අපාය and ලංකාව ඇම්ඩගේ ඇසින් !

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    අපාය and ලංකාව ඇම්ඩගේ ඇසින් !

    අපාය and ලංකාව

    ඔන්න එක මිනිහෙක් මැරුනට පස්සේ අපායට ගියා.
    එතකොට තමයි පොර දැන ගත්තේ හැම රටකටම
    වෙන්වුණු අපාය ගානේ තියෙන බව.
    අපේ මේ පොර ජීවිත කාලේ පිං අතේ වැඩ
    කීපයක් එහෙම කරලා තිබුණු නිසා පොරට චාන්ස්
    එකක් ලැබුණා තමන් කැමති රටක අපායක්
    තෝරගෙන ඒකට ඇතුල් වෙන්න.
    ඉතිං මිනිහා ඉස්සෙල්ලම
    ගියා ඇමරිකාවේ අපායට. දියුණු රටක් නේ..
    මිනිහා හිතාගෙන ගියේ දඬුවම් එහෙමත් ටිකක් හරි
    අඩු ඇති කියලයි.
    මොන..බම්බුව තමයි...
    ඇමරිකන් අපායේ දඬුවම් ලිස්ට් එක මෙහෙමයි.
    ලෝදිය හැලියේ පැයක් බස්සනවා.කටු
    ඉඹුලේ පැයක් නග්ගනවා.ඊළඟට යකෙක්
    ඇවිල්ලා දවස පුරාම කසපාර දෙනවා.
    වැඩේ බරපතලයි නේ..
    ඉතිං අපේ පොර ඇමරිකාවේ අපාය
    අතෑරලා ඊළගට ගියා කැනඩාවේ අපායට.
    ඒහේත් දඬුවම් ඇමරිකාවේ වගේමයි.මේ විදියට
    ජර්මනිය, ස්විට්සර්ලන්තේ,ජපානේ , ඉංදියාව
    වගේ රටවල් බර ගාණක අපායවල් වලට ගියත් ඒ හැම
    එකකම දඬුවම් දෙන ක්රමේ ඇමරිකාවේ අපායට
    සමානයිලු.
    හැබැයි අන්තිමේදී පොර දැක්කා ඈත
    කෙලවරේ තිබුණු අපායක් ඉස්සරහා ඒ අපායට
    ඇතුල් වෙන්න මහා දිග පෝලිමක් තියෙනවා.
    බැලින්නම් මේ ලංකාවේ අපායලු.
    මේ මනුස්සයත් බොහෝම අමාරුවෙන්
    ලංකාවෙ අපායේ ෆ්රන්ට් ඔෆීසියට ගිහින්
    ඇප්ලිකේෂන් එකක් එහේම අරං ඇහුවලු
    මෙහේ දඬුවම් සිස්ටම් එක කොහොමද කියලා.
    එතකොට රිසෙප්සොන් යකින්නී කියනවලු, පැයක්
    ලෝදිය පොවනවා. කටු ඉඹුලේ පැයයි. ඊළඟට දවස
    පුරාම යකෙක් ඇවිත් කසපාර දෙනවා කියලා.
    දැං අපේ පොරට මලලු.
    ඇයි ඉතිං අනිත් සේරම අපායවල් වලත්
    වෙන්නේ මේ ටිකම නේ. ඉතිං පොර ටිකක්
    සද්දෙන් ඇහුවලු,
    ''එහෙනං මොන මඟුලක් හින්දද ඕයි
    මේ තරං පෝලිමක්?'' කියලා.
    එතකොට පෝළිමේ හිටපු තවත් ඩයල් එකක්
    අපේ පොරට ළඟට කතා කරලා මෙහෙම කිව්වලු.
    '' මචං, ලංකාවේ අපායත්
    ලංකාවේ ආණ්ඩුවේ කන්තෝරුවක් වගේ තමයි.
    ඒකයි මේ පෝළිම.... ලෝදිය පොවනවා කිව්වට
    පොවන්නේ ඇල් වතුර..:baffled: ලෝදිය උණු කරන්න දර නෑ.:baffled:
    දර ගන්න වෙන් කරපු සල්ලි යටි මඩි ගහලා.:rofl:
    කටු ඉඹුලේ කටු නෑ.:rofl: කවුද යකෙක් ගෙදර උළුවහු
    හදන්න කටු ටික කපාගෙන ගිහින්.:rofl::rofl:
    කසපාර දෙන්න එන යකා ඉස්සර
    ආණ්ඩුවේ කන්තෝරුවක වැඩ කරපු එකෙක්. නමයට
    විතර වැඩට ඇවිත් අත්සන් කරලා කැන්ටිමට ගියාම
    ආයේත් එන්නේ දවල්ටත් කාලා.ඒ ඇවිල්ලත් කරන
    වැඩක් නෑ.. නිදාගෙන ඉඳලා හතරට ඕෆ්:baffled:
    වෙලා ගෙදර යනවා.:rofl::rofl::rofl::rofl:
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    patta yakoooo

    කසපාර දෙන්න එන යකා ඉස්සර
    ආණ්ඩුවේ කන්තෝරුවක වැඩ කරපු එකෙක්. නමයට
    විතර වැඩට ඇවිත් අත්සන් කරලා කැන්ටිමට ගියාම
    ආයේත් එන්නේ දවල්ටත් කාලා.ඒ ඇවිල්ලත් කරන
    වැඩක් නෑ.. නිදාගෙන ඉඳලා හතරට ඕෆ්:baffled:
    වෙලා ගෙදර යනවා.:rofl::rofl::rofl::rofl:

    +++++++++++++++
     
    • Like
    Reactions: hacker T

    sha2009

    Member
    Oct 11, 2009
    1,224
    147
    0
    3.gif
    +
     
    • Like
    Reactions: hacker T

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට

    patta yakoooo

    කසපාර දෙන්න එන යකා ඉස්සර
    ආණ්ඩුවේ කන්තෝරුවක වැඩ කරපු එකෙක්. නමයට
    විතර වැඩට ඇවිත් අත්සන් කරලා කැන්ටිමට ගියාම
    ආයේත් එන්නේ දවල්ටත් කාලා.ඒ ඇවිල්ලත් කරන
    වැඩක් නෑ.. නිදාගෙන ඉඳලා හතරට ඕෆ්:baffled:
    වෙලා ගෙදර යනවා.:rofl::rofl::rofl::rofl:

    +++++++++++++++

    thanks machnla rep back

    black දැක්ක කල් :love:
     
    • Like
    Reactions: kellsupun

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    ඔව් බන් එපා වෙනවා බන් ලන්කාවේ වැඩක් කරගන්න ගියාම...
    රස්තියාදුව තමයි එපාම වෙන්නේ...
    අනිවා දොල පිදේනි දෙන්නත් ඔනා එහෙම දුන්නොත් සතියෙන් කෙරෙන වැඩේ අවුරුද්දක් ඇදෙන එක නවත්ත ගන්නත්,
    මාස 3ක් යන වැඩේ සතියෙන් කරගන්නත් පුලුවන්...

    මමත් වැඩක් කරගන්න ඕන වුනොත් ඔය යක්කු දෙන්නෙක් විතර ගෙදරට ගෙනල්ල දොල පිදේනියක් දෙනවා......
    උපරිම සතියක්.... ගොඩක් වැඩ දවසෙන් කරනවා....... :D
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    කසපාර දෙන්න එන යකා ඉස්සර
    ආණ්ඩුවේ කන්තෝරුවක වැඩ කරපු එකෙක්. නමයට
    විතර වැඩට ඇවිත් අත්සන් කරලා කැන්ටිමට ගියාම
    ආයේත් එන්නේ දවල්ටත් කාලා.ඒ ඇවිල්ලත් කරන
    වැඩක් නෑ.. නිදාගෙන ඉඳලා හතරට ඕෆ්:baffled:
    වෙලා ගෙදර යනවා.

    :D:D:D:D
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    හප්පේ හෙන ගුඩාරියක් තිබ්බා නොවැහ් ++++++++++ :P
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    :rofl::love:
    :love: දැක්ක කල්
    දැං යහපාලනේ ඒ හින්දා අප්ඩේට් වෙල ඇති
    අනිවා match එකට වැඩද ?:baffled::dull:
    ඔව් බන් එපා වෙනවා බන් ලන්කාවේ වැඩක් කරගන්න ගියාම...
    රස්තියාදුව තමයි එපාම වෙන්නේ...
    අනිවා දොල පිදේනි දෙන්නත් ඔනා එහෙම දුන්නොත් සතියෙන් කෙරෙන වැඩේ අවුරුද්දක් ඇදෙන එක නවත්ත ගන්නත්,
    මාස 3ක් යන වැඩේ සතියෙන් කරගන්නත් පුලුවන්...

    මමත් වැඩක් කරගන්න ඕන වුනොත් ඔය යක්කු දෙන්නෙක් විතර ගෙදරට ගෙනල්ල දොල පිදේනියක් දෙනවා......
    උපරිම සතියක්.... ගොඩක් වැඩ දවසෙන් කරනවා....... :D

    ඔව් බන් මුළු සමජේම හිතන විදිහ වෙනස් වෙන්න ඕනි කියලයි හිතෙන්නේ :yes::yes:

    කසපාර දෙන්න එන යකා ඉස්සර
    ආණ්ඩුවේ කන්තෝරුවක වැඩ කරපු එකෙක්. නමයට
    විතර වැඩට ඇවිත් අත්සන් කරලා කැන්ටිමට ගියාම
    ආයේත් එන්නේ දවල්ටත් කාලා.ඒ ඇවිල්ලත් කරන
    වැඩක් නෑ.. නිදාගෙන ඉඳලා හතරට ඕෆ්:baffled:
    වෙලා ගෙදර යනවා.
    :rofl::rofl:
    :D:D:D:D

    තැන්ක්ස් මචන්ලා රේප් බැක් all :love:

    හැමෝම match එකට එන්න :yes: