අපායෙන්_ගැලවී_විත්_මහණදම්_පිරූ_තරුණයෙක්

kavindagk

Well-known member
  • Dec 18, 2008
    988
    1,000
    93
    Colombo
    අපායෙන්_ගැලවී_විත්_මහණදම්_පිරූ_තරුණයෙක්

    68575156689724496115161.jpg


    මීතිරිගල වන සෙනසුනේ සිදුවූ සිදුවීමකි.
    ලිපිය කියවන්න..

    අපායෙන් ගැලවී විත් මහණදම් පිරූ තරුණයෙක්

    මිනිස් සිතේ ස්වභාවය සිතුවිලි ගොඩ නැඟීමයි. මිනිසා අවදිව සිටින සෑම මොහොතක් පාසාම අතීතය හෝ අනාගතය සම්බන්ධ කැරගෙන සිතේ සිතුවිලි ගොඩනඟයි.

    අතීතයේ පංචේන්ද්‍රියයන් පින වූ අවස්ථාවන්ට සම්බන්ධ ආශාව, තණ්හාව මුසු ඇලීමේ සිතුවිලි ද තරහව, ද්වේෂය මුසු ගැටීමේ සිතුවිලි ද මොහොතක් පාසා සිතේ ගොඩනැඟේ.

    එසේ ම ඇලීම හා ගැටීම මුසු සිතුවිලි අනාගතය සඳහා ද සිතේ ගොඩ නැඟේ. මිනිසා උපන්දා සිට මියෙන තෙක් ම සිදු කරන්නේ එසේ සිතුවිලි ගොඩනැඟීම ය.

    මේ බොහෝ දෙනෙක් “මේ දැන්” කියන මොහොත ගැන නොසිතති. සිතුවිලි ගොඩ නැඟීම යනු කර්ම රැස්කිරීමයි. ඒවා කුසල කර්ම හෝ අකුසල කර්ම විය හැකිය. ඊට අනුවම විපාක යෙදේ. මේ එවැනි කර්ම විපාකයක් ගෙවන පුද්ගලයකු පිළිබඳ කතාවකි.

    මීතිරිගල නිස්සරණ වන සේනාසනය අක්කර පන්සියයක් පමණ විශාල වූ වන ගහනයක් මැද පිහිටි පුණ්‍ය භූමියකි.

    එකකට එකක් නොපෙනෙන තරම් දුරින් පිහිටි කුටිවලට වී භාවනා කරන යෝගීහු මේ සිත එක අරමුණකට ගෙන බැඳ තබා සමාධි සුවයක් විඳීන්නට උත්සාහ කරති.

    සිතුවිලි ගොඩනැඟීම් වශයෙන් තව තවන් කෙලෙස් රැස්කිරීම නතර කරන්නට උත්සාහ කරති.

    සේනාසනයේ කි‍්‍රයාත්මක වන කාලසටහන සිහිපත් කරමින් “ගෙඩිය” ගසා හඬ නංවන වාර ගණන අනුව මේ අවදිවීමටය.

    මේ වත සඳහාය. මේ භාවනාවය, මේ දානය සඳහා පිණ්ඩපාත යේ යෑමටය, මේ ගිලන්පස සඳහා දන්ශාලාව වෙත යෑමටය ආදී වශයෙන් යෝගීහු ඒ ඒ සංඥාවන් හඳුනාගෙන ඊට අනුව කි‍්‍රයා කරති.

    කතා කරමින් කාලය නාස්ති කිරීමද කෙලෙස් ගොඩ නැඟීමක් බැවින් නිශ්ශබ්දතාවයද භාවනාවේ දියුණුව සඳහා අවධාරණය කැර තිබේ.

    එසේ වුවත් යෝගී භික්ෂූන් වහන්සේ ඉඳහිට ධර්ම කාරණා පිළිබඳ සතුටුසාමීචියේ යෙදෙන අවස්ථා ද ඇත. දිනක් එවැනි ස්වාමීන් වහන්සේ කීප නමක් කර්මය හා කර්ම විපාකය පිළිබඳ සාකච්ඡා කරමින් සිටියහ.

    ”කර්මයට අනුව විපාකය ලැබේ නම් ඊට යම රජකු හා යම පල්ලන් මැදිහත් වන්නේ කුමටදැයි මට ගැටලුවකැ”යි එක් ස්වාමීන්වහන්සේ නමක් පවසති.

    ”කර්ම විපාක ගෙවන්නට තිබේ නම් යම් කෙනකුට වේදනාව ලබා දෙන්නට තව කෙනෙක් පහර දෙති. තුවාල කරති. කෙනෙක් පිහියෙන් ඇන මරා දමති. මැසි මදුරුවන් පනුවන් නිසා ලෙඩ රෝග වැළඳෙති.

    එහිදී පුද්ගලයකුට තවත් පුද්ගලයකුගේ කි‍්‍රයාකාරකම් වලට ලක්වීමට සිදුවෙයි. එසේම පෙ‍්‍ර්තයන්, යක්ෂයන් නිසා මහ රහතන් වහන්සේට පවා පීඩා සිදුවූ බව ති‍්‍රපිටකයේ සඳහන් වෙයි.

    ඒ නිසා යම රජෙක් හා යම පල්ලන්ගේ් සම්බන්ධය තිබිය හැකියැ”යි තවත් ස්වාමීන්වහන්සේ නමක් පැවැසූහ.

    ”කර්මයට අනුව කර්ම විපාක ගෙවීමට සිදුවීම අවබෝධ කරවන්නට යම රජකු හා යම පල්ලන් ඉදිරිපත් කිරීමෙන් මිනිසා අකුසලයෙන් මුදවා ලිය හැකි බැවින් මේවා නිර්මාණ විය නොහැකිදැ”යි තවත් හිමි නමක් අදහස් දක්වති.

    යම රජු හා යම පල්ලන් පිළිබඳ කියන කතා අසා සිටිමින් ඒ පිළිබඳ ගැඹුරින් සිතූ තවත් භික්ෂූන් වහන්සේ නමක් අඬන්නට වූහ.

    භාවනාවෙන් යම් තරමකට දියුණු කළා වූ සිතක් ඇති උන්වහන්සේට ස්වකීය අතීතය සිතුවම් පොටක් සේ දිස්වන්නට වීය. උන්වහන්සේ ඒ පිළිබඳ විස්තර කළේ මෙසේය.

    ”මං මේ ආත්මයට පෙර ආත්මයෙන් එහා ආත්මයේ ටිකක් බලපුළුවන්කාරයෙක් ලෙස තමයි ඉපදිලා හිටියේ. පන්සිල් පද පහම ආරක්ෂා කළේ නෑ. තුන්වැනි සිල්පදය බහුල වශයෙන් ම කැඩුවා.

    සත්ත්ව හිංසාවෙත් යෙදුණා. අනුන් සතු සම්පත් බල පුළුවන්කාරකමෙන් අයිති කැරගත්තා. මේ වගේ වැරදි වැඩවලින්ම ජීවත් වුණා මිසක කුසලයක යෙදුණේ ම නෑ.

    මෙහෙම ජීවත් වෙන අතරේ දවසක් ගමනක් යන කොට විශාල දුර්ගන්ධයක් මට දැනුණා. ඒක කොයි තරම් අප‍්‍රසන්න ගඳක් ද කියනවා නම් ඒ ගඳ මොකක්ද කියා බලන්න තරම් හිතුණා.

    මම නාසය වසා ගෙන ඒ ගැන හොයා බැලුවා. විශාල ඌරුමීයෙක් මැරිලා කුණුවෙලා. ඒ මී කුණෙන් චිරි චිරි ගා පණුවන් මතුවෙනවා යට යනවා. කොයි තරම් නාසය වසාගෙන සිටියත් ඒ ගඳ දැනෙනවා.

    දැන් ඇස් දෙකෙනුත් දැක්කා. හරි ම අප‍්‍රිය යි. ඒ වෙලාවේ මට කවදාවත් නැති අමුතු ම නුවණක් පහළ වුණා. (අසුබ භාවනාව) කොයිතරම් සාත්තු කළත් මගේ ශරීරයත් මේ වගේ නේද? කවදා හරි මේ වගේ මළොත් කුණුවෙලා ගඳ හමනවා නේද? පණුවන් ගසනවා නේද? මේ ශරීරය දුර්වල වීම, වයසට යෑම, ජරාවට පත්වීම මට වළක්වන්න බැහැ නේද? එහෙම නම් මේ ශරීරය මගේ යැයි කියන්නේ කොහොමද? මේක හරිම දුකක්.

    මම මහණ වෙන්න ඕනෑය කියා අධිෂ්ඨාන කැර ගත්තා. ඒ වුණාට ඒ ආත්මයේ මම මහණ වුණේ නෑ. එහෙම ඉඳලා කාලෙකට පස්සෙ මැරුණා.

    මැරුණාය කියන්නේ , මට කතා කරගන්න බැරි වුණා. පංචේන්ද්‍රියයන් අකී‍්‍රය වුණා. ලොකු මහත බටයක් වගේ එකක් ඇතුළෙන් මාව දිගට ඇදිලා ගියා. ඒ බටයෙන් එළියට ආපු තැන දෙන්නෙක් හිටියා. ඒ දෙන්නා මාව දෙපැත්තෙන් අල්ලාගෙන ඉදිරියට එක්කගෙන ගියා.

    එතැන අඩි පහළොවක් විතර උස ආසනයක යම රජ්ජුරුවෝ වාඩිවෙලා හිටියා. දකින කොටම මේ යම රජ්ජුරුවෝය කියා මට වැටහුණා. ඔහු යටිකයට සුදු වේට්ටියක් ඇඳගෙනයි හිටියේ.

    ”ආ.. මනුස්ස ලෝකයේ ඉන්න කොට හුඟක් පව් කරලා තියෙනවා නේද?” කියා යම රජ්ජුරුවෝ මගෙන් ඇහුවා. ඒ එක්ක ම මම කළ පව් චිත‍්‍රපටයකින් වගේ මට මැවි මැවී පෙනෙන්නට ගත්තා.

    ඒවා දකින කොට ම මා වැරැදි කාරයා වෙලා ඉවරයි නේද කියා හිතින් අන්තිමට ම අසරණ වුණා. ඒ අසරණවීම හෘදය සාක්ෂියත් එක්ක ම සිදුවන ගැඹුරු අනුස්මරණයක්.

    පශ්චාත්තාපයක් වගේ දෙයක්. එතැනට ටිකක් එහායෙන් ලොකු තාප්පයක් තිබුණ. ඒ තාප්පයට එහා පැත්තේ විශාල ගින්නක් බුර බුරා ඉහළ නැඟෙනවා. ඒ වගේ ම ඒ පැත්තේ විශාල පිරිසක් දැවි දැවී විලාප දෙනවා ඇහෙනවා.

    ඒ තාප්පයට ඉහළින් නැඟෙන යෝධ ගිනි දලු සුළඟට මේ පැත්තටත් එනවා. අප සිටි තැනටත් එනවා. ඒත් මේ පැත්තට ආවාම ඒ ගිනි දලුවල උණුසුමක් නෑ. උණුසුම තියෙන්නේ තාප්පෙන් එහා පැත්තට විතරයි.

    තාප්පෙන් එහා පැත්තේ තියෙන්නේ නිරය. ඒ නිරයේ වැටුණු අය තමයි අර විලාප නඟමින් දුක් විඳිනවා ඇහෙන්නේ කියලා මට වැටහෙනවා. යම රජ්ජුරුවෝ හරිම කරුණාවන්තයි.

    කරුණාවෙන් මා දිහා බලා සිටිනවා. මම කළ පව් මැවි මැවී පෙනෙන අතරේ අර මී කුණ දැකපු සිද්ධියත්, මහණ වෙන්න කළ අධිෂ්ඨානයත් මට මතක් වුණා. මෙතනින් නිදහස් වුණොත් නම් මහණ වෙනවා මහණ වෙනවාමයි කියා ඒ වෙලාවේ මට හිතුණා. (යම රජු රතු සළුවක් හැඳ සිටියොත් අනිවාර්යයෙන් ම නිරයට යන්න සිද්ධ වෙනවාලු.)

    එතකොට යම රජ්ජුරුවන්ගේ මුහුණේ මඳ සිනහවකුත් නැඟුණා. ”කුසලකුත් කළා නේද?” කියලා යම රජ්ජුරුවෝ එක පාරටම ඒ වෙලාවේ මගෙන් ඇහුවා.

    ”තමුන්ට තවම කල් තියෙනවා” කියා නැවත යම රජ්ජුරුවෝ ප‍්‍රකාශ කළා. එතකොට ම මා නැවතත් අර නළය දිගේ ආපහු ආවා. ඒ නළය දිගේ එනකොට තව දෙදෙනෙක් මුණ ගැහුණා.

    ”ආ.. එහෙම කොහොමද? එහෙම නම් අපිත් ඉන්නවානෙ”යි ඒ දෙන්නා කියනවා ඇහුණා. මම නිදහස් වී එන හැටි දැක ඔවුන් එසේ කීවේ එතැනත් ඊර්ෂ්‍යාව හා තණ්හාව තියෙන තැනක් බව මට වැටහුණා.

    මම ඒ නළය දිගේ ඇවිත් කෑගල්ලේ අම්මා කෙනකුගේ කුසක පිළිසිඳ ගත්තා. ඉපදුණාට පස්සේ මම හරියට දුක් වින්දා. අනුන්ගෙන් ඉල්ලාගෙන කන තත්ත්වයට පත්වුණා.

    වැඩි දුර ඉගෙන ගන්නත් බැරි වුණා. ජීවත් වෙන්න බැරි ම තැන බේකරියක වැඩට ගියා. දර පළන්න ඕනෑ. දහදිය පෙරා ගෙන දර පළනවා. ඊළඟට පෝරණුවට දර දමා ගිනි අවුළුවන්න ඕනෑ.

    එතැන ඉඳල ගිනි රස්නෙත් එක්කමයි දවස ගෙවෙන්නෙත්. රෑට නිදියන්නෙත් පෝරණුව ළඟ ගිනි රස්නෙත් එක්කමයි. සමහර දාට හීනෙන් අර තාප්පයට එහා ගිනිදැල් පෙනෙනවා.

    නිරයේ ගිනිදැල්වලින් බේරුණත් මෙතනදි යම් තරමකින් හෝ ඒ දඬුවම විඳින්න සිද්ධ වුණා.

    මේ බේකරියෙ පාන් අරගෙන බයිසිකලෙන් කඩවලට බෙදා හරින්න වුණෙත් මට. මේ පාන් ගෙනියන එක කඩේක මුදලාලි කාන්තාවක්. ලස්සනයි. මෙයා සමහරදාට පාන්වල සල්ලි දෙන්න දවසක් දෙකක් පරක්කු කරනවා.

    මේ ගෑනිගෙ සිරියාවන්ත පෙනුම නිසා මමත් දවස දෙක පහුවෙලා සල්ලි ගන්නවා. මෙහෙම ඉඳලා මෙයා හිටි හැටියේ දවස් ගණනක් මුදල් අත් හිටෙව්වා. පාන් ගෙනියන ප‍්‍රමාණයට අනුව මුදල් බාර නොදෙන කොට මුදලාලි මට බණිනවා.

    අන්තිමට මේ ගෑනි සල්ලි නොදෙන කොට ඒ කඩේට පාන් දමන්න එපා කියා මුදලාලි මට කිව්වා. ”උඹ කොහොම හරි ඒ සල්ලි ඉල්ලගෙන එන්න ඕනෑ. නැත්නම් උඹේ පඩියෙන් කපනවා” කීවා.

    දැන් අර ගෑනි වෙන පාන් කාරයකුගෙන් පාන් ගන්නවා. මම ගියා ම මඟහරිනවා. මම යනවාටත් කැමැති නැහැ. දැන් අර සිරියාවත් නැහැ. මුදලාලි මගේ පඩියෙන් කැපුවොත් මම මගේ දුප්පත් අම්මව ජීවත් කරන්නේ කොහොමද කියලත් බය හිතුණා.

    එදා රෑ බේකරියෙ තිබුණු උල් පිහියක් හොයාගෙන ළඟින් තියා ගත්තා. රෑ නිදියන කොට කොට්ටය යටින් තියා ගත්තා. හෙට උදේ පාන් අරගෙන ගිහින් සල්ලි ඉල්ලනවා.

    නුදුන්නොත් අර ගෑනිට මේ පිහියෙන් ඇනලා මරණවා කියලා හිතාගත්තා. පාන්දර පිහිය අතට අරගෙන පිහිය මිට තදින් අල්ලාගෙන අරකිගෙ පපුවට මේකෙන් දෙකක් අනිනවා” කියලා හිතට වෙර ගත්තා.

    අන්න එතකොටම මට ආයෙත් අර අපායෙ ගිනිදැල් පෙනෙන්න පටන් ගත්තා. මේ වතාවෙ නම් මම මහණ වෙනවාමයි කියපු එකත් සිහිපත් වුණා. නිදි පැදුරෙ ඉඳල ම කල්පනා කළා.

    තවම මුදලාලිලා නිදි. මම බනිස් ගෙඩියක් කාලා උණුවතුර ටිකක් බිව්වා. තව බනිස් ගෙඩි දෙක තුනක් කඩදාසියක ඔතා ගත්තා. හෙමින් සැරේ පාරට බැස්සා. හැතැප්ම පහක් ම පයින් ගෙදරට ම ආවා.

    ඒ වෙනකොට මම අවුරුදු දහඅටක ඉලන්දාරියෙක්. එදා ගෙදර ඇවිත් පැය දෙක තුනක් නිදා ගත්තා. නැගිටලා නා ගත්තා. ගෙදර තිබුණු සුදු සරොන් දෙකකුයි කමිස දෙකකුයි අරගෙන කෙළින් ම ආරණ්‍ය සේනාසනයකට ගියා. එතැනින් මේ මීතිරිගල සේනාසනයට ආවා. අම්මගෙනුත් අවසර අරගෙන මහණ වුණා.

    ”ඔබ වහන්සෙ මොනවා කිව්වත් යම රජ්ජුරුවොයි යම පල්ලොයි ඉන්න බව මම නම් හොඳටෝ ම විශ්වාසයි. දැඩි අධිෂ්ඨානයෙන් හා වීර්යයෙන් කටයුතු කළොත් ආනන්තරිය නොවන පාප කර්මවල විපාක අඩුකර ගන්න පුළුවන්.

    කුසල ශක්තිය බලවත් වන විට අකුසල විපාක දුර්වල වෙනවා” යි ඒ හාමුදුරුවෝ පැවසූහ.

    ඒ හාමුදුරුවන්ගේ කතාව අප සමඟ පැවසුවේ බෙල්ලන්තර සිරි සදහම් ආශ‍්‍රමවාසී ලේනව මංගල හිමියෝ ය. උන්වහන්සේට අපේ ස්තුතිය පිරිනමමු.

    මතුගම මහින්ද විජේතිලක
     

    sandun36

    Well-known member
  • Jan 28, 2009
    1,731
    440
    113
    good thread bro! rep denna blu! :(

    mta podi prashnyk htuna oka smbnden. Budu hamduruvo apya gnanm kyla tynva. mn dnne na yma rjjruvo gna kyla tynvda kyla.
    mn mhma ekakuth ahla tynva. api mrnkta anth prthsndyk allgna mrnne kyla nkn kudlla vge. ethkta anthrbvyk tynna plvnda yma rjjurvo lgta ghn ktha krnna?
    danna ekknk sitinm meka suttk mta vsdla dnna hri vrdda!
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,449
    5,561
    113
    oya kathawa eththa.
    kiribathgoda gnananda swameen wahanse ge "MENNA NIYAMA DEWA DUTHAYA" potheth oya swameen wahanse gena thiyenawa.
     

    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    good thread bro! rep denna blu! :(

    mta podi prashnyk htuna oka smbnden. Budu hamduruvo apya gnanm kyla tynva. mn dnne na yma rjjruvo gna kyla tynvda kyla.
    mn mhma ekakuth ahla tynva. api mrnkta anth prthsndyk allgna mrnne kyla nkn kudlla vge. ethkta anthrbvyk tynna plvnda yma rjjurvo lgta ghn ktha krnna?
    danna ekknk sitinm meka suttk mta vsdla dnna hri vrdda!

    meka ubata wedagath wewi machan

    කෙනකු මරණයට පත්වූ විට ඔහුගේ ශරීරයෙන් නික්ම පිටතට යන උපාදානස්කන්ධ සංයුතියට හෙවත් පුද්ගල අනන්‍යතාවයට සිදු වන්නේ කුමක් දැයි විමසා බලන උගත්තු විවිධ මත දරති. මෙසේ ශරීරයෙන් නික්ම යන දෙයට සමහරු ආත්මය යැයි ද කියති. බෞද්ධ වූ අප ද සම්මුතිය වශයෙන් ගෙන එයට ආත්මය යැයි හඳුන්වන්නට පුරුදුව ඇත.

    එහෙත් බුදු දහමට අනුව එය “පංච උපාදානක්ඛන්ධ” යැයි හැඳින්වේ. මෙසේ ශරීරයෙන් නික්ම ගිය පුද්ගලයා කලින් භවයේ උපත ලබා සිටි පුද්ගලයාම දැයි එක් අවස්ථාවක බුදුරජාණන් වහන්සේගෙන් කෙනෙකු විමැසූ විට “ඔහු කලින් සිටි පුද්ගලයා ද නොවේ. කලින් සිටි පුද්ගලයා නොවන්නේ ද නොවේ” යැයි දේශනා කොට ඇත. මෙය ඉතා සියුම්ව විමසිල්ලෙන් කල්පනා කොට තේරුම් ගත යුතු කාරණයකි.

    අවසාන චූති චින්තයත් සමඟ ප්‍රතිසන්ධිය හෙවත් ප්‍රතිසන්ධි චින්තය පහළ වේ යැයි ද එය කූඩැල්ලා සිටි තැන අත හැර තවත් තැනක් අල්ලා ගැනීම හා සමාන වේ යැයි සමහරු අදහස් දරති. එහෙත් මේ කූඩැල්ලා ගේ උපමාව ත්‍රිපිටක ධර්මයේ කිසි තැනක සඳහන් වන්නක් නොවේ. මරණයෙන් නික්ම යන පුද්ගලයා තමන්ට සුදුසු වූ කර්මානුරූපව ගැළපෙන ස්ථානයක් සිය ප්‍රතිසන්ධිය සඳහා ලැබෙන තුරු, සකස් වන තුරු අන්තරාභව තත්ත්වයක සිටින බව තවත් සමහරු පවසති.

    අපවත් වී වදාළ හේන්පිට ගෙදර ඤාණසීහ නාහිමියෝ ද, කන්නිමහර සුමංගල හිමියෝ ද, අග්ගමහා පණ්ඩිත බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහා නාහිමියෝ ද මේ දෙවැනි මතය පර්යේෂණාත්මකව පිළිගෙන අදහස් ප්‍රකාශ කළහ. පළමු පාර්ශවය අදහස් දක්වන්නේ පොත ම පදනම් කොටගෙනය. එහෙත් අභිධර්මයට අනුව ක්ෂණයක් නිසා උප්පාද – ස්තිථි – භංග වශයෙන් වෙනස් වෙමින් පවතින චිත්ත ස්වභාවය ම සැලකිල්ලට ගෙන බලන විට මෙහි ගැටලුවක් නොපෙනේ. අන්තරාභවය හෝ වේවා තාවකාලික භවය හෝ වේවා ඊළඟ උපතක් බලාපොරොත්තුව සිටින මේ තත්ත්වය ද භව තත්ත්වයක් ම ලෙස ගත් කල මෙහි ගැටලුවක් මතු නොවේ.

    එසේ ම කෙනෙකු ස්වකීය ඕලාරික ශරීරයෙන් ඉවත් වී මනෝකායිකව ස්වල්ප වේලාවක් හෝ කල් ගෙවයි නම් එය ද එවැනි තත්ත්වයකි. අන්තරාභව තත්ත්වය හා මනෝකාය තත්ත්වය යන දෙක වෙනස් වූ තත්ත්ව දෙකක් වුවද බොහෝ දුරට ස්වභාවයන් සමාන බවක් ගනී. ඒ නිසා මේ ලිපියෙන් අලුත් ම අත්දැකීමක් විස්තර කැරේ.

    මේ ගාල්ලේ කේ.කේ. විතාන මහත්මියගේ අත්දැකීමයි. “මගේ දෙවැනි දරු උපත සිදුවුණේ ගාල්ල මහ මෝදර මහා රෝහලේදී යි. මේ වන විට වයස අවුරුදු තුනක් වූ හුරතල් දියණියක් මට සිටි අතර දෙවැනි වර උපත ලැබුවේ පුතෙක්. පුතා ඉපදී දෙවැනි දවසේ රෝහලෙන් පිට වී ගෙදර ආවා.

    රෝහලේ සිට ගෙදර ආ දවසේ සිට දිනෙන් දින ම මා අසනීප වුණා. වරින්වර සීතලත් සමඟ ම උණෙන් පෙළෙන්නට වුණා. දවස් තුන හතරක් උණෙන් පෙළෙන විට බඩේ අමාරුවකුත් වැළඳුණා. තවත් රෝග තත්ත්ව ගණනාවක් මගේ ශරීරයට පීඩා කරන්නට පටන් ගත්තා. ලබන ලද වෛද්‍ය ප්‍රතිකාරවලින් සුවයක් ලැබුණේම නැහැ. ඊළඟට ඇඟ සීතල කරන විට වෙව්ලන්නත් පටන් ගත්තා.

    දරු ප්‍රසූතියෙන් අටවැනි දිනය වන විට නැවතත් මා කලින් පරීක්ෂා කළ ප්‍රසව හා නාරිවේදී විශේෂ වෛද්‍යවරයාට පෞද්ගලික රෝහලකදී පෙන්නුවා. මා පරීක්‍ෂා කර බැලූ වෛද්‍යවරයා නළලේ අත තියාගත්තා. වහාම රෝහල් ගත කරන්නට කීවා. එම රෝහලේ ම වාට්ටුවක නතර කළ වෛද්‍යවරයා තවත් විශේෂඥ වෛද්‍යවරයෙකු ලවා ද පරීක්‍ෂා කැරෙව්වා.

    එදින රාත්‍රි 7 වන විට ම නැවතත් අර දරුණු සීතල හැදී ගැහෙන්නට වුණා. අවට සිටි පස්හය දෙනෙකු මා අල්ලා නතර කළ නොහැකි තරමින් ගැහෙන්නට වුණා. ඒ වෙලාවේ වාට්ටුව භාරව සිටි වෛද්‍යවරිය මට පෙනිසිලින් එන්නත ලබා දුන්නා. එන්නත ලබා දුන් වෛද්‍යවරිය ආපසු හැරෙන විට ම මගේ බඩපිම්බී රතු ලප මතු වුණා. ඒ පෙනිසිලින් අසාත්මිකතා රෝග ලක්‍ෂණයක් බව මා දැන ගත්තා. මට අමාරු බව වැටහුණු මගේ ළඟ සිටි නැන්දා වෛද්‍යවරිය සොයා දිව ගියා. මේ අවස්ථා වන විට මට හොඳටෝම අමාරුයි. මගේ ශරීරය පුරා සියලු සන්ධි, ඇඟිලි පුරුක් පවා ඉඳිකටු අනින්නා සේ වේදනාව දෙන්න වුණා.

    මේ වේලාවේ මට කිසියම් අනතුරක් සිදුවී ගෙන එන බව වැටහුණා. ඒත් සමඟ ම මගේ සිහියට අවේ මගේ අවුරුදු තුනයි මාස තුනක් වයසැති සිඟිති දියණියයි. කලිසම් කොටයක් හැඳ කිනම් හෝ සෙල්ලම් බඩුවක් අතින් ගෙන මා ළඟ දැවටි දැවටී සිටීම ඇගේ පුරුද්දයි. ඇය සිහි වී මට විශාල දුකක් ඇති වුණා.

    මගේ අම්මා ජීවතුන් අතර සිටින බැවින් ද, අම්මා මගේ දුවට ආදරේ නිසා ද මගේ අම්මා ඇය බලා ගනීවිය කියන දැඩි විශ්වාසය මා තුළ හට ගත්තා. මගේ අම්මා මටත් වඩා හොඳින් දුව බලා ගනීවිය යන විශ්වාසය මගේ සිතේ ඇති වෙනවාත් සමඟ ම දුව ගැන තිබුණු සියලු ම හැඟීම්, සිතුවිලි පහව ගියා.

    ඒ වන විට දින අටක් වයසැතිව සිටි පුතා ගැන නම් කිසි ම හැඟීමක් ඇති වුණේ නෑ,, අලුත් දරුවාගේ සියලු කටයුතු කළේ මගේ මවයි. මා කළේ කිරිදීම පමණයි. අම්මා දුවව බලා ගනීවිය යන සිතුවිල්ල ආ හැටියේ මගේ හිත සම්පූර්ණයෙන් ම හැදුණා. මෙලෝ ආසාවක් අංශු මාත්‍රයක පමණින්වත් මගේ හිත තුළ ඉතුරුව තිබුණේ නෑ. සිත පුදුම විදිහේ ප්‍රසන්න තත්ත්වයකට පත් වුණා. පෙනිසිලින් විෂවීමෙන් ඇති වූ ශාරීරික අපහසුතා පවා දැනුණේ නෑ. ගත සිත දෙක ම ඉතා සැහැල්ලු වුණා.

    සිත සැහැල්ලු වී ප්‍රසන්නවීමත් සමඟ ම මෙතෙක් කල් මා දැක තිබූ සියලු දෙනා ම පාහේ ඡායාරූපයක මෙන් එක්වර ඔවුන්ගේ මුහුණු දර්ශනය වුණා.

    අඩි එකහමාරක් පමණ දිග පළල ඇති ඡායාරූපයක ඔවුන් දර්ශනය වූ අතර ඒ කුඩා මුහුණු සමූහය අතර ඒ මැද මගේ ඥාති සහෝදරයෙක් හා ඔහුගේ බිරිය සිත් ගන්නා වූ චාම් ඇඳුම්වලින් සැරසී ඉතා ප්‍රසන්න සිනහවකින් මා දෙස බලා සිටියා. අනිත් අයගේ මුහුණුවල රූප මෙන් නොව ඔවුන් දෙදෙනා සම්පූර්ණ ශරීරයෙන් ජීවමානව පෙනී සිටියා. මේ ඥාති සහෝදරයා මට ටිකක් ඈතින් ඥාතියෙකු වුණත් මගේ වාසගම ම ඔහුටත් තිබුණා. ඔවුන් දෙදෙනා මා දැක්කේ සුවිශේෂී ආකාරයකිනි. ඒත් සමඟ ම මම මගේ ශරීරයට ඉහළින් පා වී යනවා මා දැක්කා. ඉතා සැහැල්ලුවෙන් ඉහළට පාවුණු මා සේලයින් බෝතලය එල්ලූ ආධාරකය මුදුණේ සිට ඇඳ මත තිබූ මගේ ශරීරය දෙස බලා සිටියා.

    මගේ ඇඳ වට කර ගත් වෛද්‍යවරිය හා හෙදි පිරිස කඩිසරව කටයුතු කරනු මා දැක්කා. මගේ් අත් දෙකේ මාරුවෙන් මාරුවට රෙදි පටියකින් බඳිමින් බෙහෙත් විදින හැටි මා දැක්කා. මගේ ශරීරයේ සිට අඩි දෙකහමාරක් උඩ සිට තවත් ඉහළට ඉහළට යනවාත් මා දැක්කා. ඇඳ ළඟ එක් හෙදියක් පමණක් නවත්වා වෛද්‍යවරිය හා අනිත් අය ඉවතට යනවාත් මට හොඳට ම මතකයි. මා ශරීරයෙන් පිට වුණු ආකාරය පිළිබඳ මට කිසිම මතකයක් නැතත් මගේ ශරීරයෙන් පිට වී ගියේ ජම්බල ගෙඩියක් තරම් ලොකු, කිසි ම පැහැයක් නැති යම් ශක්ති ගොන්නක් බව දැනුණා. එසේ ම අන්තිමට මා ඇඳ උඩ සිටින බව දැනුණත් යළිත් ශරීරය තුළට ආවේ කෙසේ දැයි මතක නැත.

    එදා ඒ තරම් අසාධ්‍ය තත්ත්වයෙන් සිටි මා පහුව දා උදේ කිසිවක් සිදු නොවුණු අයුරින් ඇඳෙන් බැස මා ළඟ නතර කැර සිටි නැන්දා සමඟ නාන කාමරයට ගොස් මුහුණ කට සෝදා ගෙන ඇඳුම් මාරු කැර ගෙන ආවා. මා දුටු හෙදියන් සිනාසෙමින්

    ”අයියෝ! ඊයේ රෑ ඔයා අර මොකක්ද කරන්න හැදුවේ, අපි හරියට බයවුණා” යි කීවා.

    මේ සිදුවීම ගැන කල්පනා කැර බලන විට මට හැඟෙන්නේ මා ඒ වෙලාවේ ස්ථිර වශයෙන් ම මගේ ශරීරයෙන් නික්ම ගියා නම් අර පෙනුණු ඥාති සහෝදරයා ළඟ උපදින බවයි. ඒ අය්යාත් අක්කාත් ඉඳහිට පාරේ දී මුණ ගැසී කතා කළොත් මිස අප අතර වැඩි සම්බන්ධයක් තිබුණෙත් නෑ. දැනුත් නැහැ. ඒ අයියා මට ඒ තරම් රුස්සන චරිතයකුත් නොවෙයි. මේ ආත්මයේ මගේ අදහස් උදහස්වල නොගැලපීම් නිසා ඇති වූ මත ගැටුම් හේතුවෙන් මගේ පියා මටවත්, මම පියාටත් ඒ තරම් ඇලුම් බවක් පැවතුණේ නැහැ. මා එදා මගේ ශරීරයෙන් නික්ම ගොස් ඒ සහෝදරයා ළඟ උපන්නා නම් මේ ආත්මයේ පියා ළඟ ගෙවා දැමූ ආකාරයට ම අලුත් පියා ළඟත් කාලය ගෙවන්නට තිබුණා. ඔහු ළඟ ඉපැදුණා නම් මේ භවයේත් මා දැනට දරන වාසගම ම ලබන්නත් තිබුණා.” යැයි විතාන මහත්මිය එලොව ගොස් යළි මෙලොව ආ හැටි විස්තර කළාය.

    මේ සිද්ධිය පාදක කොට ගෙන බලන විට විතාන මහත්මිය ගේ් චුති චින්තයත් සමඟ ම ප්‍රතිසන්ධිය සිදු වන තැන දර්ශනය වී ඇත. එහෙත් මේ භවයේ ජීවත්වීමට නිර්මාණය වී තිබූ ශරීරයේ, අසනීපය හා ජීවත්වීම සඳහා ඇතිව තිබුණු නුසුදුසු තත්ත්වය වෛද්‍යවරිය හා හෙදියන් විසින් නැවත සුදුසු තත්ත්වයට ගැනීම සිදු වීමෙන් ඇය නැවතත් සිය ශරීරයට ම ආවාය. හෙවත් ඒ උපාදානස්කන්ධයත් සමඟ නැවත මෙහිම ප්‍රතිසන්ධිය ලැබුවාය. ඇය මරණාසන්න මොහොතේ ඊළඟ උපත ලබන ස්ථානය දුටුවාය. එහෙත් මෙතැනින් නික්ම යන මොහොතේ ඊළඟ උපදින තැන තීරණය වී තිබුණ ද අලුත් අම්මාගේ කුස තුළ පිළිසිඳීමට අවශ්‍ය සුදුසුකම් ගොඩ නැගී නොතිබුණි.

    එහෙත් ඇය ඉහළට පා වී ගියාමෙන් ම මරණයට පත් වූවා නම් ඇගේ මළ සිරුර ගෙන යන තැන්වලට ඇගේ නිවසට, දරුවන් ළඟට, අවසන් කටයුතු සිදුවන අවස්ථාවට, ගෙදර යන එන ඥාතීන් දැක ගැනීමට, ඔවුන් කරන කියන දේ දැක බලා ගැනීමට බොහෝ දුරට ඉඩකඩ තිබුණි.

    එසේ ම මේ හා සමාන තත්ත්වයකට පත් වන පුද්ගලයා දරන්නේ ද කලින් සිටි ශරීරයේ ම සියුම් ස්වභාවයකි. ඔහු හෝ ඇය පෙනී සිටින්නේ ද කලින් ජීවත්ව සිටි නාමයෙනි. මෙසේ ශරීයෙන් පිට වී යන පුද්ගලයා ටික වේලාවක් හෝ වේවා දින කීපයක් හෝ වේවා වසර කීපයක් හෝ වේවා ඒ ගත කරන කාලය අන්තර්භවයක් හෝ තාවකාලික භවයක් ලෙස ගැනීමට කිසිම බාධාවක් නැත. එසේ කියනු ලබන්නේ ඒ තුළ ද පංච උපාදානස්කන්ධ සංයුතියක් පවතින නිසාය. ඒ සත්ත්වයාට ද සිතුම් පැතුම් හා දැනීම් ඇත. පෙනීම හා ඇසීම ද ඇත. හඳුනා ගැනීමේ හැකියාව මෙන් ම අතීත මතකය ද ඇත.

    උපුටාගැනීමකි - පියවි ඇසින් ඔබ්බට, මතුගම මහින්ද විජේතිලක