අපේ ප්රිඋපෙට් සෙට් එක අපිලටම සරි
කල හැම බලු වැඩක් පිටුපස උනුත් සිටී
තව පොඩි වැඩක් කෙරුවා අප හැමදිනදී
උදේ අටට පාසල් ගිය සමයේදී
පාසල පටන් ගන්න නමුත් අට වෙද්දී
අපි තුන් දෙනෙක් සැමදා අවේ පසුවී
පිටු පස හොර දොරටුව ලගටම වී
ඉන්නවා අපි අවසන් වන තුරු උදේ රැළි
එම දොර ගාව සිටි ප්රිතපෙට් දෙන්නෙක්ම
උන් දෙන්නම අපේ පන්තියෙමයි නේද
අල්ලයි උනුත් පරක්කු වෙන අන් සැවොම
අපි කයියටත් උන් සෙට් වෙන්නේය
දවසක් අපේ විනය භාර ගුරුවරයා
එක පාරට පිටුපස දොර වෙත ආවා
උබලා මොකද කරන්නේ මෙතනට වීලා
ඇසුවා අපි තිදෙනාවද බය කරලා
සර් අපිට පොඩි ප්රදස්නයක් උනේ
ප්රෙඅපට් යාලුවා ඉදිරියටම පැන්නෙ
අපිට ගහන්නට කොල්ලො රැලක් අවේ
හැමදා පරක්කු වෙන එකෙක්ගේ අයියානේ
මේ තුන්දෙනා ආවේ හොද වෙලවෙට
හිටියේ මෙතන අපගේ ආරක්ෂාවටය
නැත්නම් අපි දෙන්න හොදටම කාලාය
එහෙම කිව්වා සර්ට දුක හිතුනාය
එහෙම තමා පුතේ යාලුවො උන්නාම
උබලා රැක ගනින් මෙ දෙන්නව හැමදාම
හිටපන් මෙතන වනතුරැ රැළි අවසාන
ඉන් පසු උදේ රැළි කිසිවක අපි නොමැත