නිධානයක් තිබ්බ, එක තමා මානව සම්පත, එක ටික ටික නැති වේගෙන යන්නේ. 60 ගණන් වල ඉඳල ඉඳපු තරුණ ජනගහනය පාවිච්චි කරලා ආර්ථිකය ප්ලෑන් කළා නම් මේ වෙනකොට දියූණූ රටක්. දැන් ඒ තරුණ ජනගහනය වයසට ගිහින්, කොටසක් යුද්ධ කැරළි නිසා මැරිලා, කොටසක් ආර්ථික අර්බුද වාර්ගික අර්බුද නිසා රට අතහැරලා ගිහින්. ඉතින් දැන් නිධානය ඉවරයි. හම්බන්තොට වරාය වගේ ඒවත් නිධාන නමුත් ප්ලෑන් කරපු හැටි මුළ ඉඳලම වැරදියි. ඒ නිධානයෙන් ප්රයෝජනයක් ගන්න නම් අපි මිත්ර වෙන්න ඕන චීනය එක්ක නෙවේ ඉන්දියාව එක්ක. බිළියන 1.2ක් මිනිස්සු ඉන්න රටට වරාය සේවා සපයන්න ප්රති නැව්ගත කිරීම් කරන්න ඔය වරාය ප්රයෝජනයට ගන්න තිබුන. එත් අපේ එවුන් ඉන්දියාව එක්ක නෙවේ බිස්නස් කරන්නේ කිලෝමීටර දාස් ගානක් ඈත තියෙන චීනය එක්ක, ඒ මදිවාට චීනය ඉන්දියාව මිතුරු රටවල් නෙවෙයි. ඉතින් ඔය වගේ දේවල් තියෙනවා අපට මග ඇරුණු.