අපි නොදන්න මැක්ග්‍රාත්
ග්ලෙන් මැක්ග්‍රාත්... ක්‍රිකට් ගැන දන්න ඕනම කෙනෙක් මේ නම දන්නවා. ඔහු කොයි තරම් දක්ෂ ක්‍රීඩකයෙක්ද කියලා කතාකරන්න නෙමෙයි මේ යන්නේ. එහෙම කතාකරන්න ඕන නැහැ, ඔහු ක්‍රීඩාකරන කාලෙයි අදයි ඕස්ට්‍රේලියානු පිල ගැන බැලුවම ඕනකෙනෙකුට ඒක හිතාගන්න පුලුවන්. අද මම කතාකරන්න යන්නෙ ග්ලෙන් මැක්ග්‍රාත් කියන මනුෂ්‍යයා පිලිබඳව.මම මේගැන හිතලා ගොඩක් කල්. ඒත් හදිසියෙම හිතුනෙ අළුබඳුන 5වෙනි ටෙස්ට් තරඟය අතර යෙදුන "Mcgrath's day" නිසා.
මම අද කියන්න යන්නෙ ග්ලෙන් මැක්ග්‍රාත්ගෙ ආදර කතාව ගැන.
ග්ලෙන්ගේ ආදරවන්තිය තමයි එංගලන්ත ජාතික ජේන් ලුයිස් ස්ටීල්. ඇය 1966 මැයි 14 වැනිදා ඉපදිලා තියෙන්නේ. ඇය ගුවන් සේවිකාවක්. ග්ලෙන්ට ජේන්ව හමුවෙලා තියෙන්නේ 1995 වසරෙදි හොංකොං වලදි. ඔවුන් 1999 වසරෙදි විවාහ උනා. ඔවුන්ට පුතෙක් සහ දුවෙක් ඉන්නවා.
ඇත්තටම මේක කොච්චර ලස්සන ආදර කතාවක්ද? ඔයාලට එහෙම හිතුනා නේද? දුක හිතෙන කතාව පටන්ගන්නේ දැනුයි. මම කැමති නැහැ දුක හිතෙන කතා කියන්න,ඒත් ග්ලෙන්ගේ මනුෂ්‍යත්වය ගැන කියන්නනම් මේ කතාව කියන්නම වෙනවා. 1998 වසරෙදි ඔවුන් දැන ගත්තා ජේන්ට පියයුරු පිළිකාවක් තියෙනවා කියලා, පිළිකාවට කරපු ප්‍රතිකර්ම නිසා ජේන්ට දරුඵල අහිමිවිමේ අවදානමක් තිබුනා. 2008 වසරෙදි ජේන් දරුණු ලෙස පීඩා වින්දා. කෙසේ හෝ 2008 ජුනි 22 උදෑසන අවාසනාවන්ත ලෙස තම දයාබර ස්වාමියත් දරු දෙදෙනත් දමා මෙලොව හැර ගියා.
මම මෙහිදි මතුකරන්න කැමති කරුණ තමයි ජේන්ට පිළිකාවක් ඇති බව දැනගන්නා විට ඔවුන් විවාහක නැහැ. හඳුනාගෙනත් අවුරුදු 3ක් පමනයි වෙන්නේ. ග්ලෙන් හොඳාකාරවම දැනගෙන හිටියා ඇය මෙම රෝගය නිසා අකාලයේ මියයන බව සහ ඔවුනට දරු සුරතල් බැලීමේ හැකියාව අවම බවත්. ඒත් මේ සොඳුරු මනුශ්‍යයා ඇයව විවාහ කරගත්තා විතරක් නෙමෙයි ඇය මියයන තුරු ඉතාමත් ආදරෙන් ජීවත් උනා.
මම දන්නේ නැහැ ඔයාලටනම් කොහොමද කියලා,මට මේ කතාව මතක්වෙන හැම වෙලාවකම හරිම දුකක් හිතට එනවා.ලෝකෙ මිනිස්සු කොයිතරම් දික්කසාද වෙනවද?ඔවුන්ට එකට ඉන්න හැකියාව තියෙද්දිත් ඔවුන් එකිනෙකාගෙන් වෙන් වෙනවා. ඉතිං ඇයි දෙයියනේ මෙච්චර ආදරෙන් ඉන්න මේ තරම් හොඳ මිනිස්සුන්ට මේ වගේ අසාධාරනයක් කරන්නේ?
ඔයාලට හිතෙන දේවල් ලියලා යන්න...

Last edited:

Pissuda ban?