අපායේ යන්න වෙන වැඩ කරන්න එපා

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    අපි යම් දහමක් අදහන කොට ඒක අවුල් කියලා තේරෙනවා නම් හොදම දේ සත්‍ය සොයන එක.
    හැමෝම යනවා දේවාලේට මමත් යනවා ඒ වහලෙට කියලා ගිහින් තේරුමක් නැහැ. :)

    මවපු දෙවි කෙනෙක් නැහැ , නැත්තම් මවපු දෙවියෝ සර්වබලධාරී නැ කියල විස්වාස කරන අයට උබලගේ අපායේ දෙන දඩුවම මොකක්ද බන් ? discount එකක් දෙයිද ?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කෙල්ල නේකඩ් නම් නිකන් හරි ලකුනු දෙනවා..

    Ohoma hithuwata ekath awul bn..
    Hithapan kella patta kallak kiyala..
    Itin oki ekka iddi aniwa love hitenawa...:(
    Eki wena ekak ekka sukaddi kochchara duka hiteida!:(:baffled:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    අනිවා. ඔය ඔක්කොම බොරු වෙන්නත් පුළුවන්. මහාචාර්ය කාලෝ ෆොන්සේකා වුනත් කියන්නේ මේ ඔක්කොම අපි මැරුණට පස්සේ ඉවරයි කියලා. ජීවිත කාලේ මොනවා කලත් ඒවායේ ප්‍රතිපල ලැබෙන්නේ ජීවත් වෙනකම් විතරයි කියලා. (YOLO - You Only Live Once)

    උච්චේද වාදය කියලා කියන්නෙත් ඕකම තමයි. බුදුන් වහන්සේගේ කාලයේත් ඒ මතය දරපු අය හිටියා. තාමත් ඉන්නවා. උච්චේද වාදය වැරදියි කියලා කිසි කෙනෙක් ඔප්පු කරලා නෑ. ඒ නිසා ඒකත් ඇත්ත වෙන්න පුළුවන්. මේ ලෝකයේ හිටිය බුද්දිමත් විද්‍යාඥන් ගොඩක් දෙනෙක් උච්චේද වාදී අදහස් තිබුණු අය. :yes: :yes: :yes:

    එතකොට එකෙක් කොරෙක් බීරෙක් වෙලා දුප්පත් පව්ලක ඉපදෙනකොට අනිකා පෝසත් පව්ලක සියලු දේ සහිතව ඉපදෙන්නේ ඇයි?:rolleyes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    රත්තරං;22468142 said:
    එතකොට එකෙක් කොරෙක් බීරෙක් වෙලා දුප්පත් පව්ලක ඉපදෙනකොට අනිකා පෝසත් පව්ලක සියලු දේ සහිතව ඉපදෙන්නේ ඇයි?:rolleyes:

    Laws of probabiity...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    රත්තරං;22468142 said:
    එතකොට එකෙක් කොරෙක් බීරෙක් වෙලා දුප්පත් පව්ලක ඉපදෙනකොට අනිකා පෝසත් පව්ලක සියලු දේ සහිතව ඉපදෙන්නේ ඇයි?:rolleyes:
    දැන් ඔය ගස් වල ගෙඩි හැදුනම සමහර ඒවා හොඳට සරුවට හැදෙනවා, සමහර ඒවා අවුල් යනව. හැබැයි කවුරුත් අවුල් ගහපු ගෙඩියක් පෙන්නලා කියන්නේ නෑ මේ ගෙඩිය ගිය ආත්මේ කරපු කරුමයක් පලදීල තමයි එහෙම වෙලා තියෙනේ කියල :baffled: ඒ වගේ තමයි මිනිස්සුන්ටත් වෙන්නේ කියල අපිට සාදාරනව හිතන්න පුළුවන්.
     
    Hashcode

    Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    christian agame nam angel kenek innawa. Ape pitipasse..apita anathurak wenna yaddi buwa apiwa beragannawalu...:baffled:

    ඉෂ්ට දේවතාවෝ කියලා අපේ සමහර කට්ටියත් ඔහොම විස්වාසයක් තියෙනවා කියලා මන් අහලා තියෙනවා :rolleyes:
     
    Oct 13, 2016
    2,675
    276
    0
    දැන් ඔය ගස් වල ගෙඩි හැදුනම සමහර ඒවා හොඳට සරුවට හැදෙනවා, සමහර ඒවා අවුල් යනව. හැබැයි කවුරුත් අවුල් ගහපු ගෙඩියක් පෙන්නලා කියන්නේ නෑ මේ ගෙඩිය ගිය ආත්මේ කරපු කරුමයක් පලදීල තමයි එහෙම වෙලා තියෙනේ කියල :baffled: ඒ වගේ තමයි මිනිස්සුන්ටත් වෙන්නේ කියල අපිට සාදාරනව හිතන්න පුළුවන්.

    :yes: :yes: :yes: :yes:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,785
    113
    Gampaha
    උන් කතෝලික උන් ද කියන්න දන්නේ නෑ බං හැබැයි කතෝලික වෙන්නත් බෑ මොකද පිරිමියාගේ ඉල ඇටෙකින් කාන්තාව මැවුවා කියලා, දෙවියන් වහන්සේට අවනත අය ස්වර්ගයට යනවා කියලා නේ තියෙන්නේ? ආයේ මොනවා කියන්නද?

    එකයි මම ශ්‍රී ලංකාවෙට අවේනික ඒකදේශික කිවුවේ, සාමාන්යෙන් ලෝකේ ඉන්න බහුතරයක් නිරගමික මිනිස්සු. හැබැයි උන් "මන් ඕවා පිලි ගන්නේ නෑ! මට ඕවා කියන්නෙපා" කියනවා මිසක්,

    උන්ට වදයක් වෙන්න එන්නේ නැත්තන් (අර මුස්ලිම් වගේ වදයක් වෙන්න අවොත් කෙස් දානවා. ඒක සාධාරණයි.), හොයාගෙන ගිහින් අධෝ මුඛේ අතුල්ලන සිද්දියක් නෑ නේ? :rofl:

    මෙහෙ තියෙන්නේ ඒක! උන් පිලි ගන්නෙත් නෑ ලු! :rofl:
    එහෙනං තමන්ගේ වැඩක් බලා ගනින් කෝ, පිටි පස්සෙන් එලවගෙන ගිහින් අධෝ මුඛේ පුජා කරනවා! :lol:
    :lol::lol: පිස්සු හුයන්නල බන්.. උන් පිලි ගන්නෙ නැත්නම් මොන හුයන්නකටද එකම ප්‍රශ්නෙ අහ අහ හැම ත්‍රෙඩ් එකේම රඟන්නෙ.. :rofl:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,785
    113
    Gampaha
    මෙතන ට්‍රැක් පැන්නේ ඔයා. මීට එහා වාද කරලා වැඩක් නැ. ඔආ කියනවනම් අපය ඔය වගේ කියලා ඒක ඔයාගේ විශ්වාසය. මම කියන්නේ අපාය ඔය වගේ වෙන්නත් පුලුවන් නැති වෙන්නත් පුලුවන්. අපායක් කොටින්ම නැති වෙන්නත් පුලුවන්.. හෙට එලි වෙනකන් වාද කරත් ඔයාට මාවවත් මට ඔයාවත් වෙනස් කරන්න බැ. එහෙම වෙනස් වෙන්න ඔනත් නැ. ඔයාගේ විශ්වාසේ වෙනස් කරන්න නෙමෙයි මම එලකිරි එන්නේ.. යම්කිසි පුද්ගලයෙක් ගොබ්බ ත්‍රේඩ් එකක් දැම්මා.. මා එය විවේචනය කලා. එපමනයි..
    මෙන්න මෙතන තමයි ප්‍රශ්නෙ.. උබේ කෝනෙන් මේක ගොබ්බ ත්‍රෙඩ් එකක් මගේ කෝනෙන් මේකෙන් බුද්දහම හා විපාක ගැන දෙයක් කියන්න උත්සාහ කරන ගොබ්බ නැති ත්‍රෙඩ් එකක්..

    දැන් ප්‍රශ්නෙ උබේ කෝනෙට අනුව එලකිරියෙ දවස ගානෙ වැටෙන බුදුදහම නොවන හැම ගොබ්බ ත්‍රෙඩ් එකකටම ගිහින් එකම බයිලාව කියල විවේචනය කරනවද? නෑනෙද? (දැන් කියන්න එපා උබේ කෝනෙන් වෙන එහෙම ගොබ්බ ත්‍රෙඩ් නෑ කියල. ඒක හරි අසාර්තක පිලිතුරක් වෙනව.) එහෙනම් මේ ඇයි බුදුදහම පස්සෙන්ම පන්න පන්න එන්නෙ පිස්සු බල්ලො වගේ.. මොකද්ද ගැටලුව. මේව කාටවත් බලෙන් උගන්නන්න එන්නෙ නෑ. විශේශයෙන් මේ පෝස්ට් එක අදාල වෙන්නෙ බෞද්ධයන්ට විතරයි. කොහෙවත් ඉන්න අය බුදුදහමට හරවන්න හදන පෝස්ට් එකක් නෙමේ. දැනට තිසරණයෙ ඉන්න අයට ධර්ම් කරුනු බෙදාදීමක්.. එතකොට එහෙව් දේට මේ තිසරණයෙ නැති උබලට ඔච්චර රිදිල මේ හෑලි ටයිප් කරන්න තරම් අමාරු උනේ ඇයි බන්..
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    රත්තරං;22468142 said:
    එතකොට එකෙක් කොරෙක් බීරෙක් වෙලා දුප්පත් පව්ලක ඉපදෙනකොට අනිකා පෝසත් පව්ලක සියලු දේ සහිතව ඉපදෙන්නේ ඇයි?:rolleyes:

    බිහිරෙක් අබ්බගාතයෙක් මන්දබුද්ධිකයෙක් (කායික මානසික ආබාධ) බිහිවෙන්න කාරණා කීපයක් බලපානව :
    01. සජාතීය ජානමය ලක්ෂණ ඇති දෙදෙනෙකුට දාව දරුවෙකු ඉපදීම. එතකොට එක් ජානමය පරම්පරාවක තියෙන දුර්වල ගති ලක්ෂණ වැඩිවෙනවා මිසක අඩුවෙන්නේ නෑ....
    02. ගර්භණී කාලයේ මවගේ ජීවන පුරුදු (අහාර, රැුකියාව, ඖෂධ, මත්ද්‍රව්‍ය)
    03. ගර්භණී කාලය තුළ සිදුවන අනතුරු
    04. දරුවෙකු බිහිවීමේ දී සිදුවන අපහසුතා... ඒකට ඔය ආගම්වල කියල තියෙන දේවල් බලපාන්නේ නෑ...

    දුප්පත් පෝසත්... ඉතාම සරල උත්තරයක්....
    දුප්පත්, ක‍්‍රය ශක්තිය අඩු පවුල්වල උපදින ළමයින් දුප්පත්... හැබැයි දුප්පත් කියන්නේ සාපේක්ෂ දෙයක්... මිනිහෙක්ගේ දුප්පත්කම පෝසත්කම මනින මිම්මක් නෑ.... හද්ද පිටිසර ගමක ටීවි එකක් තියෙන, පාපැදියක් තියෙන එකෙක් පෝසතෙක් කියල ඒ ගමේ අය හඳුන්වන්න පුලූවන්... හැබැයි ඒක තවත් තැනකදී හිගන තත්වයක් වෙන්න පුලූවන්... එතකොට පිටිසර ගමේ දී පින ඵල දීලා... තවත් තැනකදී ඒ මිනිහටම පව පල දීලා.... තනිකරම විහිලූවක්....

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මෙන්න මෙතන තමයි ප්‍රශ්නෙ.. උබේ කෝනෙන් මේක ගොබ්බ ත්‍රෙඩ් එකක් මගේ කෝනෙන් මේකෙන් බුද්දහම හා විපාක ගැන දෙයක් කියන්න උත්සාහ කරන ගොබ්බ නැති ත්‍රෙඩ් එකක්..

    දැන් ප්‍රශ්නෙ උබේ කෝනෙට අනුව එලකිරියෙ දවස ගානෙ වැටෙන බුදුදහම නොවන හැම ගොබ්බ ත්‍රෙඩ් එකකටම ගිහින් එකම බයිලාව කියල විවේචනය කරනවද? නෑනෙද? (දැන් කියන්න එපා උබේ කෝනෙන් වෙන එහෙම ගොබ්බ ත්‍රෙඩ් නෑ කියල. ඒක හරි අසාර්තක පිලිතුරක් වෙනව.) එහෙනම් මේ ඇයි බුදුදහම පස්සෙන්ම පන්න පන්න එන්නෙ පිස්සු බල්ලො වගේ.. මොකද්ද ගැටලුව. මේව කාටවත් බලෙන් උගන්නන්න එන්නෙ නෑ. විශේශයෙන් මේ පෝස්ට් එක අදාල වෙන්නෙ බෞද්ධයන්ට විතරයි. කොහෙවත් ඉන්න අය බුදුදහමට හරවන්න හදන පෝස්ට් එකක් නෙමේ. දැනට තිසරණයෙ ඉන්න අයට ධර්ම් කරුනු බෙදාදීමක්.. එතකොට එහෙව් දේට මේ තිසරණයෙ නැති උබලට ඔච්චර රිදිල මේ හෑලි ටයිප් කරන්න තරම් අමාරු උනේ ඇයි බන්..

    මූ වගේ ගොබ්බයෙකුට මම කමෙන්ට් කරන්නේ නෑ කියල හිතල ගොඩක් කල්...මාව කෝට් නොකළත් මටත් අදාල යැයි සිතා අදහස් දක්වමි....

    එළකිරිය යනු ඕපන් ෆෝරම් එකකි... ඒකට ආගම් ඇති නැති උගත් නූගත් ගොබ්බ ඕනෑම එකෙකුට එකවුන්ට් එකක් හදන් අදහස් දක්වන්න පුලූවන්....

    හැබැයි තමන් දාන දේ ට එන ගල් මුල් මල් ඕනම දෙයක් භාරගන්න පුලූවන් විවෘත මනසක් තියෙන්න ඕන.... බෞද්ධයන් පමණක් අදහස් දැක්විය යුතුයි කියා හිතනවා නම් මෙතන ඒකට සුදුසු තැනක් නෙවෙයි.... එහෙම නං ඒක පන්සලක කරන්න ඕන දෙයක්.... හැබැයි හාමුදුරුවෝ වුණත් අන්තිමට අහනවා ප‍්‍රශ්නයක් තියෙනවා නම් අහන්න කියල.... එතනදී මේ ප‍්‍රශ්න ඇසුවොත් ඒක බුද්ධාගමට හානියක් වෙනවද...? ආගමක් යනු එහි එල්බගෙන සිටින්නාට වඩා වටින්නේ එයින් බැහැරව සිටින්නන්ටයි... උඹට ඔච්චරම අධෝ මුඛයේ කැසිල්ලක් තියෙනවා නම් අනෙක් එවුන් වගේ ඇවිල්ල බෞද්ධානුකූලව පිළිතුරු දීීලා දුර්මතයන් ඉවත් කරපං... නැත්තං කුරුස කාරයා, හම්බයා, ලිංගයා, ආගමක් නැති පර එවුන් කියල ලොකු ටෝක් දෙන්නේ නැතිව... එහෙම සංවරයක් නැත්තං අධෝමුඛය නොපා තමන්ගේ වැඩක් බලා ගනිං....

    සෙප්පඩ බෞද්ධයා නොදන්නා, එහෙත් ආගමක් නැති මම දන්නා පුංචි ධර්ම දානයක් මම දෙන්නම්....

    ගැහැණියක් ලවා බුදුන්ට අපහාස කරන්නට දුෂනය කොට විහාරය අසල ඇය මරා එය බුදුන් කළා යැයි චෝදනා කරන්නට විණ.... එය ලැව්ගින්නක් සේ පැතිර ගොස් අවසානයේ බුදුන් වැඩි විහාරයට ගල් වරුෂා එල්ල වන්නට විය.... විහාරයේ සිටි භික්ෂූහු කලබල වී බුදුන්ගෙන් මෙසේ ඉල්ලා සිටියහ... ”අනේ බුදු හිමියනි, මේක නම් මහා නපුරක්... ගල්වරුසා නින්දා බොහොමයි.... අපි විහාරය හැර දමා යමු...” එවිට බුදුන් වහන්සේ.. ”භික්ෂුන් කලබල නොවන්න සත්‍ය සත්‍යමය වේ... අද ගල් ගසනා මිනිසා හෙට නැවතත් ඔබලා වර්ණනා කරනු ඇත... එලෙසම අපි මෙම විහාරය හැර පියා වෙනත් විහාරයකට ගිය කල එහිදී ද ගල් මුල් එල්ල වුණි නම් අප කුමක් කරමුද...?’’

    ඒ හින්ද අදත් අපි මහ ලොකුවට වර්ණනා කරන්නේ ආලවකයාට, අංගුලිමාලට, නාලාගිරි වගේ එවුන් ධර්මයෙන් දමනය කරපු විස්තර මිසක දිනපතා පන්සල් ආපු කෝසල, බිම්බිසාරලා ගැන නෙවෙයි.... උඹ දැක්කම මට හිතෙන්නේ එකම එක දෙයයි... ඒ තමයි ‘‘මෝඩයා නිහඩව ඉන්න තාක්කල් ඔහු උගතෙකු වේ, නමුදු ඔහු කට ඇරිය විගස අමු ම අමු මෝඩයෙකු වේ....’’ :rofl:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    එකනේ මම එක තැනක කිව්වේ ඔප්පු කරන්න බැහැ තමන්ම කරලා ඔප්පු කරගන්න කියල. වෙන ආගම් වල නැති බුද්ධාගමේ තියෙන එකම වෙනසත් ඒකම තමා. නිකන් අරය කිව්වා, මෙයා කිව්වා කියල පිළිගන්න ඕනේ නැහැ. තමන්ටම පුළුවන් ඔප්පු කරගන්න. ප්‍රශ්නේ උඹල ඒවගේ නියම බණක් අහන්නේ නැහැ, භාවනාවක් වඩන්නේ නැහැ. මොකද මේ සියල්ල බොරු කියල preset එකක් ඔලුවේ දාගෙන ඉවරයි. ඉතින් හොයන්නේ නැහැ, මොකද බොරුනෙ.

    මම කලිනුත් කියල ඇති, මිනිහෙකුට විවුර්ත මනසක් තරම් වටිනා දෙයක් තවත් නැහැ. බුද්ධාගමේ ප්‍රශ්න තියෙන තැන් මටත් තියෙනවා. බුදුන් ගැන අවිශ්වාසය නෙමෙයි, පසුවට වෙච්ච වෙනස්කම් ගැන ප්‍රශ්නයක්. හැබැයි මම ඒ එකක්වත් පිළිගන්නෙත් නැහැ, හැබැයි ප්‍රතික්ෂේප කරන්නෙත් නැහැ. මොකද ලෝක විෂය අපිට කතා කරලා හොයල ඉවරකරන්න පුළුවන් දෙයක් නෙමෙයි. හොඳම දේ විවුර්ත මනසකින් හැම දෙයක්ම ගැන බලපන්. තමන් නොදන්නා දෙයන් පිළිගන්න එපා, හැබැයි ප්‍රතික්ෂේප කරන්නත් එපා.. මොකද අපිට නොතේරෙන හේතුවක් තියෙන්න පුළුවන්.

    උඹ මේ ත්‍රෙඞ්වල කරක ගැහුවට උඹ නියම අර්ථය තේරුම් අරගෙන නෙවෙයි ඇවිත් තියෙන්නේ... මේ ත්‍රෙඞ්වල වාදය යන්නේ හැම ආගමකම ඉගැන්වීම් බොරුවක් කියන එක... එතකොට උඹ ශාස්තෘවරයෙක් මෙහෙම කිව්ව කියල කියන එක සාධාරණ නෑ... උඹ කරන්න ඕන ප‍්‍රත්‍යක්ෂ ලෝකයෙන් ඒවලට උදාහරණ පෙන්නන එක... උඹ හැම වෙලාවකම කියන්නේ බුදුන් දේශනා කළ සේක කියල... :oo:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    එකනේ මම එක තැනක කිව්වේ ඔප්පු කරන්න බැහැ තමන්ම කරලා ඔප්පු කරගන්න කියල. වෙන ආගම් වල නැති බුද්ධාගමේ තියෙන එකම වෙනසත් ඒකම තමා. නිකන් අරය කිව්වා, මෙයා කිව්වා කියල පිළිගන්න ඕනේ නැහැ. තමන්ටම පුළුවන් ඔප්පු කරගන්න. ප්‍රශ්නේ උඹල ඒවගේ නියම බණක් අහන්නේ නැහැ, භාවනාවක් වඩන්නේ නැහැ. මොකද මේ සියල්ල බොරු කියල preset එකක් ඔලුවේ දාගෙන ඉවරයි. ඉතින් හොයන්නේ නැහැ, මොකද බොරුනෙ.

    මම කලිනුත් කියල ඇති, මිනිහෙකුට විවුර්ත මනසක් තරම් වටිනා දෙයක් තවත් නැහැ. බුද්ධාගමේ ප්‍රශ්න තියෙන තැන් මටත් තියෙනවා. බුදුන් ගැන අවිශ්වාසය නෙමෙයි, පසුවට වෙච්ච වෙනස්කම් ගැන ප්‍රශ්නයක්. හැබැයි මම ඒ එකක්වත් පිළිගන්නෙත් නැහැ, හැබැයි ප්‍රතික්ෂේප කරන්නෙත් නැහැ. මොකද ලෝක විෂය අපිට කතා කරලා හොයල ඉවරකරන්න පුළුවන් දෙයක් නෙමෙයි. හොඳම දේ විවුර්ත මනසකින් හැම දෙයක්ම ගැන බලපන්. තමන් නොදන්නා දෙයන් පිළිගන්න එපා, හැබැයි ප්‍රතික්ෂේප කරන්නත් එපා.. මොකද අපිට නොතේරෙන හේතුවක් තියෙන්න පුළුවන්.

    උඹ දැන් මම කියන තැනමනේ ඉන්නේ....
    මම කියන්නෙත් ඔය දේ මනේ...
    උඹල තමයි බර තියල කතා කරන්නේ...
    උඹල තමයි පරසක්වල ගහල කතා කරන්නේ....
    උඹල තමයි අහවල් හාමුදුරුවෝ කිව්ව නිසා, අහවල් පොතේ තිබ්බ නිසා පිළිගන්න ඕන කියලා...
    ඉතිං අපි මේක මෙහෙම වෙන්න පුලූවන් ද කියල ප‍්‍රශ්න කරනවා...
    උඹල ඒක එහෙම වෙනවමයි කියලා දිව්රනවා...
    උඹ කලින්ම ඔය දේ කියල තිබ්බනම් අහවරයි...
    උඹ දැන් තමයි ඔය වගේ කතාවක් කියන්නේ....

    දැන් උඹත් ආගමක් නැති එකෙක්...
    පිළිගන්නේ නෑ - ප‍්‍රතික්‍ෂේප කරන්නේ නෑ කියල ආගමක් අදහන්න අමාරුයි නේද...?
    ඒක නිකං කන්න ඕන වුනාම කබරගොයත් තලගොයා වෙනව වගේ සීන් එකක්.... :no: