ඉන්දියාවෙ මිනිස්සු උන්ගෙ කමට ආදරෙය් කියන එක වැරදියි, ඉන්දියාවෙ මාධ්‍යය සහ අනිකුත් දේවල් දැක්කම මටනම් පේන්නෙ අනිත් ආසියාතික රටවල වගේම අමාරුවෙන් තටම තටම ඇමෙරිකන් වෙන්න හදන මෝඩයො ටිකක් මිසක් තමන්ගෙ කමට ආදරේ මිනිස්සු ටිකක්නම් නෙමෙය්. ඒකෙ වැරැද්දක් නැහැ නමුත් ඉන්දියාව වගේ රටක් බලෙන් බටහිර වෙන්න යාම සිනහ උපදවන සුලුය්. ප්‍රධාන මාතෘකාවට ආවොත් මගේ මතය හැටියට හැමදේටම දේශපාලනය ඇද ගැනීම අපේ රටේ විතරක් තියෙන දෙයක් නෙමෙය්. නමුත් දකුනු ආසියාතික රටවල ඔය තත්වය බහුලය් මොකද දකුනු ආසියාතික රටවල ඉන්නෙ දේශපාලන ගුන්ඩු වලට ලේසියෙන් හවුවෙන, ආගම ජාතිය දේශප්‍රේමය ගැන කියල රවට්ටන්න පුලුවන්, විචාර බුද්ධියක් නැති මිනිස්සු පිරිසක්. ඒකෙන් දේශපාලකයො ප්‍රයෝජන ගන්නව.
ලෝක කුසලානය ගැන කතා කලොත්, ඕක දින්නනම් මමත් ලාන්කිකයෙක් හැටියට සතුටු වෙනව තමය්. නමුත් ඒ ඇරෙන්න මහජනයට ලැබෙන්නෙ මොකක්ද. මුකුත් නැහැ. ඒක නිසා ඔය ලෝක කුසලාන උන්මාදය කියන්නෙ ව්‍යාපාරිකයො ටිකකුය් දේශපාලකයො ටිකකුය් එකතු වෙලා කීයක් හරි හොයාගන්න ගහපු තවත් ගැටයක් විතරමය්. ක්‍රිකට් ගැන මූලික දැනුමක්වත් නැති සමහර පිරිසුත් සමාජයේ කැපිල පේන්න බොරු fan ගතියක් ආරූඬ් කරගෙන t shirt අරගෙන කොඩි අරගෙන මැච් බලන්න ගිය ගතියක් තමය් මමනම් දැක්කෙ. එහෙම කරන්න තනිකර පොලඹවන්නෙ මාධ්‍යය සහ ව්‍යාපාරිකයො, උන්ගෙ සාක්කු පුරවගන්න. ඉතින් මමනම් කියන්නෙ පසුගිය කාලෙ ක්‍රිකට් වලට දෙන්න ඕනවට වඩා වැඩි අවධනයක් දුන්න වැඩී. ක්‍රිකට් යනු ක්‍රීඩාවක් පමනමය්. කවුරු දින්නත් මහජනය අන්තිමට පරාදය්.
මට ගොඩක් වෙලාවට පෙනුන දෙයක් තමය් සන්ගක්කාරට මහරජාගෙ ගුනවර්නනා කරන්න බලකරල තිබ්බ ගතියක්. මිනිහත් බැලුවෙ ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙ පානෙන් කාඩ් එක දාගන්න.