ඔව් ඒ කතාව technically වැරදි නෑ තමයි.. එත් ජීවත් වීමට සරිලන වැටුපක් මස 6න් 6ට update වෙනවා කියන එකෙන් රජයේ සේවකයා මේ කියන කතාවද බලාපොරොත්තු වෙන්න ඇත්තේ? ඉන්ධන මිල සූත්රය වගේ තමන්ගේ පඩිය අඩු වැඩි වෙන එකද මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ නැත්නම් වැඩි වෙයි කියලද?
මෙතන වැඩි කරනවා කියල වචනෙන් නොකිය ඒක imply කරලා රවට්ටන එක නෙවෙයිද කරන්නේ?
ඒක තේරුම් ගන්න එකාගෙ මොලේ තරම අනුව තමා ඉතින්. (මම දැකලා තියෙනවා උද්දමනය අඩු උනා කිව්වම ඒ උනාට බඩු මිල අඩු උනේ නෑනෙ වගේ ප්රශ්න අහන උන් ඕන තරම්)

පාරිභෝගික මිල දර්ශකවලට ගලපලා පඩි අඩු වැඩි වෙන ක්රමයක් වඩා සාර්තකයි කියලා මම හිතන්නෙ.
නැත්නම් පඩිය කොච්චර වැඩි උනත් ඒ පඩියෙන් අපිට මිලට ගන්න පුලුවන් දේවල් , ප්රමාණ එන්න එන්න අඩු වෙන්වනම් ඒකෙන් වැඩක් නෑනෙ. මේ වෙනකන් රටේ උනේ ඒ විදියට නේද?
අපි අවුරුදු කීපෙකට කලින් 20000ක පඩියට ගත්තු ටික දැන් 40000ක පඩියක් ගත්තත් ගන්න බැරි තත්වයක් නේද උදා වෙලා තියෙන්නෙ?
මිල දර්ශක එක්ක අඩු වැඩි වෙන වැටුප් ක්රමය වඩා සාර්තක වෙයි කියලා මට නම් හිතෙන්නෙ?



