අපේ අතේ ලේ නෑ. වැරදි කරලා නෑ.........menna muta pissu hadila

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    රාජපක්ෂ ආණ්ඩුවේ නිර්දෝශීභාවය ඔප්පුකර පෙන්වීමට තමා සුදානම් බව පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසයි.

    ඊයේ (17) කොටිකාවත්ත ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

    වැඩිදුරටත් අදහස් දැක්වු නාමල් රාජපක්ෂ මහතා,

    "අපි ආවට ගියාට පාරවල් හැදුවේ නෑ. අපි ආවට ගියාට මහල් නිවාස හැදුවේ නෑ. ආයෝජකයෝ ගෙනාවේ නෑ. අපි සැලැස්මක් දැක්මක් තිබ්බා මේ රට ගොඩනගන්න.. කරපු හැම ආයෝජනයකටම අපි වග කියනවා. ගත්තු හැම ණයකටම මේ මහ පොළොවට වටිනාකමක් දීලා තියනවා. මහින්ද රාජපක්ෂ යුගයේ ගත්තු හැම ණයකටම අපි වග කියනවා.

    යම්කිසි කෙනෙක් කියනවා නම් අපි හොරා කෑවා කියලා, අපි අභියෝග කරනවා ලෝකයේ ඕනෑම අධිකරණයකට යන්න අපි අපේ නිර්දෝශීභාවය ඔප්පු කරන්න සූදානම් කියන එක. පහුගිය කාලේ අපෙන් ඇහුවා මේ මැතිවරණවලට මුහුණදෙන්න බයද කියලා අරගලෙන් පස්සේ. අපේ අතේ ලේ නෑ. වැරදි කරලා නෑ. අපි ගැන වෙනස් අවබෝධයක් තියෙන්න ඇති.වැරදි මතයක් තියෙන්න ඇති, හැබැයි අපි ජනතාව ඉදිරියට ඇවිල්ලා ඡන්දයක් දෙන්න කියලා ඉල්ලන්න අපිට ආත්ම ශක්තියක් තියනවා. ඒ ආත්ම ශක්තිය අපිට ගොඩනැගිලා තියෙන්නෙ අපි නිර්දෝශී නිසා සහ අපි හැදිච්ච දේශපාලන පරිසරයත් එක්ක..ඒක තමා මම කියන්නෙ මම අභියෝගවලට ආදරේ කරනවා. මේ රට ගොඩනගලා ඔබේ දරුවාගේ ජීවිතය සුරක්ෂිත කරන අභියෝගයත් මම ආදරය කරනවා. ඒ අභියෝගය මම ජයග්‍රහණය කරනවා.


    @netudara

    @2osama

    mehe warella, me HTTP beheth aran diyalla
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    19,002
    12,375
    113
    Behind u :p
    සිවිල් නඩු විදාන සන්ග්‍රහයෙ වගන්තියක් කියන්න කියහන් , හොර පෙලකදෝරුවට😁🤣