අපි කියවිය යුතු බෞද්ධ පොත් මොනවද?

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    චිරාත් මල්ලි...

    කියවිය යුතු

    අති පූජ්‍යරේරුකානේ චන්දවිමල හිමි
    අති පූජ්‍ය බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහනාහිමි
    අති පූජ්‍ය නාඋයනේ අරියධම්ම හිමි
    කොරලයගම සරණතිස්ස හිමි

    මගහැරිය යුතු

    කිරිබත්ගොඩ ඥානානන්ද
    වහරක අභය
    හඳපාන්ගොඩ නිවාතාප
    වලස්මුල්ල අභය
    පිටිදූව සිරිධම්ම
    මීවනපලාන ධම්මාලංකාර

    Thanks :D
    ඕවා ඉතින් Download කරගන්න link එකක් තමයි ඕනි

    බෞද්ධ පොත් (Ebooks)

    https://tipitaka.lk/library/0/all

    Thanks Alot මචෝ
    ගොඩක් වටිනවා !
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,149
    113
    Back Bay-Beacon Hill, Boston
    අපි මුලින් අපේ ඒව මොනවද කියලා වත් දැනගෙන ඉමු බ්‍රෝ

    මාත් හිතන්නේ ඒක ත්‍රිපිටකයට අදාල වෙන්නේ නැහැ. නමුත් දැනන් හිටියට කමක් නෑ නේ

    :D

    උඹ කියන එකේ ලොකු ඇත්තක් තියෙනවා. නමුත් මචං අභිධර්මය පොතක් කියවලා නං තේරුම් ගන්න අමාරුයි මං හිතන්නේ. ලංකාවේ ගිහියොත් පංති තියනව ඕවට

    මම කියවලා තියනවා. මෙලෝ රහක් නෑ. එයාගේ දැකපු මායා දර්ශන ගැන තමයි තියෙන්නේ
    ඕවා හොඳයි
    මහමෙව්නාවේ මැජික් බණ අහන මිනිස්සුන්ට

    ඒ වහරක කියන භික්ෂුව ගැන මම දන්නේ නැහැ. හැබැයි මචං උඹ ඔය කියන විදිහට ධර්මය විවේඡනය කරන එකෙයි, භික්ෂුවකගේ අඩුපාඩු පෙන්නන එකෙයි වැරැද්දක් මම දකින්නේ නැහැ

    හිතපං මම හෙට ආගමක් හදලා මටයි මගේ ගෝලයින්ටයි

    දන් දුන්නොත් extra පින් වෙනවා
    දෙයක් හොරකම් කළොත් extra පව් වෙනවා. උඹත් යන්නේ අර මහමෙව්නාවේ හාමුදුරුවන් දේශනා කරන මැජික් කතා ඔස්සේ
    අපහාස කළොත් extra පව් වෙනවා

    කියලා කිව්වොත් උඹලා ඒවා පිළිගන්නවද? නෑ. උඹත් අර දාලා තිබ්බ links ටික දාලා මොකක්ද කියලා තිබ්බේ? කාටවත් ඒකේ අඩුපාඩු කිව්වොත් පව් කියලා. කෙනෙක් වැරදියි නම් වැරදියි කියලා කියන්න නිදහස තියෙන්න ඕනේ අපායයි ගිනි දැලුයි පෙන්නන්නේ නැතුව.

    මේකයි මචං කේස් එක. බුදු හාමුදුරුවෝ බුදු වුනාම මේක ඉතාම සියුම් එහෙත් ගැඹුරු ධර්මයක් කියල සිතක් පහල වුනා. මේ අවබෝධ කල දේ තෙරුම් ගැනීම ඒ තරම්ම අසීරුයි කියලා සර්වඥ වූ බුදු වරයෙකුට පවා සිතක් පහල වුනා. ඒ අවස්තාවේදී සහම්පතී මහා බ්‍රහ්මයා දකුනු දණ මඬල බිම තබා ආරධනා කරනවා "ස්වාමීන් වහන්ස, මේ ධර්මය අවබෝධ කල හැකි පිරිසක් ඉන්නවා, ඒ අය වෙනුවෙන් දේශනා කරන්න කියා. බුදුපියානන් වහන්සේ එවිටයි ඒ කවුද කියා බලන්නේ. ධර්මය ඒ තරම් ගැඹුරුයි, සියුම්.

    දෙවෙනි කතාව බුදු පියානන් වහන්සේ ආනන්ද මහතෙරුන් සමඟ ලිච්ඡවී නුවර මැදින් වඩිනවා. ලිච්ඡවී කුමාරවරු දුනුවලින් ඉතා ඈත ඉලක්ක වලට විදිනවා පෙනෙනනවා. ආනන්ද හාමුදුරුවෝ බුදු පියාණන්ට පවසනවා " ස්වාමීනී මේ ලිච්ඡවීන් දුනු හරඹයේ ඉතාම දක්ෂයි, ඈත ඉලක්ක වලට විදිනවා" කියා. බුදු හිමියන් විමසනවා ආනන්ද, ඒයද අසීරු, අශ්ව ලෝමයක් සියක්වාරයකට පලා එවැනි ඊතලයකින් ඇත ඉලක්කකට විදින එකද කියා. ආනන්ද හාමුදුරුවෝ ප්‍රති පිලිතුරු දෙන්වා "ස්වාමීනි අශව ලෝමය සියයකට පලා එවැනි ඊතලයකින් විදින එකමයි අසීරු" කියා. බුදු පියාණන් දේශනා කරනවා" ආනන්ද, දුක මෙය බව අවබෝධ කිරීම, සමුදය මෙය බව අවබෝධ කිරීම, නිරොධ සත්‍ය අවබෝධ කිරීම, දුක්ඛ නිරොධ සත්‍ය අවබෝධ කිරීම කරන එක ඊටත් අසීරුයි, අසීරුම දේ අතර අසීරුම දුක මෙය බව අවබෝධ කිරීම, සමුදය මෙය බව අවබෝධ කිරීම, නිරොධ සත්‍ය අවබෝධ කිරීම, දුක්ඛ නිරොධ සත්‍ය අවබෝධ කිරීමයි" කියා.

    ධර්මය ඒ තරම් අසීරුයි, සියුම්. මෙහෙම තියෙද්දි අපේ රටේ ඉන්න ගොබ්බයෝ අතරේ සමහර මානසික රෝග තියෙන උන්, මං-පොර රෝග තියෙන උන්ට ලොකු කැසිල්ලක් හැදෙනවා නිවන් යන එක මහ කජ්ජක් වෙන්න බෑ , මේ ත්‍රිපිටකේ වැරැද්දක් නිසයි අපිට නිවන් දකින්න බැරි කියලා. ඔය වහරක කියන එකා, ඊට කලින් කලේ කට්ටඩි කම. සිවුරේ ඉඳන් කලේත් ඒක. ඕකට පාලි බැරි නිසාත් ඌට ධර්මයේ ගැඹුර ගැන වැටහීමක් නැති නිසාත් ඌ හිතුවා වචන දෙකට කඩලා "පද නිරුක්ති" අලුත් තේරුම් දුන්නම හරි කියලා. ඔන්න කියනවා අනිච්ච කියන්නේ අනිත්‍ය නෙවෙයි, අන්-ඉච්ච, ඉච්චාවට පවත්වන්න බැරි කම කියලා. මූ කිව්වා සක්කාය දිට්ටිය කියන්නේ සත්-කාය, ඒ කියන්නේ කය හොඳයි කියලා ගන්න එක කියලා. අපේ රටේ ඉන්න ගොබ්බයෝ ටිකත් මූට එකතුවුනා. මූ කියන්න ගත්ත මූ ට මාර්ග පල තියෙනවා කියලා, අර ගොබ්බයෝ ඒකටත් රැවටුනා.. ඊට පස්සේ අභය කියලා යාන්තම් වලස්මුල්ලේ ලකුනු වලින් ඉන්ජිනියරින් ගිහින් පේරා සිවිල් ගොඩ දා ගත්ත ඩයල් එකක් සෙට්වුනා-ඌට බාගෙට පිස්සු. ඌ මේ විකෘතිය තවත් ප්‍රචාරය කලා- පිට රටවල් වල ඉන්න ගොබ්බයොත් මූට එකතු වුනා.. මෙකෙත් එහෙම ගොබ්බයෝ ඉන්නවා. ධර්ම විකෘතියේ පාපය නිසා උන්ට යන්න වෙන්නේ මහ ගෙදර තමයි!

    EDITED
     
    Last edited:

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    උඹ කියන එකේ ලොකු ඇත්තක් තියෙනවා. නමුත් මචං අභිධර්මය පොතක් කියවලා නං තේරුම් ගන්න අමාරුයි මං හිතන්නේ. ලංකාවේ ගිහියොත් පංති තියනව ඕවට
    ඉතින් තේරුම් ගන්න අමාරු තමයි හැබැයි පොඩ්ඩක් හරි තේරුම් ගතහොත් සුත්‍ර දේශනා අහල ගන්න අවබෝදයට වඩා ගොඩක් ඉදිරියෙන් තියෙන්නේ කියල තේරෙයි. මට පොඩ්ඩක් කියෝලා තේරුම් ගන්න පුළුවන් වුණා පස් පව් කරද්දී එකෙන් ගොඩක් දුරට වැළකිලා ඉන්න ඕනේ කොහොමද කියල. මේක කරන දෙයක් මිසක් කියෝ කියෝ ඉන්න දෙයක් නෙවේ. කරන්න අමාරුයි කියන්න ලේසි. ගොඩක් අද කාලේ සිවුරු පොරෝ ගත්තු අය කියන බොරු එවෙලේම අහු වෙනවා අභිධර්මය කියෝගෙන යද්දී යන්තමින් හරි තේරුම් ගන්න දේවල් එක්ක. අභිධර්මය දහම්පාසල් ගුරුවරු වෙනුවෙන් නොමිලේ කියල දෙන පට්ටාන ධර්ම සභා වෙත් අභිධර්මය කියල දෙන්නේ ගිහියෝ එකට සිවුරු ඇදගත්තු අයත් එනවා ඒ අය අහන දේවල් දැක්කම පොඩ්ඩක් තේරුම් ගත්තු මටත් පුදුම හිතුන. දානේ ගෙදරකට ගියත් පන්සලේ හාමුදුරුවෝ කියන බොරු එවෙලේම තෙරුනවා දේශනා කරද්දීම. ලංකාවේ 99% ඉන්නේ නමට විතරක් ඉන්න හාමුදුරුවරු තියන දේවල් පරිබෝජනය කර කර.
     
    • Like
    Reactions: Johnnie_Walker

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මේකයි මචං කේස් එක. .......

    ..... නිවන් යන එක මහ කජ්ජක් වෙන්න බෑ , මේ ත්‍රිපිටකේ වැරැද්දක් නිසයි අපිට නිවන් දකින්න බැරි කියලා.

    මෙහෙමයි මචං ඔය බණ කියන කවුරුත් නිවන් මග පසක් කරගන්නේ නැති එක ගැන නම් මටත් ප්‍රශ්නයක් තියෙනවා. වහරක කියන කෙනාත් උඹ ඔය කියනවා වගේ නම් එයාගේ වටිනාකමක් නෑ

    සමන්ත බද්‍ර කියන හාමුදුරුවෝ ගැන උඹේ අදහස මොකක්ද?

    ඉතින් තේරුම් ගන්න අමාරු තමයි හැබැයි පොඩ්ඩක් හරි තේරුම් ගතහොත් සුත්‍ර දේශනා අහල ගන්න අවබෝදයට වඩා ගොඩක් ඉදිරියෙන් තියෙන්නේ කියල තේරෙයි. මට පොඩ්ඩක් කියෝලා තේරුම් ගන්න පුළුවන් වුණා පස් පව් කරද්දී එකෙන් ගොඩක් දුරට වැළකිලා ඉන්න ඕනේ කොහොමද කියල. මේක කරන දෙයක් මිසක් කියෝ කියෝ ඉන්න දෙයක් නෙවේ. කරන්න අමාරුයි කියන්න ලේසි. ගොඩක් අද කාලේ සිවුරු පොරෝ ගත්තු අය කියන බොරු එවෙලේම අහු වෙනවා අභිධර්මය කියෝගෙන යද්දී යන්තමින් හරි තේරුම් ගන්න දේවල් එක්ක. අභිධර්මය දහම්පාසල් ගුරුවරු වෙනුවෙන් නොමිලේ කියල දෙන පට්ටාන ධර්ම සභා වෙත් අභිධර්මය කියල දෙන්නේ ගිහියෝ එකට සිවුරු ඇදගත්තු අයත් එනවා ඒ අය අහන දේවල් දැක්කම පොඩ්ඩක් තේරුම් ගත්තු මටත් පුදුම හිතුන. දානේ ගෙදරකට ගියත් පන්සලේ හාමුදුරුවෝ කියන බොරු එවෙලේම තෙරුනවා දේශනා කරද්දීම. ලංකාවේ 99% ඉන්නේ නමට විතරක් ඉන්න හාමුදුරුවරු තියන දේවල් පරිබෝජනය කර කර.

    උඹ කොහොමද අභිධර්මය ඉගෙන ගත්තේ මචං ?

    සිංහල අටුවා Download කරන්න තැනක් තියෙනවදෝ?
     
    Last edited:

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,149
    113
    Back Bay-Beacon Hill, Boston
    මෙහෙමයි මචං ඔය බණ කියන කවුරුත් නිවන් මග පසක් කරගන්නේ නැති එක ගැන නම් මටත් ප්‍රශ්නයක් තියෙනවා. වහරක කියන කෙනාත් උඹ ඔය කියනවා වගේ නම් එයාගේ වටිනාකමක් නෑ

    සමන්ත බද්‍ර කියන හාමුදුරුවෝ ගැන උඹේ අදහස මොකක්ද?
    මහා කාෂ්‍යප හාමුදුරුවෝ බුදු හාමුදුරුවන්ට පවසනවා "ස්වාමීනී අතීතයේ ශික්ෂාව අඩුයි, මග පල ලාභීන් අධිකයි, මෑතකදී ශික්ෂාව අධිකයි, මගපල ලැබුවන් සීමිතයි" කියා. මේ කියන්නේ අවුරුදු 2600කට පෙර. දැන් බුදුපියාණන්ගේ ධර්මය සහ සංඝයා පමණයි ඇත්තේ. ඉතින් තේරුම් ගන්න පුලුවන් නේ. දැන් මග පල ලාබීන් නැත්තටම නැත්තේ නුවණ, ප්‍රඥාව මඳකම නිසායි. සමහර අසූ මහ ශ්‍රාවකයන් ඉතා අධික ප්‍රඥාව නිසා දහම් පද හතරක් අහන විටම මගපල ලැබුවා. එහෙමයි කියලා අපිටත් ඒකම වෙන්න ඔනේ කියලා හිතන එක විහිලුවක් නේ.

    අනිත් කරුන නම් යමෙක් මගපල ලබා ඇත්දැයි කියන්න පුලුවන් බුදුවරයෙකුට පමණයි. මගපල ලැබු භික්ෂුවක් ප්‍රසිධියේ නොපැවසිය යුතු බවට විනය නීතියක් පනවා තිබෙනවා. ඒ නිසා ඔය වහරක, වලස්මුල්ලේ අභය වගේ පිස්සු හුටන්ලා ඇරෙන්න සිල්වත් භික්ෂුවක් නම් මගපල ලැබු බව අඟවන එකක්වත් නෑ.

    සමන්ත බඩ්ඩ මානසික වෛද්‍යවරයෙකුට පෙන්වන්නේ නම් ලොකු පිනක්.
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    උඹ කොහොමද අභිධර්මය ඉගෙන ගත්තේ මචං ?
    එකත් නියම කතාව මන් අදුරන යාලුවෙක් ඉන්නවා මට තමන්ගේම සහෝදරයෙක් විදිහට සලකන එය බුද්ධ දර්ශනය ගැන හොයනවා එය හොයාගෙන ගිය ගොඩක් දේවල් ගුරවරු ලගට ගිය අතහැරිය එයට වැරදි කියල තෙරෙද්දී .එහෙම ඉදිද්දී මට ගොඩක් හොද ගුරුවරයෙක් ඉන්නවා එන්න පුළුවන් ද එකතු වෙලා යන්න කියල ඇහුව මන් මග ඇරිය. ඊට පස්සේ එයාලගේ ගෙදර අය එකතු වෙලා සාකච්චා කරනවා එන්න පුළුවන් ද කියල ඇහුව ගියේ නැ. එහෙම 8 සැරයක් ඇහුව එත් ගියේ නැ. 9 වෙනි පාර බැ කියන්න බැරි නිසාම ගිය. එහෙම ගියහම මේ සංසාර භියෙන් පටන් ගත්තේ. එතකොට තේරුණා මේක ගැන හොයල බලන්න ඕනේ කියල මුලින් මුළු ත්‍රිපිටකය ගැනම තමයි අපිත් කතා කරේ එයාල ඉගෙන ගත්තු දේවල් වලින් පස්සේ පස්සේ අභිධර්මය පැත්තට ගිය. තාමත් ඉගෙන ගන්නවා. අභිධර්මර්ත ප්‍රදිපිකව පොත තමයි දැන් කියවන්නේ . ඒ අතරේ දැනගත්ත පට්ටාන ධර්ම සභාව ගැන දැනගත්තේ මිට මාස කිහිපයකට කලින් පොත හරි විදිහට ඉවර කරන්න උදව්වක් වෙයි කියල හිතුන. පට්ටාන ධර්ම සභාවෙත් කියල දෙන්න මේ පොතම තමයි. එහෙම තමයි පටන් ගත්තේ අභිධර්මය ඉගෙන ගන්න පටන් ගත්තට පස්සේ අකුසල් සිතුවිලි අදුරගෙන කොහොමද පාලනය කරන්නේ. හරි විදිහට කුසල් සිතුවිලි ඇති කරගන්නේ කොහොමද ඒවා පවත්වාගෙන යන්නේ කොහොමද කියල ඒ කියල දීල තියන මුලික කරුණු වලින්ම තේරුම් ගන්න පුළුවන්.

    හැබැයි මෙහෙම දෙයක් කියන්න ඕනේ මන් මේ සංසාරය ගැන සිරාවට භය වෙලා නැ තාමත් මන් සැහැල්ලුවෙන් හිතන්නේ.ඇත්තටම මේ බැදීම් වලින් ගැලවීමක් නැ මිදෙන්න ඔන කියල හරියටම හිතුන නම් මන් අද මේ ටික කියන්නවත් මේ computer එක ඉස්සරහ ඉන්න එක්ක නැ
     
    මට ඒ විනය නීතිය තියෙන සූත්‍රය පොඩ්ඩක් කියන්න. මොකද සමන්ත බද්‍ර කියන්නේ එහෙම එකක් නෑය කියලනේ
    පොරගේ සමහර දේශනා තියෙනවා සුපිරි ඒවා. හැබැයි ටිකක් පිස්සු ගතියක් තියෙනවා තමයි

    උඹේ ලක් එක තමයි. මම මුළු සූත්‍ර පිටකයම කියෙව්වා. නොතේරෙන තැන් එමටයි
     
    Sen-lu

    Well-known member
  • අනේ මන්ද හාමුදුරුවෝ බණට කියන්නේ පවු කරොත් අපායෙ යනව පිං කරත් සෝවාන් නැත්නම් ශුවර් නැ කියල. එහෙනම් මොන මගුලක් කරන්න ඕන කියල කව්රුවත් කියන්නෙ නැ . උන්නාන්සේලා ඉතින් ධර්ම දානය උතුම් දානය කියල මොකක් හරි ජාතක කතාවක් කියල පාඩුවේ ඉන්නව. අනේමන්ද එකම දේ ගැන එක එක පොත්වල තියෙන්නේ වෙනස්ම දේවල්. කාටවත් blame කරල වැඩක් නෑනේ ඒක නිසා අභිධර්ම පිටකය කියවන්න ගත්ත. බලමුකො එකත් ට්‍රයි කරලා. (ඔය පරිවර්තනෙත් හරියට නැ කියල හන්තානේ ධර්මගවේසී හාමුදුරුවෝ කියනව දැක්ක, ඇත්ත නම් පාලිම ඉගෙනගන්න වෙනව)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    චිරාත් මල්ලි...

    කියවිය යුතු

    අති පූජ්‍යරේරුකානේ චන්දවිමල හිමි
    අති පූජ්‍ය බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහනාහිමි
    අති පූජ්‍ය නාඋයනේ අරියධම්ම හිමි
    කොරලයගම සරණතිස්ස හිමි

    මගහැරිය යුතු

    කිරිබත්ගොඩ ඥානානන්ද
    වහරක අභය
    හඳපාන්ගොඩ නිවාතාප
    වලස්මුල්ල අභය
    පිටිදූව සිරිධම්ම
    මීවනපලාන ධම්මාලංකාර
    Thanks :)
     
    Dean_winchester

    Well-known member
  • Jun 3, 2018
    449
    400
    63
    මම ටය්ප් කරන්න ගියා විතරයි ඒත් බැලුවා සැකේට කවුරු හරි දැනටත් මේක කියල තියේද කියල. මේ හාමුදුරුවො ලියපු පොත් හොඳින් තේරුම් ගන්න පුළුවන්. 🙏

    Buddhist Books මේ පොත් ටිකත් හොදට බලන්න..ඒ වගේම රේරුකානෙ චන්දවිමල ස්වාමින් වහන්සේගේ පොත් ටික බැලුවනම් ලොකු දැනුමක් ගන්න පුලුවන්
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    අනේ මන්ද හාමුදුරුවෝ බණට කියන්නේ පවු කරොත් අපායෙ යනව පිං කරත් සෝවාන් නැත්නම් ශුවර් නැ කියල. එහෙනම් මොන මගුලක් කරන්න ඕන කියල කව්රුවත් කියන්නෙ නැ . උන්නාන්සේලා ඉතින් ධර්ම දානය උතුම් දානය කියල මොකක් හරි ජාතක කතාවක් කියල පාඩුවේ ඉන්නව. අනේමන්ද එකම දේ ගැන එක එක පොත්වල තියෙන්නේ වෙනස්ම දේවල්. කාටවත් blame කරල වැඩක් නෑනේ ඒක නිසා අභිධර්ම පිටකය කියවන්න ගත්ත. බලමුකො එකත් ට්‍රයි කරලා. (ඔය පරිවර්තනෙත් හරියට නැ කියල හන්තානේ ධර්මගවේසී හාමුදුරුවෝ කියනව දැක්ක, ඇත්ත නම් පාලිම ඉගෙනගන්න වෙනව)

    අභිධර්මය කියවලා ඉගෙන ගන්න හරි අමාරුයි බ්‍රෝ

    Buddhist Books මේ පොත් ටිකත් හොදට බලන්න..ඒ වගේම රේරුකානෙ චන්දවිමල ස්වාමින් වහන්සේගේ පොත් ටික බැලුවනම් ලොකු දැනුමක් ගන්න පුලුවන්

    මේක මං බලනවා මචං
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    උඹේ ලක් එක තමයි. මම මුළු සූත්‍ර පිටකයම කියෙව්වා. නොතේරෙන තැන් එමටයි
    පාලි ඉගෙන ගත්තද බන්. කොහොමත් උබත් ඉන්නේ අර මන් මුල් කාලේ වගේ තැනක් .තමන්ට අවබෝධ වෙද්දී හරි පාරට වැටෙයි ටිකෙන් ටික.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    මට ඒ විනය නීතිය තියෙන සූත්‍රය පොඩ්ඩක් කියන්න. මොකද සමන්ත බද්‍ර කියන්නේ එහෙම එකක් නෑය කියලනේ
    පොරගේ සමහර දේශනා තියෙනවා සුපිරි ඒවා. හැබැයි ටිකක් පිස්සු ගතියක් තියෙනවා තමයි

    මේ තියෙන්නෙ ඊවිජේසකර කියපු කාරණයට අදාල විනය සූත්‍රය වෙන්න ඕන.
    https://thripitakaya.org/tipitakaya/Index/1046?s=23834

    සමන්තබද්‍ර බොරුම කියන්නෑ. එයා විවධ ධම්ම පරියායයන් කන්ෆ්ලේට් කරලා එයාට ඕන නැරෙටිව් එක හදනවා. කාලයක් සූත්‍ර ආශ්‍රය කරපු, සිල්වත් ප්‍රඥාවන්ත භික්ශූන්ගෙන් ධර්මය ඇසුරු කරපු අයට එයාගෙ ඒ බොරුව පේනවා.

    මට මතකයි එකතැනකදි එයාගෙන් අහනවා පුනර්භවය තියද කියලා. එකට අර චතුශ්කෝටික, "තථාගතෝ හෝති පරම්රණං" (අනුරාධ සුත්‍රය බලන්න) කියන අදාල නැති නමුත් ලඟිං යන කෑල්ල අරං පිලිතුරක් දෙනවා. සත්වයා සහ තථාගත කියන දෙක කන්ෆ්ලේට් කරලා.

    එතනදි "සම්මුති මරණය" ගැන කියලා, පස්සෙ කියනවා මම ඕක තමයි හොයාගත්තෙ කියලා. ඒක එයා හොයාගන්න ඕන නෑ. පටිච්චසමුප්පාදයෙ "එටෙම්පොරල්" (ඈස් ඔපෝස්ඩ් ටු ත්‍රී ලයිෆ් මොඩ්ල්) මොඩ්ල් එක පටිච්චසමුප්පාදය ගැන කියවලා තියන අය දන්නවා. බුදුදහම අධ්‍යනය කරන අය දන්න දෙයක්.

    හරි නම් එතනදි පිලිතුර දෙන්න ඕන කාලාම වගේ සූත්‍රයකින්. ස්කෙප්ටිකල් කෙනෙක් මුලින් සීලයට යොමුවෙන විදිහට.

    මගේ පෞද්ගලික මතය නම් එයා කල්ට් එකක් නිර්මාණය කරමින් ඉන්නවා කියන එක. ඒවගෙම අද්වෛත වේදාන්ත ශෛලියකුත් පේන්න තියනවා. අද්වෛත කියන්නෙ බුදුදහම ඉන්දියාවෙන් අතුගාන්න හේතුඋන ප්‍රධාන ෆෝර්සස් වලින් එකක්. බුදුදහමෙ සමහර දේවල් වේදයට ඈඳගෙන හදාගත්ත බොහොම ශක්තිමත් දර්ශනයක් (අද්වෛතය ඉන්දියාවෙ ප්‍රචලිත කරපු ශංකරචාර්ය තුමාට භාරතීය ආස්තික දර්ශනවලිං එල්ලවුණ ප්‍රධාන ක්‍රිටිසිම් එකක් තමා එතුමා ක්‍රිප්ටො බුඩිස්ට් එහෙමත් නැතිනම් සැඟවුනු බෞද්ධයෙක් කියන එක. එකට හේතුව එතුමා බෞද්ධ සංකල්ප අරගෙන වේදාන්තය අලුත් කරලා පනගස්වලා ගත්තා ශක්තිමත් තර්කන ක්‍රමයක් ඇති දර්ශනයක් විදිහට).

    සමන්තබද්‍රත් මොන මොන කූල්ඒඩ් බොනවද/පොවනවද දන්නෑ... අන්තිමට මෙහෙම කියන්නම්.

    " සමන්තබද්‍ර කියන අලුත් ඒවා ඇත්ත නෙමෙයි, ඇත්ත ඒවා අලුත් නෙමෙයි"
     
    Last edited:
    • Like
    Reactions: HSW and Pessimist

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere

    ලොල්. දැන්නේ තේරුනේ වහරක ලොකු හාමුදුරුවොයි, වලස්මුල්ලේ අභය ස්වාමින්වහන් ගැනයි මෙච්චර කැක්කුමක් තියෙන එකා කව්ද කියල. මොකද අඳබාලයෝ හාවර්ඩ් බයෝ එක දැන් වැඩ නැද්ද? මේ thread එක දාපු මල්ලිට බුදු සරණම තමයි මේ වගේ කාලකන්නියෙක්ගෙන් (මේ video එක මෙතන පොස්ට් කරපු එකා ) ධර්මය ගැන advise ගත්තොත් ලොල්.

    ඔය video එකේ ඉන්න ලබුනොරුව ආරන්‍ය සේනාසනයේ ස්වාමින්වහන්සේ ගෝල ස්වාමින් වහන්සේ නමක් විබජ්ජවාදය කියල වැඩසටහනක් හරහා පුදුම දැඟලිල්ලක් දඟලනවා වහරක අභයරතනාලංකාර ලොකු හාමුදුරුවෝ සහ උන්වහන්සේගෙන් ධර්මය අහල මාර්ගය වඩන ආර්ය සංඝ රත්නය වැරදියි, ඒගොල්ලොන්ගේ බන අහන්න එපා, ත්‍රිපිටකය විකුර්ති කරනවා වගේ නොයෙක් කතන්දර කියල මන්ද බුද්ධික පුහු තර්ක ගෙනල්ල තමුන් තමයි හරි කියල සාමජයේ කැපිල පේන්න. ඇඩෙනව අහන් ඉන්නකොට. පව්. මොන දුකක්ද. ලේ පුච්චගෙන ද්වේශයෙන් දැවී දැවී තමුන්ගේ තර්කය සමාජගත කරන්න දඟලන වෙලාවේ හුස්ම රැල්ල දිහා බලාගෙන භාවනාවක් වැඩුවනන් තමන්ගේ මහන කමට පොඩි හරි ප්‍රයෝජනයක් තියෙනවා. මම හිතන විදිහට මේවා පොස්ට් කරන එකත් ඔය කල්ලියේ සාමාජිකයෙක් වෙන්න ඕන. බොරු නං ඕන කෙනෙකුට පුළුවන් ධර්මය ගැන කතා කරන ත්‍රෙඩ් කීපයකට ගිහින් බැලුවොත් තේරෙයි ඒ හැම තැනකම මේ එකම සෙට් එක ඉන්නවා කියල. උන්ගේ පරමාර්ථය හොයන එක නං වැඩක් නෑ. නමුත් හැම ස්වාමින් වහන්සේ කෙනෙක්ම දේශනා කරන දේ අහල තමුන්ගේ බුද්දියට වැටහෙන ප්‍රඥා ගෝචර කෙලෙස් සංසිදෙන ධර්මය මොකද්ද කියල තොර ගන්න පිනක් තියෙන්නම ඕන. නැත්තන් දකින දකින පොත් හොයා හොයා කියවන්න ගිහින් පොතේ ගුරෙක් වෙනවා මිසක් තමුන්ගේ හිතේ කෙලෙස් සන්සිදීමක් නං වෙන්නේ නෑ. කොච්චර පොත් කියෙව්වත් මැරෙන මොහොතේදී තමුන්ගේ හිතට එන රාග, ද්වේශ, මෝහ අරමුණු වලින් මිදෙන්න හිත පුරුදු කරලා නැති එකාට යන්න වෙන්නේ සතර අපායට මිසක් සුගතියකට නං නෙමෙයි.

    සත්‍ය ධර්මය හොයන හැම කෙනෙක්ටම ආයෙම කියන්නෙ ආශ්වාදය, ආදීනවය, නිස්සරණය අවබෝධ කරගනින්. සතර සතිපට්ටානය වඩපන්. ඔච්චරයි දැනගන්න ඕනේ. ආශ්වාදය ආදීනවය නිස්සරණය අවබෝද උනාම සතර සතිපට්ටනයෙන් ජීවිතය පවත්වන්න මග පෑදෙනවා. සතර සතිපට්ටානය වඩනකොට ආර්ය අෂ්ටාංගික මාර්ගය නිකම්ම වැඩෙනවා. එකින් එක බල බල වඩන්න ඕන වෙන්නෙ නෑ. සුනීත, සෝපාක වගේ අය පොතේ ගුරාල වෙලා නෙවෙයි මාර්ග පල ලබල තියෙන්නේ. රාහුල හාමුදුරුවෝ අවුරුදු 7න් සෝවාන් වෙලා තියෙන්නේ රටේ නැති පොත් කියවල නෙමෙයි. තවත් ඔය වගේ කොච්චර උදාහරණ තියෙනවද. පුදනකොටම කාපි යකා කියල මේකට බැනල රිප්ලයි දාන්න කලින් කියපු දේ සත්‍ය අසත්‍යතාව හොයල බැලුවනං කාට කාටත් යහපතක් වෙයි.
     
    :lol::lol::lol: රිදිලා!

    වහරක ගේ ඥානය -අබ ඇටයක් පමණ මොලයක් තිබේ නම් ඔබට තේරෙයි!

    අභය පිස්සුන්වහන්සේගේ ඥානය.. ලොල්- මොලේ පස්ස පැත්තේ නැති අයට තේරෙයි!

    නමුත් හැම ස්වාමින් වහන්සේ කෙනෙක්ම දේශනා කරන දේ අහල තමුන්ගේ බුද්දියට වැටහෙන ප්‍රඥා ගෝචර කෙලෙස් සංසිදෙන ධර්මය මොකද්ද කියල තොර ගන්න පිනක් තියෙන්නම ඕන.
    :lol::lol::lol:
    තමන්ගේ ප්‍රඥාවට වැටහෙන ධර්මයක් තෝරා ගන්න නම් බුදුවරයෙක්ගේ ධර්මය මොකටද? බුද්ධ වචනයේ නම් තියෙන්නේ ක්‍රමයෙන් ප්‍රඥාව වැඩෙන මාර්ගය. උදාහරණයකට අනිත්‍ය කියන එක හරියටම අවබෝධ වන කෙනා සෝවාන් තත්වයට පත්වුන උතුමෙක්. අනිත්‍ය සංඥාව වැඩීමෙනුයි අනිත්‍ය ගැන අවබෝධය එන්නේ- භාවනාවෙන්. නමුත් වහරකලාට, අභයලාට සහ උන් පස්සේ යන ගොන් වස්සන්ට අනිත්‍ය තේරෙන්නේත් නෑ, සෝවාන් වෙන්නත් බෑ, උන් ශෝට් කට් එකක් හොයාගෙන නටනවා. අනිත්‍ය කියන්නේ අනි -ඉච්ච ලු .. අහෝ දෙව්දත් නොදිටි මොක්පුර!:lol::lol:
     
    Last edited:

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,526
    8,740
    113
    මෙතන කතා කරලා තියෙන ගොඩක් දේවල් වලට මේකේ උත්තරයක් තියෙනවා කියාල හිතනවා... පොඩ්ඩක් අහල බලන්න.

    • Love
    Reactions: amino