සරම යනු පුදුම සැහැල්ලු ඇදුමකි. දවල් කාලයේ සරමක් ඇද සිවිල් පිටින් සිටින තරම් සතුටක් මට තවත් නැත. රාත්තිරියට සරම ඇද නිදා ගැනීම මාගේ සිරිතකි. නමුත් උදේ නැගිටින විටදී එය ඇද පල්ලේ තිබීම සාමාන්‍ය දෙයකි. උදැසන තේ එක රැගෙන අම්මා කාමරයට එනවිට මම නින්දේ සිටිය හොත් සිදු වන්නේ අභාග්‍යයකි. අම්මා ලගට පැමිණ කතා කරන විටදියි මට සරම ගැන සිහි වන්නේ. එවිට අම්මා සියල්ල දැක අවසන්ය. "ඕක මම උබ පොඩි කාලේ ඉදන් දැකපු ඒකනේ" කියා සිනා සී අම්මා කාමරයෙන් පිටව යයි..


සමහර උන්නම් කලිසම් කොටය හැරුණු විට සරමක් ඇද නැත. එහි ඇති ගතිය දැනගන්නට නම් එය ඇද බැලිය යුතුය. අපේ කමට ආවේනික වූ මේ ඇදුම කොයි කරව කාලයේ සොයාගත්තේදැයි නොදනිමි. මෙය ඇදීමට පටන් ගත් යුගයේ මහත් කරදරයකි. ඇද රෙද්දක් ඇදගත්තා මෙන් දැනේ. එහෙත් පුරුදු වූවිට මේ තරම් කන්ෆටබල් ඇදුමක් ලොවෙත් නැත
දැන් ඉතින් නෝන උදේම නැඟිට්ට ගමන් බබාට සරම අන්දලා තේක හදාගෙන එන්න යයි..

