ඔයා මම කියපු දේ මතුපිටින් තේරුම් අරගෙන. කොහෙත්ම ප්‍රාණ ඝාතයක් නෑ බුදු දහමේ.ඒකෙදි දිව්‍යලෝකෙ යන්නේ පුළුවන් කිව්වොත් ඒ මිනිස්සු තව මිනිහෙක් මරාගෙන මැරෙන්න වුණත් සූදානම්. මේකෙදි පිං වැඩියෙන් ලැබෙනවා කියලා කිව්වොත් මිනිස්සු, දැනටමත් දේවල් තියෙන කෙනෙක්ටම, දෙන්න සූදානම්.
අපි දන්න, උදව් වැඩියෙන් ඕනෙ කෙනාට දිය යුතුය කියන මානුෂීය ධර්මයට පටහැනිව යන්න වුණත් මිනිස්සු පෙලඹෙනවා නේද මේකෙදි?
ඕනෙ නං කෙනෙක්ට මේක පගාව ගැනීමක් කියන්නත් පුලුවන්. වැඩියෙන් පිං කියන පගාව ලැබෙන්නේ මොකෙන්ද? ඒකට දෙනවා
මම අර මුලදිම කිව්වෙ, ඔය ඔයා කියන්නෙ ඔයාගෙ රුචිකත්වය, ඔයාගෙ අරමුණ මත පදනම්වෙලා හදාගත්ත ලොජික් එකෙන්.
සංඝරත්නයට දං දෙන එක ඒ අයගේ රුචිකත්වය, ඒ අයගේ අරමුණු මත පදනම්වෙලා හදාගත්ත ලොජික් එකෙන්.
අරමුණු දෙකේ වෙනස පේනවද? අන්න ඒකයි මම පොයින්ට් අවුට් කලේ. කෙනෙකුට සංඝයාටම දන් දෙන එක ආත්මාර්ථයක් විදිහට පේන්න පුළුවන්. ඒ එයාගෙ උපක්ලපන, අරමුණු මත පදනම් වෙනතාක් විතරයි.
මේ ආර්ය ධර්මයේ යහපත එකක්. ඔයා හිතනවා වගේ සමාජිය ගැටළුවල යහපත තව එකක්. Necessarily දෙක කන්ෆ්ලික්ට් නොවුනාට එකම ගෝල් එකක් නෙමෙයි තියෙන්නෙ.
ඔයාට ඕනයි කියන්න දුගියට දීම උතුම් කියලා. නමුත් ධර්මයේ එහෙම නෙමෙයි කියන්නෙ. ආර්ය භාවයට පිලිපන්න, ආර්ය මාර්ගයේ ඉන්න අයට දෙන දීමමයි උතුම්.
Intention එක වැදගත්. එකක් දන් දීමක ඉන්ටෙන්ශන් එකක්, අනික ප්‍රාණඝාතයට ඉන්ටෙන්ශන් කිරීමක්. දෙකම කරන්නෙ දිව්‍යලෝකෙ යන්න උනත් ඉන්ටෙන්ශන් දෙක අහසට පොලව වගේ. කම්පෙයාර් කරන්න බෑ.
එතකොට මට මෙහෙම කියන්න පුළුවන් නේ. මං වාහනයක් ගන්න නිසා දුප්පත් මිනිහෙක්ට ore ඇදින රස්සාවක් හරි ලැබෙනවා කියලා
අනිත් එක. අපි වාහනයක් ගන්නකොට මේ ලෝකෙ මොන කෙළවරේ මොන අසාධාරණකම් වෙනවද අපි දන්නේ නෑ
නමුත් අපි දන් අරගෙන පන්සල් වලට දුවනකොටත් මඟ දිගේ ඕනේ තරම් උදව් ඇත්තටම ඕනේ මිනිස්සු ඉන්නවා. යාචකයන්, වැඩිහිටි නිවාස ආදිය. මම හිතන්නේ නෑ ඔය දෙක compaire වෙනවා කියලා
ඒ වගෙම, exploit වෙනවා කියන්නත් පුළුවන්.
අර මුලින් කිව්ව දේමයි. මේ ධර්මයේ අරමුණු වෙනයි, ලෝකේ සමානාත්මතාව, බඩගින්න අඩුකරන්න කියන අරමුණු වෙනයි. බුදුදහමෙ හරයෙ අරමුණු වෙනයි.
මම ඔයා කියන දෙය රිජෙක්ට් කරනවා නෙමෙයි. ඔහොමත් හිතලා ක්‍රියා කරන්න පුලුවන්, අරහෙමත් හිතලා ක්‍රියාකරන්න පුළුවන්. ඒ දෙකේ වෙන වෙන අරමුණු තියෙන්නෙ. මම ඕවාගෙන් detach වෙලා ඉන්නෙ ඕකයි. කතාකරලා විසඳන්න අපහසුයි. ඒ ඒ අය ඒ ඒ අයගේ රුචි අරුචිකම්, උවමනාවන් වල. එච්චරයි.
බොහෝ මිනිස්සු පන්සලකට දෙන්නේ මොන Intention එකෙන් ද? කුට්ටිය වැඩියෙන් ගන්න.
මොන කුට්ටියද? පිං.....පිං කියන්නේ බිස්නස් එකක්
ඒක නිසා තමයි හිඟන්නට දෙනවට වඩා බුද්ධ පූජාවට තිබ්බත් පිං වැඩියි කියන්න මිනිස්සු බිහිවෙන්නේ.
නෑ ඒක වැරදි මතයක්. සූත්‍රය මතක නැහැ, නමුත් ආර්යමාර්ගයට පිළිපන් අයට පිලිවෙලින් දීමෙහි ආනිශන්ස වැඩිවෙන හැටි කියවෙන තැනක් සූත්‍රයක තියනවා. හමුඋනොත් දාන්නම්.
එසේ වෙතත්, පිං කෙරුවාව බිස්නස් එකක් කරං තියනවා කියන එක පිලිගන්න ඕන. නමුත් සෑම පිංකිරීමක්ම ජෙනරලයිස් කරන්න යන්න එපා. ඕවගෙ nuance එක වැඩියි. විවෘතව දකින්න උත්සහ කරන්න.
මිනිස්සුන්ගේ විචාර බුද්ධිය කියන එක අන්තිමටම හීන වෙලයි තියෙන්නේ. මිනිස්සුන්ගේ Intention එක වෙන්න ඕනේ උදව් අවශ්‍ය කෙනාට කිරීම මිසක් වැඩියෙන් return එක ලැබෙන කෙනාට දීම නෙවෙයි කියන එකයි මගේ අදහස නම්
දැන් මේකෙ "මගේ අදහස නම්" කියෙව්වම ඔයාටම තේරෙන්න ඕන ඒක ඔයාගෙ අර්ථවිවරණය. ඔයා "මේවා මෙසේ විය යුතුයි"/ "ලෝකය මෙසේ විය යුතුයි" කියලා හිතන විදිහය ඔය.
වැඩියෙන් return එක ලැබෙන කෙනාට දෙන එක ඒ අයගෙ intention එක. ඒ අය සූත්‍ර මත පදනම් වෙලා හිතන විදිහ.
අන්‍යාගමික පූජකයෙක් තමන්ට දුන්නම වැඩිම පිං කියලා කිව්වොත්
ඔයා එතකොට ඒ පුන්‍යකර්මය දිහා ඔය රාමුවෙන්ම ඉඳලා බලන්නේ නැහැ නේද?
දැන් උදාහරණයකට බුදුන් පහල උනේ නැතනම් මම, දැනුවත් උනොත්; ඉහලින් සලකන්නෙ ආලාරකාලාම, උද්දකරාමපුත්ත වගේ අයට. මොකද එවැනි ධ්‍යාන වලට යන්න ලේසිපහසු නෑ. යම් සීලයක්, යම් සමාධියක්, අසම්පූර්ණ නමුත් යම් ප්‍රඥාවක් තිබිය යුතුයි. එවිට ඒවගේ අයට දීම උතුම් වෙනවා නේ. බුද්ධ කියන වචනයේ ඩිෆීනීශන් එක අදාල පුද්ගලයෙකුත් ඒ ශාසනයත් තියන නිසා අන්‍ය ආගමිකයන් මට සෙකන්ඩරි වෙනවා.
නමුත් කවුරුහරි ඒ සාශන උතුම් කියලා හිතනවා නම් ඉතින් ඒක ඒ අයගෙ අවබෝධය, දැනුම සහ රුචිය.
ඒ මුල් කාරණා තුනම නැත්තේ ඒ මුල් කාරණා තුනට බුදුන්ගේ මඟ පෙන්වීමක් අවශ්‍ය නැති නිසා වෙන්න බැරිද? ඒක ඔයාටයි මටත් වුණත් මතුපිටින් බලලා කියන්න පුළුවන්. ආරණ්‍යවාසී නම්, පාංශකූලික නම්, පිණ්ඩපාතෙන් යැපෙනවා නම් අපිට පේනවා
නමුත් පෘථග්ජනයෙක්ට කෙනෙක් රහත් ද කියලා හොයන එක ලේසි නෑ........අන්න ඒක හොයන ක්‍රමය බුදුන් කියලා දෙනවා
එහෙම එකක් කියලා දෙන්නෙ නැහැ නෙ ඔතන.
ඒ වගෙම එහෙම හොයන්න අපහසුයි. අහල නැද්ද අටුවා කතාවක් තියනවා පාත්‍රය අරන් රහත් භික්ෂුවක් පසුපස ගියත් එක දැනගන්න බෑ සාර්ථකව කියලා. එකටනම් ඕනතරම් සූත්‍ර ඇති.අපි කොහොමද තවත් කෙනෙක්ගෙ සමාධිය, ඉන්ද්‍රිය ධර්ම, යෝනිසෝමනසිකාරය හරියට මනින්නෙ? තවත් රහත් භික්ෂුවක් කියලා හරියටම දැනගන්න නම් රහත්වෙලා බලන්න. නැතිනම් බුදුවෙලා ඉන්ද්‍රියපරෝපරියත්ති ඥානය ලබාගන්න. සමන්තබද්‍ර හාමුදුරුවො උනත් ඔය සද්දෙ දාන්නෙ ඕක දන්න නිසානෙ.
ඔතනින් මම ගන්නේ ආරාමවාසී රහත් නැති භික්ෂූන්ට දෙන්න තියෙන අකමැත්ත. මොකද කෙනෙක් රහත් නම් ඒ කෙනා කැලේ අස්සේ ඉන්නවට වඩා පිරිසිදු ධර්මය දේශනා කරලා තව කෙනෙක් ගේ දුක නැති කරන්න දායක වෙනවා නම් පෞද්ගලිකවම ඒයින් කෙනෙක්ට දන් දීමට මමත් කැමතියි. ඒ රහතන් ලට දුන්නම ලොකුවෑයිං හම්බෙනවා කියන නිසා නෙවෙයි. උන්වහන්සේගෙන් වෙන මෙහෙවරට
ඒක ඔයාගෙ කැමැත්ත. සූත්‍රය ප්‍රකාශ කරන්නෙ ඒක නෙමෙයි හැබැයි. එවගෙම කාටවත් සේවයක් නොකලත් කැලේ ඉන්න රහත් භික්ශුවට දෙන දානය මහත්ඵල වෙනවා. ඒක ඇව්ල්ලා උන්වහන්සේගෙන් මේ ශාසනයේ වෙන "එක් මෙහෙවරක්".
නමුත් ඔයා කියන, භෞතිකව මෙහෙවරක් කරන භික්ශුවත් උතුම්, ඒ වෙනයම් පැති වලින්. අන්න ඒ පැති කොයි කොයි ඒවාද වඩා වටින්නේ කියන එකයි Zeus ඔයයි මමයි මේ කතාකරන්නෙ. ඉතිං ඕවා කතාකරලා විසඳන්න අමාරුයි. මට කියන්න තියෙන්නෙ ඔයා ඒවා වඩා වැදගත් කියලා හිතනවා නම් එහෙම කටයුතු කරන්න. මම වෙන විදිහකට හිතනවා මම එහෙම කටයුතු කරනවා.
Goals දෙකක්, උපකල්පන දෙකක්, තර්ක දෙකක්. දෙකම වැලිඩ් මටනම්. මම, මම ගන්න විදිහ වැඩිමනක් අගයනවා පමණයි. ඔන්න ඕකම තමා තර්කඥානයෙන් මේ සාශනයේ කෙලවර දකින්න බැහැ කියන්නේ.
(මම ඔයා කියන කාරණා වලට දිගින් දිගටම එරෙහි වෙනවාය කියලා හිතන්න එපා. ඔයා අර සත්ව නෙවෙයි තථාගත කියලයි සූත්‍රයේ තියෙන කතාවට මම එකඟ වුණා වගේ මේ සාකච්ඡාවදීත් මට හිතුනොත් ඔයා හරි කියලා, ඒක මම පිළිගන්න පැකිලෙන්නේ නෑ)
Of course not. මම ඔයාව මේ ෆෝරම් එකේ ටික කාලයක ඉඳලා දන්නවා. ඒකයි රිප්ලයි කලෙත්. බොහෝදුරට ඕවට රිප්ලයි කරන්නෑ. මුල් ප්‍රශ්න කතාකරලා විසඳන්න පුළුවන් උනත් මේ දැන් කතාකරන, රුචි අරුචි/වෙනස් වෙනස් ගෝල් මත පදනම් වෙලා හදාගන්න වර්ල්ඩ් විව් සමපාත වෙන විදිහට කතාකරන්න බෑ ඇත්තටම. එව්වා ප්‍රශ්ණ, මේවා ගැටළු. සරල ප්‍රශ්ණ වලට එක් පිළිතුරක් දුන්නත් ගැටළුවලට විවිද විසඳුම් තියෙන්නෙ. ඕවා කතාකරලා විසඳන්න පුළුවන් ගැටළු නෙමෙයි. අත්දැකලා විසඳිය යුතු ධර්ම. නමුත් ඔය මතයට අමතරව "හරිමය" "වැරදිමය" කියන දැඩි ග්‍රහණය පැත්තකට දාලා මෙහෙමත් බලන්න පුළුවන් ඒවත් ඒ ඒ goals මත සාධාරණයි කියන එක එක හරි ඒත්තු ගියානම් එච්චරයි.
Edited
Changed ආශ්‍රවක්ශය to ඉන්ද්‍රියපරෝපරියත්ති