අපි නොදන්න රුසියාව

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    අපි නොදන්න රුසියාව

    IWhPsCz.png

    රුසියාව යනු කතා කරන්න ගියොත් කියලා නිම කරන්න බැරිතරම් දේවල් සඟවා ගත් රාජ්‍යයකි.රුසියාව යන වචනය ඇහෙද්දිත් සමහරුන්ට ඉවසන්න බැරි තරම් අමාරුවක් දැනෙන බව එළකිරියේ දක්වා තිබෙන අදහස් වලින් පෙනී යයි.:P කැමති අකැමැති දෙපක්ෂයටම දැනගනු පිණිස රුසියාව සම්බන්ධව ලිපි පෙළකට ආරම්භය ලබාදීමටයි මේ සූදානම් වන්නේ.මෙහිදී රුසියාවේ යුදමය ඉතිහාසය,යුද ශක්තිය සම්බන්ධව පමණක් කතා කරනු ඇති.


    රුසියානු ආරක්ෂක අංශ වෙනුවෙන් නිර්මාණය කල නව නිපැයුම්

    රුසියාවේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය,ෆෙඩරල් ආරක්ෂක අංශය සහ යුද සහ තාක්ෂණික සහයෝගීතාවය සඳහා වූ ෆෙඩරල් සේවය විසින් සංවිධානය කල ඉන්ටර්පොලිටෙක් ජාත්‍යන්තර ප්‍රදර්ශනය පසුගිය වසරේ ඔක්තෝම්බර් මස 20-23 යන කාල සීමාව තුල පැවැත්විණි.මොස්කව් ආසන්න ක්‍රස්නෝවාමෙස්ක් නගරයේ පැවැත්වූ මෙම ප්‍රදර්ශනයේදී විවිධාකාරය අවි සහ උපාංග ප්‍රදර්ශනය කෙරිණි.ඉන් වඩාත් කැපී පෙනුනු නව නිර්මාණ කිහිපයක් පහත දක්වා තිබේ.




    දැවැන්ත උණ්ඩ යොදන ස්නයිපර් අවිය-Vykhlop

    මිලිමීටර් 12.7 ඇන්ටි මැටෙරියෙල් ස්නයිපර් රයිෆලය නමින්ද හඳුන්වයි.මෙම අවියෙන් මීටර් 600ක උපරිම දුරකට වෙඩි තැබීමට හැකියාව තිබේ.විශාල ප්‍රමාණයේ උණ්ඩ යොදාගත හැකි නිසා දැඩි ශරීර සන්නාහයන් මෙන්ම තුනී සන්නාහයක් සහිත රථද විනිවිද යෑමට හැකිය.

    RnDlUhw.jpg





    සෘජුව ගුවන් ගත කල හැකි ඩ්‍රෝන් යානය-BS-103

    මෙය සෘජුව ගුවන් ගත කල හැකි මිනිසුන් රහිත යානයකි.BS-103 ඩ්‍රෝන් යානයට ආකාර දෙකකින් ගුවන් ගතවීමට පුලුවනි(සාමාන්‍ය ගුවන් යානයක් මෙන් තිරස්ව සහ ක්වාඩ්කොප්ටර්යක් මෙන් සිරස්ව)කැටපෝලයක් යොදාගෙන හෝ අතින් අහසට විසිකිරීමෙන් ගුවන් ගතකල හැකිය.මෙම යානය මෝටර් හතරකින් යුක්තය.අභ්‍යන්තර දහන එන්ජින් යොදාගත හොත් ඊට ගුවනේ සිටිය හැකි කාලය සහ ගමන් කල හැකි දුර ප්‍රමාණය ඉහළ නංවා ගත හැකිබවයි එහි නිර්මාපකයා වන සර්ජි ඇලෙසැන්ඩර්ව් පවසා තිබෙන්නේ.ඔහුට අනුව මෙම යානා තෙල් සහ ගෑස් සමාගම්වලට නළ මාර්ග පරීක්ෂා කිරීමටද ,දේශසීමා ආරක්ෂකයින්ට නිරීක්ෂණ කටයුතු පහසුවෙන් කරගැනීම සඳහා භාවිතා කිරීමට පුළුවනි.

    tOEOXOF.jpg





    තනිව මග සොයාගන්නා රොබෝව - Engineer

    ඉන්ටර්පොලිටෙක් 2015 ප්‍රදර්ශනය තුල එකිනෙකට වෙනස් ද්විත්ව කාර්යය රොබෝ පද්ධතීන්ද ප්‍රදර්ශනයට තබා තිබිණි.ඉන් එකක් වන්නේ ඉන්ජිනයර් නම් රොබෝ යන්ත්‍රයයි.සර්වෝසිලා නම් සමාගම විසින් නිර්මාණය කල මෙම කුඩා රොබෝව,සියලුම කාලගුණික තත්ත්වයන් යටතේ ක්‍රියාත්මක විය හැකි,සිවිල් සහ හමුදාමය කටයුතු සඳහා යොදාගත හැකි එකකි.මෙම රොබෝව දුෂ්කර ප්‍රදේශවලට යැවීමට හැකි අයුරින් නිර්මාණය කර තිබේ.එනම් සංකීර්ණ භූමි ප්‍රදේශ සහ නාගරික ප්‍රදේශ ඉලක්ක කරගෙනය.එහි තිබෙන කැටපිලර් නිසා බාධක මැඩගෙන යාමටද පුලුවනි.රෝබෝව ගමන් කරන්නේ කොතක් රහිත යුද ටැංකියක් මෙන්ය.එහි යාන්ත්‍රික බාහුවක් තිබේ.ලේසර් ස්කෑනරයක්,වීඩියෝ කැමරාවක්,ගමන ආරම්භ කල ස්ථානයේ සිට දැන් තමන් සිටින ස්ථානය හඳුනාගත හැකි සංවේදක උපංග(odometry sensors) සහ ස්ටීරියෝ දර්ශන පද්ධතියක් ආදියෙන් රොබෝ යන්ත්‍රය සමන්විතය.කැමරාව අඩි 4.25ක් දක්වා එසවීමට පුලුවනි.ත්‍රිමාණ දත්ත එවනවා පමණක් නොව,ක්‍රියාකරුවා සමග තිබෙන සම්බන්ධය ඇණ හිටිය හොත් තමන් විසින්ම නිර්මාණය කරගන්නා ගමන් මාර්ගයේ සිතියමක් ආධාරයෙන් ඊට ස්වාධීනව ගමන් කිරීමටද පුලුවන් බව සඳහන් වේ.

    DDphbRV.jpg


    xYYTVMb.jpg


    vJxQoBr.jpg





    හමුදාව සඳහා තැනූ ලැප්ටොප් පරිගණකය-Field office

    ජලයෙන්,වැල්ලෙන් හානියට පත් නොවන මිටියකින් ගැසුවද පෙර පරිදිම හොඳින් ක්‍රියාත්මක වන මේ ලැප්ටොප් සහ ටැබ්ලට් පරිගණක අතිශය රළු පරිසර තත්ත්වයන් හිදී භාවිතා කල හැකි අයුරින් නිර්මාණය කර තිබේ.ආක්ටික් ප්‍රදේශයේ,කාන්තාරවල,කුණාටු සහිත මුහුදු ප්‍රදේශයකදී ආදී වශයෙන් විවිධ කාළගුණ තත්ත්වයන් යටතේ මෙම පරිගණක පාවිච්චි කිරීමට පුලුවනි.සෙල්සියස් අංශක -50 සිට +55 දක්වා උෂ්ණත්ව පරාසයක් තුල කිසිදු ප්‍රශ්නයක් නැතිව මෙම පරිගණක පරිහරණය කිරීමට හැකිය.

    3FP7bPr.jpg


    5UeBO2d.jpg





    පොලිස් පුද්ගල ප්‍රවාහන රථ

    Ural නම් රථවාහන නිෂ්පාදන සමාගම හඳුන්වා දුන් Ural-VV නවතම රථය අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශ සෙබලුන් වෙනුවෙන් විශේෂයෙන් නිර්මාණය කර තිබේ.Ural-Next සහ Ural-VV යන නම් වලින් හඳුන්වන පුද්ගල ප්‍රවාහන රථ දෙකක් ඔවුන් විසින් මෙහිදී ප්‍රදර්ශනයට තබා තිබිණි.මේවා උණ්ඩ කැබලි,කුඩා ප්‍රමාණයේ රයිෆල් උණ්ඩ සහ බිම් බෝම්බ සහ වැඩිදියුණු කල පැති බෝම්බ වලට ඔරොත්තු දෙයි.තවද භට පිරිස්වලට රථය ඇතුලතින් අගුල් දමා ඇතුලත සිට වෙඩි තැබීමටද පුලුවනි.

    DeHEghr.jpg


    jR3FzKv.jpg


    KXniQP0.jpg


    iUTQStK.jpg




    Source:rbth.com

    -HarshaLulzSec-
     

    Vidu89

    Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    patta machan
    You must spread some Reputation around before giving it to HarshaLulzSec again.