මචන් බුදු ධහම මහායාන / තේරවාද ලෙස බෙදුනා නම් සැබෑ ධර්මය කොහෙද තියෙන්නේ? අපි තේරවාදී රටක්.. එතකොට ජපන් / චයිනා වගේ රටවල් වල මහායානය තියෙන්නේ.. අපි මෙහේ පන යනකන් පොත් කියෙව්වට වැඩක් තියේද?
වහරක ආතල් කියෙව්වොත් ඉතින් සොරිම තමයි ... ආයේ නිරයටම තමයි ...http://www.nirapekshathwayemaga.com/downloads.html
https://drive.google.com/drive/folders/11uJ3_y0XujwRzHoPkg7VNrAWRXoX0I_I
http://www.nirapekshathwayemaga.com/publications.html
https://www.waharaka.com/publications
Disclaimer: If anybody wants to criticize the contents of the above references, they are free to do so. But one thing I must tell, such criticism will only be criticisms of pure dhamma itself. Either me or 'Arya Sanga' who published the contents won't be responsible for any sins that can cause by criticizing dhamma. Theruwan Saranayi. Niwanama Wethwa.
![]()
I see.වහරක ආතල් කියෙව්වොත් ඉතින් සොරිම තමයි ... ආයේ නිරයටම තමයි ...
රෙරැකානේ චන්දවිමල හාමුදුරැවන්ගේ පොත් https://download.ifbcnet.org/category/රේරුකාණේ-චන්දවිමල-හිමි-ර/
කලකට පස්සෙ...
විනය, සූත්‍ර, අභිධර්ම පිටක ඡට්ඨ සංගායනා සිංහල පරිවර්තන හොයාගන්න. බුද්ධජයන්ති පරිවර්තන කියන්නෙත් ඒවම වෙන්න ඕන. ඇන්ඩ්‍රොයිඩ් ඇප් තියනවා සරල එකයි සම්පූර්ණ පාලි එකයි. pitaka.lk වලින් ඔන්ලයින් කියවන්නත් පුලුවන්.
සාම්ප්‍රදායිකව ධර්මයට එන කොයි කවුරුත් ඉස්සෙල්ලම ධම්මපදයෙන් පටන් අරං සුත්තනිපාතයෙ අට්ඨකවග්ග,පාරායණවග්ග වැනි ගැඹුරුම තැංවලට කියවාගෙන යන පිලිවෙලක් ගැන අහලා තියනවා. (දිග කෙටි බවට වඩා ධර්මය ක්‍රම ක්‍රමයෙන් තේරුම් කරවන්න සූත්‍ර අන්තර්ගතය සලකලා තමා ඒ පිලිවෙල සකස්කරලා තියෙනවා කියන්නෙ) නමුත් පැහැදිලිවම දන්නෙ නෑ.
අටුවා තියෙන්නෙ ත්‍රිපිටක සූත්‍ර පහදන්න.
මිලදී ගන්න නම් තියනවා ඒත් ඩවුන්ලෝඩ් තියනවද දන්නෙ නෑ. ඇප්වල තියෙන්නෙත් පාලියෙන් විතරයි. ටිකක් විතර ටීඩියස්. මම සිංහල දීග, මජ්ජිම අටුවා ගෙනාව. ස්කොලරි ගතිය වැඩියි.
සූත්‍ර සමහරක් පැහැදිලිව තිබුනත් බොහොමයක ගැඹුරු තැන්/අදහස් අපිට තනිවම අඩු දැනුමක් යටතේ කියවීමෙදි පැහැදිලි මදි වෙනවා. එවගෙම නිවැරදි පාලි දැනුම, අටුවා මතය, ආචාර්ය මත දැනගෙන සිටීමත් වැදගත්. එනිසා ඒ ඒ සූත්‍ර අලලා කරපු දේශනා ඇසීමත් සූත්‍ර පිටකය තේරුම් ගැනීමට එක පහසු මගක්. මම කියන්න හදන දේ තේරුනායි කියලා හිතනවා?
මචන් මෙහෙම දෙයක් මන් අහල තියනව මෙතුවක් කාලයකට ඇති වුනු හැම බුද්ධ සාසනයකම වගේම අනාගතයේත් ඇති වෙන්න තියන බුද්ධ සාසන වලත් නොවෙනස්ව පවතින එකම ධර්ම දේශනාව තමයි අභිධර්මය කියන්නේ. අනික් සුත්‍ර දේශනා විනය පිටකයේ එන සමහර දේවල් වෙනස් වෙන්න පුළුවන් ගොඩක් වෙලාවට. මොකද ඒ දේවල් යම් කිසි පුත්ග්ලයෙක් ගේ මානසික මට්ටමක් අරමුණු කරගෙන තමයි බුදුරජාණන් වහන්සේ දේශනාව කරලා තියෙන්නේ. එකයි රේනුකානේ හාමුදුරුවොත් ලියල තියෙන්නේ එක එක කෙනාට ලියපු බෙහෙත් සීට්ටු වලින් තමන් හොදටම හොද වෙයි කියල හිතන්න එපා කියල. ගොඩක් දුරට මතු බුදු වෙන මෛත්‍රි බුදුරජාණන් වහන්සේගේ කාලයේ විනය කියල දෙයක් තියන එකකුත් නැ.Thanks මචං
ඔව් මචං. මම ත්‍රිපිටකයේ සූත්‍ර පිටකය නම් කියෙව්වා. විනය එකත් හෙමීට කියවනවා. අභිධර්මය නම් මං හිතන්නේ නෑ කියවලා ගොඩ දාන්න පුළුවන් කියලා
අට්ටකතා නං නැහැ Online හොයාගන්න
ඇත්ත බණ අහන්න ඕනේ. ඒත් මම ශ්‍රද්ධා TV එකේ නං බණ අහන්න කැමති නැහැ. මැජික් කතා තියෙන්නේ
වහරක කියන්නේ උපසම්පදාව වත් නැති සාමණේර නමක්. පාලි ගැන දැනුමක් නැතුව තමන්ගේ හිතට එන ඒවා ධර්මය කියල කියපු, වකුගඩු අමාරුවක් හැදිලා මැරුන චීවරධාරියෙක්."පද නිරුක්ති ඥානය " පහල වුනා කියලා ඉංග්‍රීසි , ලතින්, වචනවලටත් සිංහල තේරුම් කියපු මානසික රෝගියෙක්. අනිච්ච, අනාත්ම කියන ත්රිලක්ෂණය විකෘති කරපු පව්කාරයෙක්. අභය කියන්නේ ඊටත් වඩා මානසික රෝගියෙක්.ඇයි ඒ?
ඔය කියන උන් මචන් දැනටමත් රහත් වෙලා ඉන්නෙ. ඒක නිසා උන් දන්නවා කව්ද රහත් කව්ද රහත් නැත්තෙ, කව්ද හරි, කව්ද වැරදි, එකී මෙකී නොකී හැමදේම. කොටින්ම බුදු හාමුදුරුවන්ටත් වඩා දන්නවා වෙන්න ඕන මොකද කිව්වොත් ධර්මයේ තියෙන්නේ කිසිම සත්වයෙකුට හිතෙන් කයෙන් වචනයෙන් හිංසා පීඩා (ද්වේශ) කරන්න එපා ඒක තමුන්ගේ සසර ගමන දිගු කරනවා මිසක් එයින් එතෙර කරන්න උදව් වෙන්නෙ නෑ කියලනේ. රාග, ද්වේශ, මෝහ ප්රහාණය කිරීම තමයි බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් වදාළ බුද්ධ වචනය. ඉතින් ඒක එහෙම තියෙද්දිත් වහරක ස්වාමින්වහන්සේ ගැන, අභය ස්වාමින්වහන්සේ ගැන දැඩි ද්වේශයෙන් මේ විදිහට අපහාස උපහාස කරන උන් යන්නෙ බුදුන් දේශනා කල මාර්ගයෙද නැද්ද කියන එක මචන් උඹට බුද්දියක් තියෙනවන් හිතා ගන්න පුළුවන් වෙන්න ඕනේ. කතරගම යන්න ඕනේ කෙනෙක් යන විදිහ අහල දැනගන්නේ තමුන්ට කලින් කතරගම ගියපු කෙනෙක්ගෙන් මිසක් අඩුම ගානේ පාරක් වත් දැකල නැති කිරි සප්පයන්ගෙන් නෙමෙයිනේ. එහෙම නැත්තන් පිස්සෙක්ගෙන් නෙමෙයිනේ. ඒක නිසා උඹට ඔය කිව්ව ටික හරි කියල හිතෙනවනන් මාස දෙක තුනක් අරගෙන අර ලින්ක්ස් වල තියෙන කරුණු කාරණා අහල ඒ කියන දේවල් තමුන්ගේ බුද්දියට අවබෝද වෙනවද, එහෙම අවබෝද වෙනකොට තමුන්ගේ රාග, ද්වේශ, මෝහ අඩු වෙනවද කියලා පරික්ෂා කරලා බලපන්. කව්රුත් කියන පලියට පිළිගැනීමක් මේ විග්රහ කරන සත්‍යය ධර්මයේ නෑ. තමුන්ට අවබෝද උනානං ප්‍රතිපල ලැබෙයි. නැත්තන් ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. මම ඔය යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ ඉන්න උන්ට රිප්ලයි කරන්න කැමති නැහැ. මේක ටික ටයිප් කරන්න හිතුනේ යම් කිසි වාසනාවක් තිබිල ධර්මය අවබෝද උනොත් මචන් උඹට සසර ගමනෙන් නිදහස් වෙන්න පලවෙනි අඩිය තියන්න පුළුවන් වෙන නිසා. බන ටික අහල අවබෝද වෙලා සම්මා දිට්ටියට පත් වෙන්න පුළුවන් උනොත් එතනින් එහාට උඹට කිසිම කෙනෙක්ගෙ උපදෙස් අවශ්‍ය නෑ. එතන ඉඳල තමුන්ගේ ගුරුවරයා ධර්මය පමණයි. තමුන් කරන කියන සෑම දේකදිම තමුන්ගේ සිත රාගෙන් ද්වෙශෙන් මෝහෙන් ගලවන්නෙ කොහොමද කියල එතකොට තමුන්ටම වැටහෙනවා. මේ කියපු දේවල් ටිකක් හරි මීටර් වෙන්නැති කියල හිතනවා.ඇයි ඒ?
ප්‍රශ්න දෙකක් තියෙනවා
1) මචං බෞද්ධයෙක් විදිහට කියවිය යුතු පොත් මොනවද?
මම අහන්නේ එක එක්කෙනා ලියපුවා නෙවෙයි
අපේ බෞද්ධ සාහිත්‍යයේ බුදුන්ගේ දේශනාවන් තියෙන ඒවා ගැන
- ත්‍රිපිටකය
- ධම්මපදය
- පිරිවානා පොත් වහන්සේ
- 550 ජාතකය
තව මොනවද?
ඊලඟ ප්රශ්නය
2) මේ අතරින්
- අට්ටකතා (මං හිතන්නේ අටුවා කියන්නේ ඒකටමයි)
- පන්සිය පනස් ජාතකය
වල එහෙම Download Links තියෙනවද?
දැන් මෙතන ප්‍රතිඵත්ති පුරන්නය, පොත් කියව කියව ඉන්න එපාය වගේ පොර ටෝක්ස් දෙන්න එපා. අහපු එකට උත්තර දෙන්න ප්ලීස්
bauddayage ath pothin patan ganna!ඔව් බං... ඒ පොත් ටික හොඳටම ප්‍රමාණවත් අරමුණක් තියෙනවා නම් ..![]()
මචන් බුදු ධහම මහායාන / තේරවාද ලෙස බෙදුනා නම් සැබෑ ධර්මය කොහෙද තියෙන්නේ? අපි තේරවාදී රටක්.. එතකොට ජපන් / චයිනා වගේ රටවල් වල මහායානය තියෙන්නේ.. අපි මෙහේ පන යනකන් පොත් කියෙව්වට වැඩක් තියේද?
ජාතක කතා පොත් බෞද්ධ සාහිත්‍ය නේද? ත්‍රිපිටකයේ තියෙනවද මේවා?
Pinak dahamak karaganna kale awith wage![]()

මචන් මෙහෙම දෙයක් මන් අහල තියනව මෙතුවක් කාලයකට ඇති වුනු හැම බුද්ධ සාසනයකම වගේම අනාගතයේත් ඇති වෙන්න තියන බුද්ධ සාසන වලත් නොවෙනස්ව පවතින එකම ධර්ම දේශනාව තමයි අභිධර්මය කියන්නේ. අනික් සුත්‍ර දේශනා විනය පිටකයේ එන සමහර දේවල් වෙනස් වෙන්න පුළුවන් ගොඩක් වෙලාවට. මොකද ඒ දේවල් යම් කිසි පුත්ග්ලයෙක් ගේ මානසික මට්ටමක් අරමුණු කරගෙන තමයි බුදුරජාණන් වහන්සේ දේශනාව කරලා තියෙන්නේ. එකයි රේනුකානේ හාමුදුරුවොත් ලියල තියෙන්නේ එක එක කෙනාට ලියපු බෙහෙත් සීට්ටු වලින් තමන් හොදටම හොද වෙයි කියල හිතන්න එපා කියල. ගොඩක් දුරට මතු බුදු වෙන මෛත්‍රි බුදුරජාණන් වහන්සේගේ කාලයේ විනය කියල දෙයක් තියන එකකුත් නැ.
අභිධර්මය එහෙම දේශනා කරපු දෙයක් නෙවේ එක හැමෝටම පොදුවේ දේශනා කරපු මුලික හරය ඇතුලත් දෙයක්.
වැදගත් කාරණේ කියන්නේ ලංකවේ බුදුදහම රැකුන කිව්වා එක එක දිගට වුනේ නැ 1900 ගණන් වලදී බුදු දහම නැති වෙලා යන්න පටන් ගත්ත ලංකාවේ බුරුමයේ මුලිකත්වය අරගෙන තමයි ලංකාවේ නැති වෙලා යන්න ගිය බුදු දහම අයි ඇති කරේ ඒ 1954 වගේ කලේ බුරුමයේ මුලිකත්වයෙන් ඒ කලේ හිටපු රහතන් වහන්සේලාගේ අනුශාසන යටතේ පවත්වපු ලෝකේ හයවෙනි ධර්ම අංගයනාව අවසානයේ එතැනදී තමයි අපි අද පාවිච්චි කරන ත්‍රිපිටක අවසන් සංශෝධනය ඉදිරිපත් කරන්නේ. අනික ලංකාවේ අපි පිරිත් දේශනවලදී සුත්‍ර දේශනා කරත් බුරුමය වගේ රටවල පිරිත් කියල ගොඩක් වෙලාවට දේශනා කරන්නේ පට්ටාන දේශනා ඒ කියන්නේ අභිධර්මයේ අවසන් කොටස. සුත්‍රයක් දේශනා කරද්දී එකේ හරය මොකද්ද කියල තේරුම් ගන්න පුළුවන් අභිධර්මයෙන්ම තමයි.
Maharahathun wadi maga osse poth set ekama kiyawanna
ඔය කියන උන් මචන් දැනටමත් රහත් වෙලා ඉන්නෙ. ඒක නිසා උන් දන්නවා කව්ද රහත් කව්ද රහත් නැත්තෙ, කව්ද හරි, කව්ද වැරදි, එකී මෙකී නොකී හැමදේම. කොටින්ම බුදු හාමුදුරුවන්ටත් වඩා දන්නවා වෙන්න ඕන මොකද කිව්වොත් ධර්මයේ තියෙන්නේ කිසිම සත්වයෙකුට හිතෙන් කයෙන් වචනයෙන් හිංසා පීඩා (ද්වේශ) කරන්න එපා ඒක තමුන්ගේ සසර ගමන දිගු කරනවා මිසක් එයින් එතෙර කරන්න උදව් වෙන්නෙ නෑ කියලනේ. රාග, ද්වේශ, මෝහ ප්රහාණය කිරීම තමයි බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් වදාළ බුද්ධ වචනය. ඉතින් ඒක එහෙම තියෙද්දිත් වහරක ස්වාමින්වහන්සේ ගැන, අභය ස්වාමින්වහන්සේ ගැන දැඩි ද්වේශයෙන් මේ විදිහට අපහාස උපහාස කරන උන් යන්නෙ බුදුන් දේශනා කල මාර්ගයෙද නැද්ද කියන එක මචන් උඹට බුද්දියක් තියෙනවන් හිතා ගන්න පුළුවන් වෙන්න ඕනේ. කතරගම යන්න ඕනේ කෙනෙක් යන විදිහ අහල දැනගන්නේ තමුන්ට කලින් කතරගම ගියපු කෙනෙක්ගෙන් මිසක් අඩුම ගානේ පාරක් වත් දැකල නැති කිරි සප්පයන්ගෙන් නෙමෙයිනේ. එහෙම නැත්තන් පිස්සෙක්ගෙන් නෙමෙයිනේ. ඒක නිසා උඹට ඔය කිව්ව ටික හරි කියල හිතෙනවනන් මාස දෙක තුනක් අරගෙන අර ලින්ක්ස් වල තියෙන කරුණු කාරණා අහල ඒ කියන දේවල් තමුන්ගේ බුද්දියට අවබෝද වෙනවද, එහෙම අවබෝද වෙනකොට තමුන්ගේ රාග, ද්වේශ, මෝහ අඩු වෙනවද කියලා පරික්ෂා කරලා බලපන්. කව්රුත් කියන පලියට පිළිගැනීමක් මේ විග්රහ කරන සත්‍යය ධර්මයේ නෑ. තමුන්ට අවබෝද උනානං ප්‍රතිපල ලැබෙයි. නැත්තන් ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. මම ඔය යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ ඉන්න උන්ට රිප්ලයි කරන්න කැමති නැහැ. මේක ටික ටයිප් කරන්න හිතුනේ යම් කිසි වාසනාවක් තිබිල ධර්මය අවබෝද උනොත් මචන් උඹට සසර ගමනෙන් නිදහස් වෙන්න පලවෙනි අඩිය තියන්න පුළුවන් වෙන නිසා. බන ටික අහල අවබෝද වෙලා සම්මා දිට්ටියට පත් වෙන්න පුළුවන් උනොත් එතනින් එහාට උඹට කිසිම කෙනෙක්ගෙ උපදෙස් අවශ්‍ය නෑ. එතන ඉඳල තමුන්ගේ ගුරුවරයා ධර්මය පමණයි. තමුන් කරන කියන සෑම දේකදිම තමුන්ගේ සිත රාගෙන් ද්වෙශෙන් මෝහෙන් ගලවන්නෙ කොහොමද කියල එතකොට තමුන්ටම වැටහෙනවා. මේ කියපු දේවල් ටිකක් හරි මීටර් වෙන්නැති කියල හිතනවා.
![]()
![]()
![]()