වැඩේ නම් සුපිරියි.. සාමාන්‍ය පෙළ කරන කාලෙ වෙච්ච පුංචි සීන් එකක් මතක් උනා.. හැබැයි දඟ වැඩක් නම් නෙමෙයි.. ලව් කේස් එකක්.. මට කවි ලියන්න නම් බැහැ.. පුළුවන් විදියට කොටලා දාන්නම්..
ඉස්සර සා පෙළ කල කාලේ
පංති ගියෙ මම අරුමැක්කේ
පට්ට තනියෙම ඉන්නා මොහොතක
සුප්පම කෙල්ලෙක් මම දැක්කේ
මාස ගණන් පස්සෙන් දිව්වා
නොකා නොබී චාටර් වූවා
තව නම් ඉවසලා බැහැනේ මෙලෙසේ
කොල්ලගෙ තඩි මොලයට වැටුණා
පන්නා දවසක් ඇගෙ පස්සේ
හලෝ කියා මම කෑ ගැහුවේ
නැවතුණි ඇය ගල් ගැසුනා වාගේ
මම ඇය දෙසට ගියේ
ගත්තා බොඩියට පට්ට ගඩක්
බැලුවා ඇස් දෙස ඇයගෙ හොදින්
ඇහුවා කට ඇර නම කුමක්ද නුඹ
කිව්වෙ නැහැනෙ බොල
විලි ලැජ්ජාවයි කොල්ලො වටේ
ඇහුනොත් නම් දැන් පට්ට වැඩේ
ඒකිත් ඔරවන් ඉන්නවා දැන් මට
අද නම් කැතම දිනේ
මනුස්ස කමටයි නම ඇහුවේ
කියන්න බැරි නම් කමක් නැතේ
සමාව ඉල්ලමි කරදර කලාට
මම යනවා මගෙ සුදු නංගේ
එහෙම කියලා මම ෂේප් උනේ
ෂේප් වෙලා යන්නට හැරුණේ
හලෝ මේ කියා ඇය කියු හින්දා
ආයෙත් මම ඈ දෙස බැලුවේ
මගෙ නම පියුමී ඇය කිව්වා
පට්ට ෆිට් එකක් මට දැනුණා
එලකිරි වගේ සිනහව දාගෙන
කොල්ලො ළඟට හනිකට දිව්වා
මොකක්ද බං උඹ අතන කලේ
කෙල්ලෙක් එක්කනෙ කතා කලේ
පට්ට කෙල්ල බං මොනවා උනත්
කොල්ලන් මට කිව්වේ
ඔව් ඔව් ඔය මගෙ කෙල්ලනෙ බං
හැබැයි තාම සෙට් වෙනවා ඉතිං
සෙට් උන දවසට ඔන්න හැපි මචං
පාටියකුත් දෙන්නම්
උඹ මේ මගුලක් කතා කරයි
ඔය අරවින්දගෙ කෙල්ල තමයි
ඌ දැන් අවුරුදු බර ගාණක ඉඳ
ඕකිත් එක්ක හොඳයි
මොකක්ද සුපුනයො ඒ හරුපේ
කෙල්ලට වෙන කොල්ලෙක් ඉන්නෙ
මට නම් උඹලා විශ්වාසම නැහැ
ඇත්තද බං කිව්වේ
බොරු මොකටද බං අපි බොට කියන්නෙ
සිරා ඇත්තමයි මම මේ කියන්නෙ
උගේ ලව් එකට දැන් හෙන කල් බං
ඕකියි උගෙ කෙල්ල
මගෙ ඇස් දෙක තද රතු වූවා
මූණත් ඇඹරී ගොලු වූවා
ඇගෙ සුන්දර වත දකින දකින වර
මා සිහිසුන් වූවා
ඒත් පමා වූ මා පැරදියි
ඇය දැන් වෙන කොල්ලෙකුට හිමියි
දැන දැන ඇයගේ පස්සෙන් යන එක
ඇත්තට හරි වැරදියි
අපි මැහුවොත් තොප්පියක් ඉතිං
ඉපදෙන්නේ ඔලු නොමැති එවුන්
ඒක හින්දා මම හිතත් හදාගෙන
සතුටින් ගෙදර ගියා
ඇය පසු දවසක මා හෙව්වා
හොයාගෙන ඇවිත් කතා කලා
මෙන්න මගේ දුරකතන අංකය
කතා කරන්නකො ඇය කිව්වා
කෙල්ලගෙ හැටි මම දැනගත්තා
ඔන්න ඉතින් මට පල පැන්නා
ගත්තා ෆෝන් එක කොල් කලා මම
අර වින්දට විගසා
මචං මම රන්දු, අරවින්ද
උඹගෙ කෙල්ල බං මල රෙද්ද
නම්බර් එක දුන්නනෙ බං මා හට
කෝල් කරනු කියලා
උඹ ඔය කියනා කෙලි පොඩ්ඩ
පට්ටම චාටර් බඩු පොඩ්ඩ
අහුවෙන්නට නම් එපා රන්දුවො
බේරිලා පලයන් ඉක්මනට
මල මගුලයි බං ඒ මොකද
මේකි උඹගෙ කෙල්ලත් නෙවෙද
අපේ එවුන් ටික කිව්වේ මා හට
කෙල්ල උඹගෙ කියලා නොවෙද
කෙල්ල මගේ බං ඉස්සර නම්
හැබැයි චරිතෙ නම් හරි චාටර්
ඒ ගැන දැනගෙන පස්සෙ මම
එලෙව්වා ඔය බඩ්ඩ
එය ඇසි මම උඩ ගොස් වැටුණා
ඇය මා දෙස ඔරවා බැලුවා
මටත් මල පැනලා කියවලා කියවලා
ඇය එලවා ගත්තා
නංගියෙ තමුසෙ මාර කැතයි
එහෙම කරන එක හරි වැරදියි
එක කොල්ලෙක් හට ලව් කරන්න බැරි
කෙල්ලො මොනවටද
මට නම් උඹෙ නම්බරේ එපා
උඹගෙ චරිතෙ ගැන දැනගත්තා
අදින් පස්සෙ මම මේ පැත්තටවත්
එන්නෙ නෑ කිව්වා
ඇය ඇස් රතු කරගෙන දිව්වා
මාත් බිම බලන් යන්න ගියා
එදා ඉඳන් මම කෙල්ලන් සොයනා
එක අත් ඇර දැම්මා..
කාලය මෙලෙසින් ගත වූවා
මට හොද කෙල්ලෙකු සෙට් වූවා
එදා ඉඳන් මම ගොඩක්ම සතුටින්
කාලය ගත කෙරුවා..
ane palayan ban yannna boru nokiya, meke awasanayanam meeta wenas matanam eka ekenma sure










