අපි නොදන්න රුසියාව-9

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    අපි නොදන්න රුසියාව-9

    zuH2eBW.jpg

    පසුගිය වසර කිහිපය ඇතුලත රුසියානුවන්ගේ ජීවිත රැසක් ගුවන් අනතුරු නිසා අහිමිවිය.මෙම කෙටි ලිපියෙන් විමසා බලන්නේ ඒ සම්බන්ධවයි.අවසන් වරට රුසියාවෙන් වාර්තා වූ ගුවන් අනතුර සිදුවූයේ පසුගිය දෙසැම්බර් මස 25 දාය.ඒ රුසියානු ගුවන් හමුදාවට අයත් ටීයූ-154 මගී ප්‍රවාහන ගුවන් යානයක් කළු මුහුදට කඩාවැටීමයි.යානය කඩා වැටෙන විට එහි කාර්ය මණ්ඩලයද ඇතුලුව 92 දෙදෙනෙක් ගමන් කරමින් සිටියහ.


    පසුගිය මාර්තු මාසයේදී රුසියානු සංචාරකයින් රැගෙන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට රොස්ටොව්-ඔන්-ඩොන් වෙත පියාසර කල ෆ්ලයිඩුබායි ගුවන් සේවයේ යානයක් අහිතකර කාලගුණය හමුවේ ගොඩබැස්වීමට උත්සාහ කිරීමේදී කඩා වැටී පුද්ගලයින් 62ක් මරණයට පත්විය.අනතුරට හේතුව ලෙස වාර්තා කර තිබුණේ කාර්ය මණ්ඩලයේ තෙහෙට්ටුවයි.


    dDVrVWq.jpg

    හදිසි අවස්ථා අමාත්‍යාංශ සාමාජිකයින් බොයින් 737-ෆ්ලයිට් 800 යානය කඩා වැටුණු රොස්ටොව්-ඔන්-ඩොන් ගුවන් තොටුපොල ආසන්නයේ,රුසියාව,2016 මාර්තු 20.




    මෙට්‍රොජෙට් නම් රුසියානු ගුවන් සේවයට අයත් ගුවන් යානයක් 2015 ඔක්තෝම්බර් මාසයේදී ඊජිප්තුවේ සිට ශාන්ත පීටර්ස්බර්ග් දක්වා යමින් සිටියදි යානය තුල ඊජිප්තු ත්‍රස්තවාදී සංවිධානය විසින් බෝම්බයක් පිපිරවීමෙන් එය සිනායි අර්ධද්වීපයට කඩා වැටිණි.යානයේ ගමන් කල 224ක් එම අනතුරින් මරණයට පත්විය.

    z4MlaMY.jpg

    ඊජිප්තු අගමැති ෂෙරිෆ් ඉස්මයිල්,රුසියානු ගුවන් යානය කඩා වැටුණු මධ්‍යම සිනායි ප්‍රදේශයට පැමිණි අවස්ථාව,එල් අරිෂ්,උතුරු ඊජිප්තුව,2015 ඔක්තෝම්බර් 31.




    මගීන් 50ක් රැගත් Boeing 737 ගුවන් යානයක් 2013 නොවැම්බර් මාසයේදී කසාන් ගුවන් තොටුපොලට ගොඩබෑමට යෑමේදී නියමුවාගේ වරදකින් අනතුරට ලක්විය.නියමුවාගේ අඩු අත්දැකීම් සහ ආරක්ෂක විධිවිධාන උල්ලංඝණය කිරීම ආදිය අනතුරට හේතු වූ බව පරීක්ෂකයන්ගේ නිගමනය විය.

    73RpQCi.jpg

    ටටාර්ස්තාන් ගුවන් සේවයේ බොයින් 737 යානය කඩා වැටුණු ප්‍රදේශ,කසාන් ගුවන් තොටුපොල,2013 නොවැම්බර් 18.




    2012 අප්‍රේල් මාසයේදී යුටර් නම් රුසියානු ගුවන් සේවයට අයත් යානයක් ටයිමෙන් නගරයෙන් ගුවන් ගත කර තත්ත්පර 42 පසුව කඩා වැටීමෙන් පුද්ගලයින් 33ක් මියගොස් 10 දෙනෙක් තුවාල ලැබීය.ගුවන් තොටුපොල සේවාව ඔස්සේ අනතුරට පත් ගුවන් යානයේ අයිස් ඉවත් කිරීම හරිහැටි සිදුනොකිරීම නිසා මෙම ඛේදවාචකය සිදුවූ බව අවසන් නිගමනය විය.නොසැලකිලිමත් ක්‍රියා පටිපාටිය හේතුවෙන් නිලධාරීන් දෙදෙනෙකුට සිර දඬුවම් නියම විය.

    RZi7tzk.jpg

    ටයිමෙන් නගරාසන්නයේ කඩා වැටුණු ඒටීආර්-72 යානයේ ගමන් ගත් මගීන්ගේ ඥාතීන් යානය කඩා වැටුණු ස්ථානයේ,2012 අප්‍රේල්.




    ලොකොමෝටිව් නම් රුසියානු හොකී ක්‍රීඩා සමාජයේ සාමාජිකයින් රැගත් Yak-42 ගුවන් යානයක් 2011 සැප්තැම්බර් මාසයේදී අනතුරට ලක්ව එහි ගමන් කල 45 දෙනාගෙන් 44ක්ම මරණයට පත්විය.අනතුරට හේතුව වූයේ ගුවන් ගත වී තත්ත්පර කිහිපයක් තුල එක් නියමුවෙක් වැරදීමකින් තිරිංග යෙදීමත්,ඒ ඔස්සේ යානයට ගුවන් ගතවීමට ප්‍රමාණවත් වේගයක් ලබාගැනීමට නොහැකි වීමත්ය.

    355skNZ.jpg
    ටුනොෂ්නා ගුවන් තොටුපොල ආසන්නයට කඩා වැටුණු Yak-42 යානයේ සුන්බුන් පරීක්ෂා කරන රුසියානු හදිසි අවස්ථා අමාත්‍යාංශයේ නිලධාරීන්.2011 සැප්තැම්බර්.​




    2011 ජූනි මාසයේ රුසියානු Tu-134 යානයක් මධ්‍යම රාත්‍රියේ අයහපත් කාලගුණ තත්ත්වයක් යටතේ පෙට්‍රොසවොඩ්ස්ක් ගුවන් තොටුපොලට ගොඩබෑමට යාමේදී අනවශ්‍ය ලෙස පහතින් පියාසර කිරීමට ගොස් උස ගසක වැදී අනතුරට ලක්විය.එහිදී පුද්ගලයන් පස්දෙනෙකු හැර අනෙක් මගීන් 47 දෙනාම මරණයට පත්විය.

    LUg8UCe.jpg

    රුසියානු සිවිල් ආරක්ෂක භටයින් TU 134 යානය කඩා වැටුණු ස්ථානයේ,පෙට්‍රොසවොඩ්ස්ක් ගුවන් තොටුපොල,2011 ජූනි.




    2010 අප්‍රේල් මාසයේදී පෝලන්තයේ සිට රුසියාවේ ස්මොලෙන්ස්ක් වෙත පියාසර කරමින් තිබූ පෝලන්ත ජනපති ලෙච් කැච්සන්ස්කි ඇතුලුව රජයේ ප්‍රධාන පෙළේ නිලධාරීන් රැගත් පෝලන්ත ගුවන් හමුදාවේ Tu-154 යානයක් කඩා වැටීමෙන් 96 දෙනෙක් මරණයට පත්විය.මෙම අනතුරට හේතුව සම්බන්ධව පෝලන්තය තුල වාදවිවාද පවතියි.නමුත් රුසියා-පෝලන්ත ඒකාබද්ධ විමර්ශනයේ අවසන් නිගමනය වූයේ නියමුවාගේ වරදකින් අනතුර සිදුවූ බවයි.නමුත් මෙය සැලසුම් කල දේශපාලන සමූල ඝාතනයක් බවත්,රුසියාව ඊට වගකිව යුතුබවටත් චෝදනා නැගේ.

    OqoGb7O.jpg

    කඩා වැටුණු Tu-154 යානයේ සුන්බුන් ස්මොලෙන්ස්ක් ගුවන් තොටුපොලේ තිබෙන අයුරු,2010 අප්‍රේල්.




    Source:rt.com

    -HarshaLulzSec-
     

    buddi9

    Active member
  • Feb 16, 2010
    394
    46
    28
    rusiyawa pamanak nowei, mulu lokema dan plan crashes wenawa.
    me gena thama theory ekk goda negila nethi eka gena nam pudumai. (something like alien attack :P)
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ලෝකේ ආරක්ෂිතම ප්‍රවාහන ක්‍රමය ගුවන් ප්‍රවාහනය. ආරක්ෂිත භාවය 100%ලු..
    .
    නමුත් දැන්......?
     

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    ලෝකේ ආරක්ෂිතම ප්‍රවාහන ක්‍රමය ගුවන් ප්‍රවාහනය. ආරක්ෂිත භාවය 100%ලු..
    .
    නමුත් දැන්......?

    ekanam boru ban
    thattak kohe hari poddak wadunoth pupuralane nawatinne :baffled: