අපූරු මිනිස් මොළය
ඔබේ ගණිතමය හැකියාව වැඩිකිරීමට විද්‍යුත් ස්පන්ධනයකට හැකියාවක් තියෙනවා කියලා කිව්වොත් විශ්වාසය කරන්න පුලුවන්ද? ඔව්, ඒක කරන්න පුලුවන්
Dr Roi Cohen Kadosh ඇතුලු ස්නායු ප්රජානන විශේෂඥයින් එක්ව Oxford සරසවියෙදී තමා මේ පරීක්ෂණය කරලා තියෙන්නේ.
ඔවුන් සිදුකල පරීක්ෂණයෙන් අනාවරණය කරගෙන තියෙනවා මිනිස් හිස් කබලට හානි නොවන මට්ටමේ විද්‍යුත් ස්පන්ධනයක් ලබාදුන් විට මිනිසුන්ගේ සාධනීය ගණිතමය හැකියාව මාස හයක කාලයකට වර්ධනය වෙනවා කියලා.

ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වූ පිරිසකට දිනකට මිනිත්තු විස්සක් AA බැටරියක විද්‍යුත් ධාරාවට සමාන විද්‍යුත් ස්පන්ධන ලබා දුන්විට ඔවුන්ගේ ගණිතමය හැකියාව 28% ප්‍රතිශතයකින් ඉහල යන බව මොවුන් සොයාගෙන තියෙනවා.
මේ ආකාරයෙන් මොළය උත්තේජනය කිරීම ගණිතමය හැකියාව දුර්වල පුද්ගලයින්ට උපකාර කිරීමට භාවිතා කරන්න පුලුවන්.

Dr Roi Cohen Kadosh ඇතුලු ඔහුගේ කණ්ඩායම පවසන්නේ මෙම උපකරණය පාසල් සිසුන්,වැඩිහිටියන් හා සංජානනීය අපහසුකම් ඇති අය වෙනුවෙන් වැඩි දියුණුකිරීමට බලාපොරොත්තු වෙනවා කියලයි....
තවදුරටත් අදහස් දැක්වූ ඔහු කියන්නේ මේ පරීක්ෂණයේදී යොදාගන්නේ ඉතා කුඩා විදුලි ධාරාවක් නිසා මෙම උපකරණය සවි කරන ලද පිරිස එය ක්‍රියාත්මක තත්ත්වයේ පැවැතියේදැයි තමන්ගෙන් විමසූ බවයි.
උපකරණයෙන් නිකුත් කරන ධාරාවෙන් නියුරෝන වල කාර්යක්ෂමතාව වැඩි වන නිසා තොරතුරු ලබා දීම හා විශ්ලේෂණ හැකියාව වේගවත් වනවා....
විද්‍යුත් ස්පන්ධන ලබාදුන් පිරිසේ හිස් කබලේ අධෝරක්ත කිරණ ඡායාරූප වල වැඩි ඔක්සිජන් හා පෝෂ්‍ය පදාර්ථයන් වැඩිපුර අඩංගු බව තහවුරු කරගෙන තියෙනවා.
මොවුන් අනතුරු අගවන්නේ තම හිතුමතේ මෙලෙස විද්‍යුත් ධාරා අත්හදා බැලීමට නොයන ලෙසයි....