අපි නොදන්න රුසියාව - 28
හමුදා බුද්ධි අංශ සමහර අවස්ථාවල රුසියානු සන්නද්ධ හමුදාවල ඇස් සහ කන් ලෙසද හඳුන්වයි.ඔවුන් දේශීය මෙන්ම විදේශීයවද සාර්ථක මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබේ.නොවැම්බර් මස 5 දා රුසියාව බුද්ධි අංශ නිලධාරීන්ගේ දිනය සමරයි.මෙම ලිපියෙන් ඉදිරිපත් කෙරෙන්නේ රුසියානු සහ සෝවියට් හමුදා බුද්ධි අංශ විදේශයන්හි සිදුකරන ලද සාර්ථක මෙහෙයුම් කිහිපයක සංක්ෂිප්ත විස්තරයකි.
1968 අගෝස්තු මස 20 දා සෝවියට් හමුදාවේ ප්‍රධාන බුද්ධි අංශ අධ්‍යක්ෂක මණ්ඩලයේ විශේෂ කණ්ඩායමක් චෙක්ස්ලෝවැකියාවේ ප්රාග් නුවර රසීන් ගුවන් ධාවන පථය අත්පත් කරගැනීමට මිනිත්තු 9ක මෙහෙයුමක් දියත් කරන ලදි.මෙම මෙහෙයුම නිසා වෝර්සෝ ගිවිසුමේ හමුදාවලට චෙක්ස්ලෝවැකියාට ඇතුල් වී ප්රාග් විප්ලවය අවසන් කිරීමට හැකියාව ලැබිණි.
1987 ජනවාරි මස 5දා සෝවියට් පෙරික්සුම් කණ්ඩායමක්(186 වන විසංයුක්ත විශේෂ බලකා)මේජර් ජෙනරල් යෙව්ගෙනි සර්ගීව්ගේ නායකත්වය යටතේ මෙහෙයුම් සඳහා පිටත් ව ගියේ Mi-8 හෙලිකොප්ටර් යානා දෙකකිනි.ඔවුන්ගේ අරමුණ වූයේ ඇමෙරිකානු නිෂ්පාදනයක් වූ ස්ටිගර් නම් අතේ ගෙන යා හැකි ගුවන් යානා නාශක මිසයිල විදින තොගයක් අත් අඩංගුවට ගැනීමටය.මෙම අවිය සෝවියට් ඇෆ්ගන් යුද සමයේදී(1979-1989)මුජහිදීන් ඉස්ලාමීය සටන්කාමීන් හෙලිකොප්ටර් ආදී පොළොව මට්ටමට ආසන්නයෙන් පියාසර කරන යානා විනාශ කිරීමට බහුලවම යොදා ගත්හ.
එදින මුජහිදීන් සටන්කරුවන් 16 දෙනෙක් මරා දමා ස්ටිගර් අවි තුනක් සහ ඒවාට අදාල ලේඛන සොයා ගන්නට එම කණ්ඩායම සමත් විය.ඇමෙරිකානු මධ්‍යම බුද්ධි තොරතුරු කාර්යාංශය,ඇෆ්ගන් සටන්කාමීන්ට ද්‍රව්‍යමය ආධාර සපයන බව ඔප්පු කිරීමට සෝවියට් නායකත්වයට මෙම ස්ටිගර් අවි අත්‍යාවශ්‍ය සාක්ෂි බවට පත්ව තිබිණි.මෙහෙයුම හරහා ඒම කාරණය ඉෂ්ඨ කරගන්නා ලදි.
රුසියානු හමුදා බුද්ධි අංශ නිලධාරීන් නිතරම උපදේශකයන්,සංග්රාම භූමියේ අඩු අත්දැකීම් සහිත හොඳින් සන්නද්ධ සෙබලුන් වෙනුවෙන් හදිසි අණදෙන නිලධාරීන් ලෙසද සේවය කරයි.සෝවියට් දේශයේ හිටපු සාමාජිකයෙක් වන ටජිකිස්ථානයේ සිවිල් යුද්ධයට 1992 සැප්තැම්බර් මාසයේදී GRU විශේෂ බලකායේ 15 සේනාංකය සහභාගි විය.ටජිකිස්ථානය අතිශය අන්තරායදායක ස්ථානයක් බවට පත් වීමේ අවදානමක් තිබේ යැයි මොස්කව් පාලනයෙන් අනතුරු ඇඟවීමක් නිකුත් විය.
රුසියානු විශේෂ බලකා දේශීය සටන්කාමීන්ට පුහුණුව ලබාදී ඔවුන් මානුෂීය ආධාර ප්‍රවාහන රථ ඇරලවීම සහ සටන් බිමෙන් සිවිල් වැසියන් ඉවත් කිරිම යන කටයුතු සඳහා යොදවන ලදි.1993 වර්ෂයේ මුලදී GRUහි විශේෂ බලකා සෙබලුන් කරටිජන් නිම්නයේ සාර්ථක මෙහෙයුමක් දියත් කරමින් එහි රැදී සිටි ආගමික අන්තවාදීන් සටන්කාමීන්ගෙන් එම ප්‍රදේශය නිදහස් කර ගන්නා ලදි.
Source:sputniknews.com
-HarshaLulzSec-

ප්රාග් නුවර වීදිවල නවතා තිබෙන සෝවියට් යුද ටැංකි
1987 ජනවාරි මස 5දා සෝවියට් පෙරික්සුම් කණ්ඩායමක්(186 වන විසංයුක්ත විශේෂ බලකා)මේජර් ජෙනරල් යෙව්ගෙනි සර්ගීව්ගේ නායකත්වය යටතේ මෙහෙයුම් සඳහා පිටත් ව ගියේ Mi-8 හෙලිකොප්ටර් යානා දෙකකිනි.ඔවුන්ගේ අරමුණ වූයේ ඇමෙරිකානු නිෂ්පාදනයක් වූ ස්ටිගර් නම් අතේ ගෙන යා හැකි ගුවන් යානා නාශක මිසයිල විදින තොගයක් අත් අඩංගුවට ගැනීමටය.මෙම අවිය සෝවියට් ඇෆ්ගන් යුද සමයේදී(1979-1989)මුජහිදීන් ඉස්ලාමීය සටන්කාමීන් හෙලිකොප්ටර් ආදී පොළොව මට්ටමට ආසන්නයෙන් පියාසර කරන යානා විනාශ කිරීමට බහුලවම යොදා ගත්හ.

සෝවියට් විශේෂ බලකා කණ්ඩායම සතුරන්ගේ අවි ප්‍රවාහනය කල රථය සිය භාරයට ගැනීමෙන් පසුව
එදින මුජහිදීන් සටන්කරුවන් 16 දෙනෙක් මරා දමා ස්ටිගර් අවි තුනක් සහ ඒවාට අදාල ලේඛන සොයා ගන්නට එම කණ්ඩායම සමත් විය.ඇමෙරිකානු මධ්‍යම බුද්ධි තොරතුරු කාර්යාංශය,ඇෆ්ගන් සටන්කාමීන්ට ද්‍රව්‍යමය ආධාර සපයන බව ඔප්පු කිරීමට සෝවියට් නායකත්වයට මෙම ස්ටිගර් අවි අත්‍යාවශ්‍ය සාක්ෂි බවට පත්ව තිබිණි.මෙහෙයුම හරහා ඒම කාරණය ඉෂ්ඨ කරගන්නා ලදි.

අත්අඩංගුවට පත් ඇමෙරිකානු ස්ටිගර් ගුවන් යානා නාශක මිසයිල විදින තොගය