අපි නොදන්න රුසියාව-14

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    අපි නොදන්න රුසියාව-14

    62C710z.jpg

    දෙවන ලෝක යුද්ධයේදී නාසි ජර්මනියට එරෙහිව ලබාගත් ජයග්‍රහණයේ 72 වන සංවත්සරය සැමරීමට සිටින රුසියාව, මෙවර විජයග්‍රාහී පෙළපාලියේ ප්‍රදර්ශනය කිරීමට නියමිත ප්‍රමුඛතම යුදෝපකරණ කිහිපයක් එරට ආරක්ෂක අමාත්‍යාංශය විසින් ප්‍රසිද්ධ කර තිබේ.මෙවර විජයග්‍රාහී පෙළපාලිය මැයි මස 9 වනදා මොස්කව් නගරයේ රතු චතුරස්‍රයේ පැවැත්වේ.


    ආක්ටික් අවි

    ආක්ටික් කලාපයේ භාවිතා කිරීමට විශේෂයෙන් නිර්මාණය කල ගුවන් ආරක්ෂණ පද්ධති,අවි පළමුවරට මැයි 9 දා ප්‍රදර්ශනය කෙරෙනු ඇත.මේවා පැන්ට්සර්-එස් ඒ සහ ටෝර්-එම්2ඩීටී කෙටි දුර මිසයිල සහ තුවක්කු පද්ධති වන අතර ඒවා ඩී ටී-30 විට්යාස් ඒකක දෙකේ ඒටීවී රථ මත ස්ථාපනය කර තිබේ.එනම් මෙම අවි පද්ධති ඕනෑම භූවිෂමතාවයක් යටතේ ගමන් කරවිය හැකිය.

    එළඹෙන මාසයේ ශීත සෘතු ආවරණ සහිතව රතු චතුරස්‍ර භූමිය තුල ධාවනය වන එකම යුදෝපකරණ වර්ගයන් වන්නේ පැන්ට්සර්-එස් ඒ සහ ටෝර්-එම්2ඩීටී මිසයිල පද්ධතීන් පමණක් වනු ඇත.

    fAx7Hww.jpg
    විජයග්‍රාහී පෙළපාලියේ පුහුණුවිම් වලදී එම්2 ප්‍රති-ගුවන් මිසයිල පද්ධතිය ඩී ටී-30 රථවල ගෙන යන අයුරු​





    නවතම ගුවන් යානා

    සුපුරුදු පරිදි මෙවර විජයග්‍රාහී පෙළපාලියේ අහස සරසන්නේ රුසියානු ගුවන් හමුදාවේ ස්විෆ්ට් සහ රුසියානු නයිට්ස් යන ගුවන් කරණම් කණ්ඩායම් දෙකයි.ස්විෆ්ට් කණ්ඩායම මිග්-29 ප්‍රහාරක ජෙට් යානා පදවන අතර රුසියානු නයිට්ස්වරුන් නවතම සුකොයි-30එස් එම් යානා පදවයි.මීට පෙර ඔවුන් භාවිතා කල සුකොයි-27 යානාවලට වඩා සුකොයි-30එස් එම් යානා පැදවීම පහසු බවයි කියවෙන්නේ.එම යානා සතු ඒ එල්-31එෆ් පී එන්ජිම ගුවනේ වැඩි හැකියාවන් දැක්වීමට අවස්ථාව හිමිකර දී තිබේ.

    සිරියාවේ ගුවන් මෙහෙයුම්වලදී රුසියානු බෝම්බ හෙළන යානා සහ ගොඩබිම් ප්‍රහාරක යානා ආවරණය කිරීම,ඇරලවීම යන කටයුතුවලදී සුකොයි-30 යානා අතිශය කාර්යක්ෂමක ක්‍රියා කල බව සඳහන් වේ.

    ඊට අමතරව මෙවර විජයග්‍රාහී පෙළපාලියට එම් අයි-8,එම් අයි-26,එම් අයි-35,එම් අයි-28 එන් සහ කමොව්-52 හෙලිකොප්ටර්,සුකොයි-27,මිග්-29 එස් එම් ටී,මිග්-31බීඑම්,සුකොයි-35 සහ සුකොයි-34 ප්‍රහාරක යානා සහ ඇන්ටනොව්-12,ඇන්ටනොව්-26 සහ ටීයූ-134 පුද්ගල/භාණ්ඩ ප්‍රවාහන යානාද එක් වේ.

    rcBiTdf.jpg
    සුකොයි-30එස් එම් බහුකාර්ය ප්‍රහාරක ජෙට් යානාවලින් සමන්විත රුසියානු නයිට්ස් නම් ගුවන් කරණම් කණ්ඩායම විජයග්‍රාහී පෙළපාලිය වෙනුවෙන් පුහුණුවීම්වල නිරත වෙමින්​





    බෝල්ටික් ඇණියේ මිසයිල පද්ධති

    බාල් සහ බැස්ටන් වෙරළාශ්‍රිත මිසයිල ආරක්ෂණ පද්ධතිද මෙවර විජයග්‍රාහී පෙළපාලියේදී ප්‍රථම වරට ප්‍රදර්ශනය කරනු ඇත.මෙම අවි පද්ධති බෝල්ටික් බල ඇණියට එක්වූයේ දින කිහිපයකට පෙරය.මේවාහි කේඑච්-35 සහ ඔනික්ස් මිසයිල භාවිතා කරන අතර කි.මී. 500ක් දුරින් පිහිටි සතුරු නෞකාවකට වුවද පහරදිය හැකිය.මේ හා සමාන පද්ධති ක්‍රිමියාවේ සහ කියුරිල් දූපත්වල(ජපානය ආසන්නයේ) රඳවා තිබේ.

    එස්-400 ගුවන් ආරක්ෂණ පද්ධති සමග ඉස්කන්ඩාර් උපායමාර්ගික බැලස්ටික් මිසයිල ,බාල් සහ බැස්ටන් වෙරළාශ්‍රිත ආරක්ෂණ පද්ධතීන්ට ලෝකයේ යම් කොටසක් සතුරන්ට ඇතුල්වීමට නොහැකි කලාපයක් බවට පත් කල හැකිය.බැස්ටන් මිසයිලවලට ගොඩබිම් ඉලක්ක වෙතද පහරදීමේ හැකියාව ඇත.2015 නොවැම්බර් මාසයේදී සිරියාවේ ත්‍රස්තවාදී කඳවුරක් ඉලක්ක කරගෙන එවැනි මිසයිල ප්‍රහාරයක් එල්ල කරන ලදි.

    lXODdUE.jpg
    ඔනික්ස් කෲස් මිසයිල බැස්ටන් වෙරළාශ්‍රිත ආරක්ෂක ජංගම මිසයිල පද්ධතියකින් නිකුත් කරන අයුරු - සිරියාව​

    මෙවර පෙළපාලියට යෞවුන් හමුදා ජාතිමාමකයන්ගේ ව්‍යාපාරය එක්වේ.2015 ඔක්තෝම්බර් 29දා නිර්මාණය කල මෙය ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන අතර යුද හමුදාව,ගුවන් හමුදාව,නාවික හමුදාව ආදිය සමගද සහයෝගයෙන් ක්‍රියා කරයි.මෙම බලකාය වයස 11-18 වයසේ සාමාජිකයින් 30,000කින් සමන්විතය.ඔවුන් රතු පැහැ නිල ඇඳුමකින් සැරසී සිටියි.ඊට අමතරව උතුරුදිග ඇණිය,උතුරුදිග මුමාන්ස්ක් කලාපය ආදියේ සෙබලුන් ප්‍රථමවරට මොස්කව් රතු චතුරස්‍රයේ පෙළපාලියකට එක්වන්නේ මෙම වසරේදීය.

    ytsmhVk.jpg





    නව සහ පැරණි යුද ටැංකි

    ප්‍රථම වරට ටී-72බී3එම් යුද ටැංකිය මෙවර පෙළපාලියට එක් කර තිබේ.ටී-72 සහ ටී-90 යුද ටැංකි තවත් කාලයක් රුසියානු හමුදාවේ ප්‍රධාන ශක්තිය ලෙස ක්‍රියාකරනු ඇත.ඒ අවශ්‍ය තරම් අමාටා යුද ටැංකි නිෂ්පාදනය කරන තුරු පමණි.ටී-72 බී3එම් එනම් ටී-72බී4 යනු ටී-72බී3 යුද ටැංකියේ නවතම සංස්කරණයයි.මේ සියල්ල සෝවියට් ටී-72 යුද ටැංකියේ සංස්කරණයි.ටී-72බී3එම් යුද ටැංකිය රෙලික්ට් නම් නවතම ස්ඵෝථනය වන ප්‍රතික්‍රියක සන්නාහයෙන් සමන්විතය.

    AusDUnU.jpg
    පුහුණුවක නිරතවන ටී-72බී3 යුද ටැංකිවල සෙබලුන් පිරිසක්​

    අනෙකුත් ටී-72 යුද ටැංකි මෙන් ටී-72බී3එම් යුද ටැංකියත් ස්වයංක්‍රීය උණ්ඩ පුරවනයකින් සමන්විතය.උසස් කරන ලද ස්ථායිකරණ පද්ධතියක් සමග නවතම ප්‍රධාන අවියක් එය සතුය.තවද එය සතුව අශ්ව බල 1130 ක අලුත්ම එන්ජිමක්ද තිබේ.





    Source:sputniknews.com

    -HarshaLulzSec-
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    ;) නියමයි

    දැක්කෙ නෑ අලුත් එකකින් මචං..:D
    කඹේ ඇද්දත් හරි ගෝ එක නැතිවෙලාවත්ද මචෝ......:yes:
    දාපන් අලුත් එකක්, දායක සභාවට බලන්න:P:yes::yes: