අපි vs ඔසී

weer.hasa

Well-known member
  • Apr 24, 2017
    1,070
    191
    63
    bEQHD7m.jpg


    ඇයි ලංකාවෙ මිනිස්සු ඕස්ට්‍රේලියාව කැනඩාව නවසිලන්තය වගේ රටවලට පදිංචියට යන්න කැමති.

    මොකද ඒ රටවල System එකක් තියෙනව. මිනිස්සු ලස්සනට ජීවත් වෙනව. ජීවිතේ විදිනව. උදේට කම්කරුව වැඩට යන්න පාරට බැස්සාම ඌට උදෙන්ම මූනට හම්බෙන්නෙ දොස්තර කෙනෙක් උනත් දෙන්න ආමන්ත්‍රණය කරගන්නෙ "Hi Good Morning man" වගේ පන්ති හෝ වෘත්තිය මට්ටම් ඔලුවට ගහගන්නෙ නැතුව බොහොම ලයාන්විතව. ලංකාවෙ වගේ දෙන්නගෙ මාසික ආදායම අතර පරතරය අහස පොලව වගේ ලොකු නෑ. කම්කරුව උනත් හොදට ජීවත් වෙනව. කනව බොනව. වාහනයක් තියෙනව.

    ඒ මිනිස්සු ආගමක් අදහනවද කියල පේන්නෙ නැ. ඒක කරේ තියන් අනිත් ඒවට බැන බැන යන්නෙ නෑ. තමුන් නිදහසේ තමුන්ට ආස විදිහට ජීවත් වෙන්නෙ. මූනවල් වහන් ඉන්න කාන්තාවො නෑ. ආස විදිහට අදිනව. මිනිස්සු සතුටින් ජීවත් වෙනව. කවුරුවත් අමාරුවෙන් ඔලුවට පටවපු සංස්කෟතියක් කරේ තියන් යන්නෙ නෑ.

    හැබැයි නීතිය අංක එකට හැමෝම පිලිපදිනව. අගමැති උනත් වරද පොඩිද ලොකුද නෑ දඩුවම් විදිනව. හැමෝටම නීතිය සාධාරණව බලපානව.

    දේශපාලකයට හිතුමතේ තීරණ ගන්න බෑ. රටට අවුරුදු ගානක් ඉස්සරහට Strategic plan එකක් තියෙනව. පාලකයො මාරු උනා කියල රටේ වැඩ නතරවෙන්නෙ නෑ.

    තව කොපමණද දේවල් තියෙනවද... අපි කොහෙද මේ ජීවත් වෙන්නෙ. අපේ රටත් ඒ වගේ කරන්න බැරි ඇයි?

    බැරි නෑ පුලුවන්. රජවරු හාමුල නැතුව අපෙන් පඩිගන්නෙ ජනතා සේවකයෙක් රටේ නායකය වෙන්න ඕන. විද්වතුන් පිරිසක් රටේ පාර්ලිමේන්තුවේ අසුන්ගන්න ඕන. ගම්සබා වලට කාර්‍යශූරී තරුණ පිරිසක් ඕන. හැබැයි ඔය හැමදේම එක්ක රටට හැමෝටම බලපාන ශක්තිමත් නීති පද්ධතියක් ඕන.

    පහුගිය රජයන් සහ වර්තමාන රජය ක්‍රියාවෙන් සහ අර්ථයෙන් ඔප්පු කරල හමාරුයි ඔවුන් ඒ සදහා අසමත් කියල. ඊට අමතරව බහුතරයක් වංචා දූෂණ වලට සම්බන්ධයි.

    සුපිරිසිදු දේශපාලන පක්ෂ එකක්වත් ලංකාවෙ නෑ.
    මිනිස්සු පුරුදු වෙලා තියෙන්නේ තමන්ට ගොඩ යන්න පුළුවන් පක්ෂය දේශපාලකයන් බලයට ගේන්න විතරයි.

    දූෂිත දේශපාලකයන් බලයට ගෙනත් උන් කරන දේවල් වල ප්‍රතිපල වක්‍රාකාරයෙන් තමන්ටම හෝ තමන්ගේ දරුවන්ට වක්‍රාකාරයෙන් හෝ විඳවන්න වෙන බව ඒ උදවියට මතක් වෙන්නේ නෑ...

    ඔබත් සිතල බලන්න.

    ඔබේ දරුවා මතට ඇබ්බැහි උනොත්, ඔබේ දුව මත්ලෝලියෙක් අතින් දූෂණය උනොත්...?? නීතියෙන් පිහිටක් ගන්න බැරි තරමට නීතිය දූෂණය වෙලා තිබුණොත්...???

    පරම්පරාවට බැල මෙහෙවර කරපු පක්ෂය බලයට ගේන එක එහෙම කරලා තමන්ගේ බඩ පුරව ගන්න එකම නෙමෙයි ජීවිතය...
    මේ ජීවිතය හරිම කෙටියි ඒ වගේම තමන් කරන දේවල් වලට වන්දි ගෙවන දවසක් තියෙනවා ඔය මොන කෙරුම් කාරයට උනත්.

    ඒ හැම දේම කල්පනා කරලා ඔබේ දරුවන් වෙනුවෙන් වත් නිවැරැදි තීරණයක් ගන්න...
    - බුකියෙන්
     
    • Like
    Reactions: Rahula Kasun

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,070
    20,650
    113
    හස්තිශෛලපුර
    මිනිස්සු පුරුදු වෙලා තියෙන්නේ තමන්ට ගොඩ යන්න පුළුවන් පක්ෂය දේශපාලකයන් බලයට ගේන්න විතරයි. -So True
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,847
    28,732
    113
    දූෂිත දේශපාලකයන් බලයට ගෙනත් උන් කරන දේවල් වල ප්‍රතිපල වක්‍රාකාරයෙන් තමන්ටම හෝ තමන්ගේ දරුවන්ට වක්‍රාකාරයෙන් හෝ විඳවන්න වෙන බව ඒ උදවියට මතක් වෙන්නේ නෑ...



    Thamunta puk wenakal ekadipathiyo hondai tamai :P
    Lee Kuan ta banina minussu kochchera innewada Singapore wala