අපිට අල්ලන්න ඕනේ නෑ.....

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,952
    5,587
    113
    අපිට අල්ලන්න ඕනේ නෑ.....

    වතුර වැටෙනකොට අපිට කුඩ අල්ලන්න ඕනේ නෑ-සජිත්

    තමා ජනාධිපතිවරයා බවට පත්වීමෙන් අනතුරුව මෙරට තුල ජීවත්වන සියලු ජනතාවට සමානව යුක්තිය ඉටුවන ස්වර්ණමය යුගයක් නිර්මාණය වනු ඇති බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

    ඒ මහතා මේ බව සඳහන් කළේ අගුරුවැල්ල නගර මධ්‍යයේදී ඊයේ පැවති ජනහමුවක් අමතමින්.

    නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වූ ජනරැලියක් අගුරුවැල්ල නගර මධ්‍යෙය්දී ඊයේ පැවැත්වුණි.

    එහිදී අදහස් දක්වමින් ඒ මහතා මෙසේ ප්‍රකාශ කළේය.

    "අපිට වතුර වැටනකොට කුඩ අල්ලන්න ඕනේ නෑ. අපිට අවුවත් එකයි, වැස්සත් එකයි, ගංවතුරත් එකයි, නිගඟයත් එකයි.

    සජිත් ප්‍රේමදාස ළඟ දිව දෙකේ කතා නෑ.

    මේ රටේ ජාතික ආරක්ෂාව අංග සම්පූර්ණව තහවුරු කිරීමේ පූර්ණ වගකීම සරත් ෆොන්සේකා මහතාට භාර දීලා උස් පහත් බේදයකින් තොරව සෑම දෙනාටම යුක්තිය හා සාධාරණය ක්‍රියාත්මක කරන ස්වර්ණමය යුගය අපි ආරම්භ කරනවා."

    පාර්ලිමේන්තු මන්ත්‍රිනී තුසිතා විජේමාන්න මහත්මිය සංවිධාන කර තිබූ මෙම රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාද සහභාගී වී සිටියේය.
    source
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    අපිටනන් අවුවයි වැස්සයි කියන්නෙ දෙකක්.. ගං වතුර කියන්නෙ වෙනම එකක් නියගෙ කියනේ වෙනෝමම එකක්
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,818
    2,976
    113
    අව්ව වැස්ස රෑ දහවල එකයිනෙ අපට
    එකම සිතින් ඇවිත් ඉන්නෙ අපි සේවයට