අපි පොඩි කාලේ බලපු මේ කාටූන්

ghost99

Active member
  • Dec 26, 2015
    517
    174
    43
    අපි පොඩි කාලේ බලපු මේ කාටූන්

    අලි බැලිල්ලයි බලි බැලිල්ලයි එපා වෙන්නේ නැහැ කියනවනේ. අන්න ඒ වගේම තමයි අපේ සමහර අයටත් කාටූන් ගැන හිතෙන්නෙ. කසාද බඳින වයසේ හිටියත්, මෙයාලගේ කාටූන් බලන්න තියෙන ආසාව තවමත් අඩුවෙලා නැහැ.

    90 දශකයේ දැකපු ඉංග්‍රීසි කාටූන් ගැන වගේම, සිංහල කාටූන් ගැනත් අපි කතා කළා ඔයාලට මතක ඇති. කොච්චර වයසට ගිහින් හිටියත්, අපි පොඩ්ඩෝ කාලේ බලපු විදියටම මේවා බලලා විනෝද වෙන්න අපට අදටත් පුළුවන්.

    එහෙනම් බලන්නකෝ, අපි පොඩි කාලේ බලපු මේ කාටූන් ටිකත් ඔයාලට මතකයිද කියලා. මේවා අපට දැකගන්න ලැබුණේ 2000 අවුරුද්දෙන් පස්සේ

    1. දඟයා (Dennis the Menace)

    “දඟයෝ!!!!

    අය්යෝ! අදත් මොකක් හරි වැරද්දක්ද දන්නේ නැහැ “

    විල්සන් මාමා "දඟයෝ" කියලා කෑගහද්දීම අපි දන්නවා දඟයා මොකාක් හරි වැරදි වැඩක් කරලයි කියලා. දඟයාගේ දඟ වැඩ, පොඩ්ඩාගේ හුරතල් කතා, මාගරට්ගේ පණ්ඩිතකම් අපේ මතකයේ අදටත් තියෙන්නේ අපි පොඩි කාලේ දැකපු මේ දඟයා කාටූන් එක නිසයි. The Adventures of Dennis කියන ප්‍රසිද්ධ ළමා කතාව පදනම් කරගෙන හදපු Dennis the Menace කාටූන් එකේ සිංහල හඬකැවීම තමයි "දඟයා" කාටූන් එක.

    2. සූර පප්පා (Asterix)
     
    Last edited:

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,860
    31,104
    113
    ඇයි බං ඇපල් ආදිපාදතුමා හයිලෑන්ඩර් සෝරෝ ඥානකථා මල්ලි සැපදුක හාරන මීයෝ වගේ නයිල් නදී කුමරී කාටුන් මතක් කරනකොටත් එන හැගීම කියල වැඩක් නෑ බං ඒ කාටුන් වල තීම් සෝන්ග් එකේ ඉදන් මතක්වෙනවා:):)ඒත් බලහන්කො දැන් පොඩිඋන්ට බලන්න තියන කාටුන් මහ මලජරාවනේ බං රටේ අනිත් හැම රෙද්දක්ම වගේ කාටුන් ටිකත් ෆුල් හින්දුස්තාන්වෙලා....ක්‍රිෂ්ණා කියයි වීරා කියයි මොන මලජරාවද බං ඒවා.....:growl: