අපි මෙච්චර පෘතග්ජනද බන්??
ඊයෙ පෝය දවස නිසා පංසලේ ධර්ම දානයක් විදියට අත්හැරීම 3 පොත් බෙදුවා.
"වාඩි වෙලා ඉන්න හැමෝටම බෙදනවා" කිව්වට අහන්නෙ නෑ. පොත් ගන්න සිල් ඇත්තො පොර කනවා.
ධර්මය පරිශීලනයට තියන කැමැත්ත නිසාද නැත්නම් පොත අරගන්න තියන ආසාව නිසාද?
සිල් ඇත්තො එහෙම පොර කනව දැක්කම හිතට පොඩි කලකිරීමක් වගේ දැනුනා.

Last edited:

ඔහොම පොරකාලා ගත්තට ගොඩක් අය ඕවා කියවන්නෙවත් නෑ..හැබැයි කාටවත් දෙන්නෙත් නෑ..ගොඩගහන් තියන් ඉන්නවා..මමත් දවස් කීපයක් සිල් ගන්න ගියා..වට පිටේ ඉන්න අයගෙ හැසිරීමට මට තරහ යනවා..ඒවා පෙනෙද්දි නොදැක්කා වගේ ඉන්න තාම හිත දියුණු වෙලා නැති නිසා දැන් සිල් ගන්න යන්නෑ..පිං කරගන්න ගිහින් අන්තිමට පව් ගොඩ ගහගන්නේ