කට්ටා මල්ලි එළනේ.. දාමු තව කවියක් මෙව්වා කරලා.. අපි නම් ඉස්සර මණාලියොන්ට තමා කතා කරන්නෙ..
අෆ්ෆා.. පට්ට ආතල් සීන් එක ඒකනම්

කට්ටා මල්ලි එළනේ.. දාමු තව කවියක් මෙව්වා කරලා.. අපි නම් ඉස්සර මණාලියොන්ට තමා කතා කරන්නෙ..

pattaෂෝට ගහල ටී එකකුත් දාගෙන....
හන්දි ගානේ කල් මැරුවට ජෙල් ගාගෙන.....
පිටින් පේන රස්ත ගතිය හිතේ නැති උනාට....
පන්ති අරුණ ගැටිස්සියන් ඔරවන් යයි පල් පාටට.....
අනේ ඉතින් මටත් මොකෝ උන්ගේ තියන මොලේ දිගට....
මටත් ඉතින් ආතල් එක උන් විදිනා අපා දුකට....
මන් ගන්නෙ මගේ ආතල් එක පොඩි සොමියක් එල්ලාගෙන.....
පිට ඔපේට රැවටෙන උන් දනන්වාද ඒ ආතල් එක....
එල කෙල්ලෙක් සැට් කොරගෙන නොබෝ දිනක එමි කැන්දාගෙන....
මගේ ප්‍රාඩෝ එකේ යන්නන්ට පින් ඇත්තී නුඹ කවුරුද .....

මේකෙ අවසානය ඕක තමා
ඊට පස්සෙනේ තව එකක් පටන් ගත්තෙ
බලපිය අවසානය
Thanks මචන්....මටත් ඔයසීන් එකම තමයි.... ඉස්කෝලෙදි හිටපු යාලුවන්ගෙන් තුන් හතර දෙනෙකුට වඩා දැන් හම්බ වෙන්නේ නෑ.![]()
මම කට්ටා;13303771 said:අෆ්ෆා.. පට්ට ආතල් සීන් එක ඒකනම්



මන් හිතන්නේ නෑ, ඔයිට වඩා අසබ්ය අවසානයක්ම තමයි තිබිල තියෙන්නේ මටනම් ෂුවර්

පොඩ්ඩා1;13305269 said:සිටියේ 11 E o/l කරන...............කොට
සිටියේ කලු මහත මිස් කෙනෙකුයි .....අපිට
දිනකදී ඇ කිව්වේ "පාසි ජාතියක් " කියන්නට
දුන්නේ "වෙල් පාසි" යි උත්තරය .......එයට
ටික මොහොතක් ගත විය.........ඈට
වැඩේ මිටර් විය ................ලෙසට
කවුදෑ කිව්වේ "පල් වේ **ය"....මාට
අඩිහප්පංන්ට විය පන්තිය දෙක වෙන්ට
කොතරම් හොරෙන් ගේම් දුන්නත් ඒ කාලේ .ඉදන්
පාවා දෙන්නට උපන් උන් සිටිති රජ කාලේ ..ඉදන්
මෙන්න මේකා තමයි කිව්වේ කට බලිය ...ඇරන්
කිව්වේ ඉස්සර එකෙකු ගොට්ටක් ......අල්ල්වමින්
වැඩේ ජල්බරි ............විය
පිනා ලගට යන්නට සිදු ..විය
මව්පියන් කැන්දාගෙන
ඊලග දිනයේ එන්නට .....විය
කෙතරම් ජල්බරි පින්පොන් වැඩ කලත් .............අපිට
නැත ගෙදරට මාට්ටු වී දෙක තුනක් ...........ඇරෙන්නට
කිව නිසා පිනා මව් පියන් කැන්දාගෙන ගෙන........එන්ට
එක්කන් ගියේ ස්කුල් බස් එකේ අන්කල් භාරකරු...ලෙසට
වැඩේ ශේප්....විය
නාටකය නිම..විය
මිස් පන්තියේ..විය
යලි ප්‍රශ්න මා වෙත නොම විය.![]()


patta oiiiiiiii 

අනිවා අනිවාඑහෙම ඒවා හැමෝටම වගේ තියෙනවා මම හිතන්නෙ..
අපේ ඉස්කෝලෙ ගාවම කෙල්ලො ඉස්කෝලෙකුත් තිබුණා..
ගාල්ලෙ ඉස්කෝල ගොඩක් එහෙමනේ තියෙන්නෙ..


අපේ ඉස්කෝලේ නම් මික්ස් එකක්නේ බන්

.අපිට නම් ඉතින් අනිත් ඉස්කෝලවලට යන්න ඕනෙ නෑ

.ඔව් ඔව් පොර තමයි බන්මම කට්ටා;13303757 said:ela ela pussa dheyya?


.ආහ් පට්ට සීන් එකක් නේ
මේක වුනේ එකොලහ වසරේ ඉද්දී
එත්කොට වලි ගොඩයි පන්තියෙ හැම විටදී
දවසක් ගණන් සර් ආවෙ නැති විටදී
හුනු කොට්ටෙන් එකෙක් කෙලියා මට වැරදී
මොකද යකෝ මට ගැහුවේ මම ඇහුවා
sorry බන් අරූටයි ගැහුවේ ඌ කිව්වා
හිටපිය උඹට මම ආපහු උට ගැහුවා
ඌ පැන ගියෙන් එය වෙන එකෙකුට වැදුනා


උබලට මාර චාන්ස් එකනේ

.

අපිට කවි , නිසඳැස් ලියන්න බැහැ...
මම කට්ටා;13302842 said:මම ගියානේ ස්කෝලේ ඒ කාලේ
තිබ්බනේ ලොකු පිට්ටනියක් ස්කෝලේ
ලකුණු පුවරුව පිටිපස්සේ සෙට් වුනානේ අපි රාලේ..
තිබුනානේ හොඳ ෆෝන් එකක් අපි අතරේ..
පත්තරයක් ගෙන අපි දැන්වීම් බැලුවනේ ඒ කාලේ..
ඒකේ තියන නම්බර් වලට කෝල් අරන් කිව්වනේ හොඳ කතා ටික ඒ කාලේ..
වාහන විකුණන අය ගෙවල් විකුණන අය කුලියට දෙන අය හොඳ යාලුවෝ ඒ කාලේ..
(අනේ මේ කවි ලියන්න බෑ බන් මම යනවා)

ඕක මහ කජ්ජක් නෙමෙයි. try කරලා බලන්න. තෑගි දිනන්න කවි ලියනවා නෙමෙයිනෙ.

මතකය මදක් දිව යනවා ඈතකට
පන්ති ගියේ අපි සෙට් එක ගම්පහට
එහිදි ගත්ත ආතල් නම් ඇත එමට
චාටර් වෙච්ච සිද්දිත් එයි මතකයට
ගම්පහ මල් වත්තක් ඇත ලස්සනට
දවසක් අපිටත් හිතුනා එය බලන්නට
කවුද එන්නේ යන්නට එය බලන්නට
කොල්ලො පහ හයක් කැමති වුනානේ එයට
පයින් යන්න එය දුර වැඩි නෑ නේද
සල්ලි ටික හරි අප හට ඉතුරුයි නේද
කොල්ලො ටික යනවා දැන් හැටට
කෙදිරිලි හඩක් ඇසේනවා පිටුපසින් මට
එකෙක් කියයි කෙල්ල මග දමා ආවේ
තවත් එකෙක් උදෙට තව නෑ කෑවේ
අලස කම නිසා අනිකා බෑ කිවේ
මමයි තව එකයි ඉතුරු වී ආවේ
ගොඩක් දුර ඇව්ත් නේද අපි දෙන්නා
ඇතුලට යනවාද හැරෙමුද අපි දෙන්නා
ගේට්ටුවේ උනුත් අපදෙස බලාන උන්නා
ඕන මගුලක් කියා අපි ඇතුලට පැන්නා
බලන බලන තැන ඉන්නවා ජෝඩු
ගහක් ගලක් පදුරක්වත් නැත පාළු
හැම පැත්තෙම සරනවා මත් වුනු බඹරූ
අපි දෙන්නා දැන් අන්දුන් කුන්දුන්ලු
සිනා වෙයි ජොඩු අපි දෙස හොරෙන් බලා
හේතුව තේරුනේ ගොසින්ය ටිකක් වෙලා
කොල්ලො දෙකක් මේලෙස මෙහි ඇවිදින් නොමැතා
දන්නො දනී උන් අප ගැන සිතූ නියා
තව හිටියොත් වෙන්නේ වස ලැජ්ජාව
තවත් ජොඩු බැලුවෙ නාවතා උන්ගේ වැඩ
අයේත් නොකරපිය මේ වගේ මෝඩ වැඩ
අපි දිව ආවේ පසුපසවත් නොබලාය
මේක වුනේ එකොලහ වසරේ ඉද්දී
එත්කොට වලි ගොඩයි පන්තියෙ හැම විටදී
දවසක් ගණන් සර් ආවෙ නැති විටදී
හුනු කොට්ටෙන් එකෙක් කෙලියා මට වැරදී
මොකද යකෝ මට ගැහුවේ මම ඇහුවා
sorry බන් අරූටයි ගැහුවේ ඌ කිව්වා
හිටපිය උඹට මම ආපහු උට ගැහුවා
ඌ පැන ගියෙන් එය වෙන එකෙකුට වැදුනා
දැන් හැමෙකාම හුනු කොට්ටෙන් කෙල ගන්නේ
පන්තිය තුලින් එක යුද්ධෙකි දිස් වන්නේ
කිසිවෙකු පසු බහින බව නෑ දිස් වන්නේ
මේ අතරේ කඩ්ඩ මිසුත් පැමිනෙන්නේ
what's this noise? කියමින් ඇය එහි ආවේ
කිසිවෙකු නොමැත ඇය එක පාරම දුටුවේ
කවුරුන් හෝ හුනු කොට්ටය යලි ගැසුවේ
කරුමෙක මහත ඇගෙ මූනෙම එය වැදුනේ
Who is that idiot? යැයි ඇය ඇසුවත්
කවුරුවත්ම කිව්වේ නැත කිසිම දෙයක්
බැරිම තැනදි ගෙන්නුව ඇය පිනාවවත්
ඒත් කියන්නේ නම් නැත මීක් හඬක්
පිනා කාරයා පන්තියටම ගහලා
දැම්මා වත්ත සුද්ධ කරන්නට කියලා
දවසම වත්තේ ක්‍රිකට් පාරකුත් ගහලා
හිටියේ ඉබ්බ දියේ දැම්ම වගෙ හිතලා
(මේක මගේ 2600 වෙනි පොස්ට් එක.... බොහොම පොඩි සිද්ධියක් වුනත් අද 2600 ගහනවා කියලා හිතාගෙන තමයි මේක දැම්මේ... ඒක හින්දා වැඩිය ගණන් ගන්න එපා .)
මෙයත් මාගේ a/l කාලයේ සිදුවිය.
නිකිනි මහේ එක සතියක exam තිබ්බා.
ප්‍රශ්න තිබුනේ 8ක් වේය
ඉන් 5ක්ම තේරිය යුතුය.
එය දැක්කාම මගේ හිතට දැනුනා හරි බියක්.
කොල්ලෝ කෙල්ලේ 32යි.
හිට්යේ බ්‍රයිටෝ පස් දෙනයි.
එයින් එකෙක් මේ මමයි.
අපි පස්දෙන එකා වගේ පේපරේ ලිව්වා.
පුස්සැල්ල දෙවිදුන් සිහිකර
මා හැදුවේ තාපයයි.
අනික් එවුනුගේ පිහිටෙන්
පහටම පිලිතුරු ලිව්වා.
අප හට දැන් ෆුල්ම හැපිය.
සියලු දෙනා ගොඩගිහින්ය.
හිතමින් අපි ටවුම පුරා
රවුමක් ගැහුවා.
සතියක් හෙම ගෙවිලා ගියා.
ලකුනු කියන වෙලවත් ආවා.
අපේ පිසික්ස් සර්
කාරයා දුවගෙන ආවා
නැගිටපන් ඔක්කොම බූරු හැත්ත.
තොපි ඔක්ක්ම 70ක් ගත්ත.
කියමින් අපේ ගුරුතුමා
ජාතිය අමතනවා.
හිටියා අපේ පී පොරක්
කියමු මූට අපි චමුදිත්.
සියලු දෙනා දෙස බලමින්
සර් මූට අඩ ගැහුවා.
තාපය rcccc ගෙනුයි
ආලෝකය බුද්දිනී ගෙනුයි.
ඉලෙක්ට්‍රොනික් සුපුන්ගෙනුයි.
මු ඔක්කොම් පාවා දෙයි.
මෙහෙවර rcccc කියමින්
මා හට හොදටම තැලුවා.
අනේ පවි බුද්දිනී කෙල්ලත්
මදි නොකියන්නටම කැවා.
අර චමුදිත් පරයට
කිසිදු යාලුවෙක් නොමැත.
අවුරුද්දක් චමුදිතයා
බ්‍රහ්ම දන්ඩනයටම ලක්විය.
එයින් මත්තේ නෑ කිසිදින
අහුවෙන්නට වැඩ කාලේ
කරපු සියලුම හොර වැඩ
තනියෙන්මයි සිදු කලේ.
තනියෙන් කරනා විට හොර වැඩ
නැහැනේ එකෙක් සාක්කියට
මගේ එලකිරි යාලුවනේ
කරපන් තනියෙන්ම හොර වැඩ.![]()
තිබුනා උත්සවයක් අපේ ඉස්කෝලේ
තොරණක් හදන්නට කිව්වේ අපිට පුතේ
කපලා පුවක් ගස් උණ ගස් හතර අතේ
තොරණ හැදුවා රෑ වෙනවා දැනුන් නැතේ
අම්මෝ අපිට මහන්සියි දැන් හොදට
අහල පහල පොල් ගස් තමා පලි එයට
පාසලේ පොල් ගසේත් කුරුම්බා ඇත යසට
නැගපන් මචං කඩපන් කුරුම්බා බිමට
නැග්ගා යාලුවා පොල් ගසේ අගිස්සට
කැඩුවා ගෙඩි දෙකක් වැටුනා කර සද්ද
සද්දේ අසේනනට ඇත පිනාගේ කාමරෙට
හුටා අංශබාරයා අද මෙහි නේද
ඡායාවල් දෙකක් එනවා දැන් අපි ලගට
අපි මාරු වී ගියා නොකරම කිසි සද්ද
ගස යටට වී බලමන් ගොඩි රොත්ත
පිනා කෑ ගසයි ලොව දෙවනත් වෙන්න
කවුද හොර හැත්තක් කුරුම්බා කඩලා ඇත්තෙ
කෝ මේ ළමයි වරෙල්ල බං මෙහෙට පුතේ
හොයලා බලාපන් කවුරුද කරලා ඇත්තෙ
මෙ වගේ දෙයක් පෙර සිදු වී නැත්තේ
කෝ අද හිටියා නේද අපේ ප්රිනෆේට් හෙඩා
පොර හිටිය නම් හොරාගේ කකුල් කඩා
කොහොම කරන්නද ඒ වගේ වීර වැඩා
තාමත් ගහ උඩනේ අපේගේ ප්රිටෆේට් හෙඩා
මේ සින් නම් මතක් වෙද්දිත් තාම හිනා
appatasiri kello hinda gutin kawada umba?නැහැ බං සෝමෙ.. දෙවනි සීන් එක ගුටි කෙලියකින් අවසන් උනා.. මම ඉස්පිරිතාලෙ කෙලින්ම..![]()