අපිට වෙන්න යන දේ...

Ragna_SL

Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    අපි රටක් විදියට ණය වාරික ගෙවා ගන්න බැරි උනොත් මොකද වෙන්නේ?

    වාරික නොගෙවා Default උනාම ආයේ ණය ගන්න බෑ. එතකොට රජයට සිය වියදම් පියව ගන්න ආදායම් මදි නිසා, බංකොලොත් තත්ත්වයට පත් වෙනවා. ඒ කියන්නේ Bankruptcy.
    Company එකක නම් Bankrupt උනාම asset විකුණලා ණය පියවනවා.

    මගේ නිගමනය අපිට කවදාවත් Bankrupt වෙන්න දෙන්නේ නෑ චීනය. එයා තව ණය දීලා අපේ වාරික ටික ගොඩ දානවා. එතකොට ටික ටික එයාම හදපු BRI එකේ කොටස් ටිකේ අධිකාරිය ටික ටික ලබා ගන්න ඔවුන්ට පුලුවන්. ඒක එක් ආකාරයක විකිණීමක් තමයි.

    මේ නායකයෝ කවදාවත් එළියට කියන්නේ නෑ අපි බංකොලොත් , ණය ගෙවන්න බෑ, සල්ලි නෑ කියලා. මොකද එහෙම කියන්න බෑ ඒ අයම රට මේ තත්ත්වයට පත් කල නිසා. එහෙම නොකියා පුලුවන් තරම් මේක ඇදගෙන යන්න බලනවා. බලය අතාරින්නේ නෑ.

    රජයට පවත්වා ගෙන යන්න මුදල් නැති විම මත, සෞඛ්‍ය අධ්‍යාපනය හා ආරක්ෂාව ආදී සේවා වල කඩා වැටීමක් වෙනවා. රජයේ සේවකයන්ට වැටුප් ගෙවා ගැනීමට අපහසු වෙනවා. ඒ අනුව රාජ්‍ය සේවා පිරිහී යනවා. රට අරාජික වෙනවා.

    ඒ අරාජික තත්ත්වයට මේක පත් වුනොත් රට ඇතුලේ වෙන කැළඹීම , civil unrest එක චීනයේ ප්ලෑන් වලට බාධාවක්. චීනයේ වෙළෙඳ ක්‍රියාකාරිත්වයට මේ රට තුල සාමය පැවතීම වැදගත්. ඉතිං ඒ අය මේක අර ලෙඩ ඇඳේ පණ අදින ලෙඩාගේ මට්ටමෙන් තියාගෙන යන්න උදව් කරනවා. පණ ගහලා නැගිටින්න බෙහෙත් දෙන්නේනෑ. මැරෙන්න දෙන්නෙත් නෑ. නැවක් උනත් මුහුද කැළඹෙනකොට පැද්දෙනවා. නිසල ජලයේ ගමන ලේසියි. ඉතිං මේක ඇතුලේ කුනාටු හදන්නේ නැතුව නිසලව තියන එක තමයි චීනයට හොඳ.

    ඕක තමයි මගේ නිගමනය.

    යම් දවසක මිනිස්සු මේ කොට්ඨාස දෙකම පෙරළලා දැම්මොත්, අපිට පුලුවන් අලුතින් පටන් ගන්න. අපේ ආර්ථිකය උත්තේජනය කරන අලුත් නැඹුරුවකින් පටන් ගන්න.
    කොටින්ම කියනවා නම්, මේ සෙට් එක අයින් වෙන කොටම රටේ GDP එක තව 20-25% කින් නිකම්ම නගිනවා, මේ අය පාගා ගෙන ඉන්න බර අඩු උනාම ඉඹේ දිග ඇරෙන ස්ප්‍රින්ග් එකක් වගේ ආර්ථිකය ටිකක් දුවනවා. එතනින් එහාට දක්ෂ නායකත්වය , අවංකකම, නිවැරදි තීන්දු ගැනීමේ හැකියාව ඇති සුදුස්සන්ට සුදුසු තැන දීමෙන් මේක ගොඩ දාන්න පුලුවන්.
    මට බය අවුරුද්දෙන් අවුරුද්ද මේක ගොඩ දාන්න පුලුවන් අවකාශය තව අමාරු වෙන එක. බැරිම මට්ටමකට නොවැටි වෙනස් උනොත් ගොඩ පුලුවන්.

    සටහන->පැතුම් කර්නර්

    May be an image of text that says 2:15 Search Twitter 11% Log in 。٥° Sign up NC CHINA China Xinhua News @XHNews Sri Lanka is reaping early harvests from #BeltandRoad as Hambantota Port gears up to become a leading hub in the Indian Ocean region with Chinese company's investment and management 2:41 PM Aug 16, 2018 Twitter Web Client 24 Retweets 78 Likes ×× washington oyoo @washingto... Aug 16, 2018 Replying to @XHNews When colonists think they are the best thing ever in your life since bottled water. cc @wmnjoya @amerix
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,110
    20,696
    113
    හස්තිශෛලපුර
    "කොටින්ම කියනවා නම්, මේ සෙට් එක අයින් වෙන කොටම රටේ GDP එක තව 20-25% කින් නිකම්ම නගිනවා, මේ අය පාගා ගෙන ඉන්න බර අඩු උනාම ඉඹේ දිග ඇරෙන ස්ප්‍රින්ග් එකක් වගේ ආර්ථිකය ටිකක් දුවනවා. එතනින් එහාට දක්ෂ නායකත්වය , අවංකකම, නිවැරදි තීන්දු ගැනීමේ හැකියාව ඇති සුදුස්සන්ට සුදුසු තැන දීමෙන් මේක ගොඩ දාන්න පුලුවන්.
    මට බය අවුරුද්දෙන් අවුරුද්ද මේක ගොඩ දාන්න පුලුවන් අවකාශය තව අමාරු වෙන එක. බැරිම මට්ටමකට නොවැටි වෙනස් උනොත් ගොඩ පුලුවන්."

    ලොල්.. අලුත් මිනිස්සු ටිකකුත් ඉම්පෝර්ට් කරන්න වෙයි..

    එරෝසන්ලා වගේ නූගත් මිනිස්සු එක්ක මොන රටවල් ගොඩගැනිලිද බන්?
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    china eunge BeltandRoad eka nissa godak ratawal goda yanan thiyenne china eun wadi pura cut ekak ganawa aniwa habai apitath loku game ekak gahnna puluwan hariyata karoth.

    indog la marenna giye oka nissa thamai.
     
    • Like
    Reactions: PHBhagya

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    No Money Confused Travolta GIF
     

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    තව ලොකු බොරුවක් සහ මිත්‍යාවක් තමයි චීනය අපිට බංකොලොත් වෙන්න දෙන්නේ නෑ කියන එක.ඒක කරන්න චීනය මේ වසර තුල ලංකාවට ඩොලර් බිලියන හයක් දෙන්න ඕන.ඩොලර් බිලියන හයක් නිකන් රටකට අතාරින්න තරම් චීන්නු මෝඩයො නෙවෙයි.ඒකට වටිනාකම් තියෙන ඒවා ඉල්ලනවා.මොනාද දෙන්න තියෙන්නේ.දෙන්න පුලුවන් මේවා.කොලඹ වරාය ,ක‍ටුනායක එයාපෝට්,සියලූම වෙලඳ කලාප,රාජ්‍ය තේ වතු,සියලූම රාජ්‍ය බැංකු. වගේ ඒවා ඔක්කොම දුන්නත් ඩොලර් බිලියන 6ක් සමහර විට දෙයි
     
    • Like
    Reactions: RLT4U