අපි හදමු "ප්‍රථමාධාර පෙට්ටියක්"
හදිසියකට ගෙදරදී සිද්දවෙන පුංචි පුංචි අනතුරුවලදී ප්‍රයෝජනවත් වෙන්න මමත් හැදුවා "ප්‍රථමාධාර පෙට්ටියක්". වැඩිදුර උපදෙස් ගන්න නම් කවුරුත් හිටියේ නෑ, අවශ්‍යවෙයි කියලා හිතෙන හිතෙන දේවල් එකතුකරලයි මේක හැදුවේ. හැදුවයි කිව්වට ගෙදර තිබ්බ ප්ලාස්ටික් පෙට්ටියක් හොදට පිරිසිදු කරලයි පාවිච්චියට ගත්තේ.
මෙන්න බඩු ටික
01 - Cicatrin powder - මේක කුඩු වර්ගය පාවිච්චි කරන්නේ කැපුම් තුවාල, පිලිස්සුම්වලට තුවාල වේලෙන්නයි.
02 - Flavin - අපි ෆ්ලෙවින් පාවිච්චි කරන්නෙත් පොඩි පොඩි තුවාල හොද වෙන්නයි.
03 - Dettol - තුවාල පිරිසිදු කරන්න අපි Dettol පාවිච්චි කරනවා. මේ වෙනුවට අපිට surgical spirit / hydrogen peroxide වුනත් පාවිච්චි කරන්න පුළුවන් (ඒත් පොඩි ළමයින්ට එහෙම ටිකක් සැර වැඩියි)
04 - Astrocort - මේක අපි පාවිච්චි කරන්නේ පොඩි පොඩි allergic (ආසාත්මිකතා) වලටයි. මේක පිටින් ආලේපනය කරන ක්‍රීම් එකක්.
05 - Tetracycline - මේ ජෙල් එකත් අපි තුවාල වේලීම සදහා පාවිච්චි කරනවා.
06 - මේ තියෙන්නේ "පුළුන්" අපි මේ පුළුන් පුළුවන්තරම් විෂබීජවලින් තොරව තියාගන්න ඕනේ. මොකද තුවාල වලට බෙහෙත් කරද්දී අපි වැඩියෙන්ම පාවිච්චි කරන්නේ මේ පුළුන් නිසා පොඩි හරි විෂබීජයක් තුවාලවලට ඇතුල්වෙන්න තියන ඉඩකඩ වැඩියි.
07 - මේ "ගෝස්" අපි තුවාලෙකට බෙහෙත් තියලා බදිද්දී ගෝස් ප්‍රයෝජනවත් වෙනවා.
08 - ප්ලාස්ටර් අපි ඉතින් හැමදාම පාවිච්චි කරන්නේ පොඩි පොඩි තුවාලවලට ක්ෂණික පිලියමක් විදියටනේ.
09 - "බැන්ඩේජ්" අපි පාවිච්චි කරනවා තුවාල බේත් තියලා අත හෝ කකුල වටේට බදින්න.
10 - Crepe bandage - මේ ක්‍රේප් බැන්ඩේජ් අපි පාවිච්චි කරන්නේ තුවාල නොවන තැලීම්, පිපිරීම්, අතපයවල උළුක්කුවීම්, වගේ ආබාධවලට බෙහෙත් දාලා තදින් වෙලන්නයි.
11 - Wintogeno - වින්ටෝජිනෝ ක්‍රීම් එක තමයි අපි තැලුම්, අතපයවල සිද්දවෙන අභ්‍යන්තර ආබාධ (තුවාල නොවන) සදහා මුලිකමවම ගන්නනේ. මේක අදාළ ප්‍රදේශයේ ගාලා හොදට රත්වෙන්න මසාජ් කරපුවාම ප්‍රථිපල ගොඩාක් සාර්ථකයි.
12 - Iodex - අපි ඇගේ ඇතිවන කැක්කුම් සදහා ක්ෂණික පිලියමක් විදියට පාවිච්චි කරනවා.
13 - Axe oil - හිසරදේකට එහෙම කියාපු බෙහතක් තමයි මේ.
14 - සිද්ධාලේප - දන්නවනේ ඉතින් මොකටද කියලා ...
15 - ප්ලාස්ටර් ඉතින් තුවාලවලට බෙහෙත් යොදලා හොදින් අලවාගන්න තමයි ඉතින් මෙව්වා.
16 - හැමවෙලේම පිරිසිදු "කතුරක්" ඔය ගෝස්, ප්ලාස්ටර් කපන්න තියාගන්න අවශ්‍යයි.
17 - පැනඩෝල් ගැන කියන්න අවශ්‍ය නෑනේ. හිසරදෙට, උණට, ඕනෙම ඇගපතේ අමාරුවකට.
18 - Amoxciline (250 mg)- තුවාල වේලීමට වගේම උණටත් අපි පාවිච්චි කරනවා.
19 - Aspirin - එහෙමත් නැත්නම් අපිට පුරුදු "ඩිස්ප්‍රින්" හෙම්බිරිස්සාවට කියාපු බෙහෙතක්.
ඔන්න ඔහොමයි මගේ "ප්‍රථමාධාර පෙට්ටිය" සම්පූර්ණ වුනේ. ගෙදරක පොඩිවට හරි මේ වගේ දෙයක් තියන එක වටිනවා. නැත්නම් පොඩි තුවාලෙකටත් එහා ගෙදරට හෝ දොස්තර කෙනෙක් හොයාගෙන දුවන්න සිද්දවෙනවනේ. තව තව මේකට එකතුවෙන්න අවශ්‍ය දේවල් මොනවද කියලා මතක්වුනොත් කියන්න.
වැදගත්ම දෙයක් තමයි ප්‍රථමාධාර පෙට්ටිය හැමදෙනාටම (පිටතින් එන අමුත්තන්ට ඇතුළුව)හොදින් අදුරාගන්න පුළුවන් විදියට ලකුණු කරලා හැමදෙනාටම පෙනෙන තැනකින් තියලා තියන එක. ප්‍රථමාධාර පෙට්ටිය ගෙදර විසිත්ත කාමරයෙන් තියන්න වුනත් ලැජ්ජා වෙන්න එපා. මොකද තමන්ගේ කාමරේ ඇද යටින් තියපු ප්‍රථමාධාර පෙට්ටිය හොයන්න තමන්ම යන්න සිද්ද වෙනවනේ. එහෙම වෙලාවකට කොයිතරම් බෙහෙත් තිබුනත් හදිසි අවස්තාවකදී වැඩකට නැති වෙන්න ඉඩ තියනවා.