවා. ඩෙරීඩාගෙ විසංයෝජනයේ බුදුදහම තියෙනවා කියලා පඬියන් කියනවා. පඬියන් දන්න විසංයෝජනය. ඩෙරීඩා අපාය ගැන කියලා නැහැ. අපට පව් කරන්න ලජ්ජාවක් බයක් නැහැ. අපායකුත් නැති එකේ මොනව කෙරුව ම මොක ද? නොපෙනෙන අපාය වගේ ද නොපෙනෙන ගුරුත්වාකර්ෂණය? ඒක නිව්ටන්වත් දැක්කෙ නැහැ. ඒත් ඒකට සමීකරණයකුත් තියෙනවා. අපායට සමීකරණ නැහැ.
උපුටා ගැනීම: http://www1.kalaya.org/2017/05/blog-post_10.html