අධ්‍යාපනය අතින් දියුණු තත්ත්වයට පත් 99% ක් මුස්ලිම් ජාතිකයන් ජීවත්වන තුර්කිය වැනි යුරෝපීය රටවල පවා මුළු ශරීරය වසා කාන්තාවන්ට ඇඳුම් ඇඳීමට බල නොකරයි. එය මිනිසාගේ පෞද්ගලිකත්වය සම්බන්ධ අයිතියක් ලෙස සලකනු ලබයි. එවැනි ඇඳුම් ඇඳීමට බල කරනු ලබනුයේ, අන්තවාදීන්, නොදියුණු ගෝත්‍රික ත්රස්තවාදීන් ලෙසට හංවඩු ගැසේ. බුද්ධාගම මිනිසාගේ නිදහස අගය කරන ආගමක් බැවින් ඇඳුම පිළිබඳ තහංචි පැනවීම එහි ප්‍රතිපත්තිය නොවේ. පටාචාරාව වැනි කාන්තාවන් නිරුවත්ව බුදුන් ධර්මය දෙසමින් සිටි පන්සලට ආ අවස්ථාවේ ඇයට ගල් ගසා මැරීමට බුදුන් නියෝග කළේ නැත. වඩා බුද්ධිමත්ව ඉතා දියුණු ලෙස ඇයව සුවපත් කළ අයුරු කියවා බලන්න. සතුන් මැරීම සම්බන්ධව සලීම් මහතා ප්‍රකාශ කර ඇත්තේ කුකුල් මස් සහ මාළු සිංහල බෞද්ධයන් අනුභව කරන නිසා ඒ සම්බන්ධ වෙනත් ආකල්පයකුත් ගවමස් නොකන නිසා තවත් ආකල්පයකුත් බෞද්ධයන් තුළ පවතින බවය.
බුද්ධාගම අනුව කුකුළෙකු මැරුවත්, මිනිසෙකු මැරුවත්, ගවයෙකු මැරුවත්, මදුරුවෙකු මැරුවත් සිදු වන්නේ එකම පවය. එය බුදුන් වහන්සේ විද්‍යාත්මකව විග්රහ කර ඇත. සතෙකු බව දැන ගැනීම, මරණ ෙච්තනාව, මැරීමට උපක්‍රම යෙදීම, මැරීම ආදී කරුණු ප්‍රාණඝාතය සිදුවීමට සම්පූර්ණ විය යුතුය. බුද්ධාගමේ විග්‍රහය ප්‍රකාරව සලකා බලන කල සෞදි අරාබියේදී රිසානා නµSක් අතින් දරුවෙකු බේසමේ ගිලී මිය යැම මිනිමැරීමක් නොවේ.
මස් කෑම බුද්ධාගම අනුව පවක් නොවේ. නමුත් එසේ කෑමට සුදුසු මස ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය ලෙස සැලකේ. එය හරක් මස් ද, ඌරු මස් ද, කුකුල් මස් ද කියා ප්‍රශ්නයක් නොමැත. නමුත් වසර 2500 ක සිංහල බෞද්ධ ශිෂ්ටාචාරය තුළ ගවයාගෙන් සිදු වන මෙහෙය සලකා බලා උගේ මස් කෑම ඉතා අකෘතඥ ක්‍රියාවක් ලෙස සලකනු ලැබේ. පසුකාලීනව ලංකාවට පැමිණි අරාබි වෙළෙන්දන් ද බටහිර ආක්‍රමණිකයන්ද මෙය කළ අතර, එය සමාජයේ මහත් පිළිකුලට ලක් විය.