ඉංග්‍රීසින්ගේ වරදින් බිහි වූ සිංහල - හින්දු අලුත් අවුරුද්ද
උදාවන අප්‍රේල් 13-14 ත් 1886 දී අප්‍රේල් 11-12 ත් ඇරැඹුණු සිංහල අලුත් අවුරුද්ද 1886 අංක 4 දරන පනතින් සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ලෙස අලුතින් නම් කරන ලදී. ශිෂ්ට සම්පන්න සමාජයේ සිදු නොවිය යුතු මෙවැන්නක් කිරීමට අධිරාජ්‍ය ආණ්‌ඩුව 1886 දී පෙළඹිණි.
අප්‍රේල් 14 දා ලොව රටවල් ගණනාවකම වසන්ත උත්සව ඇරැඹේ. උතුරු ඉන්දියාව, බුරුමය, තායිලන්තය, ලාඕස්, ජපානය, ග්‍රීසිය, පෘතුගාලය, රොමේනියාව, ස්‌පාඤ්ඤය, ප්‍රංශය, ඉතාලිය එබඳු රටවල්ය. පුවත්පත් කලාව (දැන් මාධ්‍යය) විසින් එය අලුත් අවුරුද්ද (New
Yea) ලෙස හඳුන්වන්නට වුණේ අලුතින් සූර්ය රශ්මිය ඇරැඹී ගස් කොළන් දලුලා මල් හට ගැනීම තුළින් අලුත් වීම මුල්කරගෙනය. එසේ නැතිව දින 365 න් යුතු වර්ෂයක ආරම්භය ලෙස නොවේ. සිංහල අවුරුද්ද යනු අප්‍රේල් 14 වැනිදා ඇරඹී දින 365 ක් ගත වී ඊළඟ වසරේ අප්‍රේල් 13 වැනිදා අවසන්වන නිෂ්පාදන වර්ෂයකි. නූතන කාර්මික නිෂ්පාදන ආයතන වලද නිෂ්පාදන වර්ෂය (production Year) හා මුදල් වර්ෂය මෙලෙසට ඇරැඹී අවසන් වේ.
ශ්‍රී ලංකාවේ දෙමළ හින්දු බැතිමතුන්ට ද අප්‍රේල් 14 වැනිදා සිත්තර වර්ෂම් නොහොත් සිත්තර පුත්තාන්ඩු නමින් පවත්වන ආගමික උත්සවයක් ඇත. මෙයද හිරු දෙවියන් මුල්කොට පැවැත්වේ. උතුරු ඉන්දියානු "ආර්යය හින්දුන්ට" වැදගත්වෙන ජනවාරි 14 වැනි දා තෙපොන්ගල් හිරුදෙව් මංගල්‍යයට වඩා දකුණු ඉන්දියානු දෙමළ ඇතුළු ද්‍රවිඩ අනාර්ය හින්දුන්ට වැදගත් උත්සවය මෙයයි. ඉන් සිත්තර නොහොත් හතරවැනි මාසයේ පැවැත්වෙන (වර්ෂයේ හතර) අප්‍රේල් ආගමික උත්සවය යාපනේ හින්දුන්ට ඉතා වැදගත් විය. දකුණු ඉන්දියානු දෙමළ- හින්දුන්ට එය එතරම් වැදගත් නොවේ. ඊට හේතුව නම් ලන්දේසින් හා ඉංග්‍රීසින් විසින් මෙරටට ගෙන ආ මදුරාසි හා කේරළ ද්‍රවිඩ ජනතාව මෙරට සිංහලයන් පවත්වන අලුත් අවුරුදු උත්සවයට සම්බන්ධ වී සිංහල සමාජයට අනුගත වීමට උත්සාහ දැරීමය.
බ්‍රාහ්මණ හින්දු ඉගැන්වීම් වලට අනුව බ්‍රහ්ම ලෝකයේ එක දවසක් මනුෂ්‍ය ලෝකයේ අවුරුද්දකි. එබැවින් එම දවස හින්දුන් විසින් දෙකට බෙදා ඇත්තේ දාවාල හා රාත්‍රිය ලෙසටය. ජනවාරි 15 වැනි දා තෛපොන්ගල් සිට ඔක්‌තෝබර් අග දීපවාලි (දීප+ආවලි = පහන් වැළ) දක්‌වා දිවා කාලයයි. මේ උතුරු ඉන්දියාවේ හොඳින් හිරු රැස් ලැබෙන හා ගස් වල කොළ ඇති කාලයයි. ඒ වෙනුවට නොවැම්බර් මුල සිට ජනවාරි මැද දක්‌වා ඇත්තේ ගස්‌වල කොළ හැළුණු අඳුරු ශීත කාලයයි. රාත්‍රිය ලෙස එය සැලකුවේ සහ පහන් වැළ දැල්වූ දීපවාලියෙන් රාත්‍රිය අරඹුනේ එබැවිනි.
අප්‍රේල් 13-14 සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ලෙස භාවිතාවට ආවේ 1886 අංක 4 දරන නිවාඩු දින පනත නිසාය. වෙසක් පසළොස්‌වක දිනය නිවාඩු දිනයක් විය හැකි පරිදි 1885 දී ජාතික නිවාඩු දින පනත (National Holiday Bill) ව්‍යවස්‌ථාදායක සභාවෙන් සම්මත කරන ලදුව මාර්තු 27 වැනි දා අංක 4648 දරන ගැසට් පත්‍රයෙන් ඒ බව නිවේදනය කරන ලදී. දිනයන් කුමක්‌දැයි ප්‍රකාශ නොකර අප්‍රේල් 11 දී අප්‍රේල් 28 හා සැප්තැම්බර් 21 නිවාඩු දිනයන් ලෙස ප්‍රකාශ කළේ අප්‍රේල් 28 ට යෙදී තිබූ වෙසක් පුර අටවක දිනය නිවාඩු කරමිනි. මේ පසළොස්‌වක දිනය නොවේ. බෞද්ධයන්ට වෙසක් නිවාඩුව ලබාදුන් නිසා හින්දුන්ට ද ආගමික නිවාඩු දිනයක් ලැබිය යුතු බවට 1885 මැද දී හඬක් නැගුවේ අලුතින් ව්‍යවස්‌ථාදායකයේ දෙමළ නියෝජිතයා ලෙස පත්වූ පොන්නම්බලම් රාමනාදන්ය. (03.08.1885 හැන්සාඩ් වාර්තාව) ටයිම්ස් පත්‍රය ද 11.08.1885 ඊට මහත් ප්‍රචාරයක් දෙමින් කියා සිටියේ අප්‍රේල් 11 වැනිදා සිංහලයන්ගේ අලුත් අවුරුද්ද නිසා හින්දුන්ට ආගමික නිවාඩු දිනයක් නැති බවය.
එබැවින් 1885 දෙසැම්බර් මස නිවාඩු දින පනත් කෙටුම් පතක් (Holiday Bill) අලුතින් ඉදිරිපත් කෙරිණි. එහි විවාදය 1886 ජනවාරි 15 වැනිදා පැවැත්විණි. නිලලත් මන්ත්‍රීවරු 2 ක් හා නිල නොලත් මන්ත්‍රීවරු 1 ක් පමණක් විවාදයට සහභාගි වූ අතර පමණක් සිංහල හා දෙමළ නියෝජිතයන් ඊට සහභාගි නොවූහ.
පළමුවෙන් කතාකළ භාණ්‌ඩාගාරයේ වැඩ බලන ලේකම් පැටර්සන් කරුණු දක්‌වා කියා සිටියේ සංඛ්‍යා ලේඛන අනුව පසුගිය අවුරුදු 27 තුළ වැඩිම සංඛ්‍යාවක් නිවාඩු ගන්නේ අප්‍රේල් 11 වැනිදා අලුත් අවුරුදු උත්සවයට නිසා මෙදින නිවාඩු කිරීම සුදුසු බවය. නමුත් ඊට එකඟ නුවූ මධ්‍යම පළාතේ ආණ්‌ඩුවේ ඒජන්ත ටෙම්ජලර් කියා සිටියේ මෙය සිංහල අලුත් අවුරුද්ද පමණක් නිසා හින්දුන්ට ආගමික නිවාඩු දිනයක් නැති බවය. එවිට පත්කළ මන්ත්‍රී ලිච්මන් පෙන්වා දුන්නේ අප්‍රේල් 11 වැනිදා සිංහල අවුරුද්ද මෙන්ම හින්දුන්ගේ සිත්තර වර්ෂම් නැමැති ආගමික උත්සවය ඇති දිනය ද වන බවය. ඔහු ඉදිරිපත් කළ විකල්ප දෙකකි. එකක් නම් බෞද්ධයන්ට වෙසක් නිවාඩුව ලබාදී හින්දුන්ට අප්‍රේල් 11 සිත්තර වර්ෂම් නිවාඩුව ලබාදීමයි. අනික නම් මෙය සිංහල හා හින්දු අලුත් අවුරුදු නිවාඩුව ලෙස නම් කිරීමය. අන්තිමට දෙවැනි විකල්පය සහිතව පමණත් කෙටුම්පත සම්මත විය. එබැවින් ගැසට් නිවේදනය මෙසේ සැකසිණි.
අප්‍රේල් 11 - සිංහල හින්දු අලුත් අවුරුද්ද (Sinhalese
and Hindu New Year) අප්‍රේල් 28 - සිංහල මාස ක්‍රමයෙන් වෙසක් මස පළමුවැනි අටවක දිනය. (First
Quarter day of the Sinhalese month of vesak)
වෙසක් පුර අටවක නිවාඩුවේ වැරැද්ද ඊළඟ වසරේදී නිවැරැදි කළ අතර සිංහල අලුත් අවුරුද්ද හින්දු වීමේ වරද අවුරුදු 125 ට පසුවත් එසේම ඇත.
1983 වසරේ රජයේ දින දර්ශනයේ හා රජයේ දිනපොතෙහි අප්‍රේල් 13,14 සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ලෙස සඳහන්ව තිබියදී ජුලි 24 දා මහා ජාතිවාදී කෝලාහලය ඇරැඹිණි. 1984 දී රජයේ දින දර්ශනයේ හා දිනපොතෙහි එබැවින් අප්‍රේල් 13,14 සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද බව සඳහන්ව තිබිණි. එබැවින් එතැන් සිට එය නිල වශයෙන් සිංහල හා දෙමළ අලුත් අවුරුද්දය. ඉංග්‍රීසින් කළ වරද අපිදු එසේම කළෙමු.
දෙමළ හින්දු ජනතාවගේ අප්‍රේල් 14 වැනිදා ඇති සිත්තර වර්ෂම් නොහොත් සිත්තර පුත්තාන්ඩු යනු වසන්ත උත්සවයකි. මේ උතුරු ඉන්දියාවේ ආර්යය හින්දුන්ට හා ආර්යය බ්‍රහ්මණයන්ට විරුද්ධව බ්‍රිතාන්‍යය යුගයේදී දකුණු ඉන්දියාවේ අනාර්යය හින්දුන් (ද්‍රවිඩ) විසින් සම්මත කරගත් සූර්ය මංගල්ලයකි. ජනවාරි 15 වැනිදා ආර්යයන්ගේ තෛපොන්ගල් වලට තරගයක් දීම එහි නිමිත්තය. සිත්තර යනු "හතර" යන අර්ථය ඇති වචනයකි. සිත්තර මාසය යනු (අප්‍රේල්) හතරවැනි මාසයයි. සිත්තර වර්ෂම් යනු අවුරුද්දේ හතර වැනි මාසයේ උත්සවයයි. එ නිසාම මෙය අලුත් අවුරුදු උත්සවයක් නොවන්නේය. එය එක් මංගල්ලයක් පමණකි.
ජනමාධ්‍යය විසින් සිංහල අවුරුද්ද යන හැඳින්වීම මකා දමා ඊට සූර්ය මංගල්ලය හා බක්‌මහ උළෙල යෑයි කියති. මේ සිත්තර පුත්තාන්ඩු නැමැති හතර වැනි බක්‌මහ හා හිරු දෙවියන්ට ගෞරව කිරීම යන අදහස ඇති නාමයන්ය. කම්කරුවන්ගේ බසින් එවැන්නක් හඳුන්වන්නේ "වයර් මාරුවීම" යනුවෙනි. රජයේ රූපවාහිනී මගින් දෙමළ ගෙදර අලුත් අවුරුදු චාරිත්‍ර හා සිංහල ගෙදර අලුත් අවුරුදු චාරිත්‍ර යෑයි කියමින් කැමරාව මාරුවෙන් මාරුවට අල්ලා පූර්ණ විකෘති කැමරාකරණයන් මගින් රට මුලා කිරීමට සමත්ව ඇත. සිංහලයාගේ නිෂ්පාදන වර්ෂයේ චාරිත්‍ර දෙමළ හින්දුන්ට දී ඒ අයගේ භෝජන සංග්‍රහ (Feasඑ) සහිත මංගල්ලය (Festival) අපට හිමිකර දී ඇත්තේ. භෝජන සංග්‍රහය ඇසුරිනි. මේ අයුරින් සියල්ල කලවම්කර ආච්චාරුවක් සාදා තිබේ.
සිත්තර පුත්තාන්ඩු යනු වරුවක උත්සවයකි. අප්‍රේල් 14 උදෙන් අවදි වී නා පිරිසිදු වී කෝවිලට ගොස් පූජා පවත්වා හැමදෙනාම ගෙදර අවුත් ලිපගිනි මොලවා කිරිබත් පිසිති. මෙය විශේෂ භෝජනයකි. අමුත්තකු ද ගෙදරට ආරාධනා කර බුලත් කොළවල එතු මුදල් නෝට්‌ටු හෝ කාසි ඔහු හා ගෙදර අය අතර හුවමාරු කරගෙන හැමදෙනාම හිඳ කිරිබත්, කැවුම්, කෙසෙල්, රසකැවිලි සහිත භෝජනය භුක්‌ති විඳිති. අනතුරුව සතුටු සාමිචියෙන් පසුව අමුත්තා පිටවී යයි. වළන් සෝදා අස්‌කළ පසු සවස් වරුව ඇරැඹෙන විට සිත්තර වර්ෂම් උත්සවයද අවසන්ය. සිංහලයන්ගේ මෙන් අවුරුදු ක්‍රීඩා හෝ ඉසතෙල් ගෑම් හෝ නෑගම් යැම් සහිත උත්සව සතියක් ඊට නැත.
අප්‍රේල් මාසය උත්සවයකට සුදුසු ලෙස සොබාදහමින් සැකසෙන්නේ ගස්‌වල මල් පලතුරු පිරී ධාන්‍ය අස්‌වනු ලබාගෙන කුරුලු නාදයෙන් පරිසරය කුල්මත්ව වැසි රහිත දේශගුණය ද පැවතීමෙනි. ගොවියාගේ අටුකොටු ද පිරී ඇත. සතුට හා ප්‍රීතියද නොමදව තිබේ. එබැවින් උත්සවයකට සුදුසුය.
අප්‍රේaල් 13 වැනි දා සවස සූර්යා මීන රාශියෙන් මේෂ රාශියකට පැමිණෙයි. මහ පොළොවෙහි සීමාවන් ඇඳ නැති අතර මෙහි අර්ථය වන්නේ මාර්තු 21 වැනි දා නිරක්‌ෂයේ සිට උතුරට මුදුන් වෙමින් යන හිරු උත්තර අක්‌ෂාංශය 6 අසල පිහිටි ලංකාවේ දකුණු කෙළවරට මුදුන් වීමයි. මේ සඳහා මාර්තු 21 වැනිදා සිට දවස් 23 ක් ගතවීම අප්‍රේල් 13 දාට යෙදේ. මීනය හා මේෂය වෙනස් වන්නේ දෙවුන්දර තුඩුව අසලින් සීමාව ඇතිවිටදීය. එසේ සීමා වෙන්කරගත් ජ්‍යෙdතිෂය උපන් රට ලංකාවය. සිංහ යනු සූර්යය සංකේතයයි. රවි උච්ච වන්නේ ආරම්භක හෙළ රාශියේය. එළු යනු හෙළ යන්නට සමාන වචනයකි. එබැවින් උතුරු ඉන්දියාවට ගිය ජ්‍යෙdතිෂය එළු රාශියට එළුවාගේ සංකේතය ඇඳ මේෂ ලෙසට නම් කරන ලදී. සිංහල අවුරුද්ද දින 365 ක් සම්පූර්ණ කරන්නේ මෙසේ සූර්යා දෙවුන්දර තුඩුව පසුකර උතුරට ගොස් දින 365 ට පසු නැවතත් දෙවුන්දර තුඩුවෙන් උතුරට යන නිසාය. පියා සහ පුතුන් විසින් නිෂ්පාදනය කරන අතර එය ආහාරයට සුදුසු පරිදි සකසන්නේ මව හා දූවරුන්ය. එබැවින් අවුරුද්ද අවසන් වීම හේතුවෙන් නොනගතය එළැඹෙන විට මුළුතැන්ගෙය නමැති කම්හල ගලවා අස්‌කරනු ලබයි. අලුතින් නව වසරේ නැකැත් උදාවන්නේ 14 වැනිදා අලුයමය.
නිෂ්පාදනයට සීමා තිබිය යුතුය. එහි සීමාව වන්නේ පරිභෝජනයට අවශ්‍ය ප්‍රමාණයයි. එබැවින් ආරම්භක නැකත වන ලිප ගිනි මොලවා කිරිබත පිසීම මව හා දූවරුන් සතුය. ලිප ගිනි මෙලවීම සමගම ඉවත්කරන ලද මුළුතැන්ගෙය නමැති කම්හල නැවත ස්‌ථාපනය වෙයි.
දෙවැනිව එළැඹෙන්නේ ගනුදෙනු කර වැඩ අල්ලා අනුභවයයි. ගනුදෙනුව අහස හා පොළොව සමගය. අහස පොළොව යා කරන මාධ්‍යය ජලයයි. එබැවින් ළිඳ හෝ වැව සමග ගනුදෙනු කෙරේ. පියා සහ පුතුන් වැඩ අල්ලන්නේ එවිටය. උදැල්ලෙන් බිම කොටා, කැත්තෙන් අතු කැබැල්ලක් කපා, තණකොළ අහුරක් උදුරා ගවයාට දීම සංකේතාත්මක වැඩ ඇල්ලීමය. ඉන්පසුව පමණක් අනුභවය සිදු වේ.
අනතුරුව ක්‍රීඩා ඇරැඹේ. සිංහල අවුරුදු ක්‍රීඩාවන් යනු අනිවාර්යයෙන්ම යුද ක්‍රීඩාවන්ය. අං ඇදීම, පොරපොල්, කොට්‌ට පොර, ලිස්‌සනගහ, චක්‌ගුඩු, තාච්චි පැනීම, මල්ලව පොර, දිවීම පැනීම්, පිහිනීම් ආදිය අවුරුදු ක්‍රීඩා වුණේ එබැවිනි. හැම ගමකම පුහුණු කරන ලද යුද භටයන් දුසිම් දෙක තුනක් සිටි අතර යුද ක්‍රීඩා අමතක වන්නට නොදී ක්‍රියාත්මක කළේ අවුරුද්දටය. මෙම ක්‍රීඩා පුහුණුව දින 3,4,5 ලෙස පවතී.
හිසෙහි නානු හා තෙල් ගා ස්‌නානය කිරීම මගින් සංකේතමත් කළේ නිෂ්පාදනයට අවශ්‍ය නිරෝගී ශ්‍රමය ගමේ තිබිය යුතු බවය. එම ශ්‍රමය තනිතනිව නොව කණ්‌ඩායම් ලෙස අත්තම, කයිය, කැරැල්ල ආදී ලෙස නිෂ්පාදනයට හැකිවන පරිදි සුහදතාව වර්ධනය කර ගැනීමට අවුරුදු සතිය පුරා නෑගම් යැම සිදුවිය.
සතියක අවුරුදු උත්සවයකින් පසු නැවතත් ගොවියා තම හේනේ හා කුඹුරේ නිෂ්පාදන වැඩකටයුතු සඳහා පිටත්ව යන්නේ ද නැකතට අනුවය. එසේ යැමත් සමග අලුත් අවුරුදු උත්සවය අවසන් වෙයි.
සිංහල අවුරුද්ද යථාර්ථයක් වන්නේ හැමදෙනාම නිෂ්පාදනයේ යෙදුනු ස්‌වයංපෝෂිත ගොවි සමාජයකය. අද දින මෙම සමාජාර්ථිකය නොමැති නිසා එය හුදු අවිනිශ්චිත චාරිත්‍ර රැසක් ලෙස පමණක් ශේෂ වී ඇත. ජනමාධ්‍යයට හා බැංකුවලට එය විකෘති කිරීම පහසුවන්නේ ඒ නිසාය.
සූරිය ගුණසේකර