අපි නොදන්න රුසියාව-10
පසුගිය වසරේ දෙසැම්බර් 22දා අවසන් ප්‍රධාන මාධ්‍ය සාකච්ඡාවේදී රුසියානු ජනපති විලැඩ්මීර් පුටීන් රුසියාවේ හමුදා නවීකරණ වැඩසටහනේ වැදගත්කම ඉස්මතු කර පෙන්වන ලදි."අපි රුසියානු සන්නද්ධ හමුදාවල න්‍යෂ්ඨික සහ මිසයිල හැකියාවන් විශාල වශයෙන් නවීකරණය කරන ලදි.මෙය අදාල වන්නේ නාවික හමුදාවටයි.නවතම උපායමාර්ගික සබ්මැරීන සමග අලුත් මිසයිල සේවයට එක්වෙමින් තිබේ." යැයි ඔහු ප්‍රකාශ කර තිබේ.පුටීන් එහිදී ඉස්මතු කල තවත් කරුණක් වන්නේ නව උපායමාර්ගික අවි අවම කිරීමේ සම්මුතියට එකඟව ක්‍රියා කිරීමට රුසියාව බැදී සිටින බවයි.
එම දිනයේම බොරෙයි පන්තියේ(ප්‍රොජෙක්ට් 955) අටවන සබ්මැරීනයේ නිෂ්පාදන කටයුතු සෙව්මෑෂ් නෞකාතටාකාංගනයේදී ඇරඹිණි.නවතම මිසයිල ප්‍රවාහන උපායමාර්ගික සබ්මැරීනය නයාස් පොස්හාස්කි යන නමින් නම් කර තිබිණි.බොරෙයි පන්තියේ 8වන සබ්මැරීනය හෙවත් එම පන්තියේ අවසන් සබ්මැරීනය මෙය බවයි වාර්තා වන්නේ.පසුගිය වසර කිහිපය තිස්සේ රුසියාව නූතනයට ගැලපෙන න්‍යෂ්ඨික සබ්මැරීන ඇණියක් නිර්මාණය කිරීමට දැඩි පරිශ්‍රමයක් දැරීය.
එක් බොරෙයි පන්තියේ සබ්මැරීනයක සංග්‍රාමික ශක්තිය ඒකාබද්ධ සන්නද්ධ හමුදාවක් පවා ඉක්මවා යයි.2013 ජනවාරි,එනම් බොරෙයි පන්තියේ පළමු සබ්මැරීනය සේවයට එක්වූ දා පැවැත්වූ උත්සවයේදී රුසියනු ජනපති පුටීන් මෙසේ පැවසීය."යූරි ඩොල්ගොරුකියි යනු නව පරම්පරාවේ න්‍යෂ්ඨික සබ්මැරීනයකි.මෙම පන්තියේ සබ්මැරීන රුසියානු හමුදාවේ වැදගත් කොටසක් මෙන්ම ගෝලීය බල තුලනය පවත්වාගෙන යෑමට සහ රුසියාව සහ එහි මිත්‍ර රාජ්‍යවල ආරක්ෂාවට හේතුවක් වේවි."
එතැන් පටන්,රුසියානු නාවික හමුදාව බොරෙයි පන්තියේ සබ්මැරීන තුනක් ලබාගෙන තිබිණි.ඒවා යූරි ඩොල්ගොරුකියි,ඇලෙක්සැන්ඩර් නෙව්ස්කියි සහ විලැඩ්මීර් මොනොමක් යන නමින් වලින් හඳුන්වයි.මෙම සබ්මැරීන තුන මේවන විට රුසියානු නාවික හමුදාවේ සේවයේ යොදවා තිබේ.
2016 දෙසැම්බර් මස 23 වන විට තවත් නවීකරණය කල බොරෙයි -ඒ පන්තියේ සබ්මැරීන හතරක් සෙව්මෑෂ් නෞකාතටාකාංගනයේදී නිමවා තිබිණි.ඒවා නයාස් විලැඩ්මීර්,නයාස් ඔලෙග්,ජෙනරල්ලිස්සිමස්,සුවරොව් සහ එම්පයර් ඇලෙක්සැන්ඩර් 3 යන නමින් වලින් හඳුන්වයි.
න්‍යෂ්ඨික සබ්මැරීන යනු රුසියානු න්‍යෂ්ඨික ත්‍රිකයේ වඩාත් ප්‍රතිඵලදායි,ස්වාධීන සහ ස්ටෙල්ත් සංරචකයයි.ඒවා කාලගුණය මත රඳා නොපවතින අතර රුසියානු වෙරළේ සිට සැතපුම් දහස් ගණනක් දුරක සිට පවා මෙහෙයුම් සිදුකල හැකිය.2020 වර්ෂය ආරම්භයේ පටන් බොරෙයි පන්තියේ සබ්මැරීන රුසියානු න්‍යෂ්ඨික උපායමාර්ගික නිවර්තන බලකායන්ගේ ප්‍රධාන නාවික සංරචකය බවට පත්වේවි.
බොරෙයි පන්තියේ මිසයිල ප්‍රවාහන න්‍යෂ්ඨික සබ්මැරීනය(ප්‍රොජෙක්ට් 955ඒ ,බොරෙයි-එම්)සංවර්ධනය කලේ රොබින් සැලසුම් කාර්යාංශය විසින්ය.එම සබ්මැරීනයක් ආසන්න වශයෙන් මීටර් 170ක දිගකින්ද මීටර් 13.5ක පළලකින්ද යුක්ත වේ.එහි ජල විස්ථාපනය ටොන් 24,000කි.ඊට බුලාවා-30 නම් අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිල 16-20 අතර ගණනක් සහ කෲස් මිසයිල කිහිපයක්ද රැගෙන යා හැකිය.බුලාවා-30 මිසයිලක උපරිම මෙහෙයුම් පරාසය කි.මී.8000කි.එය ඝන-ඉන්ධන දහන එන්ජිමක් සහ සංයුක්ත සැලසුමකින් සමන්විතය.මෙම සබ්මැරීනයට අධි වේගයෙන් ගමන් කිරීමේ හැකියාවත් පුදුම එළවන සුළු හැසිරවීමේ හැකියාවකුත් තිබේ.තවද දියුණු මිසයිල ආරක්ෂණ පද්ධති මැඩගෙන යෑමේ හැකියාව එය සතුය.
2020 වනවිට බොරෙයි සහ බොරෙයි-ඒ පන්තිවල සබ්මැරීන 8ක් රුසියානු නාවික හමුදාවට ලැබේ.ඒවාට ආර්-30 බුලාවා මිසයිල 148 සමග කිලෝ ටොන් 100-150 අතර ශක්තියක් සහිත නියාමක අවි ශීර්ෂ 1480 රැගෙන යෑමේ හැකියාව තිබේ.මෙම සබ්මැරීන සතුව මි.මී.533 ඉදිරිපස ටෝර්පිඩෝ ටියුබ් 8ක්,ටෝර්පිඩෝ 40ක්,මිසයිල ටෝර්පිඩෝ සහ ටෝර්පිඩෝ බෝම්බ තිබේ.ඊට අමතරව ස්වාධීන ප්‍රති-සෝනාර් උපාංගද රැගෙන යයි.
එක්සත් ජනපද නාවික හමුදාවේ වර්ජිනියා-පන්තියේ සබ්මැරීනවල සෝනාර් පද්ධතියට සතුරු නෞකා හඳුනාගැනීමට හැකි උපරිම පරාසය මෙන් 50% ප්‍රතිශතයක් ඉහල හැකියාවක් බොරෙයි පන්තියේ සබ්මැරීනවල සෝනාර් පද්ධතිය සතු බව කියවේ.මෙම පද්ධතිය සතු සංකීර්ණ ඩිජිටල් උපාංග සන්නිවේදනය,ප්‍රතිග්‍රහණය සහ ඉලක්ක අනාවරණය කර ගැනීම සහ අනෙකුත් අතිරේක කෘත්‍යයන් සපයා දෙයි.
බොරෙයි-පන්තියේ සබ්මැරීනයකට ගමන් කල හැකි උපරිම ගැඹුර මීටර් 480 කි.එක් සබ්මැරීනයක් දින 90කට සෑහෙන ආහාර රැගෙන යයි.එහි ජීවිතාක්ෂක පද්ධතියත් සමග සබ්මැරීනයට ස්වාධීනව දශක ගණනක් වුවද මෙහෙයුම්වල යෙදීමේ හැකියාව තිබේ.සබ්මැරීනයක කාර්යමණ්ඩලය 107කි.බොරෙයි සහ බොරෙයි-ඒ සබ්මැරීන සමග බොරෙයි-එම්(2011 දී සංවර්ධනය කල )සබ්මැරීනය සංසන්දනය කිරීමේදී එහි ස්ටෙල්ත් හැකියාව සහ සන්නිවේදනය ක්‍රමවල සහ අවි පාලන පද්ධතිවල දියුණුවක් සිදුව තිබේ.ප්‍රොජෙක්ට් 955 සබ්මැරීන සියල්ල නවීකරණය කිරීමේ සැලැස්මක්ද තිබේ.
බටහිර ගැති මාධ්‍ය සහ බටහිර දේශපාලන අධිකාරයේ කොතරම් අවතක්සේරුවට ලක්වුවද සබ්මැරීන නිෂ්පාදනය ඇතුලු යුද තාක්ෂණය කොතරම් දියුණු තත්ත්වයක තිබේදැයි රුසියාව සාක්ෂි සහිතව ඔප්පු කර තිබේ.ඉන් සමහර තාක්ෂණයන් ආර්ථික වශයෙන් ඉතා දියුණු රටවල් සතුව පවා නොමැත.රුසියානු බොරෙයි-පන්තියේ සබ්මැරීන එරට හමුදාව සතු භයානකම අවි 10 අතරට ගැනේ.
දැනට මෙහෙයුම් වල යොදවා තිබෙන වෙනස් පන්තිවල සබ්මැරීන 75ක් රුසියානු නාවික හමුදාව සතුව තිබේ.ඒවා රුසියාව සතු දියුණුම තාක්ෂණයෙන් සමන්විතය.මෙම සබ්මැරීනවල බඳ විශේෂිත වානේ මිශ්‍ර ලෝහයකින් සහ ටයිටේනියම් වලින් නිපදවා තිබෙන්නේ ස්ටෙල්ත් හැකියාව වැඩි කිරීම සඳහාය.තවද ඒවා සතුව දිය යටදී විශ්වාසනීය මිසයිල දියත්කල හැකි පද්ධතියක් සහ අති නවීන සෝනාර් පද්ධති තිබේ.
2020 වර්ෂයේදී පස්වන පරම්පරාවේ බහුකාර්යය සබ්මැරීනයක් නිපදවන්නට රුසියාව අපේක්ෂාවෙන් සිටියි.පසුගිය නොවැම්බර් මස 27 දා රුසියාව න්‍යෂ්ඨික බලයෙන් ප්‍රචාලනය වන ටෝර්පිඩෝවක් අත්හදා බලන ලදි.ඊට මෙගාටොන් 100ක් බලවත් තාපන්‍යෂ්ඨික බෝම්බයක් කි.මී.10,000ක් දුරට ගෙන යා හැකිය.
Source:sputniknews.com
-HarshaLulzSec-

යූරි ඩොල්ගොරුකියි සබ්මැරීනය පරීක්ෂණ ගමන් වාරයක යෙදන අයුරු
රුසියාව බොරෙයි පන්තියේ සබ්මැරීන අටක් නිපදවා තිබේ
එක් බොරෙයි පන්තියේ සබ්මැරීනයක සංග්‍රාමික ශක්තිය ඒකාබද්ධ සන්නද්ධ හමුදාවක් පවා ඉක්මවා යයි.2013 ජනවාරි,එනම් බොරෙයි පන්තියේ පළමු සබ්මැරීනය සේවයට එක්වූ දා පැවැත්වූ උත්සවයේදී රුසියනු ජනපති පුටීන් මෙසේ පැවසීය."යූරි ඩොල්ගොරුකියි යනු නව පරම්පරාවේ න්‍යෂ්ඨික සබ්මැරීනයකි.මෙම පන්තියේ සබ්මැරීන රුසියානු හමුදාවේ වැදගත් කොටසක් මෙන්ම ගෝලීය බල තුලනය පවත්වාගෙන යෑමට සහ රුසියාව සහ එහි මිත්‍ර රාජ්‍යවල ආරක්ෂාවට හේතුවක් වේවි."
එතැන් පටන්,රුසියානු නාවික හමුදාව බොරෙයි පන්තියේ සබ්මැරීන තුනක් ලබාගෙන තිබිණි.ඒවා යූරි ඩොල්ගොරුකියි,ඇලෙක්සැන්ඩර් නෙව්ස්කියි සහ විලැඩ්මීර් මොනොමක් යන නමින් වලින් හඳුන්වයි.මෙම සබ්මැරීන තුන මේවන විට රුසියානු නාවික හමුදාවේ සේවයේ යොදවා තිබේ.
2016 දෙසැම්බර් මස 23 වන විට තවත් නවීකරණය කල බොරෙයි -ඒ පන්තියේ සබ්මැරීන හතරක් සෙව්මෑෂ් නෞකාතටාකාංගනයේදී නිමවා තිබිණි.ඒවා නයාස් විලැඩ්මීර්,නයාස් ඔලෙග්,ජෙනරල්ලිස්සිමස්,සුවරොව් සහ එම්පයර් ඇලෙක්සැන්ඩර් 3 යන නමින් වලින් හඳුන්වයි.
විලැඩ්මීර් මොනොමක් සබ්මැරීනය දියත් කලදා
න්‍යෂ්ඨික සබ්මැරීන යනු රුසියානු න්‍යෂ්ඨික ත්‍රිකයේ වඩාත් ප්‍රතිඵලදායි,ස්වාධීන සහ ස්ටෙල්ත් සංරචකයයි.ඒවා කාලගුණය මත රඳා නොපවතින අතර රුසියානු වෙරළේ සිට සැතපුම් දහස් ගණනක් දුරක සිට පවා මෙහෙයුම් සිදුකල හැකිය.2020 වර්ෂය ආරම්භයේ පටන් බොරෙයි පන්තියේ සබ්මැරීන රුසියානු න්‍යෂ්ඨික උපායමාර්ගික නිවර්තන බලකායන්ගේ ප්‍රධාන නාවික සංරචකය බවට පත්වේවි.
බොරෙයි පන්තියේ මිසයිල ප්‍රවාහන න්‍යෂ්ඨික සබ්මැරීනය(ප්‍රොජෙක්ට් 955ඒ ,බොරෙයි-එම්)සංවර්ධනය කලේ රොබින් සැලසුම් කාර්යාංශය විසින්ය.එම සබ්මැරීනයක් ආසන්න වශයෙන් මීටර් 170ක දිගකින්ද මීටර් 13.5ක පළලකින්ද යුක්ත වේ.එහි ජල විස්ථාපනය ටොන් 24,000කි.ඊට බුලාවා-30 නම් අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිල 16-20 අතර ගණනක් සහ කෲස් මිසයිල කිහිපයක්ද රැගෙන යා හැකිය.බුලාවා-30 මිසයිලක උපරිම මෙහෙයුම් පරාසය කි.මී.8000කි.එය ඝන-ඉන්ධන දහන එන්ජිමක් සහ සංයුක්ත සැලසුමකින් සමන්විතය.මෙම සබ්මැරීනයට අධි වේගයෙන් ගමන් කිරීමේ හැකියාවත් පුදුම එළවන සුළු හැසිරවීමේ හැකියාවකුත් තිබේ.තවද දියුණු මිසයිල ආරක්ෂණ පද්ධති මැඩගෙන යෑමේ හැකියාව එය සතුය.
විලැඩ්මීර් මොනොමක් සබ්මැරීනය කැම්චැට්කා ප්‍රදේශයේ වරායකට පැමිණි අවස්ථාවක්
2020 වනවිට බොරෙයි සහ බොරෙයි-ඒ පන්තිවල සබ්මැරීන 8ක් රුසියානු නාවික හමුදාවට ලැබේ.ඒවාට ආර්-30 බුලාවා මිසයිල 148 සමග කිලෝ ටොන් 100-150 අතර ශක්තියක් සහිත නියාමක අවි ශීර්ෂ 1480 රැගෙන යෑමේ හැකියාව තිබේ.මෙම සබ්මැරීන සතුව මි.මී.533 ඉදිරිපස ටෝර්පිඩෝ ටියුබ් 8ක්,ටෝර්පිඩෝ 40ක්,මිසයිල ටෝර්පිඩෝ සහ ටෝර්පිඩෝ බෝම්බ තිබේ.ඊට අමතරව ස්වාධීන ප්‍රති-සෝනාර් උපාංගද රැගෙන යයි.
බොරෙයි-පන්තියේ සබ්මැරීනයක සිට බුලාවා අන්තර් මහද්වීපික මිසයිල අත්හදා බැලීම
එක්සත් ජනපද නාවික හමුදාවේ වර්ජිනියා-පන්තියේ සබ්මැරීනවල සෝනාර් පද්ධතියට සතුරු නෞකා හඳුනාගැනීමට හැකි උපරිම පරාසය මෙන් 50% ප්‍රතිශතයක් ඉහල හැකියාවක් බොරෙයි පන්තියේ සබ්මැරීනවල සෝනාර් පද්ධතිය සතු බව කියවේ.මෙම පද්ධතිය සතු සංකීර්ණ ඩිජිටල් උපාංග සන්නිවේදනය,ප්‍රතිග්‍රහණය සහ ඉලක්ක අනාවරණය කර ගැනීම සහ අනෙකුත් අතිරේක කෘත්‍යයන් සපයා දෙයි.
බොරෙයි-පන්තියේ සබ්මැරීනයකට ගමන් කල හැකි උපරිම ගැඹුර මීටර් 480 කි.එක් සබ්මැරීනයක් දින 90කට සෑහෙන ආහාර රැගෙන යයි.එහි ජීවිතාක්ෂක පද්ධතියත් සමග සබ්මැරීනයට ස්වාධීනව දශක ගණනක් වුවද මෙහෙයුම්වල යෙදීමේ හැකියාව තිබේ.සබ්මැරීනයක කාර්යමණ්ඩලය 107කි.බොරෙයි සහ බොරෙයි-ඒ සබ්මැරීන සමග බොරෙයි-එම්(2011 දී සංවර්ධනය කල )සබ්මැරීනය සංසන්දනය කිරීමේදී එහි ස්ටෙල්ත් හැකියාව සහ සන්නිවේදනය ක්‍රමවල සහ අවි පාලන පද්ධතිවල දියුණුවක් සිදුව තිබේ.ප්‍රොජෙක්ට් 955 සබ්මැරීන සියල්ල නවීකරණය කිරීමේ සැලැස්මක්ද තිබේ.
රුසියානු තාක්ෂණයේ දියුණුව

බම්ප්