අපි කියවිය යුතු බෞද්ධ පොත් මොනවද?

mr90486

Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    තමන්ගේ ප්‍රඥාවට වැටහෙන ධර්මයක් තෝරා ගන්න නම් බුදුවරයෙක්ගේ ධර්මය මොකටද? බුද්ධ වචනයේ නම් තියෙන්නේ ක්‍රමයෙන් ප්‍රඥාව වැඩෙන මාර්ගය. උදාහරණයකට අනිත්‍ය කියන එක හරියටම අවබෝධ වන කෙනා සෝවාන් තත්වයට පත්වුන උතුමෙක්. අනිත්‍ය සංඥාව වැඩීමෙනුයි අනිත්‍ය ගැන අවබෝධය එන්නේ- භාවනාවෙන්. නමුත් වහරකලාට, අභයලාට සහ උන් පස්සේ යන ගොන් වස්සන්ට අනිත්‍ය තේරෙන්නේත් නෑ, සෝවාන් වෙන්නත් බෑ, උන් ශෝට් කට් එකක් හොයාගෙන නටනවා. අනිත්‍ය කියන්නේ අනි -ඉච්ච ලු .. අහෝ දෙව්දත් නොදිටි මොක්පුර!:lol::lol:
    "තමන්ගේ ප්‍රඥාවට වැටහෙන ධර්මයක්" කිව්වේ ධර්මය දෙසන අය දෙසන දෙයෙහි අන්තර්ගතය අනුව අහන එකා තෝරා ගන්නව කියන එක. ඒ තෝරාගැනීම කරන්නේ ඒ දෙසන දෙයින් තමුන්ගේ හිතේ කෙලෙස් පහවෙනවද කියන අවබෝදය මත. නැතුව එක එකාට හිතෙන හිතෙන දේ ධර්මය කියල පිළිගන්නව නෙමෙයි. ප්‍රඥාව වැඩෙන්නේ ක්‍රමක්‍රමයෙන් තමයි. කව්ද ඒක එහෙම නෙමෙයි කිව්වේ? බුදුවරයෙක් ලෝකෙට ධර්මය දේශනා කලාම එක අහන මිනිස්සු ඒ ධර්මයේ හරය තේරුම් ගන්නේ තම තම නැණ පමණට නෙමෙයි නං වෙන කොහොමද? ඒක එහෙම නිසා තමයි සෝවාන්, සකුර්දගාමී, අනාගාමී, අරිහත් කියල පියවරෙන් පියවර මාර්ග ඵල ලැබෙන්නෙ. එකෙන් අදහස් කරන්නෙ වැඩිලා තියෙන ප්‍රඥාවේ මට්ටම. එහෙම නැත්තන් කෙලෙස් ප්‍රහින වෙලා තියෙන මට්ටම
     
    • Like
    Reactions: Pessimist

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මේ තියෙන්නෙ ඊවිජේසකර කියපු කාරණයට අදාල විනය සූත්‍රය වෙන්න ඕන.
    https://thripitakaya.org/tipitakaya/Index/1046?s=23834

    සමන්තබද්‍ර බොරුම කියන්නෑ. එයා විවධ ධම්ම පරියායයන් කන්ෆ්ලේට් කරලා එයාට ඕන නැරෙටිව් එක හදනවා. කාලයක් සූත්‍ර ආශ්‍රය කරපු, සිල්වත් ප්‍රඥාවන්ත භික්ශූන්ගෙන් ධර්මය ඇසුරු කරපු අයට එයාගෙ ඒ බොරුව පේනවා.

    මට මතකයි එකතැනකදි එයාගෙන් අහනවා පුනර්භවය තියද කියලා. එකට අර චතුශ්කෝටික, "තථාගතෝ හෝති පරම්රණං" (අනුරාධ සුත්‍රය බලන්න) කියන අදාල නැති නමුත් ලඟිං යන කෑල්ල අරං පිලිතුරක් දෙනවා. සත්වයා සහ තථාගත කියන දෙක කන්ෆ්ලේට් කරලා.

    එතනදි "සම්මුති මරණය" ගැන කියලා, පස්සෙ කියනවා මම ඕක තමයි හොයාගත්තෙ කියලා. ඒක එයා හොයාගන්න ඕන නෑ. පටිච්චසමුප්පාදයෙ "එටෙම්පොරල්" (ඈස් ඔපෝස්ඩ් ටු ත්‍රී ලයිෆ් මොඩ්ල්) මොඩ්ල් එක පටිච්චසමුප්පාදය ගැන කියවලා තියන අය දන්නවා. බුදුදහම අධ්‍යනය කරන අය දන්න දෙයක්.

    හරි නම් එතනදි පිලිතුර දෙන්න ඕන කාලාම වගේ සූත්‍රයකින්. ස්කෙප්ටිකල් කෙනෙක් මුලින් සීලයට යොමුවෙන විදිහට.

    මගේ පෞද්ගලික මතය නම් එයා කල්ට් එකක් නිර්මාණය කරමින් ඉන්නවා කියන එක. ඒවගෙම අද්වෛත වේදාන්ත ශෛලියකුත් පේන්න තියනවා. අද්වෛත කියන්නෙ බුදුදහම ඉන්දියාවෙන් අතුගාන්න හේතුඋන ප්‍රධාන ෆෝර්සස් වලින් එකක්. බුදුදහමෙ සමහර දේවල් වේදයට ඈඳගෙන හදාගත්ත බොහොම ශක්තිමත් දර්ශනයක් (අද්වෛතය ඉන්දියාවෙ ප්‍රචලිත කරපු ශංකරචාර්ය තුමාට භාරතීය ආස්තික දර්ශනවලිං එල්ලවුණ ප්‍රධාන ක්‍රිටිසිම් එකක් තමා එතුමා ක්‍රිප්ටො බුඩිස්ට් එහෙමත් නැතිනම් සැඟවුනු බෞද්ධයෙක් කියන එක. එකට හේතුව එතුමා බෞද්ධ සංකල්ප අරගෙන වේදාන්තය අලුත් කරලා පනගස්වලා ගත්තා ශක්තිමත් තර්කන ක්‍රමයක් ඇති දර්ශනයක් විදිහට).

    සමන්තබද්‍රත් මොන මොන කූල්ඒඩ් බොනවද/පොවනවද දන්නෑ... අන්තිමට මෙහෙම කියන්නම්.

    " සමන්තබද්‍ර කියන අලුත් ඒවා ඇත්ත නෙමෙයි, ඇත්ත ඒවා අලුත් නෙමෙයි"

    සත්වයා ත් තථාගතයන් වගේම මරණින් මතු define වෙන්නේ නෑ කියලා නොමඟ යැව්වා කියලද ඔයා කියන්නේ?
    ඔයා සංයුක්ත නිකායේ සභිය සූත්‍රය කියවලා තියෙනවද? ආරාම සූත්‍රය එහෙම? ඒකෙදි තථාගතයන් වගේම සත්වයන් මරණින් මතු මොකද වෙන්නේ කියලා බුදුන් දේශනා කරලා නෑ

    මටත් එයාව හරියටම ශුවර් නැහැ. හැබැයි පොර එක බණ දේශනාවකදී ශංකර්චාර්ය තුමාට දොස් කියනවා බුදු දහම ඉන්දියාවෙන් තුරන් කරලා දැම්ම එකට

    මම නම් කියන්නේ මම සමන්තබද්‍ර කියන ඒවා ඇත්තද නැද්ද දන්නේ නැහැ. නමුත් පොර සැබෑ දක්ෂයෙක්.
     
    • Like
    Reactions: Pessimist

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    මම නම් කියන්නේ මම සමන්තබද්‍ර කියන ඒවා ඇත්තද නැද්ද දන්නේ නැහැ. නමුත් පොර සැබෑ දක්ෂයෙක්.
    ඔබ තුමා සමන්ත බද්‍ර ස්වාමින්වහන්සේ දක්ෂයෙක් කියනවනං වහරක අභයරතනාලංකාර ලොකු ස්වාමින්වහන්සේගේ ධර්ම දේශනා 10ක් විතර ඇහුවොත් කියන්න වෙන්නේ අති දක්ෂයෙක් කියල. හැබැයි ඒ දක්ෂ කම පාවිච්චි කලේ ලොකු පොඩි වෙනසක් නැතිව සෑම දෙනෙක්ටම නිවන් මග පෙන්නලා දෙන්න මිසක් ලාබ කීර්ති ප්‍රසංසා ලබන්න නෙමෙයි. ඒ උත්තමයා විදිහට කරුණු ගලපන්න, විග්‍රහ කරන්න, විශ්ලේෂණය කරන්න දක්ෂ ධර්ම දේශකයෙක් මම දැකල නෑ. ඕන කෙනෙක් අහන ඕනෑම ප්‍රශ්නෙකට ආයෙත් ගැටළු නැතිවෙන්නම උත්තර දෙන්න තරං දක්ෂකමක් ලොකු හාමුදුරුවන්ට තිබුන. මම සමන්තබද්‍ර ස්වාමින් වහන්සේගේ රහත් බව පිළිගන්නේ නෑ. කරුණු කාරණා මත. නමුත් ඉදිරිපත් කරන යම් යම් මතවාද ගැන ගෞරවයක් තියෙනවා. පන්චසීලයෙන් එහා, හැමදාම කියන ගාථා ටිකෙන්, බෝධි පූජාවෙන් එහා යම් කිසි ගැඹුරු දෙයක් බුදුදහම තුල තියෙනවා කියන දේ මම අවබෝද කරගත්තේ සමන්ත බද්‍ර ස්වාමින් වහන්සේගෙන්.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    ඔයා සංයුක්ත නිකායේ සභිය සූත්‍රය කියවලා තියෙනවද? ආරාම සූත්‍රය එහෙම? ඒකෙදි තථාගතයන් වගේම සත්වයන් මරණින් මතු මොකද වෙන්නේ කියලා බුදුන් දේශනා කරලා නෑ

    පාලි එක බලන්න. "සත්ත" කියලද තියෙන්නෙ "තථාගත" කියලද තියෙන්නෙ කියලා.

    සත්වයා ත් තථාගතයන් වගේම මරණින් මතු define වෙන්නේ නෑ කියලා නොමඟ යැව්වා කියලද ඔයා කියන්නේ?

    නෑ, ඉහත මුල් කාරණය (සත්ත~තථාගත) කොහොම වෙතත්, මම ඒක නෙමෙයි කිව්වෙ. සමන්තබද්‍ර කියන්නෙ "කවුරුහරි තියනවා කිව්වොත් නෑ කියනවා නෑ කිව්වොත් තියනවා" කියන එක. මම නෙමෙයි කියන්නෙ එයාමයි කියන්නෙ. තියනවා කිව්වොත් නෑ, නෑ කිව්වොත් තියනවා කියල කියන්නෙ නෑ බුදුන්. ඒක අධර්මයක්. එක විදිහකින් චතුශ්කෝටිකයෙ තුන්වෙනි දිගුව වගේ (ඇත, නැත දෙකම සත්‍ය වේ). එවැනි තර්ක, ඔය කාරනයෙදි බුදුන් ප්‍රතික්ශේප කරනවා.

    මටත් එයාව හරියටම ශුවර් නැහැ. හැබැයි පොර එක බණ දේශනාවකදී ශංකර්චාර්ය තුමාට දොස් කියනවා බුදු දහම ඉන්දියාවෙන් තුරන් කරලා දැම්ම එකට. මම නම් කියන්නේ මම සමන්තබද්‍ර කියන ඒවා ඇත්තද නැද්ද දන්නේ නැහැ. නමුත් පොර සැබෑ දක්ෂයෙක්.

    සමන්තබද්‍ර හාමුදුරුවොන්ට තියෙන්නෙ තර්ක බුද්ධියක්. තර්කකාරයෙක්. ඒක මම ඇක්නොලෙජ් කරනවා. ඒකත් ඉතිං හිතන තරම් ලොකු දෙයක් නෙමෙයි. තර්ක කරන්න පුලුවන් අය කියන දේ සත්‍ය නම් උසාවි වල ලෝයර්ස්ලා තමා සත්‍ය සොයාගන්නෙ.

    තව කියවලා බලන්න. තව තවත් භික්ශූන් වහන්සේලා ඉන්නවානෙ. ඒ අයගෙ ඒවාත් කියවලා ත්‍රිපිටකයට සංසන්දනය කරල බලන්න.
    මම ඔයාට ප්‍රායෝගිකව ධර්මය පිළිපදින්න (භාවනාව) කියන්න යන්නෑ. මොකද ත්‍රෙඩ් එක දාද්දිම ඔයාගෙ ඉල්ලීම ස්කොලරි පැත්තෙනුයි දැනගන්න ඕන කියලනෙ. එකට ඉතින් කියවන්න අහන්න තමයි ඕන.
     
    Last edited:

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,149
    113
    Back Bay-Beacon Hill, Boston
    මට ඒ විනය නීතිය තියෙන සූත්‍රය පොඩ්ඩක් කියන්න. මොකද සමන්ත බද්‍ර කියන්නේ එහෙම එකක් නෑය කියලනේ
    පොරගේ සමහර දේශනා තියෙනවා සුපිරි ඒවා. හැබැයි ටිකක් පිස්සු ගතියක් තියෙනවා තමයි
    ටිකක් නෙවෙයි හොඳටම. ඕක ඔඩුදිව ගිය සයිකෝසියාවේ ලක්ෂන (Psychosis). තමන්ට නැති අසාමාන්‍ය පාර භෞතික තත්වයක් ලැබී ඇතැයි කියා සිතමින් හැසිරීම. ඒ වගේම එකවර එයුෆෝරියා ලක්ෂන පෙන්වා ඊලඟ මොහොතේ අධික ද්වේශ සහගතව හැසිරීම්. ඕවා මානසික රෝගයක් ඔඩුදුවා ගිය ලක්ෂණ. සමන්ත බඩ්ඩයා සූත්‍රයක් අරන් විග්‍රහ කරනව මම නම් කවදාවත් දැකල නෑ.
     
    gamaGT

    Well-known member
  • Oct 22, 2017
    355
    402
    63
    අට්ටකතා හැර අනිත් ඔක්කොම පොත් ත්‍රිපිටකය තුල අන්තර්ගතයි.
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ......ඒ උත්තමයා විදිහට කරුණු ගලපන්න, විග්‍රහ කරන්න, විශ්ලේෂණය කරන්න දක්ෂ ධර්ම දේශකයෙක් මම දැකල නෑ.....නමුත් ඉදිරිපත් කරන යම් යම් මතවාද ගැන ගෞරවයක් තියෙනවා. පන්චසීලයෙන් එහා, හැමදාම කියන ගාථා ටිකෙන්, බෝධි පූජාවෙන් එහා යම් කිසි ගැඹුරු දෙයක් බුදුදහම තුල තියෙනවා කියන දේ මම අවබෝද කරගත්තේ සමන්ත බද්‍ර ස්වාමින් වහන්සේගෙන්.

    සාමාන්‍යෙන් කාටවත් උත්තමයා. දහමක් විවේඡනය කරන එකා මහා පව් වගේ කතා කියන අයගේ recommendations මම ඒ තරම් ලොකුවට ගන්නේ නෑ . නමුත් ඇත්ත මමත් තාම සමන්තබද්‍ර ගේ රහත් භාවය පිළිගන්නේ නෑ

    පාලි එක බලන්න. "සත්ත" කියලද තියෙන්නෙ "තථාගත" කියලද තියෙන්නෙ කියලා.

    නෑ, ඉහත මුල් කාරණය (සත්ත~තථාගත) කොහොම වෙතත්, මම ඒක නෙමෙයි කිව්වෙ. සමන්තබද්‍ර කියන්නෙ "කවුරුහරි තියනවා කිව්වොත් නෑ කියනවා නෑ කිව්වොත් තියනවා" කියන එක. මම නෙමෙයි කියන්නෙ එයාමයි කියන්නෙ. තියනවා කිව්වොත් නෑ, නෑ කිව්වොත් තියනවා කියල කියන්නෙ නෑ බුදුන්. ඒක අධර්මයක්. එක විදිහකින් චතුශ්කෝටිකයෙ තුන්වෙනි දිගුව වගේ (ඇත, නැත දෙකම සත්‍ය වේ). එවැනි තර්ක, ඔය කාරනයෙදි බුදුන් ප්‍රතික්ශේප කරනවා.

    සමන්තබද්‍ර හාමුදුරුවොන්ට තියෙන්නෙ තර්ක බුද්ධියක්. තර්කකාරයෙක්. ඒක මම ඇක්නොලෙජ් කරනවා. ඒකත් ඉතිං හිතන තරම් ලොකු දෙයක් නෙමෙයි. තර්ක කරන්න පුලුවන් අය කියන දේ සත්‍ය නම් උසාවි වල ලෝයර්ස්ලා තමා සත්‍ය සොයාගන්නෙ.

    තව කියවලා බලන්න. තව තවත් භික්ශූන් වහන්සේලා ඉන්නවානෙ. ඒ අයගෙ ඒවාත් කියවලා ත්‍රිපිටකයට සංසන්දනය කරල බලන්න.
    මම ඔයාට ප්‍රායෝගිකව ධර්මය පිළිපදින්න (භාවනාව) කියන්න යන්නෑ. මොකද ත්‍රෙඩ් එක දාද්දිම ඔයාගෙ ඉල්ලීම ස්කොලරි පැත්තෙනුයි දැනගන්න ඕන කියලනෙ. එකට ඉතින් කියවන්න අහන්න තමයි ඕන.

    ඔයා හරි. තියෙන්නේ තථාගත කියලා තමයි. නමුත් මට හිතාගන්න බැහැ A P De Zoysa වගේ කෙනෙක් ඒක වරද්දගත්තේ කොහොමද කියල

    සමන්තබද්‍රගේ තියෙනවා සාම්ප්‍රදායික නම් ඒක අනිවාරයයෙන්ම වැරදිමයි කියන මතයක්. මම ඒකට එකඟ නෑ. නමුත් සම්ප්‍රදායේ දේවල් ඔහේ කරන්න ඕනේ නෑ තමයි.

    උසාවියක තර්ක කරනවා වගේ නෙවෙයි ධර්මයක් තර්කයෙන් හරි defend කරන එක. ත්‍රිපිටකයේ මොන තරම් නම් මෝඩ පාර්ට්ස් තියෙනවද? ඒවා සාධාරණීකරණය කරන එක ලේසි නැහැ

    මම තාම ධර්මය ගැන පැහැදුන කෙනෙක් නෙවෙයි බ්‍රෝ. මම Agnostic කෙනෙක්. කොටින්ම මම මිනිස්සු දන් උස්සගෙන පන්සලටම යන එකටත් විරුද්ධ කෙනෙක්. උදව් දෙන්න ඕනෙ නැති බැරි මිනිස්සුන්ට මිසක් යාන වාහන වතු පිටි ගෙවල් දොරවල් තියෙන තට්ටේ ගාපු මිනිහෙක්ට නෙවෙයි

    කොහොම වුණත් මාතෘකාවට අදාලා මට ඕනේ
    සිංහල අට්ඨකතා වල PDF එකක්. Kindle එකෙන් කියවන්න

    ටිකක් නෙවෙයි හොඳටම. ඕක ඔඩුදිව ගිය සයිකෝසියාවේ ලක්ෂන (Psychosis). තමන්ට නැති අසාමාන්‍ය පාර භෞතික තත්වයක් ලැබී ඇතැයි කියා සිතමින් හැසිරීම. ඒ වගේම එකවර එයුෆෝරියා ලක්ෂන පෙන්වා ඊලඟ මොහොතේ අධික ද්වේශ සහගතව හැසිරීම්. ඕවා මානසික රෝගයක් ඔඩුදුවා ගිය ලක්ෂණ. සමන්ත බඩ්ඩයා සූත්‍රයක් අරන් විග්‍රහ කරනව මම නම් කවදාවත් දැකල නෑ.

    ඕනෙ තරම් සූත්‍ර විග්‍රහ කරන්නේ

    අට්ටකතා හැර අනිත් ඔක්කොම පොත් ත්‍රිපිටකය තුල අන්තර්ගතයි.

    මම හොයන්නේ අට්ටකතා තමයි
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    සාමාන්‍යෙන් කාටවත් උත්තමයා. දහමක් විවේඡනය කරන එකා මහා පව් වගේ කතා කියන අයගේ recommendations මම ඒ තරම් ලොකුවට ගන්නේ නෑ . නමුත් ඇත්ත මමත් තාම සමන්තබද්‍ර ගේ රහත් භාවය පිළිගන්නේ නෑ
    එතකොට අර "කාලකන්නිය" කියපු හාදය ස්වාමින්වහ්සෙලට තුච්ච විදිහට නින්දා කරලා දාපු පොස්ට් හොඳ ඇති මට තේරෙන විදිහට. තමුන්ට උනත් සිව්රක් දරාගෙන ඉන්න පුද්ගලයෙකුට ගරු කරලා කතා කරන්න ඒ තරම් දැනීමක් නැහැනෙ. නිකන් කමල්ට සුනිල්ට කතා කරනව වගේ "සමන්තබද්‍ර", "පොර" වගේ වචන පාවිච්චි කරල තියෙන්නෙ. මම ස්වාමින් වහන්සේලාට එහෙම කතා කරලා නැහැ කොතැනවත්. මේක මගේ ධර්මය සම්බන්ද පලවෙනි ත්‍රෙඩ් එකත් නෙමෙයි. ගරු කල යුත්තට ගරු කරලා කතා කරන හැටියි නිගරු කල යුත්තට කොහොමද කතා කරන්නෙයි කියන එක මම දන්නවා. වැදගත්ම දේ ඔබතුමා මම දාපු කරුණු පිළිගත්තෙ නැති උනාට මට පාඩුවක් නෑ. ඒක ඔබේ වැඩක්. අනික ඒ දාපු පොස්ට් දෙක තුනම ඇති බුද්දිමත් මිනිහෙක්ට මේ කියන දේ මොකක්හරි දෙයක් තියෙනවා කියල තේරෙන්න. ඔබතුමාත් බත් කන හරකෙක් නං ඉතින් නොතේරුනාට මට කරන්න දෙයක් නෑ. තේරෙන කව්රුහරි දැක්කොත් බලල තේරුම් අරගෙන තමුන්ගේ ගමන යයි. මොකද ඔබතුමාට මේක තේරුම් කරලා දෙන්න මම මෙච්චර දඟලන්න උවමනාවක් නෑනේ. පාර පේන නිසා අන්දයන්ට මග පෙන්නන්න හැදුව විතරයි. යුතුකමක් විදිහට. ඒකෙ ලාබෙ අන්දයට මිසක් මට නෙමෙයි. මෙතනින් එහාට මේ සම්බන්දව කියන්න දෙයක් නෑ
     
    මම ඒ post එක අනුමත කළාද? ඔය වගේ ආගම ඔළුව උඩ තියාගෙන ඉන්න අය හිතන විදිහ ඕක තමයි. ඔයා සමහර විට ශ්‍රද්ධා TV එහෙමත් බලනවා ඇති. අංගුලිමාල නම කියනකොට යක්කු බයවෙච්චා, උඩින් ගියපුවා එහෙම හොඳට දන්නවා ඇති

    මම කියන්නේ නෑ කාලකන්නියා කියලා බණින්න ඕනෙය කියලා. නමුත් ඕනෑම දහහම් හේතු සහිතව විවේඡනය කරන්න පුළුවන් වෙන්න ඕනේ විශේෂයෙන් පව් වෙන්නේ නැතුව. කතා කරලා විවේඡනය කරලා තමයි හරි වැරැද්ද හොයාගන්න ඕනේ.

    ඔබතුමාගේ උත්සහයන බොහෝම ස්තූතියි. දැන් ඔයා ගිහිල්ලා ඔය ආගමික පොත් පත් වීඩියෝ ටික එහෙම Pen එකකට අරගෙන ඒකට වැඳ වැඳ ඉන්න. කවුරු හරි බැන්නොත් ඩබල් පව් කියලා කියන්න. ටටා
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    උසාවියක තර්ක කරනවා වගේ නෙවෙයි ධර්මයක් තර්කයෙන් හරි defend කරන එක. ත්‍රිපිටකයේ මොන තරම් නම් මෝඩ පාර්ට්ස් තියෙනවද? ඒවා සාධාරණීකරණය කරන එක ලේසි නැහැ

    මට ඔයා කියන දේ තේරෙනවා. ඒ ඒ ගෝල්ස් වලට ඔරියන්ට් වෙච්ච දැනුම් පද්ධතියක් තුල ඉඳන් තවත් වෙන වෙන ගෝල්ස් වලට ඔරියන්ට් වෙච්ච දැනුම් පද්ධතියක් දිහා බලද්දි අපිට එහෙම දැනෙන්න පුළුවන්. අනික කල්චරල් ඉන්ෆ්ලුවන්සස් කියන ලෙන්ස් තුලිංනෙ ඕනම කෙනෙක් දෙයක් කල්පනා කරන්නෙ. ඒක සාධාරණයි. චන්කි සූත්‍රයත් මෙවෙලෙට ගැලපෙයි කියලා හිතනවා.

    https://suttacentral.net/mn95/si/zoysa

    මම තාම ධර්මය ගැන පැහැදුන කෙනෙක් නෙවෙයි බ්‍රෝ. මම Agnostic කෙනෙක්. කොටින්ම මම මිනිස්සු දන් උස්සගෙන පන්සලටම යන එකටත් විරුද්ධ කෙනෙක්. උදව් දෙන්න ඕනෙ නැති බැරි මිනිස්සුන්ට මිසක් යාන වාහන වතු පිටි ගෙවල් දොරවල් තියෙන තට්ටේ ගාපු මිනිහෙක්ට නෙවෙයි

    මේක ටිකක් බෙගිංද කෙශ්ශන් ෆැලසිය වගේ නේ. මිනිස්සු දන් උස්සං පන්සලටම ගිහිං "උදව්" දෙන නිසාමයි භික්ෂූන්ට පහසු සැප සම්පත් හිමි වෙන්නෙ. සෑමවිටම ඕල්රෙඩි සැපසම්පත් තියන තැනකට දෙනවා නෙමෙයි, මිනිස්සු පැහැදිලා දෙන/යොමුවෙන නිසායි සැපසම්පත් ලැබෙන්නෙ. සමන්තබද්‍ර හාමුදුරුවො උනත් එහෙමනෙ. මිනිසුන්, පැහැදිය යුත්තේ කුමන කාරණා වලටද; භික්ශූන්, ලබාගත යුත්තේ මොනවාද කියලා නිසි අවබෝධයක් තියනවානම් එවැනි ගැටළු අඩුවෙන්නේ පුලුවන්. නමුත් එලිමිනේට් කරන්න නම් බෑ. ඒක බුද්ධකාලයටත් අදටත් එකසේ වලංගුයි.

    නමුත් ඔයා කියන්න හදන දේ ඇත්තක් තියනවා. අයි ගෙට් වෙයර් යු ආර් කමිං ෆ්‍රොම් ඇන්ඩ් අයි ටෙන්ඩ් ටු ඇග්‍රී ඉන් එ ජෙනරල් සෙන්ස්. අදකාලෙ භික්ශූන්ටත් ගිහියන්ටත්, නිතර සජ්ජායනා කරන සරල දසධම්ම සූත්‍රය ඔයවගේ තැන් වලදි වටිනාකමක් තියෙයි කියලා හිතනවා. විශේශයෙන්ම "පරපටිපද්ධා මේ ජීවිකාතී" කියන පදය.

    https://suttacentral.net/an10.48/si/zoysa

    කොහොම වුණත් මාතෘකාවට අදාලා මට ඕනේ සිංහල අට්ඨකතා වල PDF එකක්. Kindle එකෙන් කියවන්න.

    මෙන්න එකක් හම්බුනා. PDF එක ඩවුන්ලෝඩ් කරලා බලන්න. මේක ඛුද්දක නිකායෙ අටුවාවක් කියලා තමා විකී එකේ තිබ්බෙ.
    https://archive.org/details/SuttasangahaAtthakathaAtuwaSinhaleseTr./page/n3/mode/2up

    බොහොමයක් ථේරවාද සම්ප්‍රදායන් තුල මිලින්ද ප්‍රශ්නය අටුවාට ගැනෙනවා. බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ අසංක්ශිප්ත සිංහල පරිවර්තනය රු 1500 ක් වගේ වෙන්නෙ. ඒකත් බලන්න. ඔයාට අනුව "මෝඩ පාර්ට්ස්" සමහර ඒවා ඒකෙදි ඇඩ්‍රස් වෙනවා වෙන්න ඕන.
     
    Last edited:

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මට ඔයා කියන දේ තේරෙනවා. ඒ ඒ ගෝල්ස් වලට ඔරියන්ට් වෙච්ච දැනුම් පද්ධතියක් තුල ඉඳන් තවත් වෙන වෙන ගෝල්ස් වලට ඔරියන්ට් වෙච්ච දැනුම් පද්ධතියක් දිහා බලද්දි අපිට එහෙම දැනෙන්න පුළුවන්. අනික කල්චරල් ඉන්ෆ්ලුවන්සස් කියන ලෙන්ස් තුලිංනෙ ඕනම කෙනෙක් දෙයක් කල්පනා කරන්නෙ. ඒක සාධාරණයි. චන්කි සූත්‍රයත් මෙවෙලෙට ගැලපෙයි කියලා හිතනවා.

    https://suttacentral.net/mn95/si/zoysa

    පුංචි ඉල්ලීමක් කරන්න කැමතියි. ඉංග්‍රීසි වදන් සිංහලෙන් නැතුව ඉංග්‍රීසියෙන්ම type කළා නං කියවන්න ලේසියි මටනම් :)

    ඔයා ත්‍රිපිටකය ඇසුරු කරලා තියෙන නිසා මට මේ කතාව කරන්න ලේසියි.
    අංගුත්තර නිකායේ - දේවදූත සූත්‍රය, ලෝකානුවිවරණ සූත්‍රය, අභිරාජ සූත්‍රය, වස්සන්තරාය සූත්‍රය වගේ දේවල් අදනං වෙනවා මං අහලා වත් නෑ.

    ඒ වගේ දෙයකට වුණත් වෙන අර්ථකතනයක් දීලා common sense එකට එරෙහිව යන්නේ නැති විදිහට defend කරන එක ලේසි වැඩක් නෙවෙයි. සමන්තබද්‍ර යම් තරමක් සාර්ථක විදිහට ඒක කරනවා කියලා හිතෙනවා

    මේක ටිකක් බෙගිංද කෙශ්ශන් ෆැලසිය වගේ නේ. මිනිස්සු දන් උස්සං පන්සලටම ගිහිං "උදව්" දෙන නිසාමයි භික්ෂූන්ට පහසු සැප සම්පත් හිමි වෙන්නෙ. සෑමවිටම ඕල්රෙඩි සැපසම්පත් තියන තැනකට දෙනවා නෙමෙයි, මිනිස්සු පැහැදිලා දෙන/යොමුවෙන නිසායි සැපසම්පත් ලැබෙන්නෙ. සමන්තබද්‍ර හාමුදුරුවො උනත් එහෙමනෙ. මිනිසුන්, පැහැදිය යුත්තේ කුමන කාරණා වලටද; භික්ශූන්, ලබාගත යුත්තේ මොනවාද කියලා නිසි අවබෝධයක් තියනවානම් එවැනි ගැටළු අඩුවෙන්නේ පුලුවන්. නමුත් එලිමිනේට් කරන්න නම් බෑ. ඒක බුද්ධකාලයටත් අදටත් එකසේ වලංගුයි.

    නමුත් ඔයා කියන්න හදන දේ ඇත්තක් තියනවා. අයි ගෙට් වෙයර් යු ආර් කමිං ෆ්‍රොම් ඇන්ඩ් අයි ටෙන්ඩ් ටු ඇග්‍රී ඉන් එ ජෙනරල් සෙන්ස්. අදකාලෙ භික්ශූන්ටත් ගිහියන්ටත්, නිතර සජ්ජායනා කරන සරල දසධම්ම සූත්‍රය ඔයවගේ තැන් වලදි වටිනාකමක් තියෙයි කියලා හිතනවා. විශේශයෙන්ම "පරපටිපද්ධා මේ ජීවිකාතී" කියන පදය.

    https://suttacentral.net/an10.48/si/zoysa

    මම ඒක ඔයාට හරියට විස්තර කළේ නැහැ. මෙන්න මේකයි හරි කතාව. මම facebook එකේ දාපු එක එහෙම්මම දාන්නම්. quoting

    "අපි හිතමු අපිට කාට හරි උදව් කරන්න හිතුනා කියලා. බඩගින්නේ ඉන්න කෙනෙක්ට කෑම දෙන්න හිතුනා කියමුකෝ. මේ දෙන්නා අතරින් කාටද ඇත්තටම කන්න දිය යුත්තේ ???

    1- කෙනෙක් ඉන්නවා එයාට ගොඩක් තැන් වලින් කෑම හම්බෙනවා. අපි නොදුන්නට ලොකු වෙනසක් නෑ. ඉන්න ගෙයක්; හිසට සෙවනක් වතු පිටි තියෙනවා. යන්න කාර් එකකුත් තියෙනවා

    2- අනිත් කෙනාට හැමදාම කන්න දෙන්න කෙනෙක් නෑ. වේල් දෙක තුන කන්න නැතුව ඉඳලා තියෙනවා. අපි ටික දෙනෙක් දුන්නොත් විතරයි කෑම ලැබෙන්නේ. ඉන්න තැනක් නෑ. කාර් එකක් තියා සෙරෙප්පු කෑලි දෙකක් වත් නැති වෙලාවල් තියෙනවා

    මම නං නිසැකයෙන්ම තෝරගන්නේ අංක 2 🙂
    අංක 1 ට දුන්නම පිං කෝටියත් හම්බෙනවා කිව්වත් පිං කුට්ටියට ගිජු වෙලා අංක 1 ට නම් දෙන්නේ නෑ. "
    end quote

    ඔතන අංක 1 සහ 2 conditions fulfill වෙනකම් විතරයි මම කියන්නේ. මිනිස්සු පන්සලට දන් දෙන එක අඩුම වෙලා ගියොත් අන්න එදාට එයාලා අංක 2 වෙනවා.
    "

    මං අකමැතිම දේ පිං පෙරේත කම නිසා මිනිස්සු පන්සලට දුවන එක. සමහරු කියනවා හිඟන්නෙක්ට දෙනවට වඩා පිං ලු බුද්ධ පූජාවට තියෙන එක? WTF ? ඒක ඇත්ත වුණත් මටනං ඒ ජාතියේ පුන්‍යකර්ම කරන්න ඕනේ නෑ.

    බුද්ධ ශාසනය ධර්මස්කන්ධය පවත්වාගෙන යන භික්ෂූන් පවතින්න ඕනේ ඒක හරි. නමුත් ඒක නිසා ඇති තැනට තවත් ලැබිලා නැති තැන් නැත්තටම නැති වෙනවා නං ඒක downright wrong මචං.

    ඕක නිසා තමයි මිනිස්සු බත් කන්න බලාගෙන මහණ වෙන්නෙත්. දැන් ඉන්න ආරාමවාසි බහුතර භික්ෂූන්ට මම කැමති නෑ. මං වගේ අය බුද්ධකාලීනවත් හිටියා දාරුකම්මික සූත්‍රය ඔයා කියවලා ඇති. බුදුන් ඒකෙ වැරැද්දක් කියලා නෑ

    මං මගේ දෙමව්පියන්ටයි වයිෆ් ටයි කියලා තියෙන්නේ. ඔයාලා නැති කාලෙක ඔයාලගේ විශ්වාසය අනුව මම භික්ෂූන්ට දානයක් දෙන්නම්. නමුත් මං වෙනුවෙන් එහෙම දේවල් කරන්න එපා. අසරණ මිනිස්සු ඕනේ තරම් ඉන්න එයාලට උදව් කරන්න

    මිනිහෙක්ට එක වේලක් කන්න දෙනවටත් වඩා හොඳයි උනන්දුව තියෙන මිනිහෙක් ට skill එකක් ඉගෙන ගන්න උදව් කරන එක. එතකොට ඒ මිනිහා ඒකෙන් ව්‍යාපාරයක් රස්සාවක් කරගෙන හැමදාම යැපෙයි නේ කියලා

    මෙන්න එකක් හම්බුනා. PDF එක ඩවුන්ලෝඩ් කරලා බලන්න. මේක ඛුද්දක නිකායෙ අටුවාවක් කියලා තමා විකී එකේ තිබ්බෙ.
    https://archive.org/details/SuttasangahaAtthakathaAtuwaSinhaleseTr./page/n3/mode/2up

    බොහොමයක් ථේරවාද සම්ප්‍රදායන් තුල මිලින්ද ප්‍රශ්නය අටුවාට ගැනෙනවා. බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ අසංක්ශිප්ත සිංහල පරිවර්තනය රු 1500 ක් වගේ වෙන්නෙ. ඒකත් බලන්න. ඔයාට අනුව "මෝඩ පාර්ට්ස්" සමහර ඒවා ඒකෙදි ඇඩ්‍රස් වෙනවා වෙන්න ඕන.

    තියෙනවා බ්‍රෝ. නමුත් ඔය PDF වල තියෙන්නේ Images. A P DE Zoysa මහත්තයා පරිවර්තනය කරපු ගොඩක් අටුවා තියෙනවා. පහත site එකේ. නමුත් තෑන්ක්ස්
    https://tipitaka.lk/library/0/all

    ඒක ඇත්ත. අපිට විකාර වගේ පේන ඒව අටුවා වලින් විසඳගන පුළුවන් වෙන්න පුළුවන්
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,149
    113
    Back Bay-Beacon Hill, Boston
    "තමන්ගේ ප්‍රඥාවට වැටහෙන ධර්මයක්" කිව්වේ ධර්මය දෙසන අය දෙසන දෙයෙහි අන්තර්ගතය අනුව අහන එකා තෝරා ගන්නව කියන එක. ඒ තෝරාගැනීම කරන්නේ ඒ දෙසන දෙයින් තමුන්ගේ හිතේ කෙලෙස් පහවෙනවද කියන අවබෝදය මත. නැතුව එක එකාට හිතෙන හිතෙන දේ ධර්මය කියල පිළිගන්නව නෙමෙයි.

    හෙහ් හෙහ්.. තමන් ධර්මය කියලා හිතං ඉන්න එකේ හිල් වහගන්න ඔහොම පැච් දාන්න වෙනවා තමයි. එහෙම ඇහුව පමණින් කෙලෙස් නැතිවෙන ධර්මයක් බුද්ධ වචනයේ නම් නෑ, ඒවා ඔය කම්මැලි "මං පොර" කෂ්ටියට "හදපු ඉන්ස්ටන්ට් නිවන් යන්න" කියන බණ. ධර්මය අහන විදිය දරාගන්න විදිය, පසුව නුවණින් පිරික්සා බලන විදිහත් ධර්මයේ තියෙනවා. ධර්මය ඇහුව ගමන් කෙලෙස් පහවෙන්න නම් ඉතින් අසූමහ ශ්‍රාවකයෝ තරම් කුසල් කරපු අය වෙන්ඩ ඔනේ. ධර්මය අහලා මදි යෝනිසෝ මනසිකාරය අත්‍යාවශයයි! ආශ්‍රව කියන එවා සාමාන්‍ය මනසට අහුවෙනවද? අනේ බං එක බොරුවක් වහගන්න බොරු දාහක් කියන්න ලැජ්ජ නැද්ද??

    බුදුවරයෙක් ලෝකෙට ධර්මය දේශනා කලාම එක අහන මිනිස්සු ඒ ධර්මයේ හරය තේරුම් ගන්නේ තම තම නැණ පමණට නෙමෙයි නං වෙන කොහොමද?

    වහරක හරකගේ දර්මේ නම් එහෙම තේරුම ගන්න පුලුවන් ඇති! හැබැයි බුදුවරයෙකුගේ ධර්මය "තම තම නැණ පමණට" - ලෝකය තුල දෘෂ්ටියට අහුවෙනවා කියල හිතං ඉන්න "ජීනියස්ලාට" කියන්න තියෙන්නේ, බුදුවරයෙක්ගේ දහම ලෝකය ඉක්මවා ගිය, ලොකෝත්තර, පෘතග්ජන මනසට හසු නොවන, ක්‍රමයෙන් මග වැඩිය යුතු දහමක් කියන මූලික අවබෝදයවත් ඇතුව ඇවිල්ල අනිත් අයට උපදෙස් දෙන්න කියලා විතරයි!

    * ඕහිත සෝතො ධම්මං සුනාති ( යොමු වූ කන් ඇතිව ධර්මය අසයි.

    * සුත්වා ධම්මං ධාරේති ( අසාගත් ධර්මය දරාගනී.

    * ධතානං ධම්මානං අත්ථං උප පරික්‌ඛති · දරාගත් ධර්මය අර්ථය හොඳින් පරීක්‍ෂා කර බලයි. විමසා බලයි.

    * අත්ථං උප පරික්‌ඛතො ධම්ම නිඡ්Cධානං ඛමන්ති ( අර්ථ සමාලෝචනයෙන්, පිරික්‌සීමෙන් ධර්මය වටහාගනී.

    තියෙනවා බ්‍රෝ. නමුත් ඔය PDF වල තියෙන්නේ Images. A P DE Zoysa මහත්තයා පරිවර්තනය කරපු ගොඩක් අටුවා තියෙනවා. පහත site එකේ. නමුත් තෑන්ක්ස්
    https://tipitaka.lk/library/0/all

    ඒක ඇත්ත. අපිට විකාර වගේ පේන ඒව අටුවා වලින් විසඳගන පුළුවන් වෙන්න පුළුවන්

    Try this mate.
    http://thripitaka.org/atuwa
     
    Last edited:

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    අංගුත්තර නිකායේ - දේවදූත සූත්‍රය, ලෝකානුවිවරණ සූත්‍රය, අභිරාජ සූත්‍රය, වස්සන්තරාය සූත්‍රය වගේ දේවල් අදනං වෙනවා මං අහලා වත් නෑ.

    ඒ වගේ දෙයකට වුණත් වෙන අර්ථකතනයක් දීලා common sense එකට එරෙහිව යන්නේ නැති විදිහට defend කරන එක ලේසි වැඩක් නෙවෙයි. සමන්තබද්‍ර යම් තරමක් සාර්ථක විදිහට ඒක කරනවා කියලා හිතෙනවා

    අපි අහල (එහෙමත් නැතිනම් දැකලා) නෑ කියන එකෙන් එවා එහෙම නොවෙයි කියලා කියන්න අපිට සාක්ශි නෑ. ඒවා එහෙමයි කියන්නත් සාක්ශි නෑ. ඒතන තියන එකම ලොජිකල් කන්ක්ලූශන් එක අපිට ඒක ගැන ප්‍රකාශයක් කරන්න තරම් ප්‍රමාණවත් දැනුමක් නෑ. සරලව කිව්වොත් දන්නේ නැහැ. අද ගොඩදෙනෙක් හරි බයයි දන්නේ නැහැ කියන්න. එහෙමත් නැතිනම් තමන්ට යම් දෙයක් ගැන නිශ්චිත එක මතයක බැහැගැනීමක් නෑ කියන්න. හැමදේම දැනගන්න ඕනත් නෑ, දැනගන්නත් බෑ.

    ඒකට අපිට තේරෙන වෙන අර්ථයක් දෙනවා කියන්නෙ "appropriation" එකක්. ඒක වැරදියි.

    උදාහරණයකට මහාසමය සූත්‍රය ගන්නකො. ඒකෙ තියනවා ඒ ඒ රහතන් වහන්සේ ඒ ඒ අයගේ හැකියාව අනුව දෙව්බඹුන් දහයක්, සියයක්, දහසක් ආදී ලෙසත් බුදුන් පැමිණ සිටි සියල්ලමත් දැක්කා කියලා. ආන්න එහෙම ඒ ඒ අයගේ උත්තරීමනුස්සධම්ම හැකියාව අනුව තමා ඒ දේවල් දකින්න තේරුම් ගන්න පුළුවන්. දැන් ඔතන හිටියනං නිකං ඇස් විතරක් පේන කෙනෙක් එයාට ඔය කතාව විශ්වාස කරන්න බැරිවෙන්න පුළුවන් "logic" මතම පදනම් උනොත්.

    තවත් විදිහකට ගන්නකො නේවසංඥා නා නසංඥ්ඥායතනය. සංඥාවක් ඇත්තේද නැත නැත්තේද නැත කියන එකතමා ඒ ධ්‍යානය තුල තියෙන්නෙ. දැං සාමාන්‍ය කෙනෙක්ට කිව්වොත් කියයි, එහෙම කොහොමද වෙන්නෙ? කියලා. සංඥාවක් ඇත්තෙත් නැතිනං නැත්තෙත් නැතිනං මොකද්ද ඔතන තියෙන්නෙ කියල අහයි. අත්නොදැකපු කෙනෙකුට පහදන්න පුළුවන් යම් සීමාවකට කොටුවෙලයි. ඒක සීමාවෙ දෝශයක් මිස අත්දැකීමේ දොසක් නෙමෙයි.

    දැන් ඕක එක මතයක්. තවත් මතයක් තමා කාලයත් එක්ක ත්‍රිපිටකයට විවිධ මත, lore, mythology එකතුවුනා කියන එක. ඒකත් සැලකිය යුතු මතයක්. උදාහරණයක් විදිහට පායාසීරාජාඥ සූත්‍රය ජෛන සූත්‍රයක් ආශ්‍රිතව සැකසූවක් වගේ මත තියනවා. රතනසූත්‍රය පහුකාලීන නිර්මාණයක්, අභිධර්මය පසුකාලීන දියුණුවක් වගේ මතත් තියනවා. ඔය මතවලට එන්නෙ හැබැයි අර මුල් එකවගේ දන්නැති/පේන්නැති නිසා ප්‍රතික්ශේප කරලා නෙමෙයි වෙනත් "scholarly" කරුණු කාරනා පදනම් කරගෙන.

    මම ඒක ඔයාට හරියට විස්තර කළේ නැහැ. මෙන්න මේකයි හරි කතාව. මම facebook එකේ දාපු එක එහෙම්මම දාන්නම්. quoting

    "අපි හිතමු අපිට කාට හරි උදව් කරන්න හිතුනා කියලා. බඩගින්නේ ඉන්න කෙනෙක්ට කෑම දෙන්න හිතුනා කියමුකෝ. මේ දෙන්නා අතරින් කාටද ඇත්තටම කන්න දිය යුත්තේ ???

    1- කෙනෙක් ඉන්නවා එයාට ගොඩක් තැන් වලින් කෑම හම්බෙනවා. අපි නොදුන්නට ලොකු වෙනසක් නෑ. ඉන්න ගෙයක්; හිසට සෙවනක් වතු පිටි තියෙනවා. යන්න කාර් එකකුත් තියෙනවා

    2- අනිත් කෙනාට හැමදාම කන්න දෙන්න කෙනෙක් නෑ. වේල් දෙක තුන කන්න නැතුව ඉඳලා තියෙනවා. අපි ටික දෙනෙක් දුන්නොත් විතරයි කෑම ලැබෙන්නේ. ඉන්න තැනක් නෑ. කාර් එකක් තියා සෙරෙප්පු කෑලි දෙකක් වත් නැති වෙලාවල් තියෙනවා

    මම නං නිසැකයෙන්ම තෝරගන්නේ අංක 2 

    අංක 1 ට දුන්නම පිං කෝටියත් හම්බෙනවා කිව්වත් පිං කුට්ටියට ගිජු වෙලා අංක 1 ට නම් දෙන්නේ නෑ. " end quote

    ඔතන අංක 1 සහ 2 conditions fulfill වෙනකම් විතරයි මම කියන්නේ. මිනිස්සු පන්සලට දන් දෙන එක අඩුම වෙලා ගියොත් අන්න එදාට එයාලා අංක 2 වෙනවා. "

    මං අකමැතිම දේ පිං පෙරේත කම නිසා මිනිස්සු පන්සලට දුවන එක. සමහරු කියනවා හිඟන්නෙක්ට දෙනවට වඩා පිං ලු බුද්ධ පූජාවට තියෙන එක? WTF ? ඒක ඇත්ත වුණත් මටනං ඒ ජාතියේ පුන්‍යකර්ම කරන්න ඕනේ නෑ.

    බුද්ධ ශාසනය ධර්මස්කන්ධය පවත්වාගෙන යන භික්ෂූන් පවතින්න ඕනේ ඒක හරි. නමුත් ඒක නිසා ඇති තැනට තවත් ලැබිලා නැතිතැන් නැත්තටම නැතිවෙනවා නං ඒක downright wrong මචං.

    මෙතන තියෙන්නෙ ඔයාගෙ පෞද්ගලික රුචිකත්වයක්. එකට මට මොකුත් කියන්න බෑ. ඒක ඔයාගෙ නිදහස. පිං අවශ්‍යකමට වඩාත් සිල,සමාධි සහ ප්‍රඥා ස්පෙක්ට්‍රම් එකේ ඉහල ඉන්න අයට දෙන මිනිසුන්ටත් වැරැද්දක් කියන්න බෑ. ඒක ඒ අයගෙ රුචිකත්වය සහ අවශ්‍යතාවය.

    බුදුරදුන් පැනවූ විනයත් එක්තරා විදිහකට සමාජවාදී මුහුණුවරක් තියනවා විදිහට දකින්න නම් පුළුවං. මම පෞද්ගලිකව ඕවා ගැන විපිළිසර/සැලකිලිමත් වෙනවා අඩුයි. ඔයයි මමයි ඔය ප්‍රශ්නය දිහා බලද්දි යට තිබෙන මූලික අරමුණු වෙනස්.

    ඕක නිසා තමයි මිනිස්සු බත් කන්න බලාගෙන මහණ වෙන්නෙත්. දැන් ඉන්න ආරාමවාසි බහුතර භික්ෂූන්ට මම කැමති නෑ. මං වගේ අය බුද්ධකාලීනවත් හිටියා දාරුකම්මික සූත්‍රය ඔයා කියවලා ඇති. බුදුන් ඒකෙ වැරැද්දක් කියලා නෑ

    දාරුකම්මික සූත්‍රය එහෙමද කියන්නෙ? මම ඒ සූත්‍රය කියවලා තිබුන බවට මතකයක් තිබුනෙ නැහැ. දැන් කියෙව්වාම නම් ඒකෙ තියෙන්නෙ ගිහි දාරුකම්මික වගේ අයෙකුට රහතුන් කවුද, සාශනය පුර්න කරන කෙනා කවුද කියලා නිසි නිගමනයකට එන්න අපහසුයි එම නිසාම මහා සංඝරත්නයට දන් දෙන්න කියලා දාරුකම්මිකගෙ මතය බැහැර කරලා දෙන උපදේශයක්.

    ඔයා සූත්‍රයේ මතුපිට අර්ථය අරං වගේ. ආයෙ පාරක් කියවලා බලන්න (මෙහෙම කියනකොට හිතන්න එපා පොර වෙන්න මෙහෙම ආයෙ කියවන්න කියනවා කියලා. මේ කියන දෘශ්ටි කෝනය තේරුම් ගනියි කියන හොඳ අභිලාශයෙන්මයි කියන්නෙ.)

    මුලින්ම බුදුන් කියනවා දාරුකම්මික වගේ අයට රහත් බවත් රහත් බවට උත්සහ කරන අයගේ ගතිගුණත් දැනගැනීම අපහසුයි කියලා.

    ඊටපස්සෙ ඒ ඒ ගතිගුණ අරන් පැහැදිලි කරනවා. උදාහරනෙකට ගමුකො "එලඹසිටි සිහිය, එකඟ සිත, සංවර ඉන්ද්‍රිය" කියන ටික.
    කාමභෝගී දාරුකම්මික කොහොමද ඕවා ගැන දැනගන්නෙ? දාරුකම්මික වැනි කාමභෝගී ගිහියන්ට එය දැනගත නොහැකියි තමන්ම අත්විඳලා නැතිව. ඒ ඒ දැනගැනීමේ ඥානයන් නැතිව. අන්න ඒ නිසා දාරුකම්මික තෝර තෝර නොදී මහාසංඝයාටම දන්දෙව කියලා කියන්නෙ.

    සරලව කිව්වොත් දාරුකම්මික ගල් සියයක් ගැහුවොත් එකක් හරි වදින්න ඉඩ තියනවා කියල. එවගෙම සංඝරත්නය කිව්වම බුදුරදුන්, සාරිපුත්ත මෞද්ගල්යාන යන මේ මොහොත තෙක් බිහිවූ සඟ පරපුරටත් මේ මොහොතේ සිට අනාගතයේ බිහිවෙන සංඝයාටත් පුජාවෙන නිසා.

    මං මගේ දෙමව්පියන්ටයි වයිෆ් ටයි කියලා තියෙන්නේ. ඔයාලා නැති කාලෙක ඔයාලගේ විශ්වාසය අනුව මම භික්ෂූන්ට දානයක් දෙන්නම්. නමුත් මං වෙනුවෙන් එහෙම දේවල් කරන්න එපා. අසරණ මිනිස්සු ඕනේ තරම් ඉන්න එයාලට උදව් කරන්න

    මිනිහෙක්ට එක වේලක් කන්න දෙනවටත් වඩා හොඳයි උනන්දුව තියෙන මිනිහෙක් ට skill එකක් ඉගෙන ගන්න උදව් කරන එක. එතකොට ඒ මිනිහා ඒකෙන් ව්‍යාපාරයක් රස්සාවක් කරගෙන හැමදාම යැපෙයි නේ කියලා

    මේකත් ඔයාගෙ දැනුමෙ හැටියට ගොඩනගපු, වර්ථමාන සමාජයේ ප්‍රසිද්ධ මතයක්. මම deny කරන්නවත් affirm කරන්නවත් උත්සහ කරන්නෑ.
     
    Last edited:
    • Like
    Reactions: HSW

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    අපි අහල (එහෙමත් නැතිනම් දැකලා) නෑ කියන එකෙන් එවා එහෙම නොවෙයි කියලා කියන්න අපිට සාක්ශි නෑ. ඒවා එහෙමයි කියන්නත් සාක්ශි නෑ. ඒතන තියන එකම ලොජිකල් කන්ක්ලූශන් එක අපිට ඒක ගැන ප්‍රකාශයක් කරන්න තරම් ප්‍රමාණවත් දැනුමක් නෑ. සරලව කිව්වොත් දන්නේ නැහැ. අද ගොඩදෙනෙක් හරි බයයි දන්නේ නැහැ කියන්න. එහෙමත් නැතිනම් තමන්ට යම් දෙයක් ගැන නිශ්චිත එක මතයක බැහැගැනීමක් නෑ කියන්න. හැමදේම දැනගන්න ඕනත් නෑ, දැනගන්නත් බෑ.

    ඒකට අපිට තේරෙන වෙන අර්ථයක් දෙනවා කියන්නෙ "appropriation" එකක්. ඒක වැරදියි.

    ..... "scholarly" කරුණු කාරනා පදනම් කරගෙන.

    ඇත්තටම මමත් Agnostic කෙනෙක්.
    සාක්ෂි නැති නිසා ඒක බොරුයි කියන නිරාගමිකයන් සහ අදේවවාදයත් වැරදියි කියලයි මට හිතෙන්නෙත්.
    දීඝ නිකායේ පායාසි සූත්‍රය මෙතනටත් හරි. අන්ධ වුණා කියලා එයා කිව්වොත් මේ ලෝකේ ඉරයි හඳයි නෑ කියලා. ඒක වැරදියි

    මෙතන තියෙන්නෙ ඔයාගෙ පෞද්ගලික රුචිකත්වයක්. එකට මට මොකුත් කියන්න බෑ. ඒක ඔයාගෙ නිදහස. පිං අවශ්‍යකමට වඩාත් සිල,සමාධි සහ ප්‍රඥා ස්පෙක්ට්‍රම් එකේ ඉහල ඉන්න අයට දෙන මිනිසුන්ටත් වැරැද්දක් කියන්න බෑ. ඒක ඒ අයගෙ රුචිකත්වය සහ අවශ්‍යතාවය.

    ප්‍රශ්නේ තියෙන්නේ මිනිස්සු දන් දෙන්නෙ තමන්ට පිං වැඩියෙන් ඕනෙය කියලානේ? ඒකෙන් නැති මිනිහා පීඩාවට පත් වෙනවා නං ඒක පට්ට වැරදියි. ඒක හරියට දිව්‍යලෝකෙ යන්න කියලා අන්‍යාගමිකයෙක් මරාගෙන මැරෙනවා වගේ වැඩක්

    දාරුකම්මික සූත්‍රය එහෙමද කියන්නෙ? මම ඒ සූත්‍රය කියවලා තිබුන බවට මතකයක් තිබුනෙ නැහැ. දැන් කියෙව්වාම නම් ඒකෙ තියෙන්නෙ ගිහි දාරුකම්මික වගේ අයෙකුට රහතුන් කවුද, සාශනය පුර්න කරන කෙනා කවුද කියලා නිසි නිගමනයකට එන්න බෑ එම නිසාම මහා සංඝරත්නයට දන් දෙන්න කියලා දාරුකම්මිකගෙ මතය බැහැර කරලා දෙන උපදේශයක්.

    ඔයා සූත්‍රයේ මතුපිට අර්ථය අරං වගේ. ආයෙ පාරක් කියවලා බලන්න (මෙහෙම කියනකොට හිතන්න එපා පොර වෙන්න මෙහෙම ආයෙ කියවන්න කියනවා කියලා. මේ කියන දෘශ්ටි කෝනය තේරුම් ගනියි කියන හොඳ අභිලාශයෙන්මයි කියන්නෙ.)

    මුලින්ම බුදුන් කියනවා දාරුකම්මික වගේ අයට රහත් බවත් රහත් බවට උත්සහ කරන අයගේ ගතිගුණත් දැනගැනීම අපහසුයි කියලා.

    ඊටපස්සෙ ඒ ඒ ගතිගුණ අරන් පැහැදිලි කරනවා. උදාහරනෙකට ගමුකො "එලඹසිටි සිහිය, එකඟ සිත, සංවර ඉන්ද්‍රිය" කියන ටික.
    කාමභෝගී දාරුකම්මික කොහොමද ඕවා ගැන දැනගන්නෙ? දාරුකම්මික වැනි කාමභෝගී ගිහියන්ට එය දැනගත නොහැකියි තමන්ම අත්විඳලා නැතිව. ඒ ඒ දැනගැනීමේ ඥානයන් නැතිව. අන්න ඒ නිසා දාරුකම්මික තෝර තෝර නොදී මහාසංඝයාටම දන්දෙව කියලා කියන්නෙ.

    සරලව කිව්වොත් දාරුකම්මික ගල් සියයක් ගැහුවොත් එකක් හරි වදින්න ඉඩ තියනවා කියල. එවගෙම සංඝරත්නය කිව්වම බුදුරදුන්, සාරිපුත්ත මෞද්ගල්යාන යන මේ මොහොත තෙක් බිහිවූ සඟ පරපුරටත් මේ මොහොතේ සිට අනාගතයේ බිහිවෙන සංඝයාටත් පුජාවෙන නිසා.

    ඒකෙදි මුලින්ම බුදුන් අහනවා නේද දන් දෙනවද කියලා
    එතකොට කියනවා නේද මම නං දන් දෙන්නේ පිණ්ඩපාතික, ආරණ්‍යවාසි.... භික්ෂූන්ට විතරයි කියලා

    ඊට පස්සේ නේද බුදුහාමුදුරුවෝ කියන්නේ, හරි කමක් නෑ නමුත් ඔයා වගේ පෘඨග්ජනයෙක්ට ඔය කියන ආකාරයේ භික්ෂුන්ව අඳුනගන්න අමාරුයි....then so on and so forth

    මං වැරදි නං පෙන්නලා දෙන්නකෝ. කිසිම ප්‍රශ්නයක් නෑ :D
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    ප්‍රශ්නේ තියෙන්නේ මිනිස්සු දන් දෙන්නෙ තමන්ට පිං වැඩියෙන් ඕනෙය කියලානේ? ඒකෙන් නැති මිනිහා පීඩාවට පත් වෙනවා නං ඒක පට්ට වැරදියි. ඒක හරියට දිව්‍යලෝකෙ යන්න කියලා අන්‍යාගමිකයෙක් මරාගෙන මැරෙනවා වගේ වැඩක්

    එහෙම කරන්නෙ නැති මිනිහා පීඩාවට පත් කරන්න නෙමෙයි. දෙන අයට පිං වැඩියෙන් ලබාගන්න.

    ඒක හරියට දිව්‍යලෝකෙ යන්න කියලා අන්‍යාගමිකයෙක් මරාගෙන මැරෙනවා වගේ වැඩක්

    කොහෙත්ම නැහැ. මෙතන ඔය තර්කෙන් Strawman කෙනෙක් බිහිකරලා තියනවා. බෞද්ධ ධර්මය තුල එහෙම මරාගෙන මැරීමක් කියන්නෙ නැහැ. ඒ ආගම් දෙක පටලව ගන්න එපා.

    ඒවගෙම ඔහොම හිතුවොත් දැං උදාහරණයකට, ඔයා වාහනයක් ගන්න එකත් වැරදියි. මොකද ඔය තහඩු හදන්න කොහේ හරි දුප්පත් රටක ළමා සේවකයෙක් කුසට අහරක් නැතිව යකඩ ore කූඩ අදින්න ඇති. That's exploitation by you! How dare you! ඔයා නැති මිනිහා පීඩාවට පත් කරලා කියන්න පුළුවන්.

    ඔතනදි ඉන්ටෙන්ශන් එකෙන් බලන්න පටන්ගන්න. ආන්න එතකොට ඔය ගැටළුව විසඳෙයි. දිව්‍යලෝකෙ යන්න ප්‍රාණඝාතය "කිරීමෙදි" අකුසලයක් වෙනවා. කරන්නෙ ප්‍රාණඝාතය.

    භික්ශුවකට දන් "දීමෙදි" දුප්පතාට නොදී ඉන්න නෙමෙයි භික්ශවට "දෙන්නයි" ඉන්ටෙන්ශන් එක තියෙන්නෙ. කරන්නෙ දන් දීමක්.

    ඒකෙදි මුලින්ම බුදුන් අහනවා නේද දන් දෙනවද කියලා එතකොට කියනවා නේද මම නං දන් දෙන්නේ පිණ්ඩපාතික, ආරණ්‍යවාසි.... භික්ෂූන්ට විතරයි කියලා
    ඊට පස්සේ නේද බුදුහාමුදුරුවෝ කියන්නේ, හරි කමක් නෑ නමුත් ඔයා වගේ පෘඨග්ජනයෙක්ට ඔය කියන ආකාරයේ භික්ෂුන්ව අඳුනගන්න අමාරුයි....then so on and so forth
    මං වැරදි නං පෙන්නලා දෙන්නකෝ. කිසිම ප්‍රශ්නයක් නෑ

    "භික්‍ෂහු ආරඤ්ඤක වූවෝද, පිණ්ඩපාතික වූවෝද, පාංශුකූලික වූවෝද, අර්‍හත් හෝ ඒ මගට පිළිපන්නාහු හෝ වෙත්ද, එබඳුවූ භික්‍ෂූන් කෙරෙහි දානය දෙනු ලැබේ"

    එහෙම තමයි දාරුකම්මික කියන්නෙ.

    "කාමභෝගීවු, පුත්‍රයන්ගෙන් ගැහැට ඇත්තාවූ, කසී සඳුන් පරිහරණය කරන්නාවූ, මල් ගඳ විලවුන් දරන්නාවූ, මිළ මුදල් ඉවසන්නාවූ, ඔබ විසින්, මේ රහත්හුය, මේ රහත් මගට පිළිපන්නෝයයි දැනගැනීම අමාරුවෙන් කටයුතුය."

    ඔහොමයි බුදුන් කියන්නෙ. පෙනෙවද වෙනස. බුදුන් කියන එකේ දාරුකම්මික දරපු අදහසේ මුල් කාරණා තුන නැහැ නේ?

    දාරුකම්මිකගෙ අදහසක් තියනවා බව පේනවා පාංශූකූලික වීම, අරඤ්ඤගතවීම, පිණ්ඩපාතික "වීමම" පිදීමට සුදුසු වෙනවා කියන එක. එක්තරා විදිහක සීලයට ඇලීමක්. අන්න ඒකයි බුදුන් ඊලඟට ප්‍රතික්ශේප කරන්නෙ.

    අරඤ්ඤික වෙන්න පුලුවන් නමුත් ඒ පුද්ගලයා තුල එකඟ වූ සිත, මුලානොවූ සිහිය, දියුණු වූ ඉන්ද්‍රිය ධර්ම නොතිබෙන්නට පුළුවන් බව. ඒ කාරනා ටික ඔය පාංශූකූලික වීම, අරඤ්ඤගතවීම, පිණ්ඩපාතික යන කාරනා තුන යටතෙම කියනවා.

    ඒක කියන්නෙ ඔය තුන තිබ්බත් නොතිබ්බත් අර එකඟ වූ සිත, මුලානොවූ සිහිය, දියුණු වූ ඉන්ද්‍රිය ආදී ධර්ම තමා ශ්‍රමනයෙකු ප්‍රසංශනීය හෝ නින්දා ලැබිය යුතු වන්නේ කියලා.

    බුදුහාමුදුරුවො උදෘත කරල දක්වන්නෙ අන්න ඒ ගුණාංග ටික. අරවා අනවශ්‍යයි කියනවා නෙමෙයි "දාරුකම්මික නුඹට වඩාත් යහපත වෙන්නේ ඔන්න ඔය උදෘත ගුණාංග වැඩූ පූද්ගලයින්ට දෙන දානයයි. ඒවා පිහිටන්නෙ උත්රීමනුස්සධර්ම ලබාගත් හෝ ලබන්න මගට පිළිපන් පුද්ගලයාට. නමුත් නුඹවැනියෙකුට එවැනි කාරණා දැනගැනීම අපහසුයි, ආන්න ඒ නිසා සංඝරත්නයටම දංදෙන්න" කියන අර්ථය තමා ගම්‍ය වෙන්නෙ.
     
    • Like
    Reactions: HSW

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    එහෙම කරන්නෙ නැති මිනිහා පීඩාවට පත් කරන්න නෙමෙයි. දෙන අයට පිං වැඩියෙන් ලබාගන්න.

    කොහෙත්ම නැහැ. මෙතන ඔය තර්කෙන් Strawman කෙනෙක් බිහිකරලා තියනවා. බෞද්ධ ධර්මය තුල එහෙම මරාගෙන මැරීමක් කියන්නෙ නැහැ. ඒ ආගම් දෙක පටලව ගන්න එපා.

    ඔයා මම කියපු දේ මතුපිටින් තේරුම් අරගෙන :)
    කොහෙත්ම ප්‍රාණ ඝාතයක් නෑ බුදු දහමේ.
    ඒකෙදි දිව්‍යලෝකෙ යන්නේ පුළුවන් කිව්වොත් ඒ මිනිස්සු තව මිනිහෙක් මරාගෙන මැරෙන්න වුණත් සූදානම්
    මේකෙදි පිං වැඩියෙන් ලැබෙනවා කියලා කිව්වොත් මිනිස්සු, දැනටමත් දේවල් තියෙන කෙනෙක්ටම, දෙන්න සූදානම්.

    අපි දන්න, උදව් වැඩියෙන් ඕනෙ කෙනාට දිය යුතුය කියන මානුෂීය ධර්මයට පටහැනිව යන්න වුණත් මිනිස්සු පෙලඹෙනවා නේද මේකෙදි?
    ඕනෙ නං කෙනෙක්ට මේක පගාව ගැනීමක් කියන්නත් පුලුවන්. වැඩියෙන් පිං කියන පගාව ලැබෙන්නේ මොකෙන්ද? ඒකට දෙනවා

    ඒවගෙම ඔහොම හිතුවොත් දැං උදාහරණයකට, ඔයා වාහනයක් ගන්න එකත් වැරදියි. මොකද ඔය තහඩු හදන්න කොහේ හරි දුප්පත් රටක ළමා සේවකයෙක් කුසට අහරක් නැතිව යකඩ ore කූඩ අදින්න ඇති. That's exploitation by you! How dare you! ඔයා නැති මිනිහා පීඩාවට පත් කරලා කියන්න පුළුවන්.

    එතකොට මට මෙහෙම කියන්න පුළුවන් නේ. මං වාහනයක් ගන්න නිසා දුප්පත් මිනිහෙක්ට ore ඇදින රස්සාවක් හරි ලැබෙනවා කියලා

    අනිත් එක. අපි වාහනයක් ගන්නකොට මේ ලෝකෙ මොන කෙළවරේ මොන අසාධාරණකම් වෙනවද අපි දන්නේ නෑ

    නමුත් අපි දන් අරගෙන පන්සල් වලට දුවනකොටත් මඟ දිගේ ඕනේ තරම් උදව් ඇත්තටම ඕනේ මිනිස්සු ඉන්නවා. යාචකයන්, වැඩිහිටි නිවාස ආදිය. මම හිතන්නේ නෑ ඔය දෙක compaire වෙනවා කියලා

    ඔතනදි ඉන්ටෙන්ශන් එකෙන් බලන්න පටන්ගන්න. ආන්න එතකොට ඔය ගැටළුව විසඳෙයි. දිව්‍යලෝකෙ යන්න ප්‍රාණඝාතය "කිරීමෙදි" අකුසලයක් වෙනවා. කරන්නෙ ප්‍රාණඝාතය.

    භික්ශුවකට දන් "දීමෙදි" දුප්පතාට නොදී ඉන්න නෙමෙයි භික්ශවට "දෙන්නයි" ඉන්ටෙන්ශන් එක තියෙන්නෙ. කරන්නෙ දන් දීමක්.

    බොහෝ මිනිස්සු පන්සලකට දෙන්නේ මොන Intention එකෙන් ද? කුට්ටිය වැඩියෙන් ගන්න.
    මොන කුට්ටියද? පිං‍.....පිං කියන්නේ බිස්නස් එකක් :)

    ඒක නිසා තමයි හිඟන්නට දෙනවට වඩා බුද්ධ පූජාවට තිබ්බත් පිං වැඩියි කියන්න මිනිස්සු බිහිවෙන්නේ.

    මිනිස්සුන්ගේ විචාර බුද්ධිය කියන එක අන්තිමටම හීන වෙලයි තියෙන්නේ. මිනිස්සුන්ගේ Intention එක වෙන්න ඕනේ උදව් අවශ්‍ය කෙනාට කිරීම මිසක් වැඩියෙන් return එක ලැබෙන කෙනාට දීම නෙවෙයි කියන එකයි මගේ අදහස නම් :)

    අන්‍යාගමික පූජකයෙක් තමන්ට දුන්නම වැඩිම පිං කියලා කිව්වොත්
    ඔයා එතකොට ඒ පුන්‍යකර්මය දිහා ඔය රාමුවෙන්ම ඉඳලා බලන්නේ නැහැ නේද?

    "භික්‍ෂහු ආරඤ්ඤක වූවෝද, පිණ්ඩපාතික වූවෝද, පාංශුකූලික වූවෝද, අර්‍හත් හෝ ඒ මගට පිළිපන්නාහු හෝ වෙත්ද, එබඳුවූ භික්‍ෂූන් කෙරෙහි දානය දෙනු ලැබේ"

    එහෙම තමයි දාරුකම්මික කියන්නෙ.

    "කාමභෝගීවු, පුත්‍රයන්ගෙන් ගැහැට ඇත්තාවූ, කසී සඳුන් පරිහරණය කරන්නාවූ, මල් ගඳ විලවුන් දරන්නාවූ, මිළ මුදල් ඉවසන්නාවූ, ඔබ විසින්, මේ රහත්හුය, මේ රහත් මගට පිළිපන්නෝයයි දැනගැනීම අමාරුවෙන් කටයුතුය."

    ඔහොමයි බුදුන් කියන්නෙ. පෙනෙවද වෙනස. බුදුන් කියන එකේ දාරුකම්මික දරපු අදහසේ මුල් කාරණා තුන නැහැ නේ?

    දාරුකම්මිකගෙ අදහසක් තියනවා බව පේනවා පාංශූකූලික වීම, අරඤ්ඤගතවීම, පිණ්ඩපාතික "වීමම" පිදීමට සුදුසු වෙනවා කියන එක. එක්තරා විදිහක සීලයට ඇලීමක්. අන්න ඒකයි බුදුන් ඊලඟට ප්‍රතික්ශේප කරන්නෙ.

    අරඤ්ඤික වෙන්න පුලුවන් නමුත් ඒ පුද්ගලයා තුල එකඟ වූ සිත, මුලානොවූ සිහිය, දියුණු වූ ඉන්ද්‍රිය ධර්ම නොතිබෙන්නට පුළුවන් බව. ඒ කාරනා ටික ඔය පාංශූකූලික වීම, අරඤ්ඤගතවීම, පිණ්ඩපාතික යන කාරනා තුන යටතෙම කියනවා.

    ඒක කියන්නෙ ඔය තුන තිබ්බත් නොතිබ්බත් අර එකඟ වූ සිත, මුලානොවූ සිහිය, දියුණු වූ ඉන්ද්‍රිය ආදී ධර්ම තමා ශ්‍රමනයෙකු ප්‍රසංශනීය හෝ නින්දා ලැබිය යුතු වන්නේ කියලා.

    බුදුහාමුදුරුවො උදෘත කරල දක්වන්නෙ අන්න ඒ ගුණාංග ටික. අරවා අනවශ්‍යයි කියනවා නෙමෙයි "දාරුකම්මික නුඹට වඩාත් යහපත වෙන්නේ ඔන්න ඔය උදෘත ගුණාංග වැඩූ පූද්ගලයින්ට දෙන දානයයි. ඒවා පිහිටන්නෙ උත්රීමනුස්සධර්ම ලබාගත් හෝ ලබන්න මගට පිළිපන් පුද්ගලයාට. නමුත් නුඹවැනියෙකුට එවැනි කාරණා දැනගැනීම අපහසුයි, ආන්න ඒ නිසා සංඝරත්නයටම දංදෙන්න" කියන අර්ථය තමා ගම්‍ය වෙන්නෙ.

    ඒ මුල් කාරණා තුනම නැත්තේ ඒ මුල් කාරණා තුනට බුදුන්ගේ මඟ පෙන්වීමක් අවශ්‍ය නැති නිසා වෙන්න බැරිද? ඒක ඔයාටයි මටත් වුණත් මතුපිටින් බලලා කියන්න පුළුවන්. ආරණ්‍යවාසී නම්, පාංශකූලික නම්, පිණ්ඩපාතෙන් යැපෙනවා නම් අපිට පේනවා

    නමුත් පෘථග්ජනයෙක්ට කෙනෙක් රහත් ද කියලා හොයන එක ලේසි නෑ........අන්න ඒක හොයන ක්‍රමය බුදුන් කියලා දෙනවා

    ඔතනින් මම ගන්නේ ආරාමවාසී රහත් නැති භික්ෂූන්ට දෙන්න තියෙන අකමැත්ත. මොකද කෙනෙක් රහත් නම් ඒ කෙනා කැලේ අස්සේ ඉන්නවට වඩා පිරිසිදු ධර්මය දේශනා කරලා තව කෙනෙක් ගේ දුක නැති කරන්න දායක වෙනවා නම් පෞද්ගලිකවම ඒයින් කෙනෙක්ට දන් දීමට මමත් කැමතියි. ඒ රහතන් ලට දුන්නම ලොකුවෑයිං හම්බෙනවා කියන නිසා නෙවෙයි. උන්වහන්සේගෙන් වෙන මෙහෙවරට

    ඒ හැර මම කැමතියි වීරිය කරන භික්ෂුවකට දන් දෙන්න. ඔය පන්සල් වල TV බල බල පත්තර බල බල යාන වාහන වලින් ඉගිල්ලෙන සිවුරු දාගෙන ගිහි ජීවිතේ ආතල් ම ගන්න මිනිස්සුන්ට මගේ මළ ගෙදරකින් වත් දානයක් ලැබෙන්න එපා කියලයි මම ප්‍රාර්ථනා කරන්නේ

    (මම ඔයා කියන කාරණා වලට දිගින් දිගටම එරෙහි වෙනවාය කියලා හිතන්න එපා. ඔයා අර සත්ව නෙවෙයි තථාගත කියලයි සූත්‍රයේ තියෙන කතාවට මම එකඟ වුණා වගේ මේ සාකච්ඡාවදීත් මට හිතුනොත් ඔයා හරි කියලා, ඒක මම පිළිගන්න පැකිලෙන්නේ නෑ)
     
    Last edited:

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    ඔයා මම කියපු දේ මතුපිටින් තේරුම් අරගෙන. කොහෙත්ම ප්‍රාණ ඝාතයක් නෑ බුදු දහමේ.ඒකෙදි දිව්‍යලෝකෙ යන්නේ පුළුවන් කිව්වොත් ඒ මිනිස්සු තව මිනිහෙක් මරාගෙන මැරෙන්න වුණත් සූදානම්. මේකෙදි පිං වැඩියෙන් ලැබෙනවා කියලා කිව්වොත් මිනිස්සු, දැනටමත් දේවල් තියෙන කෙනෙක්ටම, දෙන්න සූදානම්.
    අපි දන්න, උදව් වැඩියෙන් ඕනෙ කෙනාට දිය යුතුය කියන මානුෂීය ධර්මයට පටහැනිව යන්න වුණත් මිනිස්සු පෙලඹෙනවා නේද මේකෙදි?
    ඕනෙ නං කෙනෙක්ට මේක පගාව ගැනීමක් කියන්නත් පුලුවන්. වැඩියෙන් පිං කියන පගාව ලැබෙන්නේ මොකෙන්ද? ඒකට දෙනවා

    මම අර මුලදිම කිව්වෙ, ඔය ඔයා කියන්නෙ ඔයාගෙ රුචිකත්වය, ඔයාගෙ අරමුණ මත පදනම්වෙලා හදාගත්ත ලොජික් එකෙන්.

    සංඝරත්නයට දං දෙන එක ඒ අයගේ රුචිකත්වය, ඒ අයගේ අරමුණු මත පදනම්වෙලා හදාගත්ත ලොජික් එකෙන්.

    අරමුණු දෙකේ වෙනස පේනවද? අන්න ඒකයි මම පොයින්ට් අවුට් කලේ. කෙනෙකුට සංඝයාටම දන් දෙන එක ආත්මාර්ථයක් විදිහට පේන්න පුළුවන්. ඒ එයාගෙ උපක්ලපන, අරමුණු මත පදනම් වෙනතාක් විතරයි.

    මේ ආර්ය ධර්මයේ යහපත එකක්. ඔයා හිතනවා වගේ සමාජිය ගැටළුවල යහපත තව එකක්. Necessarily දෙක කන්ෆ්ලික්ට් නොවුනාට එකම ගෝල් එකක් නෙමෙයි තියෙන්නෙ.

    ඔයාට ඕනයි කියන්න දුගියට දීම උතුම් කියලා. නමුත් ධර්මයේ එහෙම නෙමෙයි කියන්නෙ. ආර්ය භාවයට පිලිපන්න, ආර්ය මාර්ගයේ ඉන්න අයට දෙන දීමමයි උතුම්.

    Intention එක වැදගත්. එකක් දන් දීමක ඉන්ටෙන්ශන් එකක්, අනික ප්‍රාණඝාතයට ඉන්ටෙන්ශන් කිරීමක්. දෙකම කරන්නෙ දිව්‍යලෝකෙ යන්න උනත් ඉන්ටෙන්ශන් දෙක අහසට පොලව වගේ. කම්පෙයාර් කරන්න බෑ.

    එතකොට මට මෙහෙම කියන්න පුළුවන් නේ. මං වාහනයක් ගන්න නිසා දුප්පත් මිනිහෙක්ට ore ඇදින රස්සාවක් හරි ලැබෙනවා කියලා

    අනිත් එක. අපි වාහනයක් ගන්නකොට මේ ලෝකෙ මොන කෙළවරේ මොන අසාධාරණකම් වෙනවද අපි දන්නේ නෑ

    නමුත් අපි දන් අරගෙන පන්සල් වලට දුවනකොටත් මඟ දිගේ ඕනේ තරම් උදව් ඇත්තටම ඕනේ මිනිස්සු ඉන්නවා. යාචකයන්, වැඩිහිටි නිවාස ආදිය. මම හිතන්නේ නෑ ඔය දෙක compaire වෙනවා කියලා

    ඒ වගෙම, exploit වෙනවා කියන්නත් පුළුවන්.

    අර මුලින් කිව්ව දේමයි. මේ ධර්මයේ අරමුණු වෙනයි, ලෝකේ සමානාත්මතාව, බඩගින්න අඩුකරන්න කියන අරමුණු වෙනයි. බුදුදහමෙ හරයෙ අරමුණු වෙනයි.

    මම ඔයා කියන දෙය රිජෙක්ට් කරනවා නෙමෙයි. ඔහොමත් හිතලා ක්‍රියා කරන්න පුලුවන්, අරහෙමත් හිතලා ක්‍රියාකරන්න පුළුවන්. ඒ දෙකේ වෙන වෙන අරමුණු තියෙන්නෙ. මම ඕවාගෙන් detach වෙලා ඉන්නෙ ඕකයි. කතාකරලා විසඳන්න අපහසුයි. ඒ ඒ අය ඒ ඒ අයගේ රුචි අරුචිකම්, උවමනාවන් වල. එච්චරයි.

    බොහෝ මිනිස්සු පන්සලකට දෙන්නේ මොන Intention එකෙන් ද? කුට්ටිය වැඩියෙන් ගන්න.

    මොන කුට්ටියද? පිං‍.....පිං කියන්නේ බිස්නස් එකක්
    ඒක නිසා තමයි හිඟන්නට දෙනවට වඩා බුද්ධ පූජාවට තිබ්බත් පිං වැඩියි කියන්න මිනිස්සු බිහිවෙන්නේ.

    නෑ ඒක වැරදි මතයක්. සූත්‍රය මතක නැහැ, නමුත් ආර්යමාර්ගයට පිළිපන් අයට පිලිවෙලින් දීමෙහි ආනිශන්ස වැඩිවෙන හැටි කියවෙන තැනක් සූත්‍රයක තියනවා. හමුඋනොත් දාන්නම්.

    එසේ වෙතත්, පිං කෙරුවාව බිස්නස් එකක් කරං තියනවා කියන එක පිලිගන්න ඕන. නමුත් සෑම පිංකිරීමක්ම ජෙනරලයිස් කරන්න යන්න එපා. ඕවගෙ nuance එක වැඩියි. විවෘතව දකින්න උත්සහ කරන්න.

    මිනිස්සුන්ගේ විචාර බුද්ධිය කියන එක අන්තිමටම හීන වෙලයි තියෙන්නේ. මිනිස්සුන්ගේ Intention එක වෙන්න ඕනේ උදව් අවශ්‍ය කෙනාට කිරීම මිසක් වැඩියෙන් return එක ලැබෙන කෙනාට දීම නෙවෙයි කියන එකයි මගේ අදහස නම්

    දැන් මේකෙ "මගේ අදහස නම්" කියෙව්වම ඔයාටම තේරෙන්න ඕන ඒක ඔයාගෙ අර්ථවිවරණය. ඔයා "මේවා මෙසේ විය යුතුයි"/ "ලෝකය මෙසේ විය යුතුයි" කියලා හිතන විදිහය ඔය.
    වැඩියෙන් return එක ලැබෙන කෙනාට දෙන එක ඒ අයගෙ intention එක. ඒ අය සූත්‍ර මත පදනම් වෙලා හිතන විදිහ.

    අන්‍යාගමික පූජකයෙක් තමන්ට දුන්නම වැඩිම පිං කියලා කිව්වොත්
    ඔයා එතකොට ඒ පුන්‍යකර්මය දිහා ඔය රාමුවෙන්ම ඉඳලා බලන්නේ නැහැ නේද?

    දැන් උදාහරණයකට බුදුන් පහල උනේ නැතනම් මම, දැනුවත් උනොත්; ඉහලින් සලකන්නෙ ආලාරකාලාම, උද්දකරාමපුත්ත වගේ අයට. මොකද එවැනි ධ්‍යාන වලට යන්න ලේසිපහසු නෑ. යම් සීලයක්, යම් සමාධියක්, අසම්පූර්ණ නමුත් යම් ප්‍රඥාවක් තිබිය යුතුයි. එවිට ඒවගේ අයට දීම උතුම් වෙනවා නේ. බුද්ධ කියන වචනයේ ඩිෆීනීශන් එක අදාල පුද්ගලයෙකුත් ඒ ශාසනයත් තියන නිසා අන්‍ය ආගමිකයන් මට සෙකන්ඩරි වෙනවා.
    නමුත් කවුරුහරි ඒ සාශන උතුම් කියලා හිතනවා නම් ඉතින් ඒක ඒ අයගෙ අවබෝධය, දැනුම සහ රුචිය.

    ඒ මුල් කාරණා තුනම නැත්තේ ඒ මුල් කාරණා තුනට බුදුන්ගේ මඟ පෙන්වීමක් අවශ්‍ය නැති නිසා වෙන්න බැරිද? ඒක ඔයාටයි මටත් වුණත් මතුපිටින් බලලා කියන්න පුළුවන්. ආරණ්‍යවාසී නම්, පාංශකූලික නම්, පිණ්ඩපාතෙන් යැපෙනවා නම් අපිට පේනවා

    නමුත් පෘථග්ජනයෙක්ට කෙනෙක් රහත් ද කියලා හොයන එක ලේසි නෑ........අන්න ඒක හොයන ක්‍රමය බුදුන් කියලා දෙනවා

    එහෙම එකක් කියලා දෙන්නෙ නැහැ නෙ ඔතන.
    ඒ වගෙම එහෙම හොයන්න අපහසුයි. අහල නැද්ද අටුවා කතාවක් තියනවා පාත්‍රය අරන් රහත් භික්ෂුවක් පසුපස ගියත් එක දැනගන්න බෑ සාර්ථකව කියලා. එකටනම් ඕනතරම් සූත්‍ර ඇති.අපි කොහොමද තවත් කෙනෙක්ගෙ සමාධිය, ඉන්ද්‍රිය ධර්ම, යෝනිසෝමනසිකාරය හරියට මනින්නෙ? තවත් රහත් භික්ෂුවක් කියලා හරියටම දැනගන්න නම් රහත්වෙලා බලන්න. නැතිනම් බුදුවෙලා ඉන්ද්‍රියපරෝපරියත්ති ඥානය ලබාගන්න. සමන්තබද්‍ර හාමුදුරුවො උනත් ඔය සද්දෙ දාන්නෙ ඕක දන්න නිසානෙ.

    ඔතනින් මම ගන්නේ ආරාමවාසී රහත් නැති භික්ෂූන්ට දෙන්න තියෙන අකමැත්ත. මොකද කෙනෙක් රහත් නම් ඒ කෙනා කැලේ අස්සේ ඉන්නවට වඩා පිරිසිදු ධර්මය දේශනා කරලා තව කෙනෙක් ගේ දුක නැති කරන්න දායක වෙනවා නම් පෞද්ගලිකවම ඒයින් කෙනෙක්ට දන් දීමට මමත් කැමතියි. ඒ රහතන් ලට දුන්නම ලොකුවෑයිං හම්බෙනවා කියන නිසා නෙවෙයි. උන්වහන්සේගෙන් වෙන මෙහෙවරට

    ඒක ඔයාගෙ කැමැත්ත. සූත්‍රය ප්‍රකාශ කරන්නෙ ඒක නෙමෙයි හැබැයි. එවගෙම කාටවත් සේවයක් නොකලත් කැලේ ඉන්න රහත් භික්ශුවට දෙන දානය මහත්ඵල වෙනවා. ඒක ඇව්ල්ලා උන්වහන්සේගෙන් මේ ශාසනයේ වෙන "එක් මෙහෙවරක්".

    නමුත් ඔයා කියන, භෞතිකව මෙහෙවරක් කරන භික්ශුවත් උතුම්, ඒ වෙනයම් පැති වලින්. අන්න ඒ පැති කොයි කොයි ඒවාද වඩා වටින්නේ කියන එකයි Zeus ඔයයි මමයි මේ කතාකරන්නෙ. ඉතිං ඕවා කතාකරලා විසඳන්න අමාරුයි. මට කියන්න තියෙන්නෙ ඔයා ඒවා වඩා වැදගත් කියලා හිතනවා නම් එහෙම කටයුතු කරන්න. මම වෙන විදිහකට හිතනවා මම එහෙම කටයුතු කරනවා.

    Goals දෙකක්, උපකල්පන දෙකක්, තර්ක දෙකක්. දෙකම වැලිඩ් මටනම්. මම, මම ගන්න විදිහ වැඩිමනක් අගයනවා පමණයි. ඔන්න ඕකම තමා තර්කඥානයෙන් මේ සාශනයේ කෙලවර දකින්න බැහැ කියන්නේ.

    (මම ඔයා කියන කාරණා වලට දිගින් දිගටම එරෙහි වෙනවාය කියලා හිතන්න එපා. ඔයා අර සත්ව නෙවෙයි තථාගත කියලයි සූත්‍රයේ තියෙන කතාවට මම එකඟ වුණා වගේ මේ සාකච්ඡාවදීත් මට හිතුනොත් ඔයා හරි කියලා, ඒක මම පිළිගන්න පැකිලෙන්නේ නෑ)

    Of course not. මම ඔයාව මේ ෆෝරම් එකේ ටික කාලයක ඉඳලා දන්නවා. ඒකයි රිප්ලයි කලෙත්. බොහෝදුරට ඕවට රිප්ලයි කරන්නෑ. මුල් ප්‍රශ්න කතාකරලා විසඳන්න පුළුවන් උනත් මේ දැන් කතාකරන, රුචි අරුචි/වෙනස් වෙනස් ගෝල් මත පදනම් වෙලා හදාගන්න වර්ල්ඩ් විව් සමපාත වෙන විදිහට කතාකරන්න බෑ ඇත්තටම. එව්වා ප්‍රශ්ණ, මේවා ගැටළු. සරල ප්‍රශ්ණ වලට එක් පිළිතුරක් දුන්නත් ගැටළුවලට විවිද විසඳුම් තියෙන්නෙ. ඕවා කතාකරලා විසඳන්න පුළුවන් ගැටළු නෙමෙයි. අත්දැකලා විසඳිය යුතු ධර්ම. නමුත් ඔය මතයට අමතරව "හරිමය" "වැරදිමය" කියන දැඩි ග්‍රහණය පැත්තකට දාලා මෙහෙමත් බලන්න පුළුවන් ඒවත් ඒ ඒ goals මත සාධාරණයි කියන එක එක හරි ඒත්තු ගියානම් එච්චරයි.

    Edited

    Changed ආශ්‍රවක්ශය to ඉන්ද්‍රියපරෝපරියත්ති
     
    Last edited:
    • Like
    Reactions: Zeus

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    මම ඒක ඔයාට හරියට විස්තර කළේ නැහැ. මෙන්න මේකයි හරි කතාව. මම facebook එකේ දාපු එක එහෙම්මම දාන්නම්. quoting

    "අපි හිතමු අපිට කාට හරි උදව් කරන්න හිතුනා කියලා. බඩගින්නේ ඉන්න කෙනෙක්ට කෑම දෙන්න හිතුනා කියමුකෝ. මේ දෙන්නා අතරින් කාටද ඇත්තටම කන්න දිය යුත්තේ ???

    1- කෙනෙක් ඉන්නවා එයාට ගොඩක් තැන් වලින් කෑම හම්බෙනවා. අපි නොදුන්නට ලොකු වෙනසක් නෑ. ඉන්න ගෙයක්; හිසට සෙවනක් වතු පිටි තියෙනවා. යන්න කාර් එකකුත් තියෙනවා

    2- අනිත් කෙනාට හැමදාම කන්න දෙන්න කෙනෙක් නෑ. වේල් දෙක තුන කන්න නැතුව ඉඳලා තියෙනවා. අපි ටික දෙනෙක් දුන්නොත් විතරයි කෑම ලැබෙන්නේ. ඉන්න තැනක් නෑ. කාර් එකක් තියා සෙරෙප්පු කෑලි දෙකක් වත් නැති වෙලාවල් තියෙනවා

    මම නං නිසැකයෙන්ම තෝරගන්නේ අංක 2 🙂
    අංක 1 ට දුන්නම පිං කෝටියත් හම්බෙනවා කිව්වත් පිං කුට්ටියට ගිජු වෙලා අංක 1 ට නම් දෙන්නේ නෑ. "
    end quote

    ඔතන අංක 1 සහ 2 conditions fulfill වෙනකම් විතරයි මම කියන්නේ. මිනිස්සු පන්සලට දන් දෙන එක අඩුම වෙලා ගියොත් අන්න එදාට එයාලා අංක 2 වෙනවා.
    "

    මං අකමැතිම දේ පිං පෙරේත කම නිසා මිනිස්සු පන්සලට දුවන එක. සමහරු කියනවා හිඟන්නෙක්ට දෙනවට වඩා පිං ලු බුද්ධ පූජාවට තියෙන එක? WTF ? ඒක ඇත්ත වුණත් මටනං ඒ ජාතියේ පුන්‍යකර්ම කරන්න ඕනේ නෑ.

    බුද්ධ ශාසනය ධර්මස්කන්ධය පවත්වාගෙන යන භික්ෂූන් පවතින්න ඕනේ ඒක හරි. නමුත් ඒක නිසා ඇති තැනට තවත් ලැබිලා නැති තැන් නැත්තටම නැති වෙනවා නං ඒක downright wrong මචං.

    ඕක නිසා තමයි මිනිස්සු බත් කන්න බලාගෙන මහණ වෙන්නෙත්. දැන් ඉන්න ආරාමවාසි බහුතර භික්ෂූන්ට මම කැමති නෑ. මං වගේ අය බුද්ධකාලීනවත් හිටියා දාරුකම්මික සූත්‍රය ඔයා කියවලා ඇති. බුදුන් ඒකෙ වැරැද්දක් කියලා නෑ

    මං මගේ දෙමව්පියන්ටයි වයිෆ් ටයි කියලා තියෙන්නේ. ඔයාලා නැති කාලෙක ඔයාලගේ විශ්වාසය අනුව මම භික්ෂූන්ට දානයක් දෙන්නම්. නමුත් මං වෙනුවෙන් එහෙම දේවල් කරන්න එපා. අසරණ මිනිස්සු ඕනේ තරම් ඉන්න එයාලට උදව් කරන්න

    මිනිහෙක්ට එක වේලක් කන්න දෙනවටත් වඩා හොඳයි උනන්දුව තියෙන මිනිහෙක් ට skill එකක් ඉගෙන ගන්න උදව් කරන එක. එතකොට ඒ මිනිහා ඒකෙන් ව්‍යාපාරයක් රස්සාවක් කරගෙන හැමදාම යැපෙයි නේ කියලා
    මචන් මේ කියල තියන දේ වැරදි පැත්තෙන් උයා අල්ලගෙන් තියෙන්නේ බුද්ධ සාසනයේ අපි පුංචි කාලේ ඉදන් අහපු කියපු දෙයක් වුනත් අපි හරියට තේරුම් ගත්තේ නැති දෙකින් කියන්නම් අපි බුද්ධ සාසනේ මේ මාර්ගයේ යද්දී මුලින්ම කියන දේ බුදු ගුණ ඒ ගුණය නිසා නේ අපි මේ ගැන හොයන්නෙත් මේ මාර්ගයේ යන්නෙත්, පලවෙනි බුදු ගුණය අරහං ගුණය තේරුම දැනගන්න
    රේනුකානේ හාමුදුරුවන්ගේ සුවිසි මහා ගුණය පොතෙන් අරගන්නම්
    ඒ භාග්‍යවතුන් වහන්සේ අනාගතයෙහි ලොවුකික වූ ද , ලෝකෝත්තර වූ ද උසස් ඵල පතා සැදැහැතියන් විසින් කරන පුජාවන් පිළිගැනීමට සුදුසු වූ සේක.

    කුසල කර්මයක පාර්ශව දෙකක් ඉන්නවා එකක් දායකය යි ප්‍රතිග්‍රහකය යි
    කුසල කර්මයකදී වැදගත් වෙන්නේ දෙන දායකයාගේ ඒ වෙලාවේ හා ඉන් ඉදිරියට ඒ වෙනුවනේ ඇති කරගන්න සිතුවිලියි . ඒ දායකය දානය ලැබීමට අරමුණු කරපු පුත්ගලයාගේ මානසික මට්ටමයි.
    දානයක් දෙද්දී
    බේබද්දෙක්ට දෙනවට වැඩ හොදයි නේද හිගන්නෙක්ට දෙන එක
    හිගන්නේකට දෙනවට වැඩ හොදයි නේද එක සිල් පදයක් හරි රකින කෙනෙක්ට දෙන එක
    එක සිල් පදයක් හරි රකින කෙනෙක්ට දෙනවට වඩා හොදයි නේද සිල් පද 5 ක් රකින කෙනෙක්ට දෙන එක
    සිල් පද 5 ක් රකින කෙනෙක්ට දෙනවට වඩා හොදයි නේද සිල්වත් භික්ෂුවට දෙන එක
    මෙහෙම ගිහින් අවසානයේ බුදු වරයෙක් ට දානය දෙන එක උතුම් කියල කියනව

    අනික මචන් මේ බුද්ධ දර්ශනය සියල්ලන්ටම නෙවේ බොහොම සුළු පිරිසකට තේරුම් ගන්න පුළුවන් දෙයක්. වරදින් හෝ නිවැරදි මාර්ගයට කාලයත් එක්ක මින්ස්සු හැඩ ගැහෙයි නැත්නම් තවත් නරක පැත්තට යයි.

    සුත්‍ර වලින් පුත්ගල අනුබද්ධව දේශනා කරල තියන නිසා උදාහරණ දෙද්දී පරිස්සමෙන් ඒ ඒ පුත්ගලයින්ගේ මානසික මට්ටම අරමුණ කරගෙන් තමයි ඒ දේශනා කරලා තියෙන්නේ උයාගෙ මානසික මට්ටමත් එක්ක වැරදි වැටහීම් ඇතිකරගන්න පුළුවන් අවස්ථාව වැඩි මචෝ.
     
    • Like
    Reactions: Zeus