අපි මෙහෙම වැඩක් පටන්ගමුද ?

asankadinesg

Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    Gear Oil Change; Hero Pleasure, Honda Activa, Honda Dio

    දැන් කියලා දෙන්න යන්නේ Hero Pleasure, Honda Activa, Honda Dio වගේ ස්කූටර් වල ගියර් ඔයිල් මාරු කරන විදිහ...

    එන්ජින් ඔයිල් වගේම ගියර් ඔයිල් මාරුකරන්න ඕන කාලයක් තියනවා. පොතේ විදිහටනම් කි.මී. 5000 ගියර් ඔයිල් මාරු කරන්න ඕන. ඒත් ඒන්ජින් ඔයිල් මාරු කරනකොටම ගියර් ඔයිල් මාරුකරනවනම් හොදයි කියලා තමයි බයික් කාපු අයගේ අදහස... :yes::yes::yes:


    මේ වැඩේට අපිට,

    1. ඔයිල් අයින් කරන්න භාජනයක්

    2. 12mm spanner එකක්

    3. ඔයිල් කෑන් එකක් (මේකනම් අනිවා ඕන)

    4. SAE90 grade Gear oil ( වැඩේට ඕන 120ml විතරයි )


    krtc.jpg


    මේක කරන්න කලින් ඒන්ජින් එක රත්වෙලා තියෙන්න ඕන ( ඒ කියන්නේ කි.මී. 3 විතර දුවල එන්න ඕන)

    බයික් එක මේන් ස්ටෑන්ඩ් එක ගහල තමයි වැඩේ පටන් ගන්නේ... :yes::yes::yes:


    g2c9.jpg


    ඔය රතු පාටින් මාක් කරලා තියෙන්නේ ඔයිල් අයින් කරන නට් එක
    කොළ පාටින් තියෙන්නේ අලුත් ඔයිල් දානතැන


    මුලින්ම අලුත් ඔයිල් දාන නට් එක ගලවන්න ඕන. මතක ඇතුව ඔයිල් අයින් කරන භාජනේ ලග තියාගන්න..

    js3c.jpg

    lyto.jpg


    ඊට පස්සේ තමයි ඔයිල් අයින් කරන නට් එක ගලවන්නේ

    2ge6.jpg


    දැන් ඔයිල් ටික අයින් වෙනකන් ඉන්න වෙනවා.. :rolleyes::rolleyes::rolleyes:

    2nct.jpg


    ටයර් එක හිමින් කරවන්න. එතකොට තව ඔයිල් ඉතුරුවෙලා තියනවනම් එහෙම කරනකොට ඒ ඔයිල් අයින් වෙනවා..

    tvt6.jpg


    ඔයිල් අයින් වෙලා ඉවරනම් ඔයිල් අයින් කරන නට් එක ( Drain Bolt) එක තද කරන්න. තද කරනවා කියලා දිව හපාගෙන තද කරන්න එපා. අතේ ගනට තද කරන්න..

    n7g8.jpg


    ඔන්න දැන් තමයි ඔයිල් කෑන් එක ඕන වෙන්නේ.. ඔයිල් කෑන් එකට අලුත් ඔයිල් දාන්න..
    දැන් ඔයිල් කෑන් එක මේ විදිහට දාලා ඔයිල්ටික ඇතුලට දාන්න ඕන..

    ycbn.jpg


    මතක ඇතුව ඔයිල් කෑන් එකේ nozzle එක ඇතුලටම දාන්න...

    9bnt.jpg


    ඔයිල් දැම්මට පස්සේ වැඩිපුර ඔයිල් ටික අයින් වෙනකං ඉන්න ඕන. වැඩිපුර ඔයිල් දැම්මොත් ගෑස්කට් එකට හොද නෑ ගෑස්කට් යන්න බලනවා... :yes::yes:

    lyto.jpg


    වැඩිපුර ඔයිල් ටික අයින් වුනාට පස්සේ නට් එක තදකරන්න.. අන්තිමට ඔයිල් ලීක් තියනවද කියලා බලන්න.

    w19g.jpg


    ඔන්න වැඩේ ඉවරයි.
     
    Last edited:
    • Like
    Reactions: bee@c

    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    machanla oya oli maru karana aka hadissiyata karanna yanna epa.mulinma engine oli out nut aka galawala (me photos wala dala naha)oil tika ibema wakkerenakan 30 min wage thiyanna one.eetapasse bike aka tikak ala karala okkoma oil tika ain karanawanam hodai mokada aluth oil akata parana oil maru unahama ikmanata sauttu wenawa.indian bike nam aniwa 2000km walin engine oil maru kapalla aka wadi kalayak engine aka baba wage thiyaganna hodai.mathaka athuwa thaman mulin dapu oil akama digatama danna.normally red,plus wage oil warga 2k thiyanawa service wala eun free service akedi red eka hodai (me red kiyanne synthatic oli akak) kiyala aka danawa.mata dimo ake wada karapu ekek kiwwa mulin danma oil warge arenna anith awa danna hodanalu ehema unoth engine akata sorry wenawalu.bajaj bike ake nam out nut aka galawapu gaman thawa sudu plastic filter akak thiyanawa.aka ul aduwakin eliyata aran kerosine dala hodata wela la aith danna one.compresser akak thiyanawanam plastic filter akata podi hulan parak alluwanam hodai.

    ගින්දර මචෝ... :yes::yes::yes: ඔය තියෙන්නේ නියමෙට :cool::cool::cool:
     

    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    හොඳ ත්‍රෙඩ් එකක් මචන් ... දිගටම කරගෙන යමු.... ඔන්න අපිත් එන්ටර් උනා .......+5
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පට්ටම ත්‍රෙඩ් එකක් මචන්. ස්තූතියි මෙහෙම දෙයක් පටන් ගත්තට. මේ මං රත්තරං අයියගේ ත්‍රෙඩ් එකක දාපු එකක් ඒක කවුරුවත් දැක්කේ නෑ. වෙලාවක් ලැබුනම මාත් දෙන්නම් සප් එකක්.:)


    පිටිපස්සේ ඩ්‍රම් බ්‍රේක් තියන ඒවගේ එනවනේ බ්‍රේක් ගහනකොට හබ් එක කැරකෙන්න නොදී අල්ලන් ඉන්න බාර් එකක් සහ ඒක හබ් එකට හයිවෙන්න ඇනයක්.

    මෙන්න මේක.:



    5vwFWyP.jpg


    මේ ඇනේට එනව තව පින් එකක් මේ වගේ බරිවෙලාවත් නට් එක බුරුල් වුනොත් වටෙන්න නොදී අල්ලගෙන තියාගන්න.

    31Oovqy.jpg


    අපේ ගොඩක් ගරාජ් වල අයියල වගෙම ටයර් කඩවල මාමලත් පිටිපස්සේ රෝදේ ගැලෙව්වොත් ඕක මතක ඇතුව ආපහු නොදා ඉන්නවා.

    ඕක නැති වුනාම මොනදේට හරි නට් එක බුරුල් වුනොත් වෙන්නේ අල්ලන් ඉන්න ආර්ම් එකෙන් හුබ් එක ගැලවිලා වටේ කැරකිලා ලීවර් එකයි රොඩ් එකයි බ්‍රේක් පැඩල් එකයි ඔක්කොම එකට ඇදිල කොහෙන් කොහෙන් හරි කැඩිල යන එක.

    රොඩ් එක එතෙනවා රොදේ වටේ. රෝදෙ හිර වුනොත් ලොකු අනතුරක් වෙන්න පුලුවන්.


    මේක දැම්මේ මේ වැඩේ වෙච්ච නිසා. වෙලාවට රොදෙ හිරවුනේ නෑ.:baffled::baffled:

    බයික් පදින කට්ටිය මේ ඇනේ නට් එකට ස්ප්‍රිං වොශර් එකක්වත් දාල පින් එකත් නැත්නම් දාගන්න. මොකද නට් එක ටිකක් හරි බුරුල්නම් එන්ගිමේ vibration එකට හරි ඔක බුරුල්වෙන්න පුලුවන්.:no::no:
     

    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    පට්ටම ත්‍රෙඩ් එකක් මචන්. ස්තූතියි මෙහෙම දෙයක් පටන් ගත්තට. මේ මං රත්තරං අයියගේ ත්‍රෙඩ් එකක දාපු එකක් ඒක කවුරුවත් දැක්කේ නෑ. වෙලාවක් ලැබුනම මාත් දෙන්නම් සප් එකක්.:)


    පිටිපස්සේ ඩ්‍රම් බ්‍රේක් තියන ඒවගේ එනවනේ බ්‍රේක් ගහනකොට හබ් එක කැරකෙන්න නොදී අල්ලන් ඉන්න බාර් එකක් සහ ඒක හබ් එකට හයිවෙන්න ඇනයක්.

    මෙන්න මේක.:



    5vwFWyP.jpg


    මේ ඇනේට එනව තව පින් එකක් මේ වගේ බරිවෙලාවත් නට් එක බුරුල් වුනොත් වටෙන්න නොදී අල්ලගෙන තියාගන්න.

    31Oovqy.jpg


    අපේ ගොඩක් ගරාජ් වල අයියල වගෙම ටයර් කඩවල මාමලත් පිටිපස්සේ රෝදේ ගැලෙව්වොත් ඕක මතක ඇතුව ආපහු නොදා ඉන්නවා.

    ඕක නැති වුනාම මොනදේට හරි නට් එක බුරුල් වුනොත් වෙන්නේ අල්ලන් ඉන්න ආර්ම් එකෙන් හුබ් එක ගැලවිලා වටේ කැරකිලා ලීවර් එකයි රොඩ් එකයි බ්‍රේක් පැඩල් එකයි ඔක්කොම එකට ඇදිල කොහෙන් කොහෙන් හරි කැඩිල යන එක.

    රොඩ් එක එතෙනවා රොදේ වටේ. රෝදෙ හිර වුනොත් ලොකු අනතුරක් වෙන්න පුලුවන්.


    මේක දැම්මේ මේ වැඩේ වෙච්ච නිසා. වෙලාවට රොදෙ හිරවුනේ නෑ.:baffled::baffled:

    බයික් පදින කට්ටිය මේ ඇනේ නට් එකට ස්ප්‍රිං වොශර් එකක්වත් දාල පින් එකත් නැත්නම් දාගන්න. මොකද නට් එක ටිකක් හරි බුරුල්නම් එන්ගිමේ vibration එකට හරි ඔක බුරුල්වෙන්න පුලුවන්.:no::no:

    ඔව් මචෝ කථාව ඇත්ත.. මමත් දවසක් පැච් එකක් දාන්න ගියා. පැච් එක දාගෙන එද්දි පිටිපස්සේ break ගහද්දි ඩක් ඩක් ගාලා සද්දයක් එනවා.. පස්සේ ගෙදර ගිහින් බලද්දි පැච් එක දාපු එකා ඔය උඹ කියලා තියන නට් එක තද කරලා නෑ. ඔය පින් එක නිසා තමයි නට් එක හිරවෙලා තිබුනේ. නැත්නම් ඉවරයි...
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔව් මචෝ කථාව ඇත්ත.. මමත් දවසක් පැච් එකක් දාන්න ගියා. පැච් එක දාගෙන එද්දි පිටිපස්සේ break ගහද්දි ඩක් ඩක් ගාලා සද්දයක් එනවා.. පස්සේ ගෙදර ගිහින් බලද්දි පැච් එක දාපු එකා ඔය උඹ කියලා තියන නට් එක තද කරලා නෑ. ඔය පින් එක නිසා තමයි නට් එක හිරවෙලා තිබුනේ. නැත්නම් ඉවරයි...

    මචන් මගෙ නට් එක පැනල රොඩ් එක රෝදෙ වටේ එතිල බ්‍රේක් පැඩ්ල් එක ඇද වුනා. ඒක ඇද වෙලා තිබ්බ හැටි දැක්කම බය වෙනවා.:no: එල ත්‍රෙඩ් එකක් මචන්. දිගටම කරමු.:)
     

    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    ඔන්න ඉතින් අද කියලා දෙන්න යන්නේ ඩිස්ක් break තියන අයට වැදගත් දෙයක්.. ඒ තමයි කොහොමද Disk pads මාරු කරන්නේ කියලා..

    බයික් එකේ break නැතිවුනොත් ඔක්කොම ඉවරයි.. ඒ නිසා මේ කියලා දෙන දේ කරලබලන්න බයයි වගේනම් සර්විස් එකටම කියලා කරගන්නත් පුලුවන්..

    මේ දාන ෆොටෝ වල නම් තියෙන්නේ FZ එකක Disk pads මාරු කරන විදිහ. ඒත් අනිත් බයික් වලත් මේ වගේම තමයි කරන්න තියෙන්නේ ( ජපන් බයික් වල නම් වෙනස්ද දන්නේ නෑ )


    මුලින්ම බලන්න ඕන Disk pads ගෙවිලද කියලා. මේක බලන්න නම් විදි ගොඩාක් තියනවා..

    1. බ්රේක් වදිනවා අඩුනම්
    2. ඩ්ස්ක් එකේ ඉරි ගිහිල්ලනම්
    3. බ්රේක් ලීවර් එකේ free play එක වැඩ්නම්. ( මේක එන්න ඕන ගාන මැනුවල් එකේ තියනවා සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් 3-4 වගේ)
    ** බ්රේක් ඔයිල් අඩු වුනාමත් free play එක වැඩි වෙනවා, ඒ නිසා ඒකත් පොඩ්ඩක් බලන්න
    4. කි.මී. 15000 විතර ගියාම මේක ගෙවෙනවා ( මේක බයික් එක පදින විදිහ අනුව වෙනස් වෙනවා)


    මේ තියෙන්නේ කි.මී. 12000 පැදපු Disk pads එකකුයි අලුත් Disk pads එකකුයි අතර වෙනස..

    gq3u.jpg


    මේ විදිහට වෙලානම් අනිවා Disk pads මාරු කරන්න. නැත්තම් ඩිස්ක් එක කැපෙනවා.

    9p8s.jpg


    මේ වැඩේ කරන්න අපිට,

    Spanner(Size-12)
    අඩුවක්
    පිරිසිදු රෙදි කෑල්ලක්

    ඕන වෙනවා....:cool::cool::cool:


    මුලින්ම මේ පෙන්නලා තියන ඇන දෙක ගලවන්න ඕන

    bgqs.jpg


    මේ ඇන දෙක ගැලවුවට පස්සේ ඩිස්ක් එක හීරෙන්නේ නැති වෙන්න ඔය පෙන්නලා තියන ක්ලිප් දෙක ගලවන්න ඕන..

    dtjw.jpg

    nqeq.jpg


    පින් දෙක ගැලවුවට පස්සේ ඔය පෙන්නල තියන විදිහට පෑඩ් දෙක හයිවෙලා තියන ඇනේ ගලවන්න ඕන. ටිකක් හිරයි නම් අඩුවෙන් අදින්න..

    zzr5.jpg


    ඒ නට් එක ගලවපු ගමන් බ්රේක් පෑඩ් දෙක ගැලවෙනවා

    h7nm.jpg


    මේක ගොඩාක් වැදගත්..
    ඔය පෙන්නලා තියන metal Brake pad spring එක ගැලවෙන්න දෙන්න එපා.. ගැලවුනොත් ඒක සුද්ද කරලා තිබුන විදිහට‍ම හයිකරන්න

    dnm6.jpg


    දැන් කැලිපර් දෙක ඇතුලේ තියන පිස්ටර් දෙක සම්පුර්ණයෙන්ම ඇතුලට තල්ලු කරන්න ඕන.. පරන ඩ්ස්ක් පෑඩ් දෙක තියලා ඒ මැදින් screwdriver එකක් තියලා පිස්ටන් දෙක සෙට්වෙන පෑඩ් එක තල්ලු කරානම් ලේසියි..

    23jr.jpg


    පිස්ටන් දෙක ඇතුලට ගියාම මේවගේ තමයි පේන්නේ
    qro3.jpg


    දැන් ඉතින් අලුත් බ්රේක් පෑඩ් දාන්න තියෙන්නේ.. දැන් ගලොපු ඇණ එහෙම ආයිත් තිබුන විදිහටම හයිකරන්න..

    දැන් වැඩේ ඉවරයි

    මතක ඇතුව පාරේ යන්න කලින් බ්රේක් ගහල බලන්න. එක පාරක් දෙපාරක් ලීවර් එක අඩියටම යයි.. ඊට පස්සේ වැඩේ හරි..

    ඇණ තදකරද්දි ගොඩාක් තද කරන්න එපා( බුරුලට හයි කරන්නත් එපා)

     
    • Like
    Reactions: **..RoCk sTaR..**

    pubudukl

    Well-known member
  • Nov 1, 2007
    1,307
    693
    113
    hoda post ekak machan...digatama karagena yanna..math bike walata nawakayek..godak wadagath Rep6+
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Pattai macho!:yes: Me dapu wisthara wala link tika danna thread eke mula. ethakota balana kenekta hoyaganna lesi.:)