අපි නොදන්න රුසියාව-21
රුසියාවේ අධි තාක්ෂණික හමුදා පර්යේෂණ මධ්‍යස්ථානයක් විසින් පසුගිය ජූලි මාසයේදී ඊළඟ පරම්පරාවේ සංග්‍රාමික ඇඳුම් කට්ටලයක් එළිදරව් කරන ලදි.මෙම ඇඳුම් කට්ටලය ආම්පන්න සහ ස්ටාර් වෝර්ස් චිත්‍රපටයේ ඇඳුම්වලට හුරුපුරුදු ගතියක් පෙන්වයි.මෙය හෙල්මටයක් සහ සන්නාහයක් සහිත ඇඳුමකින් සමන්විතය.තවද එය සතු සැකිල්ල නිසා සෙබලුන්ගේ ක්‍රියාකාරීත්වය ඉහළ නංවන අතර සටන් කිරීමේදී වැඩි ශක්තියක්ද සපයයි.
මොස්කව් හි විද්‍යා සහ තාක්ෂණය පිළිබඳ ජාතික විශ්වවිද්‍යාලයේදී ජූලි 29 දා මෙම ඇඳුම් කට්ටලයේ මූලාකෘතියක් ප්‍රදර්ශනය කරන ලදි.ඇඳුම් කට්ටලය නිෂ්පාදන කර තිබෙන්නේ රුසියාවේ ප්‍රධාන අවි සැලසුම්කරුවෙක් සහ හමුදා සැපයුම්කරුවෙක් වන නියතාර්ථ යන්ත්‍ර ඉදිකිරීම් සඳහා මධ්‍යම පර්යේෂණ ආයතනය විසින්ය.
මීට පෙර රුසියාව රැට්නික් නම් අනාගත පාබල හමුදා සංග්‍රාමික පද්ධතිය හඳුන්වාදී තිබිණි.එහි අරමුණ වූයේ සංග්රාම භූමියේදී සෙබලුන් අතර සම්බන්ධතාවය සහ සංග්‍රාමික කාර්යසාධකතාවය ඉහළ නැංවීමයි.එම පද්ධතිය නවීකරණය කල ශරීර සන්නාහයක්,අධෝරක්ත,රාත්‍රී දෘෂ්ඨිය සහිත අක්ෂි දර්ශන පථයක් සහිත හෙල්මටයක් ,සන්නිවේදන පද්ධතියක් සහ විශේෂිත හෙඩ්පෝන් ආදියන් සමන්විත විය.ඉදිරි කාලයේදී රුසියාව රැට්නික්-2 පද්ධතිය හඳුන්වාදීමට නියමිතය.
මි.මී.30 අවියක් සහ මිසයිල 6කින් සමන්විත Vikhr නමින් හඳුන්වන දුරස්ථපාලක යුද ටැංකිය රුසියාවේ රහසිගත ස්ථානයක අත්හදා බලා තිබේ.සංග්රාම භූමියේදී සෙබලුන් වෙනුවට රොබෝවරුන් ආදේශ කිරීමේ සැලැස්මක් රුසියාව සතුය.
Source:dailymail.co.uk,rt.com
-HarshaLulzSec-

කළු පැහැයෙන් යුක්ත මෙම ඇඳුම් කට්ටලය ස්ටාර් වෝර්ස් චිත්‍රපටයේ එන Stormtrooper සෙබලුන්ගේ ඇඳුමට සමානය.
ඇඳුමත් සමග එන හෙල්මටයේ තිබෙන දර්ශන පථය ඔස්සේ සංග්රාම භූමියේ සිතියම් ,සටන් බිමේ සැලසුම් මෙන්ම අවි සම්බන්ධව තොරතුරු සෙබලාට ලබාගත හැකිය.
විශාල ප්‍රමාණයේ සපත්තු වලින් සමන්විත ඇඳුම් කට්ටලයේ පිටතින් ලෝහමය සැකිල්ල දක්නට ලැබේ.එහි අරමුණ සෙබලාට අමතර ශක්තියක් ලබාදීමයි.
මීට පෙර රුසියාව රැට්නික් නම් අනාගත පාබල හමුදා සංග්‍රාමික පද්ධතිය හඳුන්වාදී තිබිණි.එහි අරමුණ වූයේ සංග්රාම භූමියේදී සෙබලුන් අතර සම්බන්ධතාවය සහ සංග්‍රාමික කාර්යසාධකතාවය ඉහළ නැංවීමයි.එම පද්ධතිය නවීකරණය කල ශරීර සන්නාහයක්,අධෝරක්ත,රාත්‍රී දෘෂ්ඨිය සහිත අක්ෂි දර්ශන පථයක් සහිත හෙල්මටයක් ,සන්නිවේදන පද්ධතියක් සහ විශේෂිත හෙඩ්පෝන් ආදියන් සමන්විත විය.ඉදිරි කාලයේදී රුසියාව රැට්නික්-2 පද්ධතිය හඳුන්වාදීමට නියමිතය.
Infantry combat system - Ratnik 2
රුසියාව සංග්රාම භූමියේදී රොබෝවන් භාවිතා කිරීම සම්බන්ධව පර්යේෂණද සිදුකරමින් තිබේ.අප්‍රේල් මාසයේදී ඔවුන් දුරස්ථව පාලනය කල හැකි යුද ටැංකියක් අත්හදා බැලූහ.
Vikhr - දුරස්ථපාලක යුද ටැංකිය