අපි හොඳ නම්බුකාර වැදගත් මිනිස්සු ......
අපි හොඳ නම්බුකාර වැදගත් මිනිස්සු ......
වැදගත්කම ඉබේම ඇතිවෙන එකක් නොවේ...
ඒක මාංසිවෙලා ...කැපවෙලා ...ඇතිකරන්න ඕනෙ....
අද නං හම්බුවුනා නියම ගඟේ ඉස්සො .
වෙළෙන්ද වතුර බාජනේ ගේන්ඩ කියාල දාල පෙන්නුව.... ඔක්කොම වාගෙ ඉස්සො පීනනව..
දෙතුං දෙනක් පීනුවෙ නෑ..ඒත් අඬු වනනව..එකෙක්වත් මැරිල නෑ .
ඕන්න ඔහොම අඬු වනද්දීම ඔළු කඩල සුද්දකරල ගන්න ඕනෙ...එතකොටයි රහ..
එහෙම ඩෙවල් කරල ගත්තම නියමයි .
වෙනදට මාකට් එකෙං ගන්න ......
දවස් ගනං ෆ්‍රිජ්වල හිටපු එවුං වාගෙද....
නියම රහ .
මං දැං කඩෙන් බිත්තර ගේන්නෙ නෑ .
තැනක් හොයාගත්ත කළුකුම් ඇතිකරන.....
බිත්තරේ හතලිහයි .ඔය ෆාම් බිත්තර වාගෙ නොවෙයි නියම රහ.
මස් වුනත් ගතෑකි ෆ්‍රිජ් වල නොදමාපු.
වටු බිත්තරත් නරකම නෑ . පොඩි වුනාට ඔම්ලට්වලට නියමයි...
ෆ්‍රිජ් එකේ නොදමපු අලුත්ම චිකන් තියෙන තැනක් හොයාගත්ත.
ඒවයෙ කොලෙස්ටෙරෝල් වුනත් අඩුයිලු .
බ්‍රොයිලර්ස්ල ජීවත්වෙන්නෙ දවස් විසි එක වුනාට.....
ෆ්‍රිජ් එකේ මාස තුන හතරක් ඉඳලා ...මෙලෝ රහකුත් නෑ .
ඒ වගෙද මේවා අද ඒවා. හොඳ තර එකෙක් පෙන්නන එක විතරයි තීන්නෙ ..
විනාඩි දහයක් යයි..නියම බඩු ...ලේ පෙරෙන එක වලක්කන්න කවර දෙහෙක ගැට ගහලයි දෙන්නෙ.
පොඩි එවුන්ට දෙන්න පැටව් තුන් දෙනෙක් කාඩ්බෝඩ් පෙට්ටියක දාල ගෙනාව.
සුප් හදනකොට එවේලෙම සුද්දකරල ගන්න ..
.ඇඟ හැදෙනව බලා ඉන්නකොට ...පොඩිවුන්ගෙ.
සෙනසුරාදට මාලු කාරයෙක් ගේනව වෙල්මාළු...
අද ලූල්ලු.... දඟලන හින්ද අල්ලන්නත් අමාරුයි....
අපරාදෙ කියන්න බෑ...එහෙම්මම කපල උයන එක විතරයි තියෙන්නේ ....
ලූල් පැටවු ගුණයිලු. ඇඟට ලේ වඩනව කියලමාලු කාරය කිවුවෙ.
අපේ පොඩි ළමයින්ට කියාපු මාළු.
පාරෙ එනකොට ..... මේ හදිස්සියෙ හරකෙක් නිදහස් කරන්න රුපියල් සීයකුත් දීල ආවෙ.නැත්තං වස නෝන්ඩියනේ..
කොහොමත් ගව ඝාතනයෙන් වලකින්න එපායැ.
ට්‍රිප් ගියාම නං..... අද බඩුම ගේනව බයිට් එකට....
ගෝන..වල් ඌර නියමයි...මුවාත් නරකම නෑ...
ගිය සුමානෙම මස් මාලු බිත්තර ගේ හරියට ගත්තෙ නෑ...
මං ඔෆිස් එකේ.... ප්‍රමෝෂන් ඉන්ටවිවු එකකට ගියානෙ ..
ඉතිං බෝදි පූජාව තියනකොට මස් මාළු හොඳ නෑනෙ. ....
ධන සම්පත් පෑදෙනවයි කියපු හිංදා මේ දවස්වල ලොතරැයි දෙක ගානෙ ගන්නවා .
ඒත් හදිස්සියෙ එකක් ගන්න රුවිනිටත් පන්සීයක් ඇදිල කියෝනව.ඒකි දන්නෙ නෑ මට දාහක් ඇදිච්චි බව. මං කිවුවෙ නෑ ඕකිට.
අල්ලපු ගෙදර පොල් ගහේ ගෙඩි පැහිල..
හොඳට කිරි තියෙනව ඒ ගහේ ගෙඩිවල..
වෙනද වගේ කෙකි දාල කවුරුවත් නැති වෙලාවට ෂේප් එකේ අදින්න ඕනෙ නෑ..
මගෙ පින..අද තාප්පෙන් ඇතුලටම ගෙඩි දෙකක් වැටිල ..
ලොකුපුතා කවදාවත් අපිට හොර බොරු කරන්නෙ නෑ .
බස්එකේදි කොන්දොස්තර ටිකට් ඉල්ලල නෑ.
ඉතිං එයා මොනව කරන්නද...කොන්දගෙ වැරැද්දනේ..
එයා ටිකට් අරං නෑ .ඒ සල්ලි මට ගෙනත් දුන්න.
ආන්න ඒවගෙ වැදගත්කමටයි අපි ළමයි හදන්නෙ .
උදේට ගේට්ටුව පොඩ්ඩක් ඇරපු ගමං ...රෙක්ස් රිංගල යනව එලියට ...
එලිවෙන්න ඉස්සෙල්ල වගේ ඌ ලේන් එකේ ගෙයක... ගේට්ටුවක් ඉස්සරහ බඩු දාල එනව.....
පොඩිකාලෙ ඒව අපේ ගෙදර මිදුලේ දැම්මම ....නෝන කෑගහනව....හපෝයි කියල....
පස්සෙ අපි ඌට නියමාකාරෙට ඒ වැඩ කරන්න පුරුදු කලා...
ඌ උනත් දන්නව වැදගත් කමට හැදෙන්න...
සමහර දාට ඒ මිනිස්සු ඒව පාගගෙන....
මෝඩකම නේ...කම්මැලියි කියන්නෙ නැතිව ඕව සුද්ද කරන්න ඕනෙ පාන්දරම...
අපි හොඳ නම්බුකාර වැදගත් මිනිස්සු ......
fb

+