අපි නොදන්න රුසියාව-4
සිරියාවේ ත්‍රස්ත-විරෝධී මෙහෙයුම් සඳහා එක්වීම සඳහා අද්මිරාල් කුස්නෙට්සොව් නම් රුසියාව සතු එකම ගුවන් යානා ප්‍රවාහන නෞකාව සහ පරිවාර නෞකා කිහිපයක් රුසියාවෙන් සිරියාව බලා පිටත් වූ බව පසුගිය සෙනසුරාදා රුසියානු උතුරු නාවික ඇණිය විසින් ප්‍රකාශයට පත් කරන ලදි. අද්මිරාල් කුස්නෙට්සොව් නෞකාව රුසියාවේ සෙවරොමොර්ස්ක් හි වරායෙන් පිටත්වූයේ මොස්කව් වේලාවෙන් සවස 3ය.ඊසානදිග අත්ලාන්තික් සාගරය ඔස්සේ නැගෙනහිර මධ්‍යධරණී මුහුද වෙත යන ගමන බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි ඕඩයේදී අහුරාලන්නට ක්‍රියාකරනු ඇතැයිද වාර්තා පළවී තිබිණි.මෙම නෞකාව සමග කිරොව් පන්තියේ මිසයිල ප්‍රහාරක නෞකාවක් වන පයොට්රා වෙලිකියි සහ වයිස් අද්මිරාල් කුලකොව් සහ සෙවරොමොර්ස්ක් යන ඩ්‍රිස්ට්‍රෝයර් වර්ගයේ නෞකා දෙක සමග තවත් සැපයුම් යාත්‍රා කිහිපයක්ද මෙම ගමනට සහභාගී වේ.
අද්මිරාල් කුස්නෙට්සොව් නෞකාව සතුව සුකොයි-33 ප්‍රහාරක යානා සහ ප්‍රති සබ්මැරීන සංග්‍රාමික Ka-27/Ka-2 හෙලිකොප්ටර් යානා තිබේ.සුකොයි-33 යානාවලට අලුතින් අධි-නියතාර්ථ ඉලක්ක කිරීමේ පද්ධතියක් එක් කලබව පසුගිය මාසයේදී වාර්තා විය.මෙම පද්ධතිය SVP-24 නමින් හඳුන්වයි.SVP-24 පද්ධතිය, වසරක පමණ කාලයක පටන් සිරියාවේ දියත් කර තිබෙන රුසියානු ගුවන් මෙහෙයුම් වලදී භාවිතා කරන යුද ගුවන් යානාවල සාර්ථකව අත්හදා බලා තිබේ.එහි තිබෙන සුවිශේෂීත්වය වන්නේ නියාමක නොවන බෝම්බ(unguided bombs) එනම් ඉලක්කය සම්බන්ධව මාර්ගෝපදේශනයක් නොමැතිව හෙළන බෝම්බ,නියාමක අවි(guided weapon) හා සමාන නිරවද්‍යතාවයකින් ක්‍රියා කිරීමයි.
ඊට අමතරව මිග්-29K බහු කාර්යය ප්‍රහාරක යානා 4ක් සහ වර්ගයේ විමර්ශන සහ Ka-52K ප්‍රහාරක හෙලිකොප්ටර් යානා කිහිපයක්ද නෞකාවට එකතු කර තිබේ.හෙලිකොප්ටර් යානා විශේෂයෙන්ම නිමවා තිබුණේ ප්‍රංශයේ නිෂ්පාදිත මිස්ට්‍රාල් පන්තියේ උභයචර ප්‍රහාරක නෞකාවල සිටි ක්‍රියාත්මක වීම සඳහා වුවද එම නෞකා රුසියාවට සැපයීම ප්‍රංශය විසින් කල්දමන ලදවුව පසුව 2014 වර්ෂයේදී ලබාදීම ප්‍රතික්ෂේප කරන ලදි.Ka-52K හෙලිකොප්ටර් යානා සතුව ගුවනේ සිට ගුවනට එල්ල කරන සහ ගුවනේ සිට ගොඩබිමට එල්ල කරන මිසයිල මෙන්ම නියාමක නොවන බෝම්බ සහ ස්වයංක්‍රීය තුවක්කුවක්ද තිබේ.
මිග් ප්‍රහාරක යානා Glonass චන්ද්‍රිකා පද්ධතිය(එක්සත් ජනපදය සතු GPS හෙවත් ගෝලීය පිහිටුම් පද්ධතියට සමානය)ඔස්සේ මාර්ගෝපදේශනය සපයන KAB-500 පවුලට අයත් ස්මාට් වර්ගයේ බෝම්බ සහ Kh-35 උපධ්වනි නෞකා-නාශක මිසයිලවලින් සන්නද්ධව පැමිණේ යැයි අපේක්ෂා කෙරේ.
ගුවන් ප්‍රහාරක ශක්තියට අමතරව අද්මිරාල් කුස්නෙට්සොව් නෞකාව 'ග්‍රැනයිට්' නෞකා නාශක මිසයිල දියත්කරණ 12කින්ද කින්සල්(Kinzhal) නම් ගුවන් යානානාශක මිසයිල පද්ධතියකින්ද(මොඩියුල 4ක්- මිසයිල 192ක්)නෞකාවේ අවසන් ආරක්ෂණ ස්ථරය ලෙස ක්‍රියාකරන කෝර්ටික්(Kortik/Kashtan) අවි පද්ධතියකින්ද(close-in weapon system - මොඩියුල් 8ක්,රොකට් 256ක්,වට 48,000කි සමන්විත මැෂින් තුවක්කු ) සමන්විතය.
අද්මිරාල් කුස්නෙට්සොව් නෞකාව කළු මුහුදු නෞකා නිෂ්පාදනාගාරයක් වන යුක්රේනයේ මයිකොලයිව් හිදී නිපදවන ලද්දේ 1985 වර්ෂයේදීය.මීටර් 306ක් දිග,මීටර් 75ක් පළල මෙම නෞකාව 2012 වර්ෂයේදී සෙවෙරොඩ්වින්ස්ක් හි සෙව්මාස් නෞකා නිෂ්පාදනාගාරයට යැවෙන්නේ මධ්‍යධරණී මුහුදේ නාවික මෙහෙයුම් සඳහා අවශ්‍ය කරන නවීකරණ කටයුතු සහ අලුත්වැඩියාවන් සිදුකිරීම උදෙසාය.එය සතු උපරිම මෙහෙයුම් පරාසය නාවික සැතපුම් 8,417ක් හෙවත් කිලෝමීටර් 15,000කි.මෙහි සේවක ප්‍රමාණය 1,960කි.
පසුගිය මාසයේදී රුසියානු ආරක්ෂක අමාත්‍යය සර්ගෙයි ෂොයිගු විසින් ප්‍රකාශ කලේ මධ්‍යධරණී මුහුදේ රුසියානු නාවික හැකියාවන් වැඩිකිරීම පිණිස අද්මිරාල් කුස්නෙට්සොව් නෞකාව ප්රමුඛ කරගත් නෞකා සමූහයක් පිටත් කර හරින බවයි.පසුගිය මාසය වන විට නැගෙනහිර මධ්‍යධරණී මුහුදේ තිබූ රුසියානු යුද නෞකා ගණන 6කි.ඊට අමතරව සහායක නෞකා 3 හෝ 4ක් එහි මෙහෙයුම් කටයුතුවල යොදවා තිබේ.ඔක්තෝම්බර් මස 6 වෙනිදා මිරස් නම් corvette වර්ගයේ නෞකාව සෙවස්ටූපොල් වරායෙන් සිරියාව බලා පිටත්විය.එය කැලිබ්ර් නම් කෲස් මිසයිලවලින් සන්නද්ධය.එම කාලයේම තවත් කුඩා ප්‍රමාණයේ corvette වර්ගයේ නෞකා දෙකක් වන සර්පුහොව් සහ සෙලෙනියි ඩොල් කලු මුහුදේ සිට මධ්‍යධරණී මුහුදට පිටත් කර යවන ලදි.
මෙම ගමනේ ප්‍රධාන අරමුණ ඉස්ලාමීය රාජ්‍ය ත්රස්තවාදීන් විනාශ කිරීමයි.අද්මිරාල් කුස්නෙට්සොව් නෞකාව මධ්‍යධරණී මුහුදේ තිබෙන රුසියානු න්‍යෂ්ඨික සබ්මැරීනයක් මෙන්ම ටීයූ-160 දිගුදුර උපායමාර්ගික බෝම්බ හෙළන යානා සමග එකව ප්‍රති-ත්‍රස්තවාදී මෙහෙයුම් දියත් කරනු ඇත.මෙහි තිබෙන විශේෂත්වය වන්නේ රුසියානු/සෝවියට් ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් සංග්‍රාමික දියත් කිරීමක් සිදුකරන ප්‍රථම අවස්ථාව මෙය වීමයි.
Source:sputniknews.com,Southfront.org
-HarshaLulzSec-

අද්මිරාල් කුස්නෙට්සොව් ගුවන් යානා ප්‍රවාහන නෞකාව

Su-33 යානයක් - මෙය නෞකාවල සිට ගුවන් ගත කිරීම සඳහා විශේෂයෙන් නිපදවන ලද යානයකි
Ka-27/Ka-2 හෙලිකොප්ටර් යානයක්
රුසියානු SVP-24 පද්ධතියක්
ඊට අමතරව මිග්-29K බහු කාර්යය ප්‍රහාරක යානා 4ක් සහ වර්ගයේ විමර්ශන සහ Ka-52K ප්‍රහාරක හෙලිකොප්ටර් යානා කිහිපයක්ද නෞකාවට එකතු කර තිබේ.හෙලිකොප්ටර් යානා විශේෂයෙන්ම නිමවා තිබුණේ ප්‍රංශයේ නිෂ්පාදිත මිස්ට්‍රාල් පන්තියේ උභයචර ප්‍රහාරක නෞකාවල සිටි ක්‍රියාත්මක වීම සඳහා වුවද එම නෞකා රුසියාවට සැපයීම ප්‍රංශය විසින් කල්දමන ලදවුව පසුව 2014 වර්ෂයේදී ලබාදීම ප්‍රතික්ෂේප කරන ලදි.Ka-52K හෙලිකොප්ටර් යානා සතුව ගුවනේ සිට ගුවනට එල්ල කරන සහ ගුවනේ සිට ගොඩබිමට එල්ල කරන මිසයිල මෙන්ම නියාමක නොවන බෝම්බ සහ ස්වයංක්‍රීය තුවක්කුවක්ද තිබේ.
මිග්-29K යානයක්-මෙය ඕනෑම කාලගුණික තත්ත්වයක් යටතේ මෙහෙයුම්වල යෙදවිය හැකි යානයකි
Ka-52K හෙලිකොප්ටර් යානයක්
මිග් ප්‍රහාරක යානා Glonass චන්ද්‍රිකා පද්ධතිය(එක්සත් ජනපදය සතු GPS හෙවත් ගෝලීය පිහිටුම් පද්ධතියට සමානය)ඔස්සේ මාර්ගෝපදේශනය සපයන KAB-500 පවුලට අයත් ස්මාට් වර්ගයේ බෝම්බ සහ Kh-35 උපධ්වනි නෞකා-නාශක මිසයිලවලින් සන්නද්ධව පැමිණේ යැයි අපේක්ෂා කෙරේ.
ග්‍රැනයිට් නම් නෞකා නාශක මිසයිල දියත්කරන ස්ථානය
ගුවන් ප්‍රහාරක ශක්තියට අමතරව අද්මිරාල් කුස්නෙට්සොව් නෞකාව 'ග්‍රැනයිට්' නෞකා නාශක මිසයිල දියත්කරණ 12කින්ද කින්සල්(Kinzhal) නම් ගුවන් යානානාශක මිසයිල පද්ධතියකින්ද(මොඩියුල 4ක්- මිසයිල 192ක්)නෞකාවේ අවසන් ආරක්ෂණ ස්ථරය ලෙස ක්‍රියාකරන කෝර්ටික්(Kortik/Kashtan) අවි පද්ධතියකින්ද(close-in weapon system - මොඩියුල් 8ක්,රොකට් 256ක්,වට 48,000කි සමන්විත මැෂින් තුවක්කු ) සමන්විතය.
කෂ්ටාන්/Kashtan නම් නෞකා ආරක්ෂණ අවි පද්ධති
අද්මිරාල් කුස්නෙට්සොව් නෞකාව කළු මුහුදු නෞකා නිෂ්පාදනාගාරයක් වන යුක්රේනයේ මයිකොලයිව් හිදී නිපදවන ලද්දේ 1985 වර්ෂයේදීය.මීටර් 306ක් දිග,මීටර් 75ක් පළල මෙම නෞකාව 2012 වර්ෂයේදී සෙවෙරොඩ්වින්ස්ක් හි සෙව්මාස් නෞකා නිෂ්පාදනාගාරයට යැවෙන්නේ මධ්‍යධරණී මුහුදේ නාවික මෙහෙයුම් සඳහා අවශ්‍ය කරන නවීකරණ කටයුතු සහ අලුත්වැඩියාවන් සිදුකිරීම උදෙසාය.එය සතු උපරිම මෙහෙයුම් පරාසය නාවික සැතපුම් 8,417ක් හෙවත් කිලෝමීටර් 15,000කි.මෙහි සේවක ප්‍රමාණය 1,960කි.
පියාසර තට්ටුව මත තිබෙන සුකොයි-33 යානා
2016 පෙබරවාරි මාසයේ සෙවෙරොඩ්වින්ස්ක්හි නවතා තිබූ අද්මිරාල් කුස්නෙට්සොව් නෞකාව
පසුගිය මාසයේදී රුසියානු ආරක්ෂක අමාත්‍යය සර්ගෙයි ෂොයිගු විසින් ප්‍රකාශ කලේ මධ්‍යධරණී මුහුදේ රුසියානු නාවික හැකියාවන් වැඩිකිරීම පිණිස අද්මිරාල් කුස්නෙට්සොව් නෞකාව ප්රමුඛ කරගත් නෞකා සමූහයක් පිටත් කර හරින බවයි.පසුගිය මාසය වන විට නැගෙනහිර මධ්‍යධරණී මුහුදේ තිබූ රුසියානු යුද නෞකා ගණන 6කි.ඊට අමතරව සහායක නෞකා 3 හෝ 4ක් එහි මෙහෙයුම් කටයුතුවල යොදවා තිබේ.ඔක්තෝම්බර් මස 6 වෙනිදා මිරස් නම් corvette වර්ගයේ නෞකාව සෙවස්ටූපොල් වරායෙන් සිරියාව බලා පිටත්විය.එය කැලිබ්ර් නම් කෲස් මිසයිලවලින් සන්නද්ධය.එම කාලයේම තවත් කුඩා ප්‍රමාණයේ corvette වර්ගයේ නෞකා දෙකක් වන සර්පුහොව් සහ සෙලෙනියි ඩොල් කලු මුහුදේ සිට මධ්‍යධරණී මුහුදට පිටත් කර යවන ලදි.
මෙම නෞකාව ගුවන් යානා ගුවන් ගත කිරීමට කැටපෝල් ක්‍රමය යොදානොගනියි
මිසයිලවලින් සන්නද්ධ ලොව එකම ගුවන් යානා ප්‍රවාහන නෞකාව වන්නේ මෙයයි.
මෙම ගමනේ ප්‍රධාන අරමුණ ඉස්ලාමීය රාජ්‍ය ත්රස්තවාදීන් විනාශ කිරීමයි.අද්මිරාල් කුස්නෙට්සොව් නෞකාව මධ්‍යධරණී මුහුදේ තිබෙන රුසියානු න්‍යෂ්ඨික සබ්මැරීනයක් මෙන්ම ටීයූ-160 දිගුදුර උපායමාර්ගික බෝම්බ හෙළන යානා සමග එකව ප්‍රති-ත්‍රස්තවාදී මෙහෙයුම් දියත් කරනු ඇත.මෙහි තිබෙන විශේෂත්වය වන්නේ රුසියානු/සෝවියට් ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් සංග්‍රාමික දියත් කිරීමක් සිදුකරන ප්‍රථම අවස්ථාව මෙය වීමයි.
රුසියානු ගුවන් යානා ප්‍රවාහන නෞකා වැඩසටහන ගැන කෙටි වීඩියෝවක්
Source:sputniknews.com,Southfront.org
-HarshaLulzSec-