ඊශ්‍රායල හමුදාව සතු හොඳම නවෝත්පාදන
ඊශ්‍රායල ආරක්ෂක හමුදා පිහිටුවා මෙම වර්ෂයට වසර 71ක් සපිරේ.මේ වෙද්දී ඔවුන් සතුව සුවිශේෂී සහ පුරෝගාමී තාක්ෂණයන් රැසක් පවතියි.පහත දැක්වෙන්නේ ඉන් කිහිපයකි.
අයන් ඩෝම් - ගුවන් ආරක්ෂක මිසයිල පද්ධතිය
වසර ගණනාවක තිස්සේ ගාසා තීරයෙන් ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර එල්ල කෙරේ.එහි ප්‍රතිඵලයක් වශයෙන් 2011 වර්ෂයේදී දකුණුදිග ඊශ්‍රායලයේ "අයන් ඩෝම්" නම් ගුවන් ආරක්ෂක පද්ධතිය යොදවයි.අයන් ඩෝම් පද්ධතියේ අරමුණ වන්නේ නිරන්තරයෙන් එල්ල වන රොකට් ගුවනේදී විනාශ කර ඊශ්‍රායල සිවිල් වැසියන් ආරක්ෂා කිරීමයි.
ප්‍රොටෙක්ටිව් ඒඩ්ජ් මෙහෙයුමේදී රොකට් 692ක් විනාශ කිරීමට සමත් වූ අයන් ඩෝම් මිසයිල පද්ධතියේ ආවරණ පරාසය සැතපුම් 43.5කි.2012 නොවැම්බර් මාසයේදී ඩිෆෙන්සිව් පිලර් මෙහෙයුමේදී දින 8ක් ඇතුලත රොකට් 421ක් විනාශ කරන ලදි.
සතුරා රොකට්ටුවක් දියත් කල වහාම,රේඩාර් පද්ධතිය එය හඳුනාගෙන එහි ගමන් මාර්ගය ලුහුබැඳ,වහාම රොකට්ටුව විනාශ කිරීමට මිසයිලයක් දියත් කරයි.සතුරු රොකට්ටුව පතිත වන ස්ථානය නිශ්චය කිරීමේදී සිවිල් වැසියන්ට සහ දේපොළවලට හානියක් සිදු නොවේ නම් රොකට්ටුව අන්තඃඛණ්ඩනයට මිසයිලයක් දියත් කරන්නේ නැත.
අයන් ඩෝම් - ගුවන් ආරක්ෂක මිසයිල පද්ධතිය
ට්‍රෝපි - සක්‍රීය ආරක්ෂක පද්ධතිය
යුද ටැංකියක් යනු සියලු බල සහිත සහ පරාජය කල නොහැකි යන්ත්‍රයක් යැයි ඔබ සිතන්නේ නම් එය නොවේ.යුද ටැංකි නාශක මිසයිලයකට,යුද ටැංකියක් අලුත්වැඩියා කල නොහැකි තරමට විනාශ කල හැකිය.මෙම තර්ජනය විරුද්ධව ක්‍රියා කිරීම සඳහා ට්‍රෝපි නම් සක්‍රීය ආරක්ෂක පද්ධතිය යුද ටැංකි සඳහා ඊශ්‍රායලය භාවිතා කරයි.
ට්‍රෝපි පද්ධතිය මගින් යුද ටැංකිය වටා අංශක 360ක පරාසයක් ආවරණය වන ආරක්ෂක පළිහක් නිර්මාණය කරයි.ට්‍රෝපි පද්ධතියෙන් සමන්විත යුද ටැංකියකට එරෙහිව සතුරන් මිසයිලයක් දියත් කල විට,ට්‍රෝපි පද්ධතිය වහාම එය හඳුනාගෙන,නිශ්ක්‍රීය කරන්නේ ප්‍රති-මිසයිලයක් දියත් කර සතුරු මිසයිලය විනාශ කිරීම මගින්ය.
ට්‍රෝපි - සක්‍රීය ආරක්ෂක පද්ධතිය
මර්කාවා 4 යුද ටැංකිය
පළමු බැල්මෙන් "මර්කාවා 4" යුද ටැංකියත් අනෙක් යුද ටැංකිත් වෙන් කොට දැක්විය නොහැකි බව පෙනුනද එය එසේ නොවේ.මර්කාවා පවුලේ වර්තමාන සාමාජිකයා වන මර්කාවා 4 යුද ටැංකිය සතුව හෙලිකොප්ටර් ප්‍රහාරයකට එරෙහිව ආරක්ෂාව සලසා ගත හැකි හැකියාවත් සමග වැඩිදියුණු කල වෙඩි පාලන පද්ධතියක්, ඩිජිටල් සංග්රාම භූමි කළමනාකරණ පද්ධතියක්,පෙර නොදුටු අවලම්භන පද්ධතිය සහ වෙනත් යුද ටැංකි දණ ගැස්සවිය හැකි වඩාත් රළු භූමි ප්‍රදේශයක පවා ගමන් කල හැකි ට්‍රැකින් පද්ධතියක් තිබේ.එය ලොව හොඳම යුද ටැංකි අතර තිබීමට මෙම කාරණා හේතුවක් වී ඇත
ගොඩබිම සිට හෝ මුහුදේ සිට මෙහෙයවන මිනිසුන් රහිත ගුවන් යානා හෙවත් ඩ්‍රෝන් යානා,සතුරු ක්‍රියාකාරකම් පාලනය සඳහ යොදා ගන්නා අත්‍යාවශ්‍යම මෙවලමක් බවට පත් ව තිබේ.ඒවා සතු ප්‍රධානම වාසිය වන්නේ,සතුරු ඇස නොගැටී සතුරන් නිරීක්ෂණය කිරීමේ හැකියාවයි.මෙම රොබෝවන් ආරක්ෂිත ස්ථානයක සිට සෙබලුන් විසින් දුරස්ථව පාලනය කරනු ලැබේ.එයිටන් යන ඩ්‍රෝන් යානය උදාහරණයකට ගත හොත්,එහි පියාපත්වල දිග අඩි 85ක් හෙවත් බොයින් 737 මගී ගුවන් යානයකට සමානය.මෙම දැවැන්ත ඩ්‍රෝන් යානයට බාධාවකින් තොරව පැය 36 කාලයක් ගුවනේ රැඳී සිටිමින් දිගු දුර මෙහෙයුම් සිදු කල හැකිය.එයිටන් ඩ්‍රෝන් යානයට ඕනෑම කාලගුණික තත්ත්වයක් යටතේ මෙහෙයුම් කල හැකි සේම,එහි බැදෙන අයිස් ස්වයංක්‍රීයව ඉවත් කිරීමේ පද්ධතියකින්,ස්වයංක්‍රීයව ගුවන් ගත වීමේ හා ගොඩබෑමේ පද්ධතියකින් සහ බොහොමයක් සංවේදක උපාංග ගෙන යෑමේ හැකියාවෙන් යුක්ත වේ
එයිටන් ඩ්‍රෝන් යානය
Ref unofficialbattlefield.

ඩ්‍රෝන් යානා - ඊශ්‍රායල හමුදාවේ ඇස්

Attachments
Last edited: