ඔව් මට කියනන් මිස් වෙච්ච සමහරක් දෙවල් උඹ කියලා.සෙල්ලම් බඩු , තාක්ෂනය වගේ ගත්තොත් තර්ක කරන්න පුලුව් ඒ ඒ කාල වල කියල. හැබැයි සෞඛ්‍ය , ක්‍රීඩා අතින් නම් දැන් ඉන්න උන්ට වැඩ 90s වල ඉස්කෝලේ යන්න පටන් ගත්ත උන් සෑහෙන හොදයි. ක්‍රිකට් විතරක් නෙවෙයි, මලල ක්‍රීඩා ලංකාවේම මිනිස්සු බලන කාලයක් තිබ්බ.
97 සනා 340 ගහපු දවසෙම සුසන්තික world championship medal එකක් ගත්ත වගේ කාලයක් තිබ්බ..
අනික මානසික නිදහස. මෙහෙම ක්ලාස් නෑ පොඩි කාලේ. මාර වෙලාවක් තිබ්බ. මම නම් ශිෂ්‍යත්වෙට පන්තියකට ගියාම අයිත පන්තියකට ගියේ 9දී. OL වලට ගනන් , විද්‍යාව විතරයි. දැන් උන් 1 වසරටත් කලින් ඉදන් පන්ති.
අනිත් එක උත්සව. දැන් තියන උත්සව media වලින් කෘතිමව සමරන ඒවා.
වෙසක් එකට පවුලේ අයත් එක්ක කුඩුවක් හදන්නේ නෑ , නත්තලට කොහෙන් හරි අත්තක් කපාගෙන හරි ඇවිත් ගහක් හදන්නේ නා (ප්ලාස්ටික් ගහක් හැමදාම) , අවුරුද්දට TV එකේ යන නළු නිළියන්ගේ විගඩම් කට ඇරන් බලන් ඉන්නව කොහේ හරි ගමක කරන සරම්, හැට්ට ඇදන් කරන නාට්ටියක් දිහා . ගෙදර මිනිස්සුත් එක්ක කතාබහක් නෑ . ඕව එදයි අදයි device වලින් compare කරල බලන්න බැරි දේවල්. කායික , මානසික සෞඛ්‍ය...
සමහරු හිතනවා අපෙ කාලෙ හොඳයි වගෙ සුපුරුදු පම්පොරි අපි ගහනවා කියලා .
ටියුෂන් ගත්තොත් මන් ශිෂ්‍යත්වෙට ටියුෂන් ගියෙම නැහැ ඒත් පාස් උනා.
ආයෙ ටියුෂන් ගියෙ ඕ ලෙවල් වලට
ඒත් ගණන් සහ කොමර්ස් වලට විතරයි .
ඒ ලෙවල් වලට නම් ටිකක් ටියුශන් මැරුවා.
එත් අද පොඩි උන් අර කිව්වත් වගෙ උදෙ ඉඳන් පන්ති.
ශිෂ්‍යත්ව පන්ති විතරක් පැය හත අට කියහංකො .
ඒ වගෙම අපෙ කාලෙ බොලඳ හින්දි නාට්ටි තිබ්බත් ඒ නාට්ටි හරහා ගෙදර අයව එක්කහු කරා.
එත් අද තියෙන නාට්ටි වලින් ඒක වෙන්නෙ නැහැ සහ ගොඩක්ම ඉන්ටර්නෙට් එක නිසා තනි වෙලා ඉන්නෙ හැම එකාම වගෙ.
පාටි දාන්නෙ ,ට්‍රිප් යන්නෙ සොෂල් මීඩියාස් වලට පේන්න .